සත්‍යය හා සාමය හැම විටම රැවැටිලි සහගතයි: ප්‍රභාකරන් සුදුමලේ රැලියේදී කියයි

  👤  3207 readers have read this article !
2017-10-22

පරිවර්තනය සුනිලා විජේසිංහ

තව දින දෙකකින් අපේ පුහුණුව හදිසියේම නිමාවට පත් විය. සාමාන්‍ය ඇඳුමෙන් සැරසෙන්නැයි අපි අණක් ලද්දෙමු. අපේ නිල ඇඳුම් සියල්ලම මිදුල මැද ගොඩ ගසනු ලැබිණි. විනාඩි පහළොවකට පමණ පසු ගවයන් මෙන් පරණ ලොරියකට අඩුක් කරනු ලැබූ අප කඳවුරෙන් පිටත් කෙරිණි. පිළිකුල අසීරුවෙන් ඉවසා සිටි, වාතාශ්‍රයෙන් තොරවූ අප්‍රසන්න පැය භාගයකින් පසුව අපි නැවතුමකට ළඟා වීමු. අපේ සිරුරුවලින් දහදිය මිශ්‍රිත පුස් ගඳක් නික්මෙමින් තිබිණි.

අප ගෙන ගොස් තිබුණේ සුදුමලෙයි නගරය වෙතය. අපි දීබා පසුපසින් පිය නැඟුවෙමු. මහා ජනකායක් අප යන දෙසටම ඇදෙමින් සිටියහ. යන්නේ කොහේදැයි අසන්නට අප කිසිවෙක් ඉදිරිපත් වූයේ නැත. සැබෑ ලෝකයෙන් මිදී කලක් කඳවුරෙහි ගත කළ මට මිනිස් වාසයකට පැමිණීම මහත් සතුටක් විය.

අපගේ ගමනාන්තය වූයේ සුදුමලෙයි ක්‍රීඩාංගණයයි. එහි මිනිසුන් දස දහස් ගණනින් පිරී සිටියේ එකම ඉලක්කයකට නෙත් යොමාගෙනය. එය අතිශය උණුසුම් දවසක් ද විය.
"තව විනාඩි කිහිපයකින් කතා පැවැත්වෙනවා. ඒ කතා ඉවර වුණාම හැම කෙනෙක්ම මෙතැනට එන්ඩ ඕනෑ."

දීබා සෙවණැති අඹ ගසක් යට නතර වූවාය.

"කණ්ඩායම් විදියට ඉන්ඩ ඕන. නෑදෑයෙක් යාළුවෙක් දැක්කත් කතා බෑ.

පිට්ටනියේ එක් කොනක වේදිකාවක් විය. ඉන්දීය සාම සාධක හමුදා ජේ‍යෂ්ඨ නිලධාරීන්, ප්‍රභාකරන් සහ කොටි දේශපාලන නායකයන් කිහිප දෙනකු ද එහි සිටියහ. වේදිකාවට තරමක් දුරින් ලණුවක් ඇද සීමාවක් ලකුණු කොට තිබූ අතර ඊට මීටර් දහයක් පමණ දුරකින් අපි නතර වූයෙමු. වේදිකාව ඉදිරිපස කොටසෙහි ජාත්‍යන්තර මාධ්‍යවේදීහු කැමරා ශිල්පීහු, ඡායාරූප ශිල්පීහු සහ සාම සාධක හමුදා නිලධාරීහු කිහිපදෙනකු ද වූහ.
"මේ තමයි අපේ ප්‍රභාකරන් සහෝදරයාගේ මංගල රැස්වීම" කාංචනා කීවාය.

"ඒ හින්දා තමයි මේ තරම් සෙනඟක්"
ශ්‍රී ලංකා රජය හා ඉන්දීය රජය ඒ වන විටත් සාම ගිවිසුම අස්සන් කොට ඇති බව අප අවබෝධ කොට ගත්තේ එහි කෙරුණු කතා ආශ්‍රයෙනි. ඒ අනුව සිංහල මෙන්ම දෙමළ භාෂාවද රාජ්‍ය භාෂාවක් වනු ඇත. උතුර නැඟෙනහිර ස්වාධීන පාලනයක් සඳහා මැතිවරණයකින් මහජන නියෝජිතයන් පත් කර ගැනීමට දෙමළුන් හට අයිතිය ලැබෙනු ඇත. දෙමළ සන්නද්ධ සොල්දාදුවන් හට සමාව ලබා දී ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රියාදාමයකට ඇතුළත් කරනු ඇත.
අප ඒ සහභාගි වෙමින් සිටියේ ඓතිහාසික අවි භාර දීමේ උත්සවයටයි. එහෙත් අපි ඒ සම්බන්ධ සත්‍යය දැන නොසිටියෙමු. පිටතින් පෙනෙන ආකාරයට වඩා සංවිධානයෙහි අභ්‍යන්තරය වෙනස් බව දිලීපන් අප හට මුල සිටම අනතුරු අඟවා තිබිණි. ඒ අනුව අපට එයද ප්‍රවෘත්තියක් පමණක් විය. අපේ අවි ආපසු භාරදීමක් ගැන ප්‍රභාකරන් අපට කිසිවක්ම පවසා තිබුණේ නැත.

සැබෑ පාබළ සොල්දාදුවන් ලෙස අප ප්‍රශ්න ඇසීමකින් තොරව ඉහළින් ලැබෙන අණට කීකරු විය යුතුව තිබිණි. එබැවින් සත්‍ය තොරතුරු සොයා අප වෙහෙස වූයේ ද නැත.
මේ අනුව ඉන්දු ශ්‍රී ලංකා සාම ගිවිසුමට බහුතරයක් සිංහලයන් මෙන්ම කොටි සංවිධානයද අකැමැති වූ බැව් අපට දැනගන්නට ඉඩක් නොලැබිණි. දකුණේ සිංහල ජනතාව විශාල විරෝධතා රැලි පැවැත්වූ බව අප දැනගත්තේ පසුවය. ප්‍රබල මාක්ස්වාදී සිංහල සන්ධානයක් වූ ජනතා විමුක්ති පෙරමුණ කුරිරු ලෙස සිංහල දේශපාලකයන් මරණයට පත් කළ බවද අසන්නට ලැබිණි. කොටි සංවිධානයෙහි අවි ආපසු භාරදීම පිළිබඳව ශ්‍රී ලංකා රජය සම්පූර්ණ විශ්වාසයක් තැබුවේ නැත. එබැවින් ඒ වෙනුවට චෝදනා රහිතව වසර ගණන් සිර කොට ගෙන සිටින දෙමළ ජාතිකයන් සිය ගණනක් නිදහස් කරන්නට බලධරයෝ එකඟ වූහ.

අනෙක් අතට නැඟෙනහිර දෙමළ ජනාවාස ආශි්‍රතව රජය විසින් සිංහලයන් පදිංචි කිරීමට සැලසුම් කරතැයි කොටි සංවිධානය අවි භාර දෙන්නට පසුබා සිටියේය. ඒ වන විටත් දේශපාලන කරලියට පිවිස සිටි ඊඡ්ඹ්ර්ණී, ඡ්ර්ථීඅඹ්ජ් වැනි බිඳී ගිය දමිළ සංවිධාන හා බලය බෙදා ගැනීමටද කොටි සංවිධානය කැමැති වූයේ නැත. මේ සියල්ල පසුපස එක් ප්‍රබල අරමුණක් විය. ඒ ශ්‍රී ලාංකික දෙමළ සමස්ත ජනතාවම කොටි සංවිධානය නියෝජනය කරනු දකින්නටත් ඔවුන්ගේ පරම නායකයා ලෙස වැජඹෙන්නටත් ප්‍රභාකරන්ට වුවමනා වී තිබීමයි.

ප්‍රභාකරන් කතාව සඳහා නැඟී සිටියේය. සුපුරුදු සැහැල්ලුව හා ආත්ම විශ්වාස ඒ මොහොතේ ඔහු කෙරෙන් දිස්වූයේ නැත. මේ සා විශාල ජනකායක් අමතා කතා කිරීම ඔහුට චකිතයක් වූවාද නැතහොත් සාම ගිවිසුමට ඔහු අකැමැති වූවාදැයි මට තෝරා බේරාගත නොහැකි විය.

මධ්‍යස්ථ හඬකින් ප්‍රභාකරන් කතා කළේ පිරිසුදු දෙමළ භාෂාවෙනි. යම් පමණක අපහසුතාවක් ද ඔහුගේ වචනවල නොතිබුණා නොවේ.
"සත්‍ය සාමය හැම විටම රැවටිලි සහගතයි." ඔහු ප්‍රකාශ කළේය.
දෙමළ ජාතිකයන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කර ගැනීම උදෙසා ඔවුන් අතට ගත් අවි භාරදීම තමා කටයුතු කළේ භක්තියෙන් බව ද ඔහු පැවැසීය.
ජනතාව ඒ අසා අත්පොළසන් හඬ නැංවූහ. ඒ මොහොතේ ඔහුගේ මුහුණේ අමනාපයක සලකුණක් ඇදී මැකී යනු මම දුටුවෙමි. සාම සම්මුතියට එකඟ වන අතරේම දෙමළ ඊළම සඳහා සටන දිගටම පැවැත්වෙන බවද හෙතෙම පැවැසීය.

දිගින් දිගටම උණුසුම දරා සිටි අපි ඒ වන විට හොඳ හැටි වෙහෙසට පත්ව සිටියෙමු. කතා අවසන් වූ විට කොටි සොල්දාදුවන් කිහිප දෙනෙක් වේදිකාව මතට ගියහ. එකිනෙකා තම රයිෆලය ඉන්දීය සාම සාධක නිලධපරිවර්තනය සුනිලා විජේසිංහ

ාරියකුට භාර දුන්නේ සිප ගැනීමෙන් අනතුරුවය.
"මට දැනුයි තේරුණේ" කාංචනා කීවාය.

"ඒක තමයි දිලීපන් කිව්වේ රයිෆලයට පෙම්වතා වගේ සලකන්ඩ කියලා. පාවිච්චි කරනවා. හොඳට ඉඹලා සමු අරගෙන වෙන කාට හරි භාර දෙනවා."
කළු පැහැති ඉසුසු පිකප් රථයකට හේත්තු වී වේදිකාව දෙස නෙත් යොමාගෙන සිටි ඔහු මා දුටුවේ ඒ මොහොතේදීය. ඒ රොෂාන් බව මම හොඳින්ම හඳුනා ගතිමි. මොන තරම් විස්මිතද?

මේ සා ජන ගංගාවක් මධ්‍යයේ රොෂාන්! මගේ හදවත වේගයෙන් ගැහෙන්නට පටන් ගත්තේය.
එහෙත් මම වහා අන් ගැහැනු ළමයින් පිටුපස සැඟවුණෙමි. ඔහු මා දකීවී යැයි මට ඇති වූයේ එක්තරා භීතියකි. මා ඒ මොහොතේ ඉතාමත් අපිරිසුදු, දූවිල්ලෙන් ගැවසී ගැහැනු ළමයකු වූ බැවිනි. මිනිත්තු කිහිපයකට පසුව මම ඔහු සිටි දෙස විමසා බැලුවෙමි. ඔහු පිටත්ව ගොස් තිබිණි. මට දැනුණේ මහත් කනස්සල්ලකි.
අවසානයේදී දීබා ඇගේ ජීප් රියෙන් එහි පැමිණියාය.

"ළමයි අපි ආපහු යන්ඩ ඕන කඳවුරට. තව මාස කීපයක් පුහුණුව ලබා ගන්ඩ ඕන."

කොටි තරුණියකගේ
පාපෝච්චාරණය අංක 28

මෙතෙක් කතාව

නිරෝමි යාපනේ ප්‍රභූ පවුලක දැරියකි. ඇය උසස් පෙළ ඉගෙනුම ලබද්දී ජනදිවිය බිඳ වැටේ. දෙමළ තරුණයෝ අවි අතට ගනිති. කොටි සංවිධානය තම බලය තහවුරු කරගැනීම උදෙසා සටන් වදී. යාපනයේ යුද ගැටුම් උග්‍ර වේ. කොටි කාන්තා සෙබළියන් ද බඳවා ගනී. නිරෝමි සහ ඇගේ යෙහෙළියෝද කාන්තා සෙබළියන් ලෙස සංවිධානයට එක්වෙති. ඔවුහු කොටි නායක ප්‍රභාකරන් හමු වී පුහුණු කඳවුරකට යති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon