දෙඇස් පියාගෙන හොඳින් සවන් දෙන්න කටහ¾ඩින් හැඟීම් තේරුම් ගන්න පුළුවන්ද?

  👤  3975 readers have read this article !
2017-10-29

සවන්දීම පිළිබඳවද විටින් විට වෛද්‍ය විද්‍යාවේ ඇස යොමුවිය. සවන්දීම තුළින් අනෙකාගේ ඇතුළාන්තයට බැසීම හෙවත් ඔහු පවසන දේ තුළ රැඳී ඇති හැඟීම් අඳුනාගන්නට නම් අප සවන් දිය යුත්තේ කෙසේද යන කාරණය ගැනද පරීක්ෂණ හා පර්යේෂණ අත්හදා බලා තිබේ.

යේල් විශ්වවිද්‍යාලයේ සමාජ මනෝ විද්‍යාඥ මයිකල් කේ‍රා්ස් එබඳු පර්යේෂණයක් පැවැත්වූවෙකි. ඔහු පවසන්නේ අනෙකා පවසන දෙය තුළ සැඟවී ඇති හැඟීම අදිටන හෝ සිතිවිල්ල දෙඇස් පියා අසා සිටීම මඟින් වඩා හොඳින් තේරුම් ගත හැකි බවයි.

"අපේ පර්යේෂණය හරහා පෙන්වා දෙන්නට අවශ්‍ය වුණේ යමකු පවසන දෙය වඩාත් හොඳින් අවබෝධ කරගන්නට නම් දෙඇස වසාගත යුතු බවයි. එහි තේරුම නම් අනෙකාගේ වදන්වල ඇති හැඟීම් හඳුනා ගන්නට දෙඇසට වඩා දෙසවන් දක්ෂ බවයි. සැබවින්ම මිනිසා විවිධාකාර සංවේදන ක්‍රම භාවිත කරනවා. හැඟීම් පළ කිරීමටත් අන් අයගේ හැඟීම් තෝරා බේරාගැනීමටත් යන කාරණා දෙකට. එබැවින්දෝ මන්දා අප කාලාන්තරයක් තිස්සේ හිතා ඉන්නෙ, ඉගෙන ගන්නෙ හැඟීම් තේරුම් ගන්න ඇති හොඳම ක්‍රමය මුහුණේ ඇති ඉරියව් දෙස (ජ්ඒඛ්ධ්ඒඹ් ඡ්ඔර්ථීඅඡ්ඉඉධ්ර්ණීව්ඉ) බලා සිටීම බවයි. ඒත් මේක ඊට වඩා වෙනස් දෙයක්"

මේ පර්යේෂණයේ නියමුවා වන මයිකල් කේ‍රා්ස් ගේ අදහස වන්නේ ඇස හා කන යන ඉන්ද්‍රිය දෙකම අනෙකා වෙත අනෙකා පවසන දෙය වෙත බෙදී යද්දී අවධානය දෙකට බෙදී යන බවයි. අනෙක් අතට ඔහු පවසන්නේ මුහුණේ ඉරියව් යමකුට අවැසි ආකාරයෙන් වෙනස් කරගත හැකි බවයි. නියම හැඟීම් සඟවා වෙනත් චිත්‍රයක් මුහුණ හරහා ඇඳ පෙන්වන්නට පිළිවන් බවයි. එහෙත් එය වචන හරහා සිදුකිරීම අපහසුය. යම් භාෂාවක් හරහා ඉතා සංවේදී කාරණා වෙනස් කර ස්වරූපය වෙනස් කර පාවිච්චි කිරීම ප්‍රකාශ කිරීම ඉතා අපහසු කටයුත්තක් ලෙස සැලකෙයි. එබැවින් යමකු පවසන වචන බොහෝ විට එය තුළ ඇති යථා ස්වභාවයට ඉතාමත් සමීපයි. ඉතින් එවැන්නක් හඳුනාගන්නට දෙඇසට වඩා සමත්කම් දක්වන්නෙ දෙසවන බව ඇත්තකි. යමකු පවසන දෙය වඩාත් නිරවුල්ව තේරුම් ගැනීමට නම් දෙඇස් පියා සවන්දිය යුතු බවට යෝජනා කෙරෙන්නේ එහෙයිනි.
මේ පර්යේෂණය සඳහා යොදාගනු ලැබුවේ එකිනෙකා ඉන් පෙර දැන හැඳුනුම්කම් ගොඩනඟා ගෙන නොතිබුණු පුද්ගලයන් 266 දෙනකුගේ කණ්ඩායමකි. ඔවුන් දෙදෙනා බැගින් වෙන්කොට චිත්‍රපට, රූපවාහිනි වැඩසටහන්, ආහාරපාන ආදී දේ ගැන කතා බහ කරන්නට සලස්වන ලදී. මෙය සිදුකරන ලද්දේ දෙවතාවක, දෙආකාරයකටය. පළමුවර හොඳින් ආලෝකය සපයන ලද කුටියකද තවත් වරෙක අඳුරු කරන ලද කුටියකද මේ සංවාද සිදුකරන්නට ඉඩ සැලසිණි. මේ දේ දෙඅවස්ථාවන්හිදීම ඔවුන් පැවැසූ දේ ගැන අසා බැලීමක් සිදුකෙරුණි. අන්තයේදී මෙයට සහභාගි වූවන් පැවසූ දෙය අනුව සකසන ලද සමීක්ෂණ ප්‍රතිඵලයෙන් කියැවුණේ අඳුරේදී කළ සාකච්ඡා තුළින් වඩාත් හොඳින් අනෙකාගේ හැඟීම් තේරුම් ගන්නට ඉඩක් ලැබුණු බවය.

"අනෙකාගේ හැඟීම් හඳුනා ගැනීමේ කාර්ය ඉතා පුළුල් පරාසයක විහිද ගිය එකක්. මුහුණේ ඉරියව් වෙනත් ඉඟි බිඟි හැසිරීම් රටා. මේ සියල්ල අතරේ දෙසවන් පමණක් යොදාගෙන අවධානය යොමුකිරීම ගැන කළ පරීක්ෂණය අපූරු දෙයක්. ඒත් අප කවර ක්‍රමයක් යොදාගත්තත් අනෙකා 100% හඳුනාගැනීමට නොහැකි බව නම් සහතික ඇත්තක්. එබැවින් මේ කාරණය අපට පහසුවෙන් අහක දමන්නට බැහැ. වඩා අවධානයෙන් යුතුව දෙයක් තේරුම් බේරුම් කරන්නට හැකි හොඳ ක්‍රමය දෙඇස් වසාගෙන සවන්දීම බව අප පිළිගන්නවා.

අඩුම තරමේ මේ කාරණය අපේ පවුලේ වටපිටාව වෙනුවෙන් හෝ යොදා ගන්නට හැකි නම් එය සැනසිල්ලට කාරණයක් වනු ඇත. අපේ ආදරණීයයන්ගේ මැසිවිලි, දුක් ගැනවිලි, චිත්ත පීඩා හෝ සතුට බෙදා හදාගැනීම පිණිස හෝ වේවා ඔවුන් කතා කරන විට අපගෙ පූර්ණ අවධානය යොමු කරන්නට මඟක් සොයාගන්නට මෙය කදිම හෙළිදරව්වක් බව පැහැදිලිය. එහෙත් අප තේරුම් ගත යුතු දෙය නම් මෙය "ගමරාලගේ වංගෙඩිය" මෙන් හැමවිටම, හැම තැනම අත්හදා බලන්නට උත්සාහ කර නිෂ්ඵල ක්‍රියාවකැයි ඉවත දමන තැනට අප පත් නොවිය යුතු බවයි.

පාලිත ජයකොඩි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon