වෙනත් ලෝකයක සතුන්ට මේ ලෝකයට ඇවිත් උපදින්න පුළුවන්ද?
කර්මය හා කර්ම විපාකය අපේ වර්තමාන ජීවිතයට පමණක් සීමා වූ දෙයක් නොවේ. කර්මය ඉතා සියුම් විෂයකි. කර්මයේ කෙළවර සෙවීමද බුදුවරයකුට හැරෙන්නට සාමාන්‍ය කෙනකුට කළ හැකි දෙයක්ද නොවේ. ඒ නිසාම සිතා කෙළවරක් නොදැකිය හැකි බැවින් කර්ම විෂය අචින්ත්‍ය යැයි බුද්ධ දේශනාවේ සඳහන් වෙයි. එහෙත් කර්මය පිළිබඳ නොදැනීම හෝ නොපිළිගැනීම නිසා සත්ත්වයා මේ සංසාරයෙහි මහත් වූ දුකට පත්වෙයි. සරල උදාහරණයකින් පැහැදිලි කළහොත් කර්මය මුහුදේ පාවෙන අයිස් කන්දක් මෙනි. ඒ අයිස් කන්දේ මුදුනත ඉතා කුඩා කොටසක් පමණි අපේ පියවි ඇසට පෙනෙන්නේ. අයිස් කන්දේ විශාල ප්‍රමාණයක් මුහුදු දියෙන් යට පාවෙමින් පවතී. එය අපට නොපෙනෙන්නා සේම කර්මයේ ක්‍රියාකාරිත්වයෙන් වැඩි කොටසක් අපට නොපෙනේ.
කෙනකුට උපකාරයක් හෝ හානියක් කළ කෙනකුට එහි විපාකය වශයෙන් වෙනත් යම්කිසි පුද්ගලයකුගෙන් ප්‍රතික්‍රියා ලැබෙනවා. එය අනියම් ක්‍රමයකින් වෙන්නත් පුළුවන්. මිනිසාගේ සිතක පවතින සිතිවිලිවලට අනුව විවිධ වූ කිරණ ජාලයක් අවකාශයට සම්ප්‍රේෂණය වෙනවා. ඒවා සියුම් කැමරාවලින් ඡායාරූප ගත කර තියෙනවා. ඔහු හෝ ඇය ඒ වෙලාවේ දරා සිටි සිතිවිල්ලේ ස්වභාවයද ඒ මඟින් හඳුනා ගැනීමට පුළුවන් වී තියෙනවා. මෙය ශක්ති විශේෂයක්. ඒ ඒ අවස්ථාවේ දරා සිටින සිතිවිල්ලට අනුව ස්නායු පද්ධතියේ මධ්‍යස්ථානය වන මොළයේ ඉපිද ස්නායු මාර්ගයෙන් අවකාශයට විකිරණය වෙනවා.
ගුවන්විදුලි හෝ රූපවාහිනි සම්ප්‍රේෂණාගාරවලින් සම්ප්‍රේෂණය කෙරෙන ශබ්ද තරංග හා රූප තරංග මෙන් අපෙන් විකිරණය වන කර්ම ශක්තීන්ද එක්නෙකට මිශ්‍ර නොවී තව තවත් මෝරමින් පවතිනවා. එම පුද්ගලයා ඊට පසුව සම්ප්‍රේෂණය කරන කර්ම ශක්තීන්ගෙන් ඒවා පෝෂණය වෙමින් හෝ පීඩනය ලබමින් අවකාශයේ (ඔහුට හෝ ඇයට) සම්බන්ධව පාවෙනවා. යම්කිසි ශක්තියක් නිකුත් කළ උපාදානස්කන්ධ සන්නතිය කොතැනකට මාරු වුවත් එතැන සොයා දිගටම සම්බන්ධය පවතිනවා.
අඹ ඇටයක් සිටුවා පොහොර දමා සාත්තු කර වැඩෙන්නට සැලැස්සුවොත් කලක දී ඒ ගසෙන් අඹ පලයක් ලැබෙනවා. වෙනත් වර්ගයක ගසක් වැලක් වුවද එසේමයි. ඒ ගස හෝ වැල බිහිකර සාදා ගැනීම කර්මයයි. එයින් ගෙඩි ලැබීම ඒ කර්මයේ ඵලයයි.
1990 නොවැම්බර් මස 29 වැනි දින බි්රතාන්යයේ පළවන 'සන්' නමැති දිනපතා පුවත්පතේ අපේ ලංකාවටත් සම්බන්ධ වාර්තාවක් පළ වුණා. ඒ පුවත ඒ දවස්වල බි්රතාන්යයේ රූපවාහිනිවලත් ප්‍රචාරය වුණා.
වයස අවුරුදු එකොළහක් වූ මේ ළමා ලාංකික මවකගේ දරුවකු වූ ගණේෂ් සිත්තම්බලම්ය. මොහු එවකට බි්රතාන්යයේ විශ්ව විද්‍යාලයක ගෞරව උපාධිය සඳහා ගණිතය උගනිමින් සිටියේය. මොහු වයස අවුරුදු අටේ දී සාමාන්‍ය පෙළ විභාගයෙන්ද වයස අවුරුදු නවයේදී උසස් පෙළ විභාගයෙන්ද ගණිතයට සම්මාන සහිතව සමත් විය. පාඩම් කිරීමෙන් දැනුම වැඩෙන සැටි විස්තර කළ හැකි වුවත් පාඩම් නොකර මෙම කුඩා දරුවාට දැනුම ලැබුණු හැටි පැහැදිලි කිරීමට ජීව විද්‍යාව අපොහොසත් වුණා.
1976 වර්ෂයේ ගිනස් පොතට ඇතුළත් වූ වාර්තාවක ඕලන්ද ජාතික විලියම් ක්ලේන් නමැත්තා සතුව පැවැති විශේෂ හැකියාවන් පිළිබඳ සඳහන් වෙනවා. ඔහු මෙය ප්‍රදර්ශනය කර ඇත්තේ 1976 වර්ෂයේ අගෝස්තු මාසයේ 27 වැනිදාය. ඔහුට ඉලක්කම් පන්සියයක සංඛ්‍යාවක් දී තියෙනවා. 1234567890 යන පිළිවෙළට ඉලක්කම් පන්සියයක් ලියා එම සංඛ්‍යාවේ 73 වැනි මූලය සෙවීමට දී තියෙනවා. කිසි තැනක සටහන් නොලියා සිතින්ම විනාඩි දෙකකුත් තත්පර හතළිහක් ඇතුළත ඔහු 73 වැනි මූලය නිවැරැදිව කියා තියෙනවා. 64 තුන් වැනි මූලය කියන්න කීවොත් ගණිතය ටිකක් දන්නා කෙනෙක් වුවත් කල්පනා කර උත්තරය හතර යැයි පිළිතුරු දේවි. එහෙත් සංකීර්ණ සංඛ්‍යාවක තුන්වැනි මූලය සොයන්න කීවොත් ලඝු චක්‍රයක් උපයෝගී කර ගන්න ඕනෑ වේවි. මේ තරම් දිග ඉලක්කම් පන්සීයක සංඛ්‍යාවක් 73 වැනි මූලය සොයන්නට සුළු වේලාවකදී හැකි වූයේ කෙසේ දැයි පැහැදිලි කරන්නට ජීව විද්‍යාඥයන් සමත් වී නැහැ.
මේ වගේ සුවිශේෂී අද්භූත සමත්කම් දැක්වූ පුද්ගලයන් පිළිබඳ බොහෝ රටවලින් විටින් විට වාර්තා වෙනවා. ලංකාවෙත් එහෙමයි මෑත කාලයේ විවිධ සොයා ගැනීම් කළ පුද්ගලයන් ගැන කියන්න තියෙන්නෙත් මේ ටිකමයි. බුදු දහමට අනුව පැහැදිලි වන්නේ මේවා ඒ ඒ පුද්ගලයන් සංසාරිකව, පෙර ජාතිවලදී පුරුදු පුහුණු වී සිටි බවයි. මේ විශ්වය තුළ පවතින ලෝක අනන්තයි. මනුෂ්‍ය ලෝක මේ අපි ජීවත්වන ලෝකය පමණක් නොවෙයි. මේ අනන්ත වූ ලෝකවල ජීවත්වන සත්ත්වයන්ගෙත් විවිධ හැකියා දක්ෂතා තියෙනවා. අපි කතා කරන්නේ අප වාසය කරන පෘථිවිය ගැනත් මෑත දී සුළු දැනුමක් ලබාගත් ග්‍රහලෝක කීපයක් ගැනත් පමණයි. එහෙත් සත්ත්වයන් වාසය කරන ලෝක හා ඒවායේ පවතින විවිධත්වයත් අසීමිතයි. ඒ නිසා එවැනි විවිධ කුසලතා ඇති සත්ත්වයන් එවැනි වෙනත් ලෝකයකින් පැමිණ මේ ලෝකයේ උපත ලබන්නත් පුළුවන්.
අප හැම කෙනකු තුළම සංසාරයේ බොහෝ අතීත ජීවිතවල දැන ඉගෙනගත් පුරුදු පුහුණු වූ අප්‍රමාණ වූ හැකියාවන් තිබෙන්න පුළුවන්. ඒත් ඒවායින් වර්තමාන ලෝකයේ අපට දක්නට ඇති දේවලට සම්බන්ධ වූ විෂයයන් පමණයි විකාශයට පත් වන්නේ. එසේ විකාශය නොවන ඒවා තෙරපෙමින් පවතිනවා. අපේ ශරීර නිර්මාණයට ගැළපිය හැකි දේ පමණක් මේ ශරීර දරන්නන් තුළ විකාශය වී වැඩිදියුණු වෙනවා. සාමාන්‍ය සිරිත මෙහෙම වුණත් කලාතුරකින් කෙනකු තුළින් අර තෙරෙපෙමින් තිබුණු විකාශය නොවුණු දේ විකාශනය වෙන්නත් පුළුවන්. අන්න ඒවා අද්භූත දේ ලෙස සලකා නිහඬ වෙනවා. (ඒ කනින් අසා මේ කනින් පිට කර නිහඬ වෙනවා මිසක් අපේ රටේ එවැනි දේ ගැන පර්යේෂණ කිරීමක් සිදු වෙන්නේ නෑ)
ශරීරය ගොඩනඟන්නට අමුතු විශේෂ වෙහෙසක් නොදරාම සුන්දර ශරීරයක් දරා සිටින අය සිටිනවා. සෞඛ්‍ය රැකීමට අතිරේක උත්සාහයක් නොදරාම නිරෝගී තත්ත්වයක් දරන අයද සිටිනවා. වැඩි වෙහෙසක් නොදරාම මහත් ධන සම්භාරයක් උපයාගෙන සිටින අයද කොයිතරම් උත්සාහ වීර්යය කළත් දියුණුව අතින් ඉතා දුර්වල අයද සිටිනවා. මේ වගේ පුද්ගලයන් තුළ ඇති වෙනස්කම් පිළිබඳ අෑත අතීතයේත් විමසීමට ලක් වී තියෙනවා.
බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි තෝදෙය්‍ය නම් තරුණයෙක් සමාජයේ පුද්ගලයන් තුළ මෙවැනි වෙනස්කම් ඇතිවීමට හේතුව කුමක්දැයි ප්‍රශ්න කළා. මේවා පුදුම දේවල් හෝ දේවාභිරහස් යැයි ප්රශ්නය මඟ නොහැර තථාගතයන් වහන්සේ කෙළින්ම පිළිතුරු දුන්නා. 'කම්මං සත්තේ විභජති යදිදං හීනප්පණීතතාය' මේ වෙනස්කම්වලට ප්‍රධාන හේතුව කර්මය යැයි වදාළා. පුද්ගලයා විසින් පෙර ජීවිතවල දී කරන ලද ක්‍රියාවලින් උපදවනු ලැබූ කිසියම් ශක්තියක් නිසා මෙම වෙනස්කම් ගොඩනැඟී ඇති බව බුදුරජාණන් වහන්සේගේ තීරණය වුණා.
ඒ අනුව මේ වර්තමාන ජීවිතයට පෙරත් අප අතීත ජීවිත ගත කර ඇති බව සනාථ වෙනවා. පුනර්භවය, පුනරුත්පත්තිය, ආයතිභවය යන නම්වලින් හඳුන්වන්නේ එයයි. වර්තමානයේ අප ගත කරන ජීවිතයට පෙරත් ජීවිත ගත කළා සැබෑ නම් මේ ජීවිතයට පසුව ද ජීවිත ගත කිරීමට සිදුවන බවට ඉඩ ඇති බව පිළිගන්නට වෙනවා. මේ වර්තමාන ජීවිතයේදී අප විඳින දුක් කම්කටොලු පීඩා ඉදිරි ජීවිතවලදීත් විඳිනවාද නැත්නම් ඒ දුකෙන් නිදහස්වීමට කටයුතු කරනවාදැයි බුද්ධිමත්ව නිගමනයකට එළැඹීම නුවණැත්තන්ගේ කාර්යයි.
(බෙල්ලන ඥාණවිමල නාහිමියන්ගේ දෙසුමක් ඇසුරිනි)
සුභානි එම්.ආරච්චිගේ
විනෝදාත්මක
අද මව්බිමෙන්
- ලංකාව අවට මළ මුහුදක් කලාපයටම භයානක අනතුරක් 🕔2019-02-24
- එජාපයට විරුද්ධව වැඩ කළ කණ්ඩායමක් ඇතුළෙ ඉඳන්ම කකුලෙන් ඇද්දා - එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන 🕔2019-02-24
- සේනාවාටත් වඩා දරුණු කීඩෑවෙක් රජරටට රිංගයි 🕔2019-02-24
- රනිල් දැන් හොඳටම හිරවෙලා 🕔2019-02-24
- ඉංජිනේරු රේගු ලොක්කා බීඩි කොළ කන්ටේනරය වරායෙන් පැන්නූ හැටි 🕔2019-02-24
- යුද බිමේ විකුම් පා ජීවිතයෙන් සමුගෙන ගිය රණවිරුවකුගේ නොමියෙන මතක 🕔2019-02-24
- හබරකඩ මහ ප්‍රජා සත්කාරක වැඩසටහන 24 වැනි ඉරිදා 🕔2019-02-24
- භාෂා තුනෙන්ම උප්පැන්නෙ දෙන්න ඔක්කොම ලෑස්තියි 🕔2019-02-24
- මධුෂ්ගේ බිරිය ගයානි මුතුමාලි සියලු රහස් හෙළි කරයි 🕔2019-02-24
- ව්‍යවස්ථාදායක සභාව පෞද්ගලික සමාගමක්ද? 🕔2019-02-24
- පොර වන්ෂොට් දියර ගහලා.. 🕔2019-02-24
- බෞද්ධ පුනරුදයේ පියා ඕල්කට්තුමාද ගුණානන්ද හිමිද කථිකාව අද 🕔2019-02-24
- ශ්‍රී ලාංකේය නිදහස් අධ්‍යාපනයේ විශ්වීය හැරවුම 🕔2019-02-24
- ශ්‍රී මත් ලලිත රාජපක්ෂ ගම ජනතා අයිතියට 🕔2019-02-24
- අධිකරණයේ සහ විනිසුරුවන්ගේ ගෞරවය ගැන අපි ඉතා සැලකිලිමත් 🕔2019-02-24
- සිය ගණනක් පණපිටින් පිලිස්සුණු බංග්ලාදේශයේ බිහිසුණු ගින්න 🕔2019-02-24
- රන්ජන්ගේ හෙළිදරව්ව සැහැල්ලුවෙන් ගත නොහැකියි 🕔2019-02-24
- රත්ගම ව්‍යාපාරිකයන් පහරදී මරා දැමූ හැටි එස්.අයි. වමාරයි 🕔2019-02-24
- මධුෂ්ගේ M39 නවීන ගිනි අවිය ප්‍රභූ ඝාතන ඉලක්කයකට! 🕔2019-02-24
- ව්‍යාපාරිකයන් දෙදෙනා මරා පුලුස්සලා 🕔2019-02-24
- ජනපතිගේ වැය ශීර්ශය පරාජය කළොත් ආණ්ඩු වෙනසක් 🕔2019-02-24
- වරායට එන කන්ටේනර්වලින් 20%ක්ම එන්නේ පිට අයගේ නම්වලට 🕔2019-02-24
- කොකේන් ගන්න මන්ත්‍රිවරුන්ට එරෙහි සටන අත්හරින්නේ නෑ 🕔2019-02-24
- ඇමැතිවරුන්ට චෝදනා එල්ලකරන හැටි රනිල් කියයි 🕔2019-02-24
- පාර්ලිමේන්තුවේ බලය පොලිසියට භාරදීම සුදුසු නැහැ 🕔2019-02-24
- වතු කම්කරු ගැටලු ගැන සාකච්ඡාවකට අනුර නුවරඑළියට 🕔2019-02-24
- රන්ජන්ගෙන් ගත් ප්‍රකාශයට අදාළ වාර්තාව අගමැතිට භාර දෙනවා 🕔2019-02-24
- අගමැති හා චීන තානාපති රහසිගත හමුවක් 🕔2019-02-24
- හමුදාවටත් නැති ගිනි අවි තොගයක් ගේන්න මධුෂ් ගහපු ගේම... 🕔2019-02-24
- ජනාධිපති කොමිසම කබීර් හෂීම්ගෙන් පැය 04ක් කරුණු විමසයි 🕔2019-02-22
- නීති විරෝධී ක්‍රියාවල යෙදෙන ධීවරයන්ගේ බලපත්‍ර ජීවිත කාලයටම තහනම් 🕔2019-02-22
- ඥානසාර හිමි නඩු තීන්දු සම්බන්ධව සංඝාධිකරණයකින් විමසා බලන්නැයි බොදුබල සේනා ඉල්ලයි 🕔2019-02-22
- ඥානසාර හිමි නඩු තීන්දු සම්බන්ධව සංඝාධිකරණයකින් විමසා බලන්නැයි බොදුබල සේනා ඉල්ලයි 🕔2019-02-22
- ගල්ගමුවේ පණ්ඩුක ඇතා මිය ගොස් ඇත්තේ මුඛයේ හා උගුරේ ඇතිවූ ආසාධනයකින් 🕔2019-02-22
- එක් කෝටි හැටතුන් ලක්ෂයක රන්බඩු හා රන් බිස්කට් ගෙනැල්ලා 🕔2019-02-22
- අයිස් හොයන්න ගිහින් මදුක මැරුම්කයි 🕔2019-02-22
- ළමයින් ඇතුළු 11 දෙනකු පැහැර ගැනීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවන් 6 වැනිදා දක්වා රිමාන්ඩ් 🕔2019-02-22
- මාධ්‍යවේදියකුට පහර දුන් පොලිස් පරීක්ෂකවරයා රු. 50,000ක ඇප මත මුදා හරියි 🕔2019-02-22
- පාසල් දරුවකුත් සමඟ හෙරොයින් ජාවාරමේ යෙදුණු කාන්තාවක් අත්අඩංගුවට 🕔2019-02-22
- ඊශ්‍රායලයට වන්දනාවේ ගිය පිරිසක් පිටුවහල් කරති 🕔2019-02-22
- අලි නඩුව විභාග කිරීමට බලයක් තිබේද යන්න තීන්දුව මාර්තු 7 වැනිදා 🕔2019-02-22
- දඹාන පෞද්ගලික කෞතුකාගාරයක තිබූ බලපත්‍ර රහිත සත්ත්ව හා ශාක කොටස් සමග සැකකරු අත්අඩංගුවට 🕔2019-02-22
- සැබෑ සිංහල බෞද්ධයන් වැඩ කරනවා මිස බෙර ගහන්නේ නෑ 🕔2019-02-22
- ජනතාව පාර්ලිමේන්තුවට පත්කරලා එවන්නේ කුඩුකාරයෝද? 🕔2019-02-22
- මත්ද්‍රව්‍ය භාවිත කරන ඇමැතිවරුන් ගැන සොයන කමිටුව ගැන අපිට විශ්වාසයක් නෑ 🕔2019-02-22
- ගුරුවරයයි බිරියයි මාර ගහක් උඩ මාර උපවාසයක 🕔2019-02-22
- ග්ලෝරියස් රෙසිඩන්සීස් නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පැවරීම හෙටමb 🕔2019-02-22
- යාපනයේ පාසලක ක්‍රීඩා උළෙලක ඊළාම් සිතියමක් 🕔2019-02-22
- පළාත් සභා ඡන්දය ඉක්මන් කිරීමට ගතයුතු පියවර ගැන ජනපති - විපක්ෂ නායක සාකච්ඡාවක් අද 🕔2019-02-22
- ශ්‍රී ලාංකික ධීවරයන් 25ක් ඉන්දීය වෙරළාරක්ෂක අත්අඩංගුවේ 🕔2019-02-22