පළාත් පාලන ඇමැති විදේශගත වන බව දැනුම්දී නැහැ

  👤  3983 readers have read this article !
2017-11-27

අය-වැය සමයේ ඇමැතිවරු විදේශගත වෙනවා නම් ඒ බව දැනුම්දිය යුතු බව අගමැතිවරයා ප්‍රකාශ කර තිබුණත් පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාෆා විදේශගත වන බව දැනුම්දී නැති බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේය.

ඇමැතිවරයෙක් විදේශගත වන්නේ නම් ඒ බව දන්වන ලෙස අගමැතිවරයා නියම කර තිබුණත් එය අකුරටම ඉෂ්ට නොවන බවද ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල වැඩිදුරටත් කීවේය.
ඇමැතිවරයා එසේ පැවැසුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයා ස්ථාවර නියෝග 23(2) යටතේ අසා තිබූ ප්‍රශ්න සඳහා පිළිතුරු දෙමිනි.
"ඇමැතිවරයා අද එයි. සඳුදා පිළිතුරු දෙයි." යනුවෙන්ද සභානායකවරයා කීය.

"ඇමැතිවරයා එන්නේ ගෙදර ඉඳන්ද? පිටරට ඉඳන්ද? මොකක්ද රට?" අනුර කුමාර දිසානායක වැඩිදුරටත් විමසුවේය.

විභාග දෙපාර්තමේන්තුවේ තිබූ ප්‍රශ්න අප දන්නවා

ජනතාවට විභාග ගැන විශ්වාසය තහවුරු කළ යුතු නිසා හුඟක් දේ කියන්න යන්නෙ නෑ. එනමුත් විමර්ශනය කර එය ප්‍රතිව්‍යුහගත කරන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් පැවැසීය.

හැම රාජ්‍ය සේවකයකුටම රුපියල් දස දහසක් වැටුප වැඩි කළා. ඊට අමතරම අපි විදුහල්පතිවරුන්ට ශේ්‍රණිය අනුව වෙනස් වන ආකාරයට රුපියල් 6,500ක දීමනාවක් දුන්නා. ජාතික පාසල් ගුරු මාරු අවුරුදු 25කින් සිදු කර නැහැ. අප පටන් ගත්තා. ඉදිරියේදී ගුරුවරු 15,000ක් පමණ මාරු ලබයි. අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් අප එය පටන් ගත්තා.

අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු හිටපු විභාග කොමසාරිස් ජනරාල්වරයා ආදී ජේ‍යෂ්ඨ නිලධාරීන්ගේ බිරින්දෑවරු පවා ඔවුන්ගේද කැමැත්තෙන් මාරු කර තිබෙනවා.
අද මේ රටේ අවුරුදු 5-19ත් අතර හැම දරුවකුටම සෞඛ්‍ය ආරක්ෂාව ගැන බිය විය යුතු නැහැ. ඒ වගකීම රජයත් අධ්‍යාපන අමාත්‍යාංශයන් භාරගෙන තිබෙනවා.
මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් පන්සල් 1,000කටත් අනෙක් ආගමික ස්ථානවලටත් ප්‍රතිපාදන දෙනවා. පුරාවිද්‍යා ස්ථාන ලක්ෂ 2ක් තිබෙනවා. සංරක්ෂණයට සේවකයන් නැහැ.
විභාග දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කරනවා. විභාග දෙපාර්තමේන්තුවේ තිබ්බ ප්‍රශ්න අප දන්නවා. මා විපක්ෂයේ අවුරුදු දහයකට වඩා ගත කළා. අපි එදා මේවා ගැන කතා කළා. පියවර ගත්තේ නැහැ. දැන් අවශ්‍ය පියවර ගත්තා. තීන්දු ගත්තා. විමර්ශන කරනවා. හරි ක්‍රම අනුගමනය කර තිබෙනවා. මේ රටේ ජනතාවට විභාග ගැන විශ්වාසය තහවුරු කරන්න ඕනෑ නිසා මා හුඟක් දේ කියන්න යන්නේ නැහැ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon