ජනතාවට අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි: මැදමුලනේ එහෙයියන්ට එය වැටහෙන්නේ නැහැ

  👤  3500 readers have read this article !
2017-11-01

නව ව්‍යවස්ථාව සම්මත කරගත් පසුව ශ්‍රී ලංකාව නව දිශාවකින් ඉදිරියට යනවායි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර පැවැසීය.
සැබෑ ශ්‍රී ලාංකිකයන්ගේ ජන නායකයෙක් ලෙස හැඳින්විය හැක්කේ වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාවයි. උතුරෙත් දකුණෙත් ලක්ෂ 62කට වඩා ජනයා ඔහුට ඡන්දය දුන්නා.

උතුර නැඟෙනහිර කියලා කිසිම වෙනසක් නැතිව ඔහුට ඡන්දය ලබාදුන්නා. මැතිවරණයේදී පොරොන්දු වූ පරිදි ව්‍යවස්ථාදායක සභාවක් ඇති කරන්න ඔහු කටයුතු කළා.
ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන ජනතාව ව්‍යවස්ථාවක් වුවමනා බව පැවසුවත් මැදමුලන වලව්වේ එහෙයිකම් කරපු අයට ඒ බව තේරෙන්නෙ නැහැ. එහෙත් රටේ යළි භීෂණයක්, ප්‍රචණ්ඩත්වයක් ඇති වෙන්න ඉඩ දිය නොහැකියි. මේ ව්‍යවස්ථාව සම්මත කරගත් පසු ශ්‍රී ලංකාව නව දිශාවකින් ඉදිරියට ගමන් කරනවා. ආර්ථික සෞභාග්‍යයක් සංවර්ධනයක් මේ ස්වර්ණමය අවස්ථාවේදී අප ලබාගත යුතුයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්
ගෙනෙන බව ජනපතිවරණයේදී
අපේක්ෂකයන් දෙදෙනාගේම
ප්‍රතිපත්ති ප්‍රකාශනවල තිබුණා

පසුගිය ජනාධිපතිවරණයේදී තරග කළ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කරන බවට මැතිවරණ ප්‍රකාශන මඟින් ප්‍රකාශ කර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජයම්පති වික්‍රමරත්න පැවැසීය.
මුළු රාජ්‍යයම තමන් යටතේ පැවැතිය යුතුය යන මතයේ පැවැති රටවල එම මතය සාර්ථක වුණේ නැහැ.

යෝජිත ව්‍යවස්ථාව අවශ්‍යනම් වෙනස් කිරීමට සහ ඕන නම් පළාත් සභා අහෝසි කරන්නට මෙම නව ව්‍යවස්ථාවෙන් අවස්ථාව සලසා තිබෙනවා.
"දකුණේ පළාත් සභා මහ ඇමැතිවරු හත් දෙනාම බලය බෙදාහැරීමට විරුද්ධවත්වයක් දක්වා නැහැ. ඒ සියලු දෙනාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය."
"රට බෙදීමට විරුද්ධව වෙනම ප්‍රතිපාදන මෙම කෙටුම්පතට ඇතුළත්වී තිබෙනවා."

"බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදෙන බවට මේ ව්‍යවස්ථා කෙටුම්පතෙහි පැහැදිලිව සඳහන් වී තිබෙනවා. එහි කිසිම වෙනස්කමක් සිදුකර නැහැ.

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ඉහළින් සර්වපාක්ෂික සමුළුවක් කැඳවන බව
ජනපති ප්‍රකාශ කිරීමෙන් විවාදය
විකාරරූපී නාටකයක් වුණා

මේ විවාදය ඓතිහාසිකයි. එමෙන්ම විකාරරූපීයි. ආණ්ඩු කරන පක්ෂවල එකඟතාවක් නැති නිසා මේ විවාදයට සුජාත බවක් හා පීතෘ බවක් නැහැ.
අපේ මේ විවාදයට ඉහළින් ජනාධිපතිවරයා සර්වපාක්ෂික සමුළු තුනක් කැඳවා සාකච්ඡා කිරීමට යන බව අද මාධ්‍යවල පළවී තිබුණා.
1978 ව්‍යවස්ථාව ගෙන එන විට එජාප නායකයෝ කියලා තියෙන්නේ ඊයේ හා අද මේ සභාවේදී කියන ලද දේ බව පැරැණි වාර්තා කියවන විට පෙනී යනවා.
අද අප සිටින්නේ නිදහසින් පසු 3 වැනි ව්‍යවස්ථාව යටතේයි. 78 ව්‍යවස්ථාව ගෙන ආවේ පාර්ලිමේන්තුව අමතක කළ යුතු බව හිතන ලද එක පුද්ගලයකුගේ අවශ්‍යතාව පිණිසයි.
2000දී නව ව්‍යවස්ථාවක් ගෙන ආ විට මේ පාර්ලිමේන්තුවේ විපක්ෂය එය ගිනි තිබ්බා. විධායක ජනාධිපති ක්‍රමයක් සහිත ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ගෙනා ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිද හරි, නැත්නම් විකල්ප ව්‍යවස්ථාවක් අවශ්‍ය බව කියමින් ව්‍යවස්ථාව ගිනි තියපු මන්ත්‍රිවරුන්ද හරි?

අනාගතය පිළිබඳ අභිලාෂයක් වගේම සැක රාශියක්ද තිබෙනවා. ආණ්ඩුව අභිලාෂයට ආමන්ත්‍රණය කරනවා. සැකය ගැන හිතන්නේ නැහැ. දමිළ පුරවැසියකුට මේ රටේ දෙවැනි පුරවැසියකු යැයි කියනවට අපි කැමැති නැහැ. එහෙත් ආණ්ඩුව යම් අප්‍රකාශිත අරමුණක් ඉටු කර ගන්න යනවා නම් අප එය අනුමත කරන්නේ නැහැ.

අධ්‍යාපනය, සෞඛ්‍ය පහසුකම් හා පිරිසුදු පානීය ජලය ලැබීම
මූලික අයිතියක් ලෙස ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතුයි

"මේ දේශපාලන සංස්කෘතිය තුළ ආර්ථික විසමතාව තුළ කිසි දවසක ජාතික සමඟිය ඇති වෙන්නේ නැහැ"යි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් පැවැසීය.

"විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන්ම අහෝසි කරන බවට මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයේදී ස¼දහන් කළා. එසේ තිබියදී විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට විරුද්ධ වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සදාචාරාත්මක අයිතියක් නැහැ"
"ජාතික සමඟිය ගොඩනඟන්නට නම් සියලු ජන කොටස්වල මානව හිමිකම් අයිතිය ආරක්ෂා කරන්න ඕන. එසේ නොකර ජාතික සමඟිය ඇති කළ නොහැකියි."
"අධ්‍යාපනය ඕනෑම පුරවැසියකුගේ මූලික අයිතියක්. ඒ බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර නැහැ. සෞඛ්‍ය පහසුකම් ලැබීම, පිරිසුදු පානීය ජලය ලබාගැනීම මූලික අයිතියක්. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඒ මූලික අයිතිවාසිකම් ඇතුළත් කිරීම හොඳ ප්‍රවේශයක් වනවා."

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සමාජ අයිතිවාසිකම් ඇතුළත් කිරීම ඉතා වැදගත් වෙනවා. උතුරු හා නැඟෙනහිර පළාත් දෙක ඒකාබද්ධ කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ. ඒ පළාත් දෙක වෙන් කිරීමට ශේ‍ර්ෂ්ඨාධිකරණ තීන්දුව ගන්නේ ජනතා විමුක්ති පෙරමුණයි."

කැබිනට් මණ්ඩලයේ ප්‍රමාණය හා මැතිවරණ දිනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම නියම කළ යුතුයි

සිංහල බහු ජාතිය අනුමත කරන සුළු ජාතීන්ගෙන් වැඩි පිරිසක් අනුමත කරන ව්‍යවස්ථාවක් අපි හදන්න ඕන යැයි මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න පැවැසීය.
අපට මේ රට බෙදන්න අවශ්‍ය නැහැ. අපි මේ ව්‍යවස්ථාව ජනමත විචාරණයකටත් යොමු කරලයි අනුමත කරන්නේ.
පළාත් සභාවකට වෙන්වන්නටවත් රට බෙදන්නටවත් ඉඩ දෙන්නේ නැහැ. ව්‍යවස්ථාවක් හදන්නේ මේ ජාතික ප්‍රශ්නය විසඳන්න පමණක් යැයි කියා සිතන්න එපා.
කැබිනට් මණ්ඩලය සීමා කරන්න ව්‍යවස්ථාවෙන් කටයුතු කරන්න අවශ්‍ය නැද්ද? මැතිවරණ දින ව්‍යවස්ථාවෙන් නියම කරන්න හොඳ නැද්ද? මැතිවරණ කල් දමනවාට මම විරුද්ධයි. ඒකට ඉඩ දෙන්න බැහැ.

මැතිවරණ සඳහා මුදල් වියදම් කෙරෙන අන්දම ගැන අනාවරණය විය යුතුයි. මැතිවරණයක් සඳහා කෙරෙන වියදම් සීමා කරන්න ඕන. මේ ස්වර්ණමය අවස්ථාව අපි කවුරුත් එකතු වෙලා ප්‍රයෝජන ගත යුතුයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon