විමලා එතරම් හිරට කලිසම ඇන්දේ වටොර පෙන්වීමටයි

  👤  6662 readers have read this article !
2017-11-19

1959 ඔක්තෝබර් මාසයේ 'නිදහස' පත්තරේ ලස්සන පින්තූරයක් පළවිය. විමලා විජයවර්ධන කලිසමක් සහ හැට්ටයක් ඇඳ පුටුවකට පයක් තබාගෙන සිගරැට්ටුවක් උරනු ඒ පින්තූරයේ දැක්වේ.

නීතිඥ _ ඒ පින්තූරය ඊට පෙර ඔබ දුටුවේ කොහේදීද?
මලල්ගොඩ - ගෙදරදී.
නීතිඥ _ ඔබේ ගෙදරට ඒක ආවේ කොහොමද?
මලල්ගොඩ _ තැපෑලෙන් ආවා.
නීතිඥ _ කවුද එව්වේ?
මලල්ගොඩ _ මට නම් මතක නැහැ.
නීතිඥ _ ඔබ ස්ථිර ලෙස කියනවද? ඒක විමලා විජයවර්ධන මහත්මියගේ කියලා.
මලල්ගොඩ _ ඔව්. ඒ ගැන සැකයක් නැහැ.
නීතිඥ _ මේක අරන් තියෙන්නේ ගෙදරක පිළිකන්නේ වාගෙ.
මලල්ගොඩ _ ඔය වගේ වැඩ කෙරෙන්නේ පිළිකනුවල තමයි.
නීතිඥ _ ඒ කාන්තාව බඩදරු කෙනෙක් වගෙයි මට පෙන්නේ.
මලල්ගොඩ _ මට ඒක කියන්න බැහැ. නමුත් බඩ නම් ටිකක් වැඩියි වගෙ තමා පේන්නේ.
නීතිඥ _ අෑ ඇඳලා ඉන්නේ කලිසමක් වාගෙ පේන්නේ.

මලල්ගොඩ _ ඔව්.
නීතිඥ _ ඒ කාන්තාව ඇඳලා ඉන්නේ පිරිමි අඳින කලිසමක් වගෙයි.
මලල්ගොඩ _ මා ඒක දන්නේ නෑ. කලිසමක් බව නම් පේනවා.

නීතිඥ _ ගෑනු සහ පිරිමි අඳින ස්ලැක්ස් ජීන් ආදියේ වෙනස ඔබ දන්නේ නැද්ද?
මලල්ගොඩ _ නොයෙක් මෝස්තරයේ ගෑනු ගැන පළපුරුද්දෙන් දන්න අය නම් ඒක දන්නව ඇති. මා දන්නේ අපේ රටේ ශීලාචාර ගෑනු කලිසම අඳින්නේ නැහැ.
නීතිඥ _ ඔබ ශීලාචාර වෙන්න ඉස්සර කලිසම් අඳින කාලෙවත් ඒ වෙනස දැනගෙන හිටියේ නැද්ද?
මලල්ගොඩ _ මොනවා....

නීතිඥ _ විමලා එතරම් හිරට කලිසම ඇඳ සිටින්නේ වටොර පෙන්වීමට බව ඔබ ලියා තිබෙනවා.
මලල්ගොඩ _ කාන්තාවන් එසේ ඇඳීමෙන් බලාපොරොත්තු වන්නේ එය තමා.
නීතිඥ _ හොඳයි කැලණි පෙරහර කවි පෙළ බලමු.
(නීතිඥයාගේ ඉල්ලීම පිට මලල්ගොඩ කවි කිහිපයක් ගායනා කරයි.)
හරි ලස්සන කෙල්ලෝ
බලන්න නම් යමු
බස් පුරවා කැලණි

පවසන්නේ මෙසේ අද
රැස්කන සලෙළුයි
පාර වටේ වෙහෙරේ

බලපන්කො අහෝ අර
කෙල්ලො දිහා දඟ දාලා
මගේ හිත හා හිටපන්

ඔය සෙල්ලම බෑ බුදුනේ
ඇතුළේ මුර දාල සැරෙන්
දැන් ඇදලා පලයන්
නීතිඥ _ ලස්සන කෙල්ලන් දුටු විට ඔබේ කාමුක හැඟීම් ඇවිස්සෙනවද?
මලල්ගොඩ _ නැහැ. මට නම් එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන මිනිස්සු ඉන්න බව අපි දන්නවා.
නීතිඥ _ මේ කවි කියැවීමෙන් ඔබේ ක්ලේශයන් ඇවිස්සෙනවද?
මලල්ගොඩ _ ක්ලේශයන් ඇති කාටත් එහෙම වෙනවා. ක්ලේශයන් කියන්නේ කාමය පමණක් නොවෙයි.
නීතිඥ _ ධාතු පෙරහර ගැන ලියවා ඇති කවිවලිනුත් ඇවිස්සීමක් වෙනවද?
මලල්ගොඩ _ ඔව් ඇවිස්සෙනවා.
නීතිඥ _ කාමුක හැඟීම්ද?
මලල්ගොඩ _ නැහැ රස ඇවිස්සෙනවා.
නීතිඥ _ පෙරහරේ විස්තර කියද්දී ලස්සන කෙල්ලන් ගැන සඳහන් කිරීමෙන් කාමුක හැඟීම් ඇවිස්සෙනවද?
මලල්ගොඩ _ නෑ එහෙම වෙන්නේ නෑ.
නීතිඥ _ තරුණයන් කැලණි පෙරහරට එන්නේ ලස්සන කෙල්ලන් බලන්න යැයි ඔබ ලිව්වා.
මලල්ගොඩ _ ඔව්.
නීතිඥ _ තරුණ ගැටයන්ට ලස්සන කෙල්ලන් දකින්න ලැබෙන්නේ පෙරහරවලදී විතරද?
මලල්ගොඩ _ ඒ ගැන සැකයක් නැහැ.
නීතිඥ _ හා ඔබ සෙල්ලම නවත්තපන් කීවා.

මලල්ගොඩ _ ඔව් නවත්වන්න පුළුවන් කරගෙන යන වැඩක්නේ.
නීතිඥ _ එහෙම නම් මොකක් හරි දෙයක් බුදුගෙයි සිදුව තිබෙනවා.
මලල්ගොඩ _ ඒක වෙන්න පුළුවන්. වෙනත් දෙයක් වෙන්නත් පුළුවන්.
නීතිඥ _ මිනිසුන් බහුල එවැනි තැනක වෙන මොනවද වෙන්න පුළුවන්.
මලල්ගොඩ _ ඒක මට කියන්න බැහැ.
නීතිඥ _ මේ කවි ඉතා හොඳ බව කීවා.
මලල්ගොඩ _ ඔව්. දක්ෂ රචනාවක් බව කීවා.
නීතිඥ _ ඔබ රදලයන්ට කැමැති නෑ.
මලල්ගොඩ _ නෑ.

නීතිඥ _ ඔබේ කවිවල රදලයා යන්න අපහාස යෙදුමක්.
මලල්ගොඩ _ ප්‍රගතිශීලී දේශපාලනයේදී රදලකම හෙළා දකිනවා.
නීතිඥ _ ප්‍රතිගාමීන්ට රදලයන් කියනවද?
මලල්ගොඩ _ ඔව්. රදලයන් ප්‍රතිගාමීන් හැටියට සලකනවා.
නීතිඥ _ රදලයන් කියන්නේ පුහු මාන්නක්කාරයන්ට.

මලල්ගොඩ _ ඔව් රදලයන්ට ඒ ගතිය තියෙනවා.
නීතිඥ _ කුරුඳුවත්තේ අය රදලයන්ට සමානයි.
මලල්ගොඩ _ ඔව්. රදල ඔළුයි රදල වල්ගයි තමා කුරුඳුවත්තේ තියෙන්නේ.
නීතිඥ _ ඔවුන්ගේ කාම ජීවිතය ගැන ඔබේ අදහස කුමක්ද?
මලල්ගොඩ _ ශීලාචාරයි කියලා පිළිගන්න බැහැ.
නීතිඥ _ ඔවුන් ජීවත්වන්නේ ඔබ ජීවත් වන ආකාරයට නොවෙයි.
මලල්ගොඩ _ මා රදලයකු නොවෙයි. රදලයන්ට මා වගේ ජීවත් වෙන්න බෑ.
නීතිඥ _ අෑ සංකර ගැහැනුන්ගේ මූර්තිය කියා ඔබ ලිව්වා.

මලල්ගොඩ _ ඔව් මා හිතන්නේ එහෙම.
නීතිඥ _ 'සංකර පන්නෙ' කියන තැන සංකර කියන වචනය පන්නෙ කියන වචනයට විශේෂණ වෙනවද?
මලල්ගොඩ _ ඒක විශේෂණයක් නෙවෙයි.
නීතිඥ _ 'පන්නෙ' කියන්නෙ මොකක්ද?

මලල්ගොඩ _ මෝස්තරේ, මාදිලිය, පැවැත්ම.
නීතිඥ _ එළෙව්වේ පන්නේ සංකර කර තරග කියන කවි පදයට ශීලාචාර තේරුමක් දෙනවද?
මලල්ගොඩ _ වලව්වේ හාමු පැවැත්ම සංකර කරගෙන මොකක්දෝ එකක් එළෙව්වා.
විනිසුරු _ අන් කිසි තේරුමක් නැද්ද?
මලල්ගොඩ _ තියෙනවා මට කීවේ කවිය අමතක කර තේරුමක් දෙන්න.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon