ඉතිහාසය විසින් සඟවනුු ලැබූ වෙල්ලස්සේ වීරයෝ කැප්පෙටිපොළ කැරැල්ලට එක්වෙයි

  👤  7100 readers have read this article !
2017-11-19

බි්‍රතාන්‍ය රජය ලංකාවේ කන්ද උඩරට උප තානාපති වශයෙන් පත් කර සිටි ඩග්ලස් විල්සන් අලුපොත ප්‍රදේශයේදී සිංහලේ සටන්කරුවන් විසින් ඝාතනය කිරීමෙන් ඉංග්‍රීසීහු තැති ගත්හ. මෙම සිදුවීම ඉංග්‍රීසිහු දිවයිනෙන් පලවා හැරීමේ මහා සංග්‍රාමයක ආරම්භය වනු ඇතැයි ඔවුහු බිය වූහ. රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා සිය මුළු හමුදා ශක්තිය වෙල්ලස්සට යොදවන්නට තීරණය කළෝය.

මොල්ලිගොඩ අදිකාරම, ගෝනිගොඩ නිලමේ ඇතුළු ඉංග්‍රීසීන්ගේ පැත්ත ගත් සිංහල ප්‍රධානීහුද ජෝන් ඩොයිලිට එකතු වෙමින් වෙල්ලස්සේ විමුක්ති අරගලය විනාශ කරන්නට පිළියම් සෙවූහ. පොතුහැර, පුස්සේගොඩ, උඩුගම උන්නාන්සේලාද ඉංග්‍රීසීන්ට ඔත්තු සපයන්නට වූහ. මේ අතර ඉංග්‍රීසීහු මුහුදුබඩ පළාත්වල රඳවා සිටි ඔවුන්ගේ හමුදා කණ්ඩායම්ද වෙල්ලස්සට යොමු කිරීමට පියවර ගත්හ. ත්‍රිකුණාමලය, මඩකළපුව, පොතුවිල්, හම්බන්තොට, මාතර, ගාල්ල, මීගමුව, සබරගමුව හා මන්නාරම සිටි ඉංග්‍රීසි සේනාංකද උඩරටට යොමු කරන ලදී.

විමුක්ති සටනට නායකත්වය දුන් භික්ෂුන් වහන්සේ අතර ඉහගම, ගොඩඉරවත්තේ සුමංගල, වාරියපොළ සුමංගල හිමිවරුද, ඇහැලෙපොළ මඩුගල්ල, ඇල්ළෙපොළ නිලමේවරුද ආරක්ෂිතව රැස්වෙමින් සටනට අවශ්‍ය නායකත්වය සැපයූහ. මේ අතර ඉංග්‍රීසි හමුදා ලස්කිරිඤ්ඤ® භටයන්ගේද සහාය ඇතිව පස්සර, මීරියගල්ල, අඹතැන්න, වරා‍ෙදාළ, අංකඩ, බෝගහපැලැස්ස හරහා අලුපොත බලා පැමිණෙන බවද ඔත්තුකරුවන් මඟින් සටන් පෙරමුණ දැනුවත් විය. ඒ වනවිට ඉංග්‍රීසින්ගේ හමුදා සමඟ එක්ව සිටි සිංහල නායකයන් අතර මොහොට්ටාලලා සෑහෙන පිරිසක්ද සිට ඇත. මුත්තෙට්ටු වත්තේ, වටකැලේ, වේරගොඩ, උල්විට, රඹුක්පොත, කහටබොක්කේ, ‍ෙදාඩන්ගහදූවේ, අඹගොල්ලේ, හෙරලිවත්තේ, මොහොට්ටාලලා සහ ගොඩේගෙදර අදිකාරම්ද එම පිරිසට අයත් වූහ.

මෙහිදී සිදු වූ තවත් විශේෂ සිදුවීමක් වූයේ ඉංග්‍රීසීන්ට පක්ෂපාතීව ගම් සංවිධානය කරමින් සිටි පිරිසක් අල්ලා කුඹුක්කන් ඔය හා මිල්ලඔය අතර පිහිටි වෙහෙරබැඳිතැන්න දූපත් විහාරයේ සිරකර තැබීමය. එසේ සටන්කාමීන්ගේ අත්අඩංගුවට පත් අය අතර කරවිලේ රාජපක්ෂ මුදලි, කිරවණාගොඩ නිලමේ, බොක්කෙහේනේ රංතිනා, ලන්දෙ කුඹුරේ නිලමේ, මුලනේ සුදු හකුරා, පිටිපැලේ තම්බියා ආදීන් වූහ. ලන්දේ කුඹරේ නිලමේ පිළිබඳව කැප්පෙටිපොළ මහ නිලමේ වෙත දන්වා යවන ලදී.

ඉංග්‍රීසි හමුදා කඳුකරය ආක්‍රමණය කළහොත් ඊට සාර්ථකව මුහුණ දෙනු පිණිස ගරිල්ලා හමුදාව ශක්තිමත් කරනු පිණිස අංගම්, සුදලියේ, වරු වල්ලියේ සහ වානර සටන් ශිල්පීහුද වෙල්ලස්සට කැඳවණු ලැබීය. ඔවුහු පැමිණියේ කිරමනාගොඩ, කැන්දවින්න, කරවිලේ, පස්සර, බුත්තල සහ වර්තමානයේ වැල්ලවාය නමින් හැඳින්වෙන කන්ද පල්ලෙ කෝරලේ සිටය. ප්‍රදේශයේ භූමි පිහිටීම නිරීක්ෂණය කොට සතුරු හමුදා ළඟාවිය හැකි මාර්ගය දෙපස විශාල ගල් ගලවා ඊට මුක්කු යොදා අවශ්‍ය විට පහළට මුදාහැර එකවර විශාල පිරිසක් විනාශ කළ හැකි බිහිසුණු මර උගුල් රැසක් නිර්මාණය කරන ලදී. අවශ්‍ය ඕනෑම මොහොතක ලැබෙන අණ අනුව ක්‍රියාත්මක වනු පිණිස දුර්ග ස්ථානයන්හි රඳවා සිටි මෙම සටන්කරුවන් නඩත්තු කිරීම ගම්මානවල සිවිල් ජනතාවට පැවැරිණි.

කොහුකුඹුරේ, බූටෑවේ, කැන්දවත්තේ, මුප්පනේ, කැබිලිත්තේ, තම්මිට, මීගහපිටියේ, දඩගල්ලේ, බකිණිගහවෙල, නක්කල, බටුගම්මන, කරවිලේ ආදී ගම්වල රටේ රාලලා, විදානේලා ඇතුළු ගම් ප්‍රධානීහු 250ක් පමණ කැප්පෙටිපොළ නිලමේ ප්‍රමුඛ ප්‍රධාන බළඇණිවල පැමිණීම අපේක්ෂාවෙන් සිටියෝය. ජෝන් ඩොයිලි විසින් කැප්පෙටිපොළ මහ අදිකාරම යොදවනු ලැබ සිටියේ කැරැල්ල මැඬ පවත්වා බි්‍රතාන්‍ය පාලනය ස්ථාපිත කරනු පිණිසය.

කැප්පෙටිපොළ පෙරටුකොට ගත් සතුරු හමුදාව දුර්ගයට ඇතුළු වූ පසු දැවැන්ත ගල් පර්වතයක් මුදාහැර සතුරු සේනාංකය මර උගුලක සිරවී සිටින බව ඒත්තු ගැන්වීය. ඒ සමඟම කොහුකුඹුරේ සහ බූටෑවේ රටේ රාල පෙරමඟට පිළිපන්නේය. කරවිලේ විදානේත්, කැටකැලේ මොහොට්ටාලත් ඔවුන් සමඟ විය.
"ඔබතුමා අපත් සමඟ මැරෙනවාද නොඑසේනම් පර සුද්‍ෙදාත් සමඟ මැරෙනවාදැයි" කැන්දවින්නේ මොහොට්ටාල කෑගසා ඇසුවේය.
"මම නුඹලා සමඟ මැරෙන්නට තීරණය කළා" යැයි කැප්පෙටිපොළ මහ අදිකාරම පිළිතුරු දුන්නේය.

එම ප්‍රකාශයත් සමඟ සතුරු හමුදා යටත් වූ අතර තමන් අභිමත තීරණයක් ගෙන ආපසු යෑම හෝ විමුක්ති සටනට එක්වීම සිදු කළ හැකි බව කැප්පෙටිපොළ තමන් සමඟ පැමිණි හමුදාවට දැනුම් දුන්නේය. එම නියමය අනුව පිරිස එකෙල මෙකෙල වීමෙන් පසු එදින සන්ධ්‍යා භාගයේ අලුපොත යුද කඳවුර පිහිටුවන ලදී. ප්‍රදේශවාසීන් එක්ව සටන්කරුවන්ට ආහාර සපයන ලද අතර කැන්දවින්න මොහොට්ටාලගේ නිවෙසේ භෝජන සංග්‍රහයකට සහභාගි වූ කැප්පෙටිපොළ නිලමේ ඇතුළු පිරිස අනතුරුව ඊතණවත්තේ ටැංගොඩ රජ මහ වෙහෙරේ එදින ලැගුම් ගත්හ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon