වසර දසලක්ෂ එකහමාරක් පැරැණි මුහුදු කිඹුලකුගේ පොසිලයක් හමුවෙයි

  👤  3634 readers have read this article !
2017-10-29

බි්‍රතාන්‍ය අවට මුහුද දැන් අනතුරුදායක උරගයන්ගෙන් තොර යැයි තහවුරු වී ඇතත් මෙයින් වසර දස ලක්ෂ 1.63කට (16,30,000) ඉහතදී 'මෙල්ක්ෂම්' (ර්ඥතඬඵඩචථ) නමින් හැඳින්වුණු මුහුදු කිඹුලකු දක්නට ලැබී ඇතැයි ගවේෂණයකින් අනාවරණය වී තිබේ. මෙම කිඹුලාගේ පොසිලය විල්ට්ෂයර් ප්‍රාන්තයේ නගරයක කැණීමකදී මතු වී ඇති අතර, එම නගරයේ නාමය අනුවම මෙම උරගයාද නම් කරනු ලැබී ඇත. දිගින් අඩි 10ක් පමණ වන කිඹුලා නොගැඹුරු උණුසුම් දියෙහි වාසය කර ඇතැයිද උෟ වාසය කර ඇති මූදු ප්‍රදේශයෙන් විශාල කොටසක් දැන් යුරෝපා භූමියෙන් වැසී ඇතැයිද විද්‍යාඥයෝ තහවුරු කරති.

බෙහෙවින් හානියට පත් මේ පොසිලය 1875 සිටම ලන්ඩනයේ 'ස්වාභාවික ඉතිහාසය' පිළිබඳ කෞතුකාගාරයෙහි තැන්පත්ව තිබිණි. මීට කලින් නිගමනය වී තිබුණු කාලයට වඩා වසර දස ලක්ෂ ගණනකට පෙර ජලජ උරග විශේෂයක් පරිණාමය වී ඇති බවත් මේ වනවිට ඔවුන් මිහිතලයෙන් තුරන් වී ඇති බවත් මෙම පොසිලය හඳුනා ගැනීමෙන් අනාවරණය වී තිබේ. මොවුන්ගේ ශක්තිමත් හනු හා දත් ආකාරයෙන් පිහිටි විශාල තියුණු දත්ද, දැල්ලන් වැනි විශාල ගොදුරු ගසා ගැනීමට උපකාරී වී ඇතැයිද විද්‍යාඥයෝ පෙන්වා දෙති. මේ ජලජ උරගයා උගේ යුගයේ ඉතාම බිහිසුණු සතකුව සිටින්නට ඇත යන්නත් විද්‍යාඥයන්ගේ මතයයි.

"මෙය ලෝකයේ විස්මයජනක පොසිලයක් නොවන නමුත් එය අයත් බියකරු උරගයාගෙන්, ඉපැරැණි මුහුදු කිඹුලන්ගේ පරිණාමය ගැනත් ඔවුන් ඔවුන්ගේම පරිසර පද්ධතිය තුළ ගොදුරු ගසා කන්නන් බවට පත් වූයේ කෙසේද යන්න ගැනත් ඉතා වැදගත් කතාවක් කියැවෙන බව, මෙම ගවේෂණයෙහි යෙදුණු, එඩින්බර්ග්හි භූ විද්‍යා විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක ඩේවිඩ් ෆොෆා ප්‍රකාශ කළේය.

බි්‍රතාන්‍යයේ විල්ට්ෂයර් ප්‍රාන්තයේ මෙල්ක්ෂාන් නගරයේ භූගතව සුරැකී තිබුණු පොසිලය අයත් මුහුදු කිඹුලා දැන් ඝර්ම කලාපීය රටවල බහුලව සිටින කිඹුලන්ගේ මුතුන්මිත්තන්ගේ ගණයට අයත් සේ සැලකෙන අතරම මෙම උරගයා 'ලෙල්ඩ්‍රාන් මෙල්ක්ෂමන්සිස්' යන සත්ත්ව විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙයි. 'වැඩිමහල්ලා' යන අර්ථය දක්වන එම නාමය මේ ජලජ උරගයාට යෙදී ඇත්තේ, උෟ අයත් වන ප්‍රාග් ඓතිහාසික කිඹුලන්ගේ එම උපකුලකය වසර මිලියන 152ත් 157ත් අතර කාලයක පැවැති අවසාන ජුරාසික් යුගයට අයත් සේ මේ වන තෙක්ම සැලැකුණු හෙයිනි. එහෙත් මේ නවතම සොයා ගැනීමත් පවත්නා පොසිල සාධක පිළිබඳව නැවත කරන ලද විස්තරාත්මක විශ්ලේෂණත් අනුව අනාවරණය වී ඇත්තේ එම කිඹුල් උපකුලකය ඉන් වසර මිලියන ගණනකට පෙර වූ මධ්‍යම ජුරාසික් යුගයට අයත් බවය.

මෙල්ක්ෂාම් නමැති මේ බිහිසුණු උරගයා ජුරාසික් යුගයට අයත් බි්‍රතාන්‍ය අවට මුහුදේ දරුණුතම ගොදුරු ගසා කන්නා බවට පත්ව සිටින්නට ඇති බවත්, ඒ යුගයේදීම ඩයනෝසෝරයන්ද බි්‍රතාන්‍ය භූමිය දෙවනත් කරමින් සිටින්නට ඇති බවත් මෙම අධ්‍යයනයට සම්බන්ධ වූ එඩින්බර්ග් විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා පීඨයේ ආචාර්ය ස්ටීව් බ්‍රසට් ප්‍රකාශ කරයි. ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරයේද සහාය ඇතිව පැවැත්වුණු මෙම අධ්‍යයනය පිළිබඳ විස්තර 'විධිමත් පාෂාණ ධාතු විද්‍යාව' ප්‍රකාශනයෙහි ඇතුළත් විය.

මෙම කිඹුල් සිරුර පොසිලකරණයට භාජන වෙමින් තිබුණු කාලය තුළ ඒ වටා වැඩුණු නොයෙක් ජලජ ශාකවලින් ආවරණය වී දැඩි ගල් කුට්ටියක් යට රැඳී තිබිණැයි ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරයේ ජේ‍යෂ්ඨ පොසිල විද්‍යාඥ මාර්ක් ග්‍රැහැම් ප්‍රකාශ කරයි. නියන්, අඬු යනාදී විශාල යාන්ත්‍රික මෙවලම් උපයෝගි කොට ගෙන මෙම පොසිලය ගල් කුට්ටිය යටින් පිටතට ගැනීම ස¼දහා සතියක කාලයක් ගතවූ බවත් පොසිලයේ හනු හා දත්වලට සුළු හෝ හානියක් නොවන සේ පොසිලය පිටතට ගැනීම බෙහෙවින් දුෂ්කර කාර්යයක් වූ බවත් එය ජීවිතයත් මරණයත් අතර ප්‍රයත්නයක් වූ බවත් ග්‍රැහැම් ප්‍රකාශ කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon