මට කෑ ගහලා අඬන්න හිතෙනවා අම්මේ

  👤  4042 readers have read this article !
2017-10-29

"උසස් පෙළ පාස් වෙලා මෙම කොතලාවල ආරක්ෂක පීඨයට ගිහින් දෙවැනි ලුතිනන්වරයෙක් විදියට හමුදාවට එකතු වුණේ අම්මාගෙ කැමැත්තට විරුද්ධව. මට සමාවෙන්න අම්මේ,

ඔයාලා ජීවිත කාලයම හම්බ කරපු සල්ලි වියදම් කරලා මාව පිට රට යවලා මට ඉන්ජිනේරුවෙක් වෙන්න උගන්වන්න හැදුවට මට පොඩි කාලේ ඉඳලා රට බේර ගන්න තිබිච්ච වුවමනාව. ඒ නිසා කොටි එක්ක යුද්දෙට යන්න තිබ්බ වුවමනාව නිසා හමුදාවට ගියේ අම්මලා එක්කත් රණ්ඩු වෙලා.
2006 මම ඇකඩමියෙන් එළියට එන කොට නැඟෙනහිර යුද්ධය දරුණුවටම යනවා. කොමිෂන් නිලධාරියෙක් විදියට මම පළමුවැනි වතාවට සටන් බිමට ගියේ නැඟෙනහිර යුද පිටියට. මම අම්මලට කිව්වේ මම ඉන්නේ යුද්දෙ නැති පැත්තෙ කියලා. පළමුවැනි වතාවට මට ජීවිතේ මරණ බය දැනුණෙ මගේ ටීම් එකේ කොල්ලො දෙන්නෙක් මගෙ ළඟ ඉද්දී මෝටාර් එකක කෑල්ලක් වැදිලා මරුණාම.....

අපි හතර දෙනෙක් ටෙරාලට ගහ ගෙන යද්දී අපිට ලොකු කවුන්ටර් ඇටෑක් එකක් ආවා.. අපි හතර දෙනාම උන්නෙ හිටගෙන... එක සැරේටම මමයි තව එකෙකුයි ඩවුන් ගියත් අනෙක් කොල්ලො දෙන්නම දිගටම ෆයර් කළා. අපි ගන් එක ලෝඩ් කරද්දි.... අපේ ඉස්සරහම වැටුණු මෝටාර් එකෙන් මගෙ කොල්ලො දෙන්නම එතනම මැරුණ.... මම හුඟාක් ඇඬුවා අම්මේ...මට තුවාල වුණා....හැබැයි මම ඇඬුවේ වේදනාවට නෙවෙයි. අම්මෙ... මට මරණ බය දැනුණ අම්මේ.... මට අම්මා අක්කා, මල්ලි මතක් වුණා අම්මේ....

තාත්තාගෙ පොඩි කාලෙ ඉඳලා තිබ්බ හීනය වුණේ මාව ඉන්ජිනේරුවෙක් කරන එක.... මට උසස් පෙළින් ලංකාවෙ ඉන්ජිනේරු පීඨයකට යන්න බැරි වුණා. ඒත් අම්මලා තාත්තලා මාව රට යවන්න හදද්දී මම බලෙන්ම හමුදාවට ආවා...
මම මැරුණා නම් අම්මලා කොයිතරම් අඬාවිද හිතුණ අම්මේ...

මෝටාර් එකෙන් වෙච්ච තුවාල නිසා ආමි හොස්පිට්ල් ඉඳිද්දී මල්ලි ආවා මාව බලන්න....
මම එයාට කිව්වා අම්මට කියන්න එපා මට තුවාලයි කියලා.... මට නියුමෝනියාව හැදිලා ඉස්පිරිතාලෙ ඉන්නවා කියලා මම ගෙදරට පණිඩුඩේ යැව්වේ ඒ නිසා. මට මල්ලිට කියන්න වුණා කියන්න එපා කියලා.... කොහොම හරි අම්මට මාව බලන්න එන්නම ඕනි කියලා අන්තිමට කට්ටියම මාව බලන්න ආවා... බැන්ඩේජ් ගහලා ප්ලාස්ටර් දාලා ඉන්න මාව දැකලා අම්මා විලාප තියලා අඬද්දී මට හිතුණ මේ ලෝකෙ අම්මා කෙනෙක් තරම් දරුවකුට ආදරේ වෙන කෙනෙක් නෑ කියන එක කොයිතරම් ඇත්තද කියලා. තාත්තා බොහොම උපේක්ෂාවෙන් බලන් උන්නා.....

"අමාරුද"
"පොඩ්ඩක් රිදෙනවා තාත්තෙ"
"හම්"
"සනීප වුණාම ගෙදර ඇවිල්ලා යන්න ආයෙ යන්න කලින්"
"හම්"

තාත්තාගෙයි මගෙයි සංවාදය ගියෙ ඔය ටික විතරයි... හැබැයි මුළු පැය ගාණම මගේ අම්ම කළේ පොළොවේ හැපී හැපී අඬපු එක.... කොහොම හරි සති දෙකක් විතර හමුදා රෝහලෙ ඉඳපු මම සනීප වෙලා දවස් 18ක නිවාඩුවක් ලැබිලා ගෙදර ගියා... ඊට පස්සේ නැවතත් සටන් බිමට... ඊට පස්සේ ඊළඟ අවුරුදු දෙකේම මරණය පෙනී පෙනී යුද්ධ කළා අම්මෙ...

මගෙ ඉස්සරහ ඉන්න කොල්ලො වෙඩි වැදිලා මැරුණම උගේ එඥචනධද එක අරන් උගේ ර්ථීධඵඪබඪධද එක ගත්ත වෙලාවල් තියෙනවා...
ඔය අතරෙ මම විශේෂ බළකා පාඨමාලාවක් කළා. අම්මේ, අම්මට කිව්වේ නෑ මම.. 2008 අවසාන කළේ වෙද්දී අපි කුඩා කණ්ඩායම් විදියට මරණය අතේ තියන් සතුරගෙ බල ප්‍රදේශවල කරක් ගැහුවේ. අම්මා හිතන් උන්නේ මම ඉදිරි ආරක්ෂක වළල්ලේ කියලා.... අපි ඒභඡභඵඩ එකකට ගිහින් ආවම අම්මාට කෝල් කරලා මම බොරු සියයක් කියද්දී අම්මා කළේ නොනවත්වාම අඬපු එක...
2008 අවුරුද්දෙ අවාසනාවන්ත දවසක මගෙ ජීවිතය වෙනස් වුණා අම්මෙ.... අපේ ටීම් එකට ලොකු ඛ්ධභදබඥප ඒබබචජඬ එකක් ආවා. මගෙ කකුලට වෙඩි වැදුණා අම්මේ... ඇවිද ගන්න බැරි අපෙ කොල්ලො ඔක්කොම ඩවුන් ර්ථීධඵඪබඪධද උන්නේ. ඒ තරමටම වෙඩි තියනවා ටෙරාල. ඔළුව උස්සන්න බෑ.... අපේ කොල්ලොන්ට මාව අරන් එඪබඩඤපචඹචත වෙන්න අමාරුයි.... මම උන්ට කිව්වා මාව දාලා පලයන් කියලා.... උන් මගේ නියෝග පිළිපැද්දේ නෑ අම්මේ... උන් මාව දාලා ගියේ නෑ...
එක කොල්ලෙක් එක සැරෙටම නැඟිටලා.... මාව කරේ තියාගෙන එක පාරටම දුවන්න ගත්තා. උෟ මාව ජධමඥප එකකට අරන් ආවා. මීටර් 300ක් විතර පස්සෙ.... හැබැයි අම්මේ .... මම වෙනුවෙන් උෟත් වෙඩි කෑවා.... එක අතක් වැලමිටට උඩින් වෙන් වෙන්නම උෟව වෙඩි වැදිලා..... කොහොම හරි අපි දෙන්නා ඵචටඥ ර්ථීධඵඪබඪධද එකකට ගෙනාවට පස්සෙ පිටි පස්සේ ඊඥචථ එකක් ඇවිල්ලා අපිව ට්‍රැක්ටරේක පටවන් අපේ ලයින් එකට අරන් එද්දී මොනවාදෝ කරුමෙකට ට්‍රැක්ටරයට අඩි කීපයක් දුරින් ආටියක් වැටුණා අම්මේ....

ට්‍රැක්ටරේ උන්න තුවාලකාරයන් ගෙන් භාගයක් විතර මැරුණා. මගෙ පණ බේරලා වෙඩි කාපු කොල්ලත් ඒ මැරුණ උන්ගේ ගොඩෙ කියලා මම දන්නේ මාස ගාණකට පස්සෙ අම්මේ...

මට සිහිය එද්දී මම හිටියෙ රෝහලක. එක කකුලක් දණහිස පහළින් ඉවත් කරලා අනෙක් කකුල කලවය ගාවින් ඉවත් කරලා.... වම් අත වැලමිට ගාවින් ඉවත් කරලා.... ඔළුවෙ පැත්තක හිස් කබල නෑ... අම්මගෙ කිරි පොවලා අතක් නොකඩ හදපු පුතා ඇඳක් උඩ මිනිස් භාගයක් විදියට ඉන්නවා... මම විලාප තියලා අඬන්න හැදුවා අම්මේ.... ඒත් කිසිම සද්දයක් කටින් පිට වුණේ නැහැ. ...මට මුළු ලෝකෙම නැති වුණා අම්මේ.... මට මම කවුද? මොනාද කරන්නෙ කියලා හිතා ගන්න බැරි වුණා....... මට මතකයි අම්මා ආවා... මට අම්ම කියන කිසි දෙයක් ඇහුණෙ නෑ අම්මේ... සත්තයි මම ඇඬුවා. ඒ වුණාට අම්මට ඒක ඇහුණෙ නෑ අම්මේ....
මම අවුරුදු ගාණක් ඉස්පිරිතාලේ හිටියා. මගෙ අම්මා හැමදාම මාව බලන්න ආවා... අම්මා එන හැමදාම ඇඬුවා. අම්මාගෙ කඳුළු එකතු කළා නම් කඳුළු මුහුදක් වෙනවා අම්මේ.... ඇයි අම්මේ මේ තරම් මට ආදරේ....?

රණවිරු සෙවණේ මම ඉන්න කොට මට හිතෙනවා මගෙ ජීවිතෙ මොකටද කියලා අම්මේ..... මට කියලා කිසිම දෙයක් කරගන්න බෑ... මගේ අම්මෙ.... ඔයාලා කියන කිසි දෙයක් ඇහෙන්නේ නෑ... මම හිතන කිසි දෙයක් ඔයාලට කියා ගන්න බෑ අම්මේ... අම්මා කාලයත් එක්ක හැමදාම වගේ අඬපු ඇස් දෙකට ආව කඳුළු හිර කරන් උන්නා. හැබැයි ඒ බොහොම ආයාසයෙන් අම්මේ... මම ඒක දැනන් උන්නා.

අද මාව කාලෙකට පස්සේ ෆුල් යුනිෆෝම් දාලා ලෑස්ති කළා රණවිරු සෙවණෙ කොල්ලො...
මම ඇහුවා මොකටද කියලා.... උන් මට කිව්වා හමුදාවෙ කට්ටියක් ගමනක් යනවා කියලා. ... තව රණවිරු සෙවණෙ කොල්ලො දෙන්නෙක් එක්ක මාව හමුදාවෙ වෑන් එකකට දාගෙන වාහනය යනවා... කාලෙකින් පාරක ගිහින් නෑ.. රට හරියට වෙනස් වෙලා..... මට හිතා ගන්න බැරි වුණා උන් කොහෙද යන්නේ කියලා... මම ඇහුවට කිසි කෙනෙක් කිව්වේ නෑ අම්මේ.


එක පාරටම මට අපි ඉන්න ප්‍රදේශය පොඩි හුරු ගතියක් දැනෙන්න ගත්තා. මට තේරුණා අපි මේ ඉන්නේ අපේ ගෙවල් පැත්තට යන පාරෙ කියලා.. මට තේරුණා අපි මේ යන්නේ ගෙදර කියලා.... එහෙම ගෙදර යන්න නම් විශේෂ හේතුවක් තියෙන්න ඔන කියලා... මට ගිය අනෙක් කොල්ලො දෙන්නට මගේ තියෙන එකම අතින් ඇනලා මගේ ගොළු භාෂාවෙන් ඇහුවා. උන් මොනවාද කිව්වා.... මට තේරුණේ නෑ... මට තේරුණා ඉන්ජිනේරුවෙක් වෙලා ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙන්න හිටිය මම ගොළුවෙක් බීරෙක් කොරෙක් විදියට මට මාවම නැති වෙලා කියලා.... මේ ජීවිතේ මොකට ජීවත් වෙනවද කියලා මට හිතුණා අම්මේ....
වාහනය අපේ ගෙවල්වලට හරවන පළමුවැනි අතුරු පාර ගාවට ආවා..... මට අෑතින් පේනවා සුදු කොඩියක්....

මගේ අම්මේ.....!
මගේ හදවත නැවැතුණා අම්මේ!... ඇස්වල කඳුළු පිරුණා... මම දැනගත්තා අම්මේ කරදරය වෙලා තියෙන්නෙ අපේ පවුලෙ කෙනෙක්ට කියලා... මට කෑගහලා අඬන්න ඕන වුණා. අම්මේ.... එත් මට බෑ.... වාහනය ගෙදරට හරවන පාරට ළං වුණා....
අනේ මගේ රත්තරං අම්මේ.... මට අම්මාගෙ නම එක්ක පින්තූරයක් දාලා ගහපු ලොකු බැනර් එකක් පෙනුණා. අම්මා මාව දාලා ගිහින් අම්මේ... මට නොකියාම...?
මගේ ජීවිතේ මම මේ ලෝකේ පළමුවැනි හුස්ම ගත්ත වෙලෙත් මම වෙනුවෙන් අඬපු වේදනා විඳපු.....අන්තිම වතාවට මාව බලන්න ආව වෙලාවෙත් අඬපු... මම වෙනුවෙන් හැම වේදනාවක්ම විඳපු මගෙ අම්මා...

අවුරුදු 31ක් මම වෙනුවෙන්... දුක, සතුට, හිනාව, කඳුළ තුළින් ජීවිතය පුරවන් උන්න මගේ අම්මා... බය වෙන්න එපා... මගේ රත්තරන් අම්ම නිවන් දකිනවා.... සත්තයි. නිවන් දකිනවා. අම්මේ... සත්තයි මම අම්මට ආදරෙයි මගේ අම්මේ...

මම අම්මට පොරොන්දු වෙනවා....අම්මා එපා කියන දෙයක් මම මීට පස්සේ උපදින කිසිම ආත්මයක කරන්නේ නෑ අම්මේ...
අම්මට මුරණ්ඩු වෙන්නෙ නෑ මම... අම්මගෙ ඇහැට කඳුළක් දෙන්නේ නෑ අම්මෙ ඇත්තමයි මම පොරොන්දු වෙනවා.
මට මේ දැනෙන දුක එක්ක අම්මා ළඟට ඉක්මනට එනවා අම්මේ.."

කොල්ලො ටික මාව වාහනේ එළියට ගන්න හදන්නේ... මම මේ යන්නේ මගේ අම්මාව බලන්නද දෙවියනේ.... මම අන්තිමට දැක්කේ කඳුළු පුරවාගෙන මගේ එක පැත්තක බර අතට ගත්ත තාත්තාගේ මූණ අම්මේ.... අනේ මට සමාවෙන්න රත්තරන් අම්මේ....!
සැකසුම - විජිත කේ. පතිරණ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon