පීරු දේශයේ සොහොන් කනත්තකින් හමුවුණේ පිටසක්වළ ජීවීන්ගේ සිරුරුද

  👤  6526 readers have read this article !
2017-11-19

දකුණු ඇමෙරිකාවේ පීරු දේශයේ සොහොන් කොතකින් මමීකරණයට ලක් කරන ලද පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කෙරෙන දේහයන් 20කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. මෙම සිරුරුවල එක් අතක ඇඟිලි 3 බැගින් තිබීම නිසා මිනිසුන්ටත් වඩා මෙම සිරුරු වෙනත් ග්‍රහලෝකයක ජීවීන්ගේ යැයි පවත්නා සැකය තවත් වැඩිවන බවයි සඳහන් වෙන්නේ.

මේ සොයාගැනීම අනාවරණය කරන ලද්දේ පිටසක්වළ යානා පිළිබඳ පර්යේෂණයන්හි නිරත ඇමෙරිකානුවන් දෙපළක් වන ස්ටීව් මේරා සහ බැරී ෆිට්ස් ජෙරල්ඩ් යන දෙදෙනායි. ඔවුන් පවසන පරිදි මේ පිළිබඳ අනාවරණය වී ඇත්තේ පීරු රාජ්‍යයේ කැස්කෝ ප්‍රදේශයේ ඉන්කාරි ආයතනයේ පුරාවිද්‍යා ගවේෂක කණ්ඩායමක් වෙතිනුයි. එරට සොහොන් වස්තු ජාවාරම්කරුවන් කණ්ඩායමක් විසින් ඔවුන්ට හමුවූ එම පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කෙරෙන මමී ඉන්කාරි ආයතනය වෙත භාරදී තිබෙනවා. එම සිරුරු 'නස්කා'හි සොහොන් කොතකින් හමුවූ බව පමණක් සඳහ් කළ ඔවුන් එය පිහිටි ස්ථානය පිළිබඳ සඳහනක් කොට නැහැ.

මෙම මමී අඩි දෙකක පමණ උසින් යුක්ත වන අතර එහි හිස කොටස් වෙනම කුටීරයක තිබූ බව සඳහන් වෙනවා. මෙම සිරුරු සොයාගත් ජාවාරම්කරුවන් පවසා තිබූ අන්දමට ඔවුන් සොහොන් කොත තුළට ඇතුළු වූ විට ඒ තුළ පණපිටින් සිටි යම් වස්තූන් කීපයක් අතුරුදන් වී තිබෙනවා.

මෙම සිරුරු කාබන් පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව එහි අස්ථි වසර 1,700ක් පමණ පැරැණි බව තහවුරු වී ඇතැයි මේ පිළිබඳ තොරතුරු අනාවරණය කළ ට්චඪච.ජධථ නම් වෙබ් අඩවියක් සඳහන් කොට තිබෙනවා. ඒ මිනිසුන් මිහිදන් කළ සොහොන් කොත් තුළින් මෙම අබිරහස් සිරුරු හමුවීමෙන් එකල පිටසක්වළ ජීවීන් මිනිසුන් සමඟ එකට වාසය කළ බවට උපකල්පනය කළ හැකි බවද එහි වැඩිදුරටත් සඳහන් වුණා. අතීතයේදී පිරමීඩ වැනි සිතාගැන්මටවත් නොහැකි ඉදිකිරීම් සිදු කරන ලද්දේ ඔවුන්ගේ සහායෙන් විය හැකි බවටද මත පළවී තිබෙනවා.

කෙසේ වුවද මෙම මමී පිළිබඳ තොරතුරු තවමත් හුවමාරු වන්නේ අන්තර්ජාලයෙන් පමණක් වන අතර අදාළ සොහොන් කොත පිහිටි තැනක් පිළිබඳ නිසි අනාවරණයක් කෙරී නැහැ. එබැවින් මෙය අන්තර්ජාල මවාපෑමක් විය හැකි බවටද සමහරු සැක කරනවා.

ගැමුණු රත්නායක

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon