නොම්බර එකේ ආණ්ඩුව

  👤  4270 readers have read this article !
2017-11-02

"මේ ආණ්ඩුව පෙරළන්න වෙන ලොකු ගේම් ඕන නෑ. ඡන්දෙට කලින් මුන් දාපු දැන්වීම් ටික ආපහු පෙන්නුව නම් මේ ආණ්ඩුව ගෙදර."

කියා සටහනක් සමාජ ජාලයක තිබ්බේය. බොහෝ දෙනෙක් කියන්නේත් ඒකය. ඒ තරමට මේ ආණ්ඩුවේ වැඩ නොම්බර එකය. ආණ්ඩුව හදන්න මහන්සි වූ අයගෙන් 1/4ක් අද මේ ආණ්ඩුව වෙනුවෙන් සිටිනවා යැයි කවුරුන් හෝ සිතනවා නම් ඒ හිතන කෙනාගේ ඔළුව පරීක්ෂා කළ යුතුය. ඒ තරමට මිනිස්සු ඉන්නේ අප්පිරියාවෙනි.
වැඩ අනාගැනීම සම්බන්ධයෙන් මේ ආණ්ඩුව අංක එකය. පොරොන්දු අමු අමුවේ කඩා දැමීම වෙනුවෙන් මේ ආණ්ඩුව අංක එකය. බොරු කියා බලය ගත් අය අතරින් මේ ආණ්ඩුව අංක එකය. එහෙම බැලුවම මේක නොම්බර එකේ ආණ්ඩුවක්ය.

අවුරුදු 30ක යුද්ධයක් නිමාකොට ඉන් මෙපිට බෙදුම්වාදී අවියකින් එකම එක බෝම්බයක්වත්, එකම එක පතරොමක්වත් පත්තු නොවෙන තැනට රට වෙනස් කළේ මහින්දය. මීට දෙවසරකට පෙර 'බිල්ලෝ' මවා එළවා දැමුවේ ඒ මහින්දමය.

ආණ්ඩුව දැන් ලොකු කරගෙන ඉන්නේ ව්‍යවස්ථාවක් ගේන එකය. දැන් ඒකත් හත්පොළේ ගාගෙනය. ආණ්ඩුව ඉන්නේ බිත්තියට හේත්තු වෙලාය. මිනිස්සු ඉල්ලන්නේ ජීවත් වෙන්න ක්‍රමයක්ය. ආණ්ඩුව දෙන්න යන්නේ ව්‍යවස්ථා මර උගුලක්ය.
'මිනිස්සුන්ට ඕන ව්‍යවස්ථා නොවේ. කුසගින්නේ ඉන්න මිනිහට කන්නයි ඕන. බුදුන් වහන්සේත් බණ කීවේ කුසගින්නේ ඉන්න මිනිහගේ බඩ පුරවලා.'
එහෙම කීවේ මේ ආණ්ඩුවේ ඉන්න සුසිල් ප්‍රේම්ජයන්ත්ය.

දැන් ආණ්ඩුවට තඩිබාන්නට මුව හමක් ලැබී තිබේ. ඒ 'පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතුයි' කී විමල්වය. හැබැයි මීට අවුරුදු ගාණකට කලින් චන්ද්‍රිකා ගෙනා ව්‍යවස්ථා යෝජනාව ඉරා පාර්ලිමේන්තුවේදීම පුච්චා දැමූ උදවිය අද පාර්ලිමේන්තුවේ සහ ව්‍යවස්ථාවේ උත්තරීතර බව වෙනුවෙන් පෙනී සිටින එක අරුම පුදුමය.
ආණ්ඩුව ගේන්නට යන ව්‍යවස්ථාව අතිශය බිහිසුණු බව ඒකාන්තය.

එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය උසුලන රටවල් 192ක් අතර ඉන් 165ක්ම "ඒකීය රාජ්‍ය උදඪබචපර ඉබචබඥඵ"න්ය. ඒකීය රාජ්‍යයක් යනු මධ්‍යම ආණ්ඩුව සතුව බලය කේන්ද්‍රකොට ඇති රටවල්ය. එමෙන්ම මධ්‍යම ආණ්ඩුවේ පාලනය යටතේ යම් බලතල පරිපාලන සඳහා විමධ්‍යගත කිරීමක් සිදු කොට ඇති අතර අවශ්‍ය අවස්ථාවක එම බලය නැවත මධ්‍යම ආණ්ඩුවට පවරා ගත හැකිය. ඒ අනුව ශ්‍රී ලංකාව ඇතුළු සමස්ත ලෝකයේ රටවල් සංඛ්‍යාවෙන් 86%ක්ම ඒකීය රාජ්‍යයන්ය. ලොව ෆෙඩරල් රාජ්‍යයන් ඇත්තේ, 27කි. ෆෙඩරල් රාජ්‍යයක් යනු ස්වයං නිර්ණය අයිතිය ඇති කුඩා රාජ්‍යයන් කිහිපයක් හෝ පළාත් කිහිපයක් එක් කොට පිහිටුවූ සංගමයක් හෝ එක්සත් රාජ්‍යයකි. එවැනි එක්සත් / ෆෙඩරල් රාජ්‍යයක පරමාධිපත්‍යය බලය මධ්‍යම ආණ්ඩුව මත පමණක් නොපවතී. එම පරමාධිපත්‍යය බලය පළාත් සභා හෝ ප්‍රාන්ත වෙත ද සමානව හෝ කොටසක් ලෙස ලබාදීම හරහා මධ්‍යම ආණ්ඩුවේ උත්තරීතර බලය හීන කොට ඇත. එමෙන්ම විධායක ජනාධිපතිවරයාගේ හෝ පාර්ලිමේන්තුවේ හෝ මධ්‍යම ආණ්ඩුවේ බලතල වගකීම්වලට හෝ එහි තීරණයන් ක්‍රියාත්මක කිරීමට එම පළාත් සභා හෝ ප්‍රාන්ත නීතියෙන් බැඳී නොසිටී. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්, ලොව 28 වැනි ෆෙඩරල් රාජ්‍ය ශ්‍රී ලංකාව වනු ඇත.
'මේ තරම් ඉක්මනට පිරිහුණු ආණ්ඩුවක් ලෝකෙම නැතිව ඇති'

'කරන්නේ පළිගන්න එක විතරයි. ඉස්සර මොන ප්‍රශ්න තිබ්බත් ඇමැතිවරු ගමට ආවා. අද ආණ්ඩුවේ කාටද ගමට එන්න පුළුවන්.'
මෙහෙම කියන කතා හැමතැනම ඇසේ. යහපාලන ආණ්ඩුවේ කෙරුවාව පේන්නේ ගමට ගිහින් බැලුවාමය. ආණ්ඩුවට හොඳක් කියන කෙනෙක් ආණ්ඩුව ඇතුළේවත් ඉන්නවාද කියා හොයා ගන්නට බැරිය. ඒ තරමට අග මුල පිරිහී ගොස්ය. ඇමැතිවරුන් මේ තරමට මිනිසුන්ගේ වුවමනාවන් අතහැර දැමූ කාලයක් සුද්දාගේ කාලයේවත් තිබී නැත.
'අපි ආණ්ඩුව භාරදෙන විට අමාත්‍යාංශවල මුදල් අවශ්‍ය තරම් තිබුණා. දැන් නෑ කියනවා. තිබුණේ හිස් භාණ්ඩාගාරයක්ලු. මේ අය බොරු කියනවා. අපි මුදල් ණයට අරන් සංවර්ධන වැඩ කළා. ජනතාවට ජීවත් වෙන්න හොඳ පරිසරයක් හැදුවා. මේ අය මුදල්වලින් කරන්නේ හිරගෙවල් පුරවලා නඩත්තු කරන එකයි. එහෙම කරලා රටක් පාලනය කරන්න පුළුවන්ද? කියලා මම අහනවා.'

මහින්ද රාජපක්ෂ මහතා කියන මේ කතාව ඇත්තද බොරුද කියා හිතට එකඟව හිතුවොත් තේරුම් ගන්නට අපහසු නැත. මහින්ද මෙහෙමත් කියයි.
'ජනතාව ඉල්ලූ දේම දෙන්න ඕනෑ. බඩු මිල අඩු කරලා සහන දෙන්න ඕනෑ. ලෝකයේ ඉන්ධන මිල අඩුවෙලා තිබෙනවා. මෙයාලා වැඩි කරනවා. මුදල් තියෙනවා කියලා කියනවා නම් ප්‍රශ්න විසඳන්න බැරි ඇයි කියලා අහනවා. ප්‍රශ්න අහනකොට උස්සගෙන යනවා. ඔන්න ප්‍රජාතන්ත්‍රවාදය. තමුන්නාන්සේලා මේවා ගැන හිතන්න.'
බදු කෙරුවාවෙන් පටන් ගත්ත ආණ්ඩුව මේ වෙනකොට ජනතාව කුඩු කොට තිබේ. කීවේ සමෘද්ධිය දෙගුණ කරනවා කියලාය. කළේ තියෙන එකත් කපා දැමූ එකය. කීවේ වයි-ෆයි දෙනවා කියලාය. දැන් හයි-ෆයි කෙනකුටවත් වයි-ෆයි නැත. කීවේ බයික් වෙනුවට කාර් එකක් ගන්න පුළුවන් රටක් හදනවා කියලාය. දැන් පුට් සයිකලයක්වත් ගන්න හයියක් නැත. කිට්ටු වෙන්නේ අවුරුදු කාලයය. සිද්ධ වෙලා තියෙන්නේ කනවා වෙනුවට ලෙව කන්නටය.

සමහර ඇමැතිවරු හැසිරෙන්නේ මානසික ව්‍යාධියෙන් පෙළෙන්නන් ගාණටය. ජෝන් අමරතුංග වගේ අය ප්‍රෙඩී සිල්වාටත් එහා ගිය 'ජෝකර්ලා' වෙලාය. ආණ්ඩුව පෙරළන්න ලොකුම ගේම ගැහුවා කියපු හරීන්ලා දැන් කියන්නේ 'මීට වඩා හොඳයි මහ ඇමැතිකම තිබුණානම්' කියාය. මිනිස්සු දැක්කම කඳුළු එනවා කියන තරමට ඇමැති කලකිරිලාය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටී තියෙන්නේ පෙර නොවූ විරූ විදියටය. කොළඹ කොටස් වෙළෙඳපොළ කඩා වැටුණේ මේ ඊයේ පෙරේදාය. වැටුණු රට හරිගස්සනවායි කියා වැඩ භාරගත් අය කරන්නේ කෙළින් තිබුණු රට පෙරළා ඒ උඩ සෙල්ලම් ගෙවල් හදන එකය.
දවසින් දවස කඩා වැටෙන රටක මුදල් ඇමැති අග්නිදිග ආසියාවේ හොඳම මුදල් ඇමැති වීම මොන විහිළුවක්දැයි කියා ගමේ කෝපි කඩේ ඉන්නා මනුස්සයාටත් හිතෙනවාට සැක නැත.

එහෙම බැලුවාම මේ ආණ්ඩුව නටන්නේ එළිපිට නාඩගම්ය. ඒවා ජෝගි නැටුම්ය. දකුණු අත කරන දේ වම් අත නොදන්නා සේ අගමැති කරන දේ ජනපතිත්, ජනපති කරන දේ අගමැතිත් දන්නේ නැත. ඒ දෙන්නාම කරන දේ ආණ්ඩුව දන්නේ නැත. අන්තිමට ආණ්ඩුව කරන දේ මිනිසුන්ට තේරෙන්නේ නැත.
මෙයාලා කරන්නේම කියපු දේ නොකරන එක විතරය. බදු බරින් තොර රටක්, අතමිට සරු ආර්ථිකයක්, සුරක්ෂිත අනාගතයක්, යහපාලන රටක්, අභිමානවත් දේශයක් යනාදී ලෙස තොරොම්බල් කළ වචන සම්පූර්ණයෙන්ම 'හිස්' වචන විතරය.
කීව දේ නොකෙරුව ආණ්ඩුව විදිහට මේ ආණ්ඩුව ගිනස් වාර්තාව තියලා ඉවරය.
මේ සියල්ල අස්සේ රනිල් නින්දෙන් ඇහැරී වගේ ඇමැතිවරුන්ට කියන්නේ ගමට යන්න කියාය. ඇමැතිවරු හොරෙන් හොරෙන් කියන්නේ ගමට ගියොත් එන්න වෙන්නේ නිරුවතින් කියාය.
ඒ දවස්වල කියැවුණු විහිළු කතාවක් සිහිපත් කිරීම වටී.

එකල සිටිය ජනාධිපතිවරයෙක් සිය පාලනය ගැන මිනිස්සු කියන්නේ කුමක්දැයි සොයා බලන්නට හිතවතුන් කිහිප දෙනෙක් රට වටේට යැවීය. ටික දිනකින් ඒ පිරිස ජනපති හමුවීමට ආහ.
'මොකද මිනිස්සු කියන්නේ, එයාලා මම ගැන කතා වෙනවද?'
හිතවතුන් කිහිප දෙනා මෙහෙම කීය.
'ඔබතුමා ගැන නම් කතා වෙන්නේ නෑ ජනාධිපතිතුමනි, ඔබතුමාගේ මවුපියෝ නම් නිතරම මතක් කරනවා.'
මේක ආපහු අසාගන්න ඕනෑ නම් මේ ආණ්ඩුව කාවහරි පාරට බස්සවා බැලුවොත් හරිය.

'එදා මහින්ද එළවලා කිරිබත් කාපු උන් අද කැඳ බොන්න හාල් සේරුවක් ගන්න පෝලිමේ ඉන්නවා' කියා කවුදෝ කියා තිබිණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon