ලෝකෙම රවට්ටලා හිතාගන්න බැරි විදියට මුළා කරවපු පින්තූර

  👤  5288 readers have read this article !
2017-10-29

සමහරු ජනතාව මුළා කරනවා. තවත් සමහරු ගම් _ රටවල් මුළා කරනවා. මේ අතර තවත් සමහරු එක වචනයක්වත් නොකියා මුළු ලෝකෙම මුළා කරන අවස්ථා තියෙනවා. ඒ ඡායාරූප මඟින්. මිනිස්සු හැබෑමයි කියලා හිතන ඒ වගේ ඇතැම් පින්තූර හොයාගන්න බැරි ආකාරයට පරිගණක ආධාරයෙන් හෝ වෙනත් ක්‍රමයකින් සකස් කළ ඒවායි. මේ ලෝකයම මුළා කළ එවැනි ඡායාරූප කීපයක්.

පිළිකාවක් නිසා හිස බූ ගෑ ජෙනිෆර් ඇනිස්ටන්

රූමත්, සරාගී නිළියක වන ජෙනිෆර් ඇනිස්ටන්ගෙ මේ ඡායාරූපය අන්තර්ජාලය පුරා පැතිර ගියේ පිළිකාවක් නිසා ඇගේ හිස බූ ගෑ බවට පළවූ පුවතක් ද සමඟිනුයි. එය පළවූයේ අප්‍රේල් 1 වනිදා මෝඩයාගේ දිනයකයි.
හිම බිමක තිබෙන ඵනඩඪදය රූපය

මේ පින්තූරය පළවුණේ ''වසර 112කට පසු කයිරෝවට ඇදවැටුණු හිම පතනය මැද ඉනඩඪදය ප්‍රතිමාව තිබෙන අයුරු'' යන පුවතද සමඟයි. ඵනඩඪදය ප්‍රතිමාව කයිරෝවෙ තිබුණත් එහි හිම වැටුණ කතාව බොරුවක්. මේ පින්තූරය ජපානයේ තේම් උද්‍යානගත පිහිටි ඵනඩඪදය අනුරුවක පින්තූරයක්. ජපානයේ එම උද්‍යානයට හිම වැටුණු වෙලාවක ගත් ඡායාරූපයක් තමයි මේ.

සැන්ටා මොනිකා වෙරළට ගසාගෙන ආ දැවැන්ත දැල්ලා
ඇමෙරිකානු පුවත්පතක පළවූ මේ ඡායාරූපයෙන් කියවුණේ සැන්ටා මොනිකා වෙරළට ගොඩගැසූ මේ දැවැන්ත දැල්ලා එතරම් විශාල වූයේ ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය හානියට පත්වීමෙන් නිකුත් වූ විකිරණ නිසා බවයි. නමුත් ඇත්තටම සිදු වී තිබුණේ වෙරළට ගොස් ගසා තිබූ තල්මසකුගේ ඡායාරූපයක් තිබුණු තැනකට උපක්‍රමයක් මඟින් විශාල කරන ලද මෙම දැල්ලාගේ ඡායාරූපය ඇතුළත් කොට තිබීමයි.

කළු සිංහයා
වසර 2012 දී අන්තර්ජාලය ඔස්සේ මේ කළු සිංහයාගේ ඡායාරූපය පැතිර ගියේ අප්‍රිකාවේ හමුවූ අපූරු කළු සිංහයෙක් යන තේමාවෙන් යුක්තවයි. නමුත් මෙය සැබෑ සිංහයකුගේ ඡායාරූපයක් වෙනස් කොට නිර්මාණය කරන ලද්දක්. එම සැබෑ සිංහයාගේ ඡායාරූපය ගෙන ඇත්තේ දකුණු අප්‍රිකාවේ කැන්ගෝ වනජීවී රැඳවුම් භූමියේදීය.
නිල් කොමඩු
ජපානයෙන් හමුවූ මේ නිල් කොමඩු ගෙඩියටත් අන්තර්ජාලයෙන් ලැබුණේ විශාල ප්‍රසිද්ධියක්. මෙය හඳුන්වා තිබුණේ "මූන් මෙලන්" නමිනුයි. නමුත් සැබැවින්ම සිදුවී තිබුණේ රතු කොමඩු ගෙඩියක් පරිගණක ආධාරයෙන් වර්ණ ගැන්වීමයි.

හිට්ලර්ගෙ ළදරු කාලයේ ඡායාරූපය
ඇඩොල්ෆ් හිට්ලර්ගේ මේ ළමා කාලයේ යැයි සඳහන් වූ ඡායාරූප පළවූයේ කැනඩාවේ "ජනිපෙග් ෆ්‍රී පේස් පුවත්පතේයි. මේ වයසෙදී හිට්ලර් මීට වඩා බොහෝ හුරතල් පෙනුමින් යුත් දරුවෙක්. මෙම ඡායාරූපය ජෝන් වොරන් නම් දරුවකුගේ බවයි සඳහන් වන්නේ.

දැවැන්ත ස්නෝබෝල් බළලා
මේ ඡායාරූපය සමඟ පළවූ පුවතින් කියැවුණේ මේ ස්නෝබෝල් නැමැති බළලාගේ බර රාත්තල් 87ක් වූ බවයි. මෙය එක්තරා පුද්ගලයකු විසින් මිතුරන්ට කවටකමක් කරන්නට සිතා නිර්මාණය කොට ඊමේල් මඟින් යවන ලද ඡායාරූපයක්. එය ලද මිතුරන් ඔවුන්ගේ මිතුරන්ට එය ඊමේල් කොට යවන ලද අතර ඒ ආකාරයෙන් ඉතා සුළු කාලයක් තුළ මෙය ලොවපුරාම පැතිර ගියා. මේ බළලාගේ නියම නම "ජුනිපර්" උෟ සාමාන්‍ය ප්‍රමාණයේ බළලෙක්.

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමට මොහොතකට පෙර
ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වන්න මොහොතකට පෙර එහි මුදුනේ සිටි සංචාරකයකු විසින් ගන්නා ලදැයි සඳහන් මෙම ඡායාරූපයට මුළු ලොව පුරාම විශාල ප්‍රතිචාරයක් ලැබුණා. ප්‍රහාරයෙන් පසු සුන්බුන් අතර තිබූ කැමරාවක මෙම ඡායාරූපය සටහන්ව තිබූ බවයි සඳහන් වූයේ. ඇත්තෙන්ම මෙය මෙහි පෙනී සිටින හංගේරියානු ජාතිකයා ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ කළ සංචාරයකදී ගන්නා ලද ඡායාරූපයක් පසුපසින් පෙනෙන ගුවන්යානය තාක්ෂණික උපක්‍රමයක් මඟින් ඡායාරූපයකට ඇතුළු කළ එකක්.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon