ටෙන්ඩර් කැඳවා තෙල් සමාගමක් තෝරා ගෙන තිබියදී කැබිනට් අනුමතිය නොදීසිටීමෙන් ඇ.ඩො. මිලියන 40ක පාඩුවක් කරලා

  👤  3810 readers have read this article !
2017-11-08

පසුගිය කාලයේ ලංකාවට තෙල් ගෙන්වන ලද්දේ දීර්ඝ කාලීන කොන්ත්‍රාත් ක්‍රමය යටතේයි. නමුත් පසුගියදා ඒ සඳහා ටෙන්ඩර් කැඳවා ආයතනයක් තෝරාගෙන තිබියදීත් ඊට කැබිනට් අනුමැතිය ලබානොදී ඒ වෙනුවට වෙළෙඳපොළෙන් ස්ථානීය මිලදී ගැනීම් යටතේ තෙල් ගෙන ඒම අරඹා තිබෙනවා. ඒ නිසා පසුගිය මාස කීපය තුළ ඇමෙරිකානු ඩො. මිලියන 40ක ඉතා බරපතළ පාඩුවක් සිදුව තිබෙනවා. මේ පිළිබඳව ඉදිරියේදී මෙම සභාවට සංඛ්‍යා ලේඛන සහිතව ලබාදීමට බලාපොරොත්තු වෙනවා.

දෙවැන්න ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් ගබඩා පහසුකම් නොමැති වීමයි. දැනට පවතින ගබඩා ප්‍රමාණවත් වන්නේ සති 02කට පමණ කාලයකට පමණයි.
ත්‍රිකුණාමල චීන වරායේ ටැංකි 99ක් පවතින අතර, 2003 වනවිටත් අගමැතිවරයා යටතේම මෙය ඹ්ධ්ර්ණීඛ් සමාගමට වසර 35කට ලියවිල්ලකින් පමණක් ලබාදී තිබෙනවා. එහි 1.2 ඡේදය යටතේ 2003.03.01 දින සිට මාස 06ක් තුළ විධිමත් බදු ගිවිසුමකට නොයෑම හේතුවෙන් ඔවුන් එහි දැන් සිටින්නේ නීති විරෝධී ලෙසයි. සැබැවින්ම දැනට ඔවුන් භාවිත කරන්නේද ටැංකි 08ක් පමණයි. ඉතිරි ටැංකිවලින් ටැංකි 10ක් තෙල් සංස්ථා පරිහරණයට ලබාගැනීමට 2016 අප්‍රේල් ගත් කැබිනට් තීන්දුව අගමැතිවරයා විසින් 2016.06.06 කැබිනට් පත්‍රිකාවකින් අහෝසි කර තිබෙනවා. ආණ්ඩුව විසින් උත්සාහ ගනිමින් සිටින්නේ, මෙම ටැංකි ඹ්ධ්ර්ණීඛ්ට නීති ගතකොටම ලබාදීමටයි.

තෙවැන්න සපුගස්කන්ද පිරිපහදුව අකර්මණ්‍ය වීමයි. මෙය 1969 ඉදිකළ අතර එය දැන් අබලන්ව තිබෙනවා. පසුගිය සතියේදී පිරිපහදුවේ හදිසි බිඳවැටීමක් සිදුවීම මෙම ගැටලුව තීව්‍ර කොට තිබෙනවා. 2007දී නව පිරිපහදුවක් ඉදිකිරීමට ප්‍රෝඩාකාරී ලෙස මුල්ගල් තැබුවද එය ඉදිවී නැහැ.

ඹ්ධ්ර්ණීඛ් සමාගමට තමන්ට අවශ්‍ය පරිදි තෙල් නැව් ප්‍රතික්ෂේප කළ හැකිද? ඒවායේ පාලනය කෙබඳුද? ඒ සඳහා ගෙන ඇති පියවර කුමක්ද?
තෙල් නැවක් ප්‍රතික්ෂේප වූ පමණින් රටේ ජනතාව පාරේ රස්තියාදු වන අන්දමට රටට අවශ්‍ය රක්ෂිත තොග පවත්වා නොගන්නේ මන්ද? රක්ෂිත තොග පවත්වාගෙන යෑමේ ක්‍රමවේදය කුමක්ද? එය කුමන කාලයකට ප්‍රමාණවත්ද?

තෙල් සැපයීම නොකළ සමාගම වෙනුවෙන් ගෙන ඇති පියවර කුමක්ද? මෙවැනි දේ නියාමනයට ඇති ක්‍රමවේදය කුමක්ද?
ටෙන්ඩර් ක්‍රියාවලිය මඟින් තෝරාගත් ආයතනයට මෙම තෙල් ආනයනය පැවැරීමට කටයුතු නොකරන්නේ මන්ද?
සපුගස්කන්ද පිරිපහදුව අලුත්වැඩියා කිරීමට පියවර නොගන්නේ මන්ද?
ඉදිරියේදී මෙවන් තත්ත්වයක් උදානොවීමට රජය සතු වැඩපිළිවෙළ කුමක්ද?

ස්ථාවර නියෝග
යාවත්කාලීන කළ යුතුයි

වර්තමාන පාර්ලිමේන්තුවේ රැස්වීම් පවත්වන කාල වේලාවන්, ආංශික අධීක්ෂණ කාරක සභා, විද්‍යුත් ඡන්ද ක්‍රමය යනාදී වශයෙන් සිදු වී තිබෙන සහ සිදු කිරීමට නියමිත නව ප්‍රවණතාවන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අන්තර්ගත විය යුතු බව සභාවේ කටයුතු මනා ලෙස පවත්වාගෙන යෑමට අත්‍යවශ්‍ය සාධකයක් බව අපි කවුරුත් අවිවාදයෙන් යුතුව පිළිගනිමුයි ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාවේ වාර්තාව පිළිගන්වමින් කතානායකවරයා මේ සඳහන කෙළේය.

බරපතළ අපරාධ නඩුවක්්
විභාග කිරීමට වසර 17ක් යනවා

මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ,
ළමා අපරාධ නඩු විශේෂයෙන් දිනපතාම විභාග කිරීමට අවශ්‍යව ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා පැවැසීය.
අද මේ රටේ නීති ක්‍ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සඳහා වැදගත් පනත් කෙටුම්පත් කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා.
අපේ රජය යටතේ සුවිශේෂ පනත් කෙටුම්පත් කිහිපයක් සම්මත කළා. අපේ රටේ වාණිජ අධිකරණවල විභාග වන නඩුවල සාක්කිකරුවන්ට විදේශ රටක සිට සාක්කි දීමට අවස්ථාව ලබා දී තිබෙනවා.
අපේ රටේ විභාග වන නඩුවකදී විදේශ රටක සිටින අයකුට පැමිණීමට නොහැකි අවස්ථාවකදී එරටේ සිටින අපේ රටේ දූත මණ්ඩල කමිටුවේ සාක්කි දීමට මේ පනත මඟින් අවකාශ ලබා දී තිබෙනවා.
අපරාධ වැළැක්වීම සඳහා වූ අපේ රටේ පවතින නීතිය ඉතා පැරණි නීතියක්. අපරාධ සඳහා වරදකරුවන් වූ තැනැත්තන් පිළිබඳ සොයාබැලීමටත් මේ පනත් කෙටුම්පත මඟින් සිදු කෙරෙනවා.
ඉදිරිපත් කරන සංශෝධන
තුළින් ඉතා වැදගත්ම සංශෝධනය, අපේ රටේ මහාධිකරණවල 75ක් වන විනිශ්චයකරුවන් සංඛ්‍යාව 110 දක්වා වැඩි කිරීම බව සඳහන් කරනවා.
මීට කලින් මහාධිකරණ විනිශ්චයකාරවරුන් 10 දෙනකු පත් කිරීම වෙනුවට 35 දෙනෙකුගෙන් වැඩි කිරීමට මේ පනත සංශෝධනය කර තිබෙනවා. බරපතළ නඩු පිළිබඳ විභාග කඩිනම් කිරීම මේ නිසා සිදුවෙනවා.

බරපතළ අපරාධ සඳහා වන නඩුවක් විභාග කර අවසන් කිරීමට අවුරුදු 17ක කාලයක් ගත වෙනවා. ඒ කාලය ඉතා විශාල කාලයක්.
ළමා අපරාධ පිළිබඳ නඩු විභාග කිරීම සඳහා වෙනම අධිකරණයක් ඇති කරන්න ඕන.
නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය සඳහා රජයේ අධිනීතිඥවරු සියයක් අවශ්‍ය වී ඇති බව නීතිපතිවරයා විසින් වාර්තා කර තිබෙනවා.
නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරන රජයේ නීතිඥවරුන්ට කටයුතු කිරීමට ප්‍රමාණවත් තරම් කාර්යාල පහසුකම් නැහැ. නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු සාර්ථකව පවත්වාගෙන යෑම සඳහා තොරතුරු තාක්‍ෂණ ආයතනයක් ඇති කිරීමට කටයුතු කරනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon