1818 දී සිදුවූ කෘෘර ජන සංහාරය නූතන සිතුවම් රැසකින් එළියට

  👤  3663 readers have read this article !
2017-12-03

අද ඇතැම් විදේශිකයන් අපිට සාමය උගන්වන්න හදනවා. සමඟියෙන් ජීවත්වීම ගැන කියලා දෙන්න එනවා. ඒත් ඒ අය දැනගත යුතුයි මේ රටේ මහ ජාතිය සුළු ජාතියත් සමඟ බොහොම හොදින් ජීවත් වුණා කියන එක. ඒක නැති කළේ අධිරාජ්‍යවාදීන්. ඒක අපේ ඉතිහාසය හොඳින් කියා දෙනවා.

1818 කැරැල්ලට වසර 200ක් සපිරෙන්නේ එළැඹෙන වසරේදීය.
එහෙත් 18 කැරැල්ල ඇරඹෙන්නේ 1817 වසරේ සිටය. ඊටත් පෙර සිංහලයන් උඩරට ගිවිසුමට එරෙහිව අවි අමෝරා සටහනට පිවිසෙන්නේ 1816 සිටය.
මේ දැවැන්ත විරෝධතාවල උච්චතම අවස්ථාවන්නේ 1818 දීය. ඒ උෟව වෙල්ලස්ස හා සමස්ත උඩරට තුළ ඇති වූ මිනිස් සංහාරයත් සමඟය.
මේ ජන සංහාරය අලළා "සංහාරයේ දෝංකාරය" නමින් අපූරු චිත්‍ර ප්‍රදර්ශනයක් නොවැම්බර් 25දා ආරම්භ වී එළැඹෙන 27 දක්වා පැවැතියේය. එම සිත්තම් පෙළහර තුම්මුල්ල, ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දරයේදී ප්‍රදර්ශනය වීමෙන් අනතුරුව දිවයිනේ වෙනත් ප්‍රදේශවලද පැවැත්වීමට සියලු කටයුතු මේ වෙද්දී සූදානම් කොට ඇත.

මේ පිළිබඳව අදහස් දක්වන "සිංහල සංගේදම" බුද්ධි මණ්ඩලයේ සාමාජික ආචාර්ය චමිල ලියනගේ සඳහන් කරන්නේ පෙරකී සංහාරයේ මන--කල්පිත හෝ හුදු මතකයන් පමණක් ආවර්ජනය කරනු වෙනුවට ශාස්ත්‍රිය පිළිගැනුණු මූලාශ්‍ර හා ජනශ්‍රැති මූලික මූලාශ්‍ර උපයෝගි කොට ගෙන මෙම චිත්‍ර ප්‍රදර්ශනය පවත්වන බවය.
1505න් ඇරඹුණ අදුරු යුගය තුළ බහුතර සිංහල ජනතාව වගේම දමිළ හා මුස්ලිම් ජාතීන්ද අනේක විධ අමානුෂික වද හිංසාවලට අයුක්ති සහගතව මුහුණ දුන්නා.

මේ අමානුෂික අත්දැකීම් පිරික්සා බැලීමේදී එවැනි සිදුවීම් 140කට අධික සංඛ්‍යාවක් පිළිබඳව අප අවධානය යොමු වුණා. මේ සිදුවීම් සියල්ල පරීක්‍ෂා කළ බැලූ අප අවසානයේදී සිදුවීම් 60ක් තෝරාගෙන ඒවායිනුත් අමානුෂික කෘෘර සිදුවීම් 20ක් මේ චිත්‍ර ප්‍රදර්ශනය සඳහා පාදක කොට ගත්තා. මේවා අමානුෂිකයි. කෘෘරයි. ඒ සිදුවීම් නැවත අනුස්මරණය කොට පෙන්වීම උදෙසා අපි විශාල කැන්වස් පුවරු මත සිත්තම් කර ගත්තා. මේ සිතුවම් දිහා හොඳින් බලන කොට ඒ සංහාරයේ දෝංකාරය ඔබේ මනසට හොඳින් දැනේවි.
අද ඇතැම් විදේශිකයන් අපිට සාමය උගන්වන්න හදනවා. සමඟියෙන් ජීවත්වීම ගැන කියලා දෙන්න එනවා. ඒත් ඒ අය දැනගත යුතුයි මේ රටේ මහ ජාතිය සුළු ජාතියත් සමඟ බොහොම හොදින් ජීවත් වුණා කියන එක. ඒක නැති කළේ අධිරාජ්‍යවාදීන්. ඒක අපේ ඉතිහාසය හොඳින් කියා දෙනවා.


ආචාර්ය චමිල ලියනගේ සඳහන් කරන ආකාරයට මෙම චිත්‍ර ප්‍රදර්ශනයේදී එම සිදුවීම්වලට අදාළ පිළිගත හැකි අතීත මූලාශ්‍ර පවා කියවා දැනුවත් විය හැකිය. ඒ මූලාශ්‍රවලට සම්බන්ධ පොත්පත් මෙන්ම ඇසින් දුටු සාක්කිකරුවන් දැක්වූ කරුණු මීට ඇතුළත්ය.

ප්‍රදර්ශනයේදී සිතුවම් ඇසුරින් හෙළිදරව් වන අමානුෂික සංහාරයට හේතුවන පරිසරය සකස් වන්නේ වර්ෂ 1815දී ඇතිවන උඩරට ගිවිසුමත් සමඟය. සිංහල උඩරට ප්‍රභූන් හා බි්‍රතාන්‍ය ගෝමේන්තුව අස්සන් කරන්නට යෙදුණු පෙර කී ගිවිසුමේ එකඟතා ම්ලේච්ඡ ලෙස යටත් විජිත පාලකයන් උල්ලංඝනය කරන්නේ අමානුෂිකවය.
මේ අමානුෂිකත්වයට එරෙහිව නැඟී සිටින සිංහලයන්ට අවසානයේදී මුහුණ දෙන්නට සිදුවන්නේ මර්දනයට හා කුමන්ත්‍රණවලටය. සැහැසිකම් ක්‍රියාත්මක වන්නේ ඉන් අනතුරුවය.
මුලදී මෙම අකටයුතුකම්වලට මෙරට මහජනයා නැඟී සිටින්නේ විරෝධතා විලසිනි. අවසානයේදී වීථි සන්නද්ධ අරගල බවට පත්විය.

එහිදී මෙරට බි්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ රොබට් බ්‍රවුන්රිග් සමූල ඝාතනයට අණ කරන්නේ කුඩා දරුවන්, කාන්තාවන් ඇතුළු අති විශාල ප්‍රමාණයක් ඝාතනය කරමිනි. එමෙන්ම ඔවුන් සතු ගේ ‍ෙදාර, තේවතු, ධාන්‍ය ගබඩා, වතුපිටි, හරකබාන පමණක් නොව වැව් අමුණු හා බෝග වගාවන් පවා විනාශ කර දමන්නේ සිතක් පපුවක් නැති අධම බව පෙන්වමිනි.

"මේ කෘෘරකම් ඉදිරියේ විමුක්ති කාමීන් මෙන්ම නිරායුධ අහිංසක ජනතාව 10,000ක් පමණ මරා දැම්මා. මේ ඝාතනවලින් පසුව බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා සිය වංශාධිපතීන්ට ලියා යැව්වා වෙල්ලස්සට තව අවුරුදු 300කට වත් නැඟිටින්න බැරි බව.

ජාතියක් හැටියට අපේ ජන සංහාරය අඩු කිරීම වගේම රටේ ආර්ථිකයත් ඔවුන් විනාශ කිරීමට කටයුතු කළ තිරිසන් සතුට භුක්ති වින්දේ ඒ විදියටයි.
දැන් මේ යුරෝපීය ජාතිකයන් අපට ඇඟිල්ල දිගු කරනවා. ඒ අපි ඝාතන සංස්කෘතියක කොටස් කරුවෝ හැටියට හංවඩු ගහලා. නමුත් 1818 ජන සංහාරය තමයි අපේ රටේ සිදුවූ කෘෘරතම සංහාරය. ඒවා අපි මතක් කර දුන්නේ වෛරයෙන් නෙවෙයි. ඓතිහාසික වශයෙන් අපට ඔවුන්ගෙන් සිදුවූ දැවැන්ත අසාධාරණය මතක් කරන්නයි."
ඉතිහාසයෙන් විවිධ වරප්‍රසාද, වරදාන ලබාදීලා අපේම අයව යොදා ගත්තා. ඔවුන් අදත් ඒකම කරන්න උත්සාහ ගන්නවා. අපි මේ දේවල් උපක්‍රමශීලීව පරාජය කළ යුතුයි. ඒකරාශී විය යුතුයි. එහෙම නැතිව අපි කුලල්කාගෙන ඇන කොටාගෙන ඇති වැඩක් නැහැ.

ආචාර්ය චමිල ලියනගේ අවසන් වශයෙන් කීවේය.
සමන් ප්‍රියංකර නම්මුනිගේ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්