අනේ! ඒ හින්දා ණයට නං බෑ මේං වැන්දා

  👤  2776 readers have read this article !
2017-10-22

මහමඟ අයිනේ පොල් අතු මඩුවක් තනා ගත් හේ එහි සිට පාපැදි අලුත්වැඩියාව පටන් ගත්තේය. උදෑසනින්ම දිවා ආහාරය සඳහා බත් මුලක්ද සකස් කර ගත් ඔහු වින්කලයට පාපැදියෙන් පැමිණ රෑ බෝවන තුරු පාපැදි අලුත්වැඩියා කර සොච්චම් මුදලක් රැගෙන ආපසු තම නිවහන වෙත යයි. ඔහු සිවු දරු පවුල රස්සා කළේ ඉන් ලැබෙන සොච්චමිනි. මේ හිත හොඳ මිනිසා කාගෙත් අවධානය දිනා ගත්තේය.

හිත හොඳකම නිසාම වැඩ කෙරුණේ දෙන්නං කාසිවලටය. දරු පවුලට දිනෙන් දින ආහාර අහේනිය දැනිණි. බැරිම තැන ඔහු දිනක් ලොකු හිත් අමනාපයකින් තම වින්කලය ඉදිරියේ රසවත් කවියක් ලියා එල්ලුවේය.

"ණයට වැඩ හින්දා - බොහොම දුක් වින්දා
අනේ! ඒ හින්දා - ණයට නං බෑ මේං වැන්දා"
කවිය කියවූවෝ එය නොකිව්වා සේම යන්නට ගියහ. එහෙත් වින්කල්කරු කවුරුත් නොසිතූ ලෙස හදිස්සියේම හෘදයාබාධයකින් මිය ගියේය. කාගෙ කාගෙත් ඇහැකන ඇරුණේ එවිටය. මහත් සේ ලැජ්ඡාවට පත් ණය කරුවෝ මරණ ගෙදරට එක් රොක් වූහ. අවසානයේ ඔවුහු මරණ ගෙදර සියලුම වැඩ කරදුන්නේ ඒ හිලව්වටය. හත් දවසේ දානමය පින්කමද ඔවුන් අතින්ම සිදු කෙරිණි. මෙය සත්‍ය සිදුවීමකි.

විශ්‍රාමලත් ආචාර්ය
බිංගිරිය - කොස්වත්තේ
ඩී. එන්. දිසානායක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon