තාක්ෂණ පීඨ විශ්වවිද්‍යාලවල පිහිටුවීම ඉතාම ප්‍රායෝගික වැඩක්

  👤  4643 readers have read this article !
2017-11-16

'නිසි කළමනාකරණයකට ගියා නම් මීට වඩා අඩු බදු බරක් ඇති කරමින් වැඩි ආදායමක් ලබාගෙන අය - වැය පරතරය අඩු කර ගැනීමට හැකිවනු ඇතැයි' විද්‍යා තාක්ෂණ පර්යේෂණ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පැවැසීය.
'තාක්ෂණ පීඨ විශ්වවිද්‍යාලවල පිහිටුවීම ඉතාම ප්‍රායෝගික වැඩක්.'

'සාම්ප්‍රදායික අපනයනයෙන් හා අප විදේශයන්ගෙන් ලබා ගන්නා ආදායමෙන් ගෙවුම් ශේෂය පියවා ගැනීම කළ නොහැකියි.'
'ගෙවුම් ශේෂය පියවා ගැනීම සඳහා දැනට යෝජිත ඛනිජ ද්‍රව්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කර නව තාක්ෂණය අනුව සොයාගත් මිනිරන්, ඉල්මනයිට් සහ වෙනත් ඛනිජ ද්‍රව්‍ය අගය එකතු කිරීමෙන් අපගේ ප්‍රධාන අපනයන ආදායම උපයන ඇඟලුම් කර්මාන්තය ජාත්‍යන්තර තරගකාරිත්වයෙන් ඉහළට ඔසවා තැබීමට තාක්ෂණය යොදා ගැනීම අත්‍යවශ්‍යයි.'
'අපි හැම විටම දේශීය ව්‍යවසායකයන් දිරිමත් කරන්න ඕන. ඔවුන් අධෙර්යමත් කිරීම නොකළ යුතුයි.'

'පාවහන් කර්මාන්තය, ඇලුමිනියම් භාණ්ඩ, විදුලි වාහන, බස් හඳුන්වා දීමේදී ඒ සඳහා අවශ්‍ය බලශක්තිය ඉන්ධන හෝ ගල් අඟුරු මත පදනම් නොවී පුනර්ජනනීය බලශක්තිය පදනම් කරගෙන ජනනය කළ යුතුයි' එසේ නොවුවහොත් හරිත ආර්ථික සංකල්පයට ගැළපීමක් වන්නේ නැහැ.'
'යල්පැනගිය නීති යාවත්කාලීන කිරීමෙන් දේශීය සම්පත් හා කර්මාන්ත, අධ්‍යාපන රැකගත යුතුයි'

වැඩ කරන ජනතාවට
මේ අය-වැයෙන් පඩි වැඩි කර නෑ

මේ ආණ්ඩුව රට භාරගන්නකොට තිබුණු ණය බරත්, ආණ්ඩුව පිහිටුවා අවුරුදු තුනක පමණ කාලය තුළ ලබාගෙන ඇති ණය බරත් බලන විට සියයට 64කට වැඩි ණය බරක් වී තිබෙනවා. මේ අය-වැය රටේ ආර්ථිකය කඩා වැටීමට තුඩුදෙන අය-වැයක්" යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පැවැසීය.
නව ව්‍යාපාර කරන්න යෝජනාවක් අය-වැයෙන් ඉදිරිපත් කර තිබෙනවා. ඒ සඳහා වෙන්කර ඇති මුදලින් 15 දෙනකුටයි රැකියා දෙන්න පුළුවන්. මේක ප්‍රායෝගික නෑ. අය-වැය මාර්කට් කරන්න ගෙනාපු යෝජනාවක් මේක.
තමුන්නාන්සේලා මේ රටේ ඉඩම් විදේශිකයන්ට මිලදී ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා. ගාලු කොටුවේ ඉඩම් විජාතිකයන් අතට පත්වෙලා. මේ අනුව මුළු රටේම ඉඩම් විජාතිකයන්ට මිලදී ගැනීමට හැකි වෙනවා.

නැව් සමාගම් සඳහා විදේශිකයන්ට පනවා තිබූ සීමාව තමුන්නාන්සේලා ඉවත් කර තිබෙනවා. දේශීය සමාගම්වලට ලබාදී තිබුණු අවස්ථාව මේ නිසා අහිමි කරනවා. මේ රටේ අය ලබාගන්නා ආදායම විදේශිකයන්ට ඩැහැගෙන යන්න අවස්ථාව සලසා තිබෙනවා. මේ රටේ අයට ලබාගන්න තිබෙන ආදායම විජාතිකකරණය කර තිබෙනවා.
වැඩකරන ජනතාවට මේ අය-වැයෙන් පඩි වැඩි කර නැහැ. දේශීය කර්මාන්තකරුවාට සහනයක් සලසා නැහැ. මොනම පැත්තකටවත් සහනයක් නැහැ. බදු වැඩි කිරීම පමණයි සිදුකර තිබෙන්නේ.

පෞද්ගලික අංශයෙන් අධ්‍යාපනය ලබා දීම
දිරි ගන්වනවා

පෞද්ගලික අංශය මඟින් අධ්‍යාපනය ලබා දීම දිරිගන්වන බවත් ඉඩකඩම් විකුණා හෝ දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට මවුපියන්ට තිබෙන අයිතිය රජයකින් අහිමි කළ නොහැකි බවත් මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න පැවැසීය.

මේ අය-වැයේ හැරවුම් ලක්ෂ්‍යය, අපි වෙළෙඳපොළ තවත් නිදහස් කිරීමයි. එයින් අපට හානියක් වේදැයි ප්‍රශ්නයක්ද මතු වෙනවා. සමාජ සුබසාධනයට වෙන්කර තිබූ මුදල් කිසිවක් කපා නැහැ. අඩු ආදායම්ලාභීනට ආරක්ෂිත දැලක් යොදා තිබෙනවා. සමාජ යටිතල පහසුකම් ශක්තිමත් කිරීමට මුදල් වෙන්කර තිබෙනවා. සමාජ සුබසාධනයට රුපියල් මිලියන 129ක් වෙන් කර තිබෙනවා. නුසුදුසු අය සමෘද්ධි සහනාධාර ලබන බව කියනවා. ඒ සමෘද්ධිලාභී ලැයිස්තු සංශෝධනය වෙනවා. සුදුස්සන්ට පමණයි ඒ මුදල් ලැබෙන්නේ.
පෞද්ගලික අංශයෙන් අධ්‍යාපනය ලබාදීම අප දිරි ගන්වනවා. හැම දරුවකුටම හොඳ අධ්‍යාපනයක් ලබාදීම මවුපියන්ගේ අයිතියයි. රජයෙන් හැම දෙනාටම උසස් අධ්‍යාපනය ලබාදිය නොහැකි නම් ඉඩකඩම් විකුණා හෝ දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට මවුපියන්ට තිබෙන අයිතිය රජයකින් අහිමි කරන්න බැහැ. අපි අධ්‍යාපනයට බිලියන 325ක් වෙන් කර තිබෙනවා.

මේ රටේ ලොකුම සම්පත අධිවේගී මාර්ග නොවේ. ප්‍රභූන්, මැති ඇමැතිවරුන්, ඉහළ නිලධාරීන් හා ධනපතීන් තමයි ඒ මාර්ගවල යන්නේ. සාමාන්‍ය ජනතාව ඕවායේ යන්නේ නැහැ. වැදගත්ම සම්පත දරු සම්පතයි. පාසල් හා විශ්වවිද්‍යාල සිසුන්ට සෞඛ්‍ය රක්ෂණය දෙන්නේ ඒ නිසයි.
මේ රටේ දුප්පත්කම තිබෙනවා. වත්කම් උෟනතා තිබෙන විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඔවුනට ඉඩමක්, ගෙයක්, බැංකු ගිණුමක් වත්කමක් නැහැ. පවුල් මිලියන දෙකකට ඉඩම් අයිතිය ලබාදෙනවා. ඉපදුණ තැන මැරෙන්න අවශ්‍ය නැහැ. දුප්පත්කමින් ඉපදුණා නම් දුප්පත්කමෙන්ම මැරෙන්න ඕනෑ නැහැ.

ආණ්ඩුවේ වැඩපිළිවෙළ ගැන
ජනතාව තුළ කිසිම විශ්වාසයක් නෑ

"මේ අය වැය හා ආණ්ඩුවේ වැඩපිළිවෙළ ගැන ජනතාව තුළ කිසිම විශ්වාසයක් පැහැදීමක් නැහැ"යි පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රි රොෂාන් රණසිංහ (එ.ජ.නි.ස.) පැවැසීය.
මේ කන්නයේ පොහොර රුපියල් 35000 සිට රුපියල් 12000 දක්වා කප්පාදු කර තිබෙනවා. මේ කන්නෙවත් වර්ෂාව ආවොත් බිත්තර වී සීසෑමට මුදලක් හා පොහොර ටික දෙන්න වැඩපිළිවෙළක් අය වැයේ දැක්කේ නැහැ.

සමස්ත රටේ ගොවි ජනතාව අසරණ කිරීම ගැන පොළොන්නරුවේ මන්ත්‍රිවරයෙක් හැටියට මා ප්‍රකාශ කරනවා 2014 වන විට ප්‍රතිශතයක් ලෙස ණය 70% දක්වා අඩුකරන අතර රටේ යටිතල පහසුකම් මෙන්ම රටේ දැවැන්ත සංවර්ධනයක් ඇති කළා. ඒ සියල්ලටම අපේ රජයේ් ණය ටි්‍රලියන 3ක් වුණා. නමුත් මේ අවුරුදු තුනට ටි්‍රලියන 5ක් ණයයි. ඒ මුදලින් මොනව කළා දැයි දන්නේ නැහැ.

මේ අය වැය ගැන රටේ ජනතාවගේ කිසිම විශ්වාසයක් නැහැ. මේ වසරේ මිනිස්සුන්ගේ ඒකපුද්ගල ආදායම වැඩිවී ඇත්තේ ඩොලර් 10යි. බදු ආදායම ජනතාවට සහන ලබා නොදී සියයට සියයකින් වැඩිකරගෙන තිබෙනවා. ආණ්ඩුවේ වැඩපිළිවෙළ ගැන ජනතාවට කිසිම පැහැදීමක් නැහැ.

ණය බර නිසා උතුරේ දහස් ගණනක්
දිවි නසා ගන්නවා

"ණය බර නිසා උතුරේ දහස් ගණනක් සියදිවි නසා ගන්නවා. අවුරුද්දකට උතුරේ 300ක් පමණ දෙනා සියදිවි නසාගන්නවා" යැයි යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩග්ලස් දේවානන්ද පැවැසීය.

"ඒ ප්‍රදේශවල ජනතාව ගංවතුරෙන් වගේම නියඟයෙන්ද පීඩාවට පත්ව සිටිනවා. එහි ජනතාව දැන් මත්පැන්වලට ඇබ්බැහි වෙලා"
"දරිද්‍රතාවයෙන් පෙළෙන දිස්ත්‍රික්ක අතුරින් කිලිනොච්චිය පළමු තැනට පත්ව තිබෙනවා. මුලතිව් දිස්ත්‍රික්කය දෙවැනි ස්ථානයටත්, මඩකළපුව දිස්ත්‍රික්කය තුන්වැනි ස්ථානයටත් පත්ව තිබෙනවා"

අද අපට එක අතකින් අත්පුඩි ගහන්න වෙලා. උතුරේ අයට වගේම දකුණේ අයටත් ප්‍රශ්න තියෙනවා. අපේ ජනතාවට තිබෙන්නේ දකුණේ ජනතාවට නොමැති විශේෂ ප්‍රශ්නයි.
දශක තුනක් තිස්සේ පැවැති යුද්ධයෙන් උතුරු, නැඟෙනහිර අකර්මණ්‍ය වුණා. ස්වාභාවික විපත් නිසා, උතුරු නැඟෙනහිර පළාත්වල ජනතාවට විඳින්නට සිදුවූ දුක් කම්කටොලු අප්‍රමාණයි.

හරිත නීල, නීල හරිත මොනවා කීවත් ජනතාව අවදියෙන් ඉන්නේ

අය-වැයක වටිනාකම, රටේ පුරෝකථනයන් මේ ආකාරයට බාල්දු කරන්න එපා" යැයි මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රි කෙහෙළිය රඹුක්වැල්ල (එජනිස) පැවැසීය.
හරිත නීල, නීල හරිත මොනවා කීවත් ජනතාව අවදියෙන් ඉන්නෙ. ජනතාව බුද්ධිමත්. අවුරුදු තුනකදී ආර්ථික ප්‍රතිපත්ති නවයක්, අය-වැය තුනක් ඉදිරිපත් කරමින් ජනතාව මුළා කරන්න හැදුවත් එය සිදු කළ නොහැකියි.

මේ ක්‍රියාවලිය නිසා පාර්ලිමේන්තුව කොතරම් හෑල්ලුවට පත් වුණාද. වාක්‍ය දෙක තුනක පනත් ගෙනැත් සංශෝධන හැට එකක් ඉදිරිපත් කළේ නැද්ද? අද දේශපාලනය හොරෙක්, වංචාකාරයෙක් බවට පත් කළේ දේශපාලනඥයා විසින්මයි.

එදා රොනීද මැල් අය-වැය කියවනකොට ජනතාව විශ්වාසයෙන් අහගෙන හිටියා. අද එහෙම අහනවාද නැහැ. එහෙම අහන්න අය-වැය ගැන විශ්වාසයක් ජනතාව තුළ නැහැ.
අය-වැයක වටිනාකම රටේ පුරෝකථනයන් මේ ආකාරයට බාල්දු කරන්න එපා. ගේන්න යන ව්‍යවස්ථාව ගැන ජනතාව තුළ සැක ඇති කරන්න ඉඩදෙන්න එපා. මල්වතු අස්ගිරි මහා නාහිමිවරු බොරුද කියන්නෙ?. පාර්ලිමේන්තුවට රටේ මුල්තැන දෙමු. වටිනාකම ලබාදෙමු.

තමන් බොන්නෙ නිල්වලා ගඟේ අශූචි මිශ්‍ර ජලය බව දන්නවා නම් ජනතාව
පොම්පාගාරය වටලනවා

"මාතර නගරයේ ලක්ෂ ගණනක් ජනතාව පානය කරන්නේ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ පොදු වැසිකිළියේ අශූචි ජරාව සහිත නිල්වලා ගඟේ ජලය බව දන්නවා නම් පොම්පාගාරය වටකරනවා" යැයි මාතර දිස්ත්‍රික් මන්ත්‍රි බුද්ධික පතිරණ (එජාප) පැවැසීය.

අධ්‍යාපන ආඥා පනත වෙනස් විය යුතුව තිබෙනවා. එවැනි පනත් නූතනත්වයට ගැළපෙන පරිදි වෙනස් විය යුතුයි. පවිත්‍ර ගංගා යෝජනා ක්‍රමය අය-වැයේ වැදගත් අංගයක්.
අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ පොදු වැසිකිළියේ අපද්‍රව්‍ය සියල්ල එකතුවෙන්නේ නිල්වලා ගඟටයි. මාතර නගරයේ ජනතාවට පානීය ජලය සපයන්නේ එම ස්ථානයට පහළ ඇති පොම්ප කිහිපයකින්. මේ අශූචි මිශ්‍ර ජරාව තමන් පානය කරන බව දන්නවා නම් මාතර ලක්ෂ ගණනක් ජනතාව පොම්පාගාරය වට කරනවා.
මහනුවර ගොහාගොඩ කුණු ගොඩෙන් ගලා එන ශීරණය මහනුවර නගරයට ජලය පොම්ප කරන පොම්පාගාරය තිබෙන්නේ ඊට පහළින්.
මේ සභාවේ හැම මේසයකම ජල බෝතල් තියෙනවා. පානීය ජල බෝතල් තමයි හොඳ කියලා බොහෝ දෙනා විශ්වාස කරනවා. තත්ත්ව පරීක්ෂණවලට ඉදිරිපත් කරන ජල මූලාශ්‍රවල ජලය නොවේ බෝතල්වල පුරවන්නේ.

ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය නේපාලයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත්. අපට තවම එහෙම කරන්න බැරිවී තිබෙනවා.

"මාතර නගරයේ ලක්ෂ ගණනක් ජනතාව පානය කරන්නේ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ පොදු වැසිකිළියේ අශූචි ජරාව සහිත නිල්වලා ගඟේ ජලය බව දන්නවා නම් පොම්පාගාරය වටකරනවා" යැයි මාතර දිස්ත්‍රික් මන්ත්‍රි බුද්ධික පතිරණ (එජාප) පැවැසීය.

අධ්‍යාපන ආඥා පනත වෙනස් විය යුතුව තිබෙනවා. එවැනි පනත් නූතනත්වයට ගැළපෙන පරිදි වෙනස් විය යුතුයි. පවිත්‍ර ගංගා යෝජනා ක්‍රමය අය-වැයේ වැදගත් අංගයක්.
අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ පොදු වැසිකිළියේ අපද්‍රව්‍ය සියල්ල එකතුවෙන්නේ නිල්වලා ගඟටයි. මාතර නගරයේ ජනතාවට පානීය ජලය සපයන්නේ එම ස්ථානයට පහළ ඇති පොම්ප කිහිපයකින්. මේ අශූචි මිශ්‍ර ජරාව තමන් පානය කරන බව දන්නවා නම් මාතර ලක්ෂ ගණනක් ජනතාව පොම්පාගාරය වට කරනවා.
මහනුවර ගොහාගොඩ කුණු ගොඩෙන් ගලා එන ශීරණය මහනුවර නගරයට ජලය පොම්ප කරන පොම්පාගාරය තිබෙන්නේ ඊට පහළින්.
මේ සභාවේ හැම මේසයකම ජල බෝතල් තියෙනවා. පානීය ජල බෝතල් තමයි හොඳ කියලා බොහෝ දෙනා විශ්වාස කරනවා. තත්ත්ව පරීක්ෂණවලට ඉදිරිපත් කරන ජල මූලාශ්‍රවල ජලය නොවේ බෝතල්වල පුරවන්නේ.

ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය නේපාලයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත්. අපට තවම එහෙම කරන්න බැරිවී තිබෙනවා.

මේ අය-වැය ජනප්‍රියත්වය බලාගෙන ඉදිරිපත් කළ එකක් නොවේ

"අපි දේශීය ව්‍යාපාරිකයන් ආරක්ෂා කිරීමට කටයුතු කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි මේ රජය තුළ යම් යම් ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා. විදේශ නැව් සමාගම්වලට සියයට සියයක් ලබාදීමට මම එකඟ නැහැ. ඔවුන් ඇමෙරිකන් ඩොලර් මිලියන 100ක්වත් ගේනවානම් මම ගැසට් පත්‍රය නිකුත් කරනවා" යැයි වරාය හා නාවික ඇමැති මහින්ද සමරසිංහ පැවැසීය.

"ඒකාබද්ධ විපක්ෂයේ අය හිතාගෙන ඉන්නවා අපි මේ ආණ්ඩුව ඇතුළේ හැම දේටම අත ඔසවනවා කියා. එහෙම නැහැ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරනවා"

මේ අය-වැය ශක්තිමත් අය-වැයක්. මෙය ජනප්‍රියත්වය බලාගෙන ඉදිරිපත් කළ එකක් නොවේ. එවැනි අය-වැයක් ඉදිරිපත් කිරීමට එතුමාට ශක්තියක් තිබීම ගැන අපි සතුටුවෙන්න ඕන.මුදල් අච්චු ගහල අය-වැය පරතරය පියවන්න බැහැ. අය-වැය පරතරය පාලනය කර තිබෙනවා" එතුමා හොඳ මූලධර්මයක් හඳුන්වා දී තිබෙනවා. දැනට තිබෙන වක්‍ර බදු සියයට 80 සහ සෘජු බදු සියයට 20 සියයට 60ත් 40ත් කරන්න එතුමා උත්සාහ කරල තියෙනවා.

සෙවණගල සීනි සමාගම නැවත පවරා දීමක් සිදුවන්නේ නෑ

උෟන ක්‍රියාකාරි ව්‍යවසායන් හෝ උෟන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත අවලංගු කරනු ලැබුවද සෙවණගල සීනි සමාගම නැවත පවරාදීමක් සිදු නොවන බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ ඇමැති විජිත් විජිතමුණි සොයිසා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
අය - වැය මඟින් මේ පනත අවලංගු කිරීමට යෝජනා කර තිබෙනවා. මම මුදල් ඇමැතිතුමා මුණ ගැසී මේ පනත අවලංගු කිරීමෙන් පසු සෙවණගල සීනි කර්මාන්තශාලාව රජයට පවරා ගැනීමට පෙර පැවැති සමාගමට ලබාගැනීමට ඉඩ සැලසෙනවා දැයි විමසුවා. පනත අවලංගු කළාට ඒ පනත යටතේ පවරාගනු ලැබූ ආයතන ආපසු පැවැරීමක් සිදුකිරීමට ඉඩක් නොමැති බව එතුමා පැවැසුවා' යැයි ඇමැතිවරයා පැවැසීය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, අනුර කුමාර දිසානායක, ස්ථාවර නියෝග 23(2) යටතේ කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ඇමැති විජිත් විජයමුණි සොයිසා එසේ පැවැසීය.
අනුර කුමාර දිසානායක

සෙවණගල සීනි කර්මාන්තශාලාව, දයා ගමගේ සමාගමට ආපසු නොදෙන බව ඇමැතිතුමා ප්‍රකාශ කළා. ඒක හොඳයි. මෙතැන ප්‍රශ්නය උක් වගා කරන ගොවීන් මුහුණ පා සිටින තත්ත්වය ගැන විසඳුමක් ලබා දෙන්න ඕන.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon