චන්ද්‍ර ගම්මානය සූදානම් ආරාධනාව ඔබටයි

  👤  4231 readers have read this article !
2017-11-12

ස¼ද මත ස්ථිර ගම්මානයක් පිහිටුවා ගැනීම, අඟහරු ග්‍රහයා ගවේෂණය කිරීමේත් ඉන් අනතුරුව එහිද ජනපදයක් පිහිටුවීමේත් පළමුවැනි පියවර යැයි "යුරෝපා අභ්‍යවකාශ ආයතනය" ප්‍රකාශ කරයි. මිනිසුන්ගේ ආර්ථික ක්‍රියාවලී පහළ පෘථිවි කක්ෂය ඉක්මවා යන තරමට ව්‍යාප්ත වෙද්දී එහි අවසාන ගමනාන්තය වශයෙන් අඟහරු ලෝකය තිබෙන අතර, අභ්‍යවකාශයෙහි ස්ථිර ගම්මානයක් පිහිටුවීම සඳහා තිබෙන "නිවැරැදිම තැන" සඳ යැයි, ලෝකයේ අභ්‍යවකාශ විශේෂඥයන් 4000ක් සහභාගි වුණු වාර්ෂික රැස්වීම ඇඩිලේඩ් නුවර පැවැත්වුණු අවස්ථාවේ සුරෝපා අභ්‍යවකාශ ආයතනය ප්‍රකාශ කළේය. ගතවූ දාහත් වසරක කාලය තුළ තමන් පහළ පෘථිවි කක්ෂයේ ගමන් ගත් අභ්‍යවකාශ නවාතැනක විසූ බවත් දැන් තමන් අඟහරු ලෝකය කරා යන ප්‍රථම ගමනට සූදානම් වන බවත් යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ පියෙරෝ මෙසිනා ඒ.එෆ්.පී. පුවත් සේවයට පැවැසීය.

අභ්‍යවකාශ මූලස්ථානයක් සඳ මත පිහිටුවීමේ ශක්‍යතාව පරීක්ෂණයට භාජන කරනු පිණිස "ෆෙස්ටර් ප්‍රින්ටර්ස්" නමැති ප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පී ආයතනය ඇතුළු කර්මාන්ත හවුල්කරුවෝ පිරිසක්, සඳේ පස්වල ත්‍රිමාණ මුද්‍රණ පරීක්ෂා කිරීමෙහි යෙදී සිටිති. තමන්ගේ ක්ෂණික අරමුණ, මීළඟ දශකය අවසානයේදී රොබෝවකු හෝ සඳ මත ස්ථිරව රැඳවීම යැයිද පියෙරෝ පැවැසීය.

චන්ද්‍ර මූලස්ථාන ඉදිකිරීම
රොකටයක් මඟින් පහසුවෙන් ප්‍රවාහනය කළහැකි සිලින්ඩරාකාර මොඩ්‍යුලයක් හා එහි එක් කෙළවරකින් පිටතට විහිදෙන අර්ධ ගෝලාකාර ආවරණයක් යෝජිත මූලස්ථානයේ ව්‍යුහය වශයෙන් යොදා ගැනීමක් පිළිබඳ සංකල්පය පළමුවෙන්ම සැලැකිල්ලට භාජන කැරිණි. එම ගෝලාකාර වැස්මට ඉහළින් වඩාත් දැඩි ආරක්ෂක ආවරණයක් රොබෝවන් ලවා යෙදවීමේ සංකල්පයද ඒ සමඟ විය. සඳ මත ස්ථිරව පදිංචි වීමේ පමණක් නොව දැරිය හැකි තත්ත්වයක් එහි වර්ධනය කර ගැනීමේත් භාග්‍යය මිනිසාට උදාවනු ඇතැයි තමන් විශ්වාස කරන බව යුරෝපා අභ්‍යවකාශ ආයතනය ප්‍රකාශ කරයි.

අඟහරු වෙත පිවිසීමේ හා එහි ජනාවාස පිහිටුවීමේ සංකල්පයට පදනම් වී ඇත්තේ පොදු අභිවෘද්ධිය පිළිබඳ මතය බව සඳහන් කරන යුරෝපා අභ්‍යවකාශ ආයතනය මේ වසරේ ඇඩිලේඩ්හිදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර අජටාකාශ විද්‍යාඥ සංගමයේ රැස්වීම එම අරමුණට අදාළ දැනුම ගවේෂණය කිරීමේ ඉතා වැදගත් පියවරක් බවද ප්‍රකාශ කරයි. ඉදිරි අවුරුදු දහය ඇතුළත සඳ මත ගමන් වාර ගණනාවක් සැලැසුම් කර ඇති අතර ඒ මඟින් එක් රැස් කැරෙන දත්ත සම්භාරය සඳ මත ගම්මානය ඉදිකිරීමේ කටයුතු සංවිධානය කිරීම සඳහා බෙහෙවින් උපකාරී වෙතැයි සැලැකේ. උදේ‍යාගකර අභ්‍යවකාශ නැවතුම්පොළ ගැන මෙන්ම, ඊට අදාළ අන් සියලු කරුණුද සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහයෝගිතාව ගොඩ නඟා ගැනීම සඳහා සාකච්ඡා පැවැත්වීමට හා සැලසුම් සකස් කර ගැනීමටද යෝග්‍යතම අවස්ථාව මේ යැයි මෙසිනා අවධාරණය කරයි. සඳ මත ස්ථිර ජනාවාසයක් පිහිටුවීමට යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ අවධානය යොමු වූයේ 2024 දී අක්‍රිය කිරීමට නියමිත කක්ෂගත ජාත්‍යන්තර අභ්‍යවකාශ නවාතැන වෙනුවට ආදේශකයක් වශයෙනි. අෑත "අජටාකාශ ‍ෙදාරටුව" (ච්ඥඥන ඉනචජඥ ට්චබඥඹචර) නමින් හැඳින්වෙන වැඩපිළිවෙළක කොටසක් වශයෙන් සඳ මත ස්ථිර නවාතැනක් පිහිටුවීමේ ව්‍යාපෘතියක් කෙරෙහි නාසා ආයතනයේද අවධානය යොමු වී තිබේ.

යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ චන්ද්‍ර ජනාවාස වැඩ පිළිවෙළ
යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ ප්‍රධානී රූත් වෝනර්, සඳ මත ගම්මානයක් පිහිටුවීම සඳහා එම ආයතනය ක්‍රියාත්මක කරන්නට අදහස් කරන වැඩපිළිවෙළ පිළිබඳ සැලසුම්, පසුගිය වසරේදී අනාවරණය කෙළේය. අභ්‍යවකාශයේ සංචාරය පිළිබඳ නව දැක්මක් අවශ්‍ය යැයි ප්‍රකාශ කරන ජෑන් වෝනර් එම සංකල්පයේ පදනම මිනිසුන් හා රොබෝවන් ලවා චන්ද්‍රයා ගවේෂණ කරවීමත් අභ්‍යවකාශ යානාවල නැවැතුම්පොළක් වශයෙන් චන්ද්‍රයා යොදා ගැනීම හා "චන්ද්‍ර ගම්මානයක්" ඉදිකොට එය සංචාරක ව්‍යාපාරයටද උපයෝගී කර ගැනීමක් බවද සඳහන් කරයි. "අභ්‍යවකාශ නැවැතුම්පොළ" පිළිබඳ පොදු ජාත්‍යන්තර ව්‍යාපෘතියක් දැනටද පවත්නා නමුත් එය නොකඩවාම ක්‍රියාත්මක නොවන බවද වෝනර් පැවැසීය.

"චන්ද්‍ර ගම්මානය" යනුවෙන් තමා අදහස් කරන්නේ තනි නිවාස, පල්ලියක් හා නගර ශාලාවක් සහිත තැනක් නොව මිනිසුන් සමූහයක් නොයෙක් වැඩවල යෙදෙමින් එකට ජීවත්වන තැනක් යැයිද වෝනර් ප්‍රකාශ කරයි. අභ්‍යවකාශ සංචාරයෙහි යෙදෙන විට ජාතීන්ගේ හැකියා ඒකාබද්ධ කිරීමට මෙන්ම හුදු විද්‍යාත්මක ගවේෂණවල යෙදීමටත් සංචාරක ව්‍යාපාරයේ යෙදීමටද මීට සහභාගි වන ජාතීන්ට හැකි වනු ඇතැයිද වෝනර් අදහස් කරයි.

ඔහු තවදුරටත් පෙන්වා දෙන පරිදි යෝජිත "චන්ද්‍ර ගම්මානය" අඟහරු ලෝකය වෙත යෑමට සාමාන්‍ය මිනිසුනටද විශ්වය තවදුරටත් ගවේෂණය කරනු පිණිස විද්‍යාඥයන්ටද උපකාරී වන මූලස්ථානයක් බවට පත්වනු ඇත. යුරෝපා අභ්‍යවකාශ ආයතනයද අඟහරු තරණය කිරීමට සූදානම් වෙයි. ඉතා සාර්ථක අභ්‍යවකාශ යානයක් මේ වන විට දශක දෙකකටද වැඩි කාලයක් තිස්සේ අඟහරු කක්ෂයට ඇතුළුව තිබෙන අතර තවත් යානා දෙකක් එහි යැවීමටද සැලැසුම් සකස් වෙමින් තිබේ. ඇමෙරිකාවද අඟහරු තරණයට සූදානම් වන අතර, අභ්‍යවකාශ ගමන්වලදී ගගන ගාමීන්ගේ සෞඛ්‍යයට හානිකර අන්තරීක්ෂ විකිරණවලට ප්‍රතික්‍රියා දක්වන තාක්ෂණයක් අඟහරු තරණයට කලින් නිර්මාණය කර ගැනීමම කෙරෙහි ගගන විද්‍යාඥයන්ගේ අවධානය යොමු වී තිබේ. අඟහරු ලෝකයට පිවිසීම සඳහා ප්‍රථම පියවර තැබෙන පියගැටය වශයෙන් සඳ වැදගත් වන්නේ මෙහිදීය.
අජටාකාශ නැවැතුම්පොළ ඉදිකිරීමත් ඊට අවශ්‍ය සැලැසුම් සම්පාදනයත් සඳහා රුසියාවේ රොස්කොස්මෝ අභ්‍යවකාශ ආයතනය හා නාසා ආයතනය අතර සහයෝගිතා ගිවිසුමක්ද නොබෝදා අස්සන් තැබිණි.

2028 වන විට "රතුග්‍රහයා" හෙවත් අඟහරු වෙත මිනිසුන් යැවීම එකී සියලු සැලසුම්වල අවසාන ඉලක්කය වී ඇතැයිද වාර්තා වෙයි.

පරිවර්තනය
ප්‍රේමචන්ද්‍ර අල්විස්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්