වසර 6000ක් පැරැණි හිස් කබලක් මතුවෙයි

  👤  3847 readers have read this article !
2017-11-05

 

වසර 6000කට පෙර සුනාමි විපතකින් මරණයට පත් වූ අයකුගේ හිස්කබලක් මතුවෙයි

සුනාමි කී සැණින් අපේ සිත පිරීයන්නේ වේදනාත්මක හැඟුම් සමුදායක් සමඟ ශ්‍රී ලාංකික අපට එය සැබැවින්ම වේදනාත්මකය. එහි සැමරුම් අදටත් වේදනාත්මකය. අප පමණක් නොව අපේ අසල්වැසි හා ආසියානු කලාපයේ රටවල් ගණනාවකටද මේ වේදනාව උරුම් වෙයි. සුනාමි වනාහි මිනිසාට අත්විඳින්නට සිදුවන්නාවූ ස්වාභාවික විපත්තීන් අතරින් දරුණුතම ආපදාව යයි කිවහොත් වඩා නිවැරැදිය. වසර ගණන් පසුවී ගියද ලොව විටින් විට ඇතිවූ දරුණු සුනාමි උවදුරුවල අඳුරු මතක සටහන් අවදි වෙයි. සිහිකෙරුම් ලෙස හඳුනන්නට නොහැකිමුත් මේ හා සම්බන්ධව විටින් විට කෙරෙන කතිකාවත් ඇතැම්විට විද්‍යාත්මක හා ඓතිහාසික වශයෙන්ද මිනිසාට වැදගත් වෙයි.

පසුගියදා එවන් පුවතක් ආසියාතික රටක් වන පැපුවා නිව්ගිනි දූපත්වලින් අසන්නට ලැබිණි. ඒ ප්‍රාග් ඓතිහාසික යුගයේ විසූ මානවයකුගේ යැයි සැලකෙන හිස් කබලක් ගැන මතුවූ කතාබහකි. පැපුවා නිව්ගිනියාවේ ඒඪබචනඥ නගරයට කිට්ටුවෙන් 1929 වසරේ සොයා ගනු ලැබූ මේ හිස් කබල කලක් හඳුන්වන්නට යෙදුණේ ඓතිහාසික මානවයකුගේ ශේෂයක් වශයෙනි. එහෙත් දැන් දැන් ඒ ගැන පුරාවිද්‍යාඥයන් පළ කරන මතය ඊට වඩා වෙනස්ය. විද්‍යාඥයන් පවසන්නේ මේ හිස්කබල වනාහි සුනාමි උපද්‍රවයකින් මියගිය පුද්ගලයකුගේ බවය. ඒ සා පැරැණි එබඳු සාක්ෂියක් එතෙක් මෙතෙක් හමුවී නැති බැවින් මෙය සුනාමි උපද්‍රවයකින් මියගිය පැරැණිතම මානවයාගේ යැයි කතිකාවක් මතුවී තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය පරිශීලන කරද්දී අපට දැනගන්නට ලැබෙයි.

පර්යේෂකයන් පසුගියදා පැවසුයේ වසර හය දහසක් පමණ පැරැණි යයි කිවහැකි මේ හිස් කබල සුනාමි අනතුරකින් මියගිය අයකුගේ යැයි ඔප්පු කළ හැකි සාක්කි හා සලකුණුවලින් සමන්විත බවය. ඔවුන් මෙසේ සඳහන් කරන්නේ එරටට 1988 දී කඩා වැදුණු ප්‍රචණ්ඩ සුනාමියෙන් මියගිය අයගේ හිස් කබල්වල ලක්ෂණ හා සංසන්දනය කිරීමෙන් අනතුරුවය.
පැපුවා නිව්ගිනියානු උතුරු වෙරළ තීරයෙන් මයිල හත අටක් රට ඇතුළට වන්නට පිහිටි ඒඪබචනඥ නගරාසන්නයෙන් හමුවූ මෙකී හිස් කබල ගැන පළමුව පැවතියේ වෙනත් හඳුනා ගැනීමකි. වසර 1,40,000කට පමණ පෙර මියගිය හෝමෝ ඉරෙක්ටස් මානවයකුගේ යයි මුලින් කී නමුදු පසුව විද්‍යාත්මක නිර්ණය තුළින් ඔප්පු වූයේ එය වසර 6000ක් පමණ වසර ගණනක් පැරැණි බවය.

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් විශ්වවිද්‍යාලයේ සුනාමි විශේෂඥ ජේම්ස් ගොෆ් මේ ගැන පළකරන්නේ මෙබඳු අදහසකි.
බොහෝ විට මේ තමයි මේ වගේ කාරණේකදී අපිට මුණගැහෙන පැරැණිම අවස්ථාව. මීට වසර සිය දහස් ගණනකට පළමුව සුනාමි ව්‍යසනය සිදුවූ ආකාරය ගැන යම් අදහසක් උපදවා ගන්නටත් මෙය අපට උපකාරී වෙනවා. තාක්ෂණය හෝ වෙනයම් හෝ පූර්ව අනතුරු හැඟවීම් නැති යුගයක මිනිසුන් සුනාමියට කොයි ආකාරයකින් මුහුණ දුන්නේදැයි දැන ගන්නටත් අධ්‍යයනය කරන්නටත් මෙය කදිම ආරම්භයක් විය හැකියි.

හිස් කබල සම්බන්ධව පමණක් නොව ඒ හිස්කබල හොයාගන්නට ලැබුණු භූමිය සම්බන්ධවද විද්‍යාඥයන්ගේ අවධානය යොමුවිය. සුනාමියක් සිදුව ඇති බවට පැහැදිලි සාක්ෂි එතුළින් සොයා ඔප්පු කරගන්නට හැකිවූ බව ඔවුන්ගේ අදහස විය. එහි තිබී පර්යේෂණයට ලක් කරන ලද රොන් මඩ තට්ටු අතර සාගරයට සම්බන්ධකම් කියන ඉතා සියුම් ජීවීන්ගේ සාක්ෂි හිමිවූ බවද කියැවේ. 1998 දී පැපුවා නිව්ගිනියාවට කඩා වැදුණු සුනාමියෙන් පසුව කළ පරීක්ෂණවලදීද පාංශු කොටස් අතර තිබී මෙබඳු ක්ෂුද්‍ර ජීවීන්ගේ ශේෂ දැකගන්නට පිළිවන් විය.

පැරැණි කතාන්දරද වර්තමානයේ ඔවුනට අත්විඳින්නට සිදුවූ දුර්භාග්‍ය හා සමානවම තිබෙන්නට ඇතැයි අනුමාන කළ හැකිය. 2004 ඉන්දියානු සාගරය ආශ්‍රිතව ඇතිවූ සුනාමියේදී 2,30,000 අධික ප්‍රමාණයක ජීවිත අහිමි වී ගිය බව අප දන්නා කරුණකි.

1988 දී පැපුවා නිව්ගිනියාවට බලපෑ සුනාමියෙන් දෙදහසක පමණ පුද්ගලයන් මියගිය අතර ගම්බිම් පාළු වී ගිය බවක් පැවැසෙයි. වසර හයදහසකට පමණ සිදුවී යැයි උපකල්පනය කෙරෙන මේ සුනාමියද එබඳුම කඳුළු කතාවක් නිර්මාණය කරන්නටද හේතු වන්නට ඇතැයි අපට උපකල්පනය කරන්නට පුළුවන.

පාලිත ජයකොඩි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon