උත්තම මන්තිරි රහසින් ඇසුවා මුල්ගුරු ඒකට උත්තර බැන්දා!

  👤  4079 readers have read this article !
2017-10-29

එක්දහස් නවසිය හතළිස් නවය වර්ෂයේ බිංගිරිය ප්‍රදේශයේ තාරණ _ උඩවෙල රජයේ මිශ්‍ර පාසලේ ප්‍රධානාචාර්යවරයා ලෙස සේවය කළ අමරදාස දිසානායක මුල්ගුරුන්නාන්සේ තම පාසල් සිසු දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු කෙරෙහි මෙන්ම ඒ අවට ප්‍රදේශවල දුගී දුප්පත් පවුල්වල පාසල් නොයන දරු දැරියන්ගේ අධ්‍යාපන තත්ත්වයන් නඟා සිටුවීමට මහත් කැපවීමකින් ක්‍රියාකළ සමාජ සේවකයකුද විය. අධ්‍යාපනික මට්ටමින් නොදියුණු ප්‍රදේශ පිළිබඳව මනා අවබෝධයකින් යුතුව කටයුතු කළ හෙතෙම බිංගිරිය ප්‍රදේශයේ නොදියුණු ගම්මානවල කුඩාදරු දැරියනට අලුතින් පාසල් ආරම්භ කිරීමෙහිලා මහඟු සේවාවක් ඉටු කළේය.

දිසානායක මුල් ගුරුන්නාන්සේ එදා ඒ ආරම්භ කළ පාසල් අතර අද ඉතා දියුණු මට්ටමක පවතින ඉහළ කඩිගමුව, පුංචිවිලත්තව, මොළඑළිය, ඉහළ කිනියව, හුන්නෙලම්ඹුව, ගැටුලාව, මඩඉන්න, කොස්වත්ත යන පාසල්වලින් සමහරක් අද මහා විද්‍යාල බවට පත්ව ඇත. මෙලෙස නව පාසල් ආරම්භ කළ දිසානායක මුල් ගුරුන්නාන්සේ අද ඉහළ කඩිගමුව මහා විද්‍යාලය නමින් සිසුන් දහස් ගණන් අධ්‍යාපනය ලබන එම පාසල ආරම්භ කිරීමෙහිලා මහත්සේ පුරෝගාමීව කටයුතු කළ අතර තමා ප්‍රධානාචාර්යවරයා ලෙස සේවය කළ කාරණ උඩවෙල රජයේ පාසලේ තමා යටතේ වූ උපගුරු නරසිංහ ගුරුතුමා මෙම ඉහළ කඩිගමුව පාසලේ තාවකාලික මුල් ගුරුවරයා ලෙස පත්කිරීමටද දෙපාර්තමේන්තු මට්ටමින් කටයුතු යෙදුවේය.

බිංගිරිය ආසනය එවකට නියෝජන කළ පළාතේ මන්ත්‍රිවරයා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා විය. දේශපාලනඥයන් පිළිබඳ කිසිදු තැකීමක් නොකරන දිසානායක මුල්ගුරුන්නාන්සේ උත්සවයේ වැඩ කටයුතු ආරම්භ කළේ මන්ත්‍රිවරයා පසෙක සිටියදී වෙනත් කෙනකු ලවා මූලාසනය තමා අතට පත්කරවා ගනිමිනි. ඒ අනුව මුල් ගුරුන්නාන්සේ සභාව ආරම්භ කළේ රැස්වීමේ ආරාධිත අමුත්තා ලෙසට පෙනී සිටිමිනි. මූලාසන කතාව පවත්වා අවසන් වූ පසු දිසානායක මුල් ගුරුන්නාන්සේගේ මුලසුන ළඟට තම පුටුව ළං කරගත් මන්ත්‍රිවරයා "දැන් මුල් ගුරුන්නාන්සේගේ ළමයි කොච්චර විතර ඉන්නවාදැයි" මුල් ගුරුන්නාන්සේගෙන් විමසුවේ ඔහු සේවය කරන උඩවෙල පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව පිළිබඳව දැනගැනීමටය. ඇසූ ප්‍රශ්නයට නිසි පිළිතුරක් දෙන්නෙමැයි සිතූ දිසානායක මුල්ගුරුන්නාන්සේ තමාගේ දරුවන් සතර දෙනා පිළිබඳව සිතෙන් මවාගෙන ගත් කටටම "හතර දෙනයි" යැයි පැවසූ අතර ඉන් මවිතයට පත් මන්ත්‍රිවරයා "මොනවා! මොකද ඔච්චර ඉක්මනට පාසල පහළ බැස්සෙ ඇයි දැයි විමසුවේය. "මන්ත්‍රිවරයා ඇසූ ප්‍රශ්නයටයි මම පිළිතුරු දුන්නෙ" යැයි පැවසූ මුල් ගුරුතුමා "මන්ත්‍රිවරයා ඇසුවෙ මගෙ ළමයි සංඛ්‍යාව ගැනද නැත්තම් ඉස්කෝලෙ ළමයි සංඛ්‍යාව ගැනදැයි" යළිත් ප්‍රශ්න කළේය. "මම ඇහුවෙ ඉස්කෝලෙ ළමයි ගැන මිස ඔබතුමාගෙ ළමයි සංඛ්‍යාව ගැන නොවන බව මන්ත්‍රිවරයා පවසත්ම "ස්කෝලෙ ළමයි තුන්සීයයි, මගෙ ළමයි හතර දෙනයි" කී මුල් ගුරුතුමා "මේ ළමයි තුනසිය හතරදෙනාම මගේ යැයි" කියත්ම මන්ත්‍රිවරයා හනික පුටු මාරුකළේ ගුරුතුමා දෙස අමුතු බැල්මක් හෙළමිනි. මෙය සත්‍ය සිදුවීමකි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon