මහින්දානන්දගේ ෆයිල් හරියට හැදුවාදැයි අගමැති බැඳුම්කර කොමිසමේදී නීතිපතිගෙන් ඇහුවා

  👤  3302 readers have read this article !
2017-11-22

අගමැතිතුමා බැඳුම්කර කොමිසමට ඊයේ කැඳෙව්වා. එතුමා ගිහින් මොනවද කිව්වෙ. එතුමා නීතිපතිගෙන් අහනවා මහින්දානන්ද අලුත්ගමගේගේ ෆයිල් ටිකත් හරියට කරනවද කියලා. මේකද නීතිය. අගමැතිතුමාද නීතිය ක්‍රියාත්මක කරන්නේ"

අපි මේවා ගැන පාර්ලිමේන්තුවේ කතා කළාම මහින්දානන්ද අලුත්ගමගේගෙ ෆයිල් ටික හැදුවද අහනවා. එතුමාද මේ රටේ නීති ක්‍රියාත්මක කරන්නේ. පොලිසිය අගමැතිතුමාගෙද. ඒ නිසා මේ විදියට නීතිය ක්‍රියාත්මක වෙනවා නම් ඒක අවාසනාවන්ත තත්ත්වයක්.

ආනන්ද අලුත්ගමගේ
සභාපතිතුමනි, රීති ප්‍රශ්නයක්. නාවලපිටියේ ක්‍රීඩාංගණයට යන පාරෙ තාර දැමීම ගැන... (ඝෝෂා)
සභාපති

ඒක රීති ප්‍රශ්නයක් නෙවී. මන්ත්‍රිතුමා කතා කරන්න.
මහින්දානන්ද අලුත්ගමගේ
අගමැතිතුමාට ‍ෙදාස් කියනකොට එතුමාට තරහා යනවා. මොකද එතුමාට අගමැති කාර්යාලයෙන් කාර් එකක් දීල තියෙනවා, පඩි ගෙවනවා
"කිරිඇල්ල ඇමැතිතුමණි, අපි මේව ගැන කතා කරනකොට, අගමැතිතුමා කරන්නෙ මොකක්ද. අපි හිතුවෙ එතුමා වැදගත්, ගෞරවනීය අගමැතිතුමෙක් කියලා. රාජකීය විද්‍යාලයට ගිය වැදගත් මහත්තයෙක් කියල. අගමැතිතුමාද තීරණය කරන්නෙ මහින්දානන්ද අලුත්ගමගේගෙ ෆයිල් එක ගැන. ඒ කියන්නෙ අගමැතිතුමා තමයි සියලු දේ කරන්නේ. මම මේ ගැන අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කරන්න බලාපොරොත්තු වෙනවා. මට තර්ජනය කිරීම ගැන. නීතිපතිවරයාට මම සම්බන්ධයෙන් කියපු දේ ගැන"
නලීන් බණ්ඩාර ජයමහ
රීති ප්‍රශ්නයක්... රීති ප්‍රශ්නයක්...

මහින්දානන්ද අලුත්ගම
අපට තිබ්බ හිරගෙවල් තමයි තමුන්නාන්සේලාටත් තියෙන්නෙ.
හොඳට මතක තියාගන්න"
"නිලධාරීනුත් මතක තියාගන්න. එෆ්.සී.අයි.ඩී. එක නැතිවෙන්නෙ නෑ. ඔය ඇමැතිවරු කියන ඒව කරන්න යන්න එපා. අපි අධිකරණ තුනක් නෙමෙයි අධිකරණ තිහක් දානවා.
මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු 225 දෙනාටම එච්.එස්.බී.සී. බැංකුවේ ගිණුමක් අරින්න බැහැ. ඒ තරමටම තමුන්නාන්සේලා මන්ත්‍රිවරුන්ගේ ගරුත්වය කෙලෙසලා" යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ පැවැසීය.

එක එක්කෙනාට, කොමිස් ගන්න ඉඩදීපු නිසා මහනුවර අධිවේගී මාර්ගය අද නැවතිලා. මේ පාරට බිලියන 200ක් යනවා. ඊට අඩුවෙන් මේ මාර්ගය හදන්න බැහැ. ජපානයට ගිහිල්ල ඕන ගාණක් ගන්න ඇමැතිතුමා හැබැයි මේ පාර හදල දෙන්න.
අද පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු 225 දෙනාටම එච්.එස්.බී.සී. බැංකුවේ ගිණුමක් අරින්න බැහැ. ඒ තරමටම තමුන්නාන්සේලා මන්ත්‍රිවරුන්ගෙ ගරුත්වය කෙලෙසලා. මහ බැංකු අධිපති, බැඳුම්කර ගනුදෙනුව සාකච්ඡා කරන අවස්ථාවේ පාර්ලිමේන්තුවට ගේන්න දුන්නෙ නැහැ. විගණකාධිපතිට තර්ජනය කළා.

මේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව දුරකතන ඇමැතුම් ලබාදුන් කෝප් කමිටුවේ සාමාජිකයන් පස් දෙනාගේ සාමාජිකත්වය අත්හිටුවන්න. අත්හිටුවලා පරීක්ෂණයක් පවත්වන්න.
අගමැතිවරයා නීතිපතිවරයාට මට විරුද්ධව තර්ජනයක් කළ බවට, මම ලෝක පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කරනවා. නඩුවලට බයේ දේශපාලනය කරපු කාලෙ ගියා. ආණ්ඩු ඇතිවෙනවා. නැතිවෙනවා. හැබැයි මතක තියාගන්න ඇටෑක් එක නෝමල් පෝස්ට් එකෙන්. රිටර්න් එක රෙජිස්ටර් පෝස්ට් එකෙන් එන්නෙ. අපිට තියෙන හිරගෙවල් තමයි තමුන්නාන්සේලාටත් තියෙන්නේ.

සයිටම් සටන නිමා වී නෑ
තාවකාලිකව ආයුධ බිම තැබුවා :
විසඳුම දරුවො බලා ඉන්නවා

"සයිටම් සටන අවසන් වුණා නොවේ තාවකාලිකව ආයුධ බිම තබා තිබෙනවා. නියමිත කාල වකවානු අනුව විසඳුම ලැබේ යැයි දරුවො බලා ඉන්නවා" යැයි කළුතර දිස්ත්‍රික් ජවිපෙ මන්ත්‍රි ‍ෙදාස්තර නලින්ද ජයතිස්ස පැවැසීය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අනුමත සංඛ්‍යාවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ හිඟය 13%යි, මොරටුව 23%යි, පේරාදෙණිය 25%යි, ජයවර්ධනපුර 25%යි, කැලණිය 15%යි, රුහුණ 24%යි යාපනය මේ තත්ත්වය තවත් දරුණුයි. එහි හිඟය 38%යි. නැඟෙනහිර 14%යි.
මේ ආචාර්ය හිඟයට විසඳුමක් හොයන්න ඕනෑ. ඒක ලෙහෙසි නැහැ. නුවරඑළියේ විශ්වවිද්‍යාලයක් දාමු කියලා රාධක්‍රිෂ්ණන් ඇමැති කියනවා. විශ්වවිද්‍යාල හදලා නොදියුණු ගම් දියුණු කරන්න බැහැ.

දේශපාලකයන්ගෙ අවශ්‍යතා අනුව විශ්වවිද්‍යාල අෑත ප්‍රදේශවල හැදුවාම විවිධ අඩුපාඩු දුෂ්කරතා ඇතිවෙනවා. එම නිසා රටේ විශ්වවිද්‍යාල හැදීම ගැන ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප යම් ප්‍රමාණයක් වැඩිකොට ගැනීමට ඔවුනට අරගල කරන්න වුණා. රජයේ සේවක වැටුප 102%කින් වැඩි වන විට විශ්වවිද්‍යාල ආචාර්ය වැටුප වැඩිවුණේ 92%කින් පමණයි. දීමනා වැඩිවුණාට මූලික වැටුප වැඩි වී නැහැ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය හිඟය නිසා සම සෞඛ්‍ය පීඨයේ රේඩියෝතෙරපි පාඨමාලාව නැවතිලා. උෟව විශ්වවිද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කරන්න. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට බඳවා ගත හැකි සිසුන්ගෙන් 50% දෙස් හෝ විදෙස් අයයි. ඔවුන් මුදලට ඉගෙනුම ලබන අයයි. රාජ්‍ය විශ්වවිද්‍යාල ශක්තිමත් කිරීමට මේ අවස්ථාවද ලබා ගන්න.

සයිටම් ආයතනය
ක්‍රමානුකූලව උසස් අධ්‍යාපන
ආයතනයක් බවට
පත් කරනවා

"අද කොළඹින් ඒ තුනක් ලබාගන්න ළමයකුට විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට නොහැකි නිසා පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීමට සිදු වී තිබෙනවා" යැයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල පැවැසීය.
"විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලවල විශාල අඩුවක් පවතින බව සඳහන් වුණා. දැනට පවතින පුරප්පාඩු 4798ක් පිරවීමට කටයුතු කරනවා."
"අපි නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරන්න වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කරනවා. මහපොළ ශිෂ්‍යත්ව තවත් තුන් දහසකට ලබාදෙනවා. වෛද්‍ය විශ්වවිද්‍යාල තුනක්, තාක්ෂණ විද්‍යා පීඨ හතක් අපි ඇති කරනවා."
"සයිටම් ආයතනය ක්‍රමානුකූලව උසස් අධ්‍යපන ආයතනයක් බවට පත් කරනවා. අධ්‍යාපනය ගැන මන්ත්‍රිවරු කතා කෙරුවා. වෛද්‍ය පීඨ වසා දැමීම පිටුපස සිටියේ කවුද? විපක්ෂයේ මන්ත්‍රිවරු"

"පෞද්ගලික විශ්වවිද්‍යාල අවශ්‍යයි. අද කොළඹින් ඒ තුනක් ගන්න ළමයකුට විශ්වවිද්‍යාලවලට යන්න බැහැ. ඒ නිසා පෞද්ගලික අධ්‍යාපනය ශක්තිමත් කරන්න ඕන."
"පසුගිය කාලයේ එකම අධිවේගී මාර්ගයකටවත් ටෙන්ඩර් කැඳෙව්වේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතා හිතුව දුන්නා. යහපාලන ආණ්ඩුව එහෙම කරන්නෙ නැහැ. අපි ටෙන්ඩර් කැඳවලයි දෙන්නේ."

"කොළඹ - මහනුවර මාර්ගය සඳහා එක බිම් අඟලක් මැනල තිබුණෙ නැහැ. කොළඹ මහනුවර අධිවේගී මාර්ගය ඉදිකරන්න අපිට සහයෝගය දෙන්න."
"අපි 2019 අවසන් වනවිට උතුර, උෟව, නැඟෙනහිර, බස්නාහිර ඇතුළු මුළු රටම වෙළාගන්නා මාර්ග කිලෝමීටර් 6886ක් අයිරෝඩ් ව්‍යාපෘතිය යටතේ ඉදිකරනවා."

අද මව්‍බිමෙන්

තවදුරටත්