මොහොතක් ගත කරන්න අවස්ථාවක්

  👤  3522 readers have read this article !
2017-12-03

ත්‍රාසය විනෝදයට හරවා ගන්න සමහරු කැමැතියි. ඒ වගේ අය වෙනුවෙන් ලෝකයේ නොයෙකුත් ක්‍රියාකාරකම් තිබෙනවා. "බංගි ජම්පින්, රෝල කෝස්ටර්, රාෆ්ටින්," වගේ ඇඟ ලොමුදැහැගැන්වෙන ක්‍රියාකාරකම්වල නිරත වෙන්න සමහරු රටින් රට පවා යනවා. මේ වගේ ත්‍රාස ලෝලීන් සඳහා ඕස්ට්‍රේලියාවෙන් අපූරු අත්දැකීමක් සූදානම් කරලා තියෙනවා. ඒ තමයි දැවැන්ත කිඹුලන් එක්ක එකම තටාකයක මුහුණට මුහුණ විනාඩි කිහිපයක් ගත කිරීම.

මේ අත්දැකීම ලබන්න නම් ඔබ ඕස්ට්‍රේලියාවේ ඩාවින් නගරයේ පිහිටි "කේ‍රාකොසෝරස් කෝව්" කිඹුලන් උද්‍යානයට යා යුතුයි. මේ උද්‍යානයේ මීටර් 5කටත් වඩා විශාල දැවැන්ත කිඹුලන් රැසක්ම රඳවා සිටිනවා. කැමැති කෙනකුට උන් රඳවා සිටින තටාක තුළට බහාලන විනිවිද පෙනෙන ඇක්‍රිලික්වලින් නිමවන ලද "මරණයේ කූඩුව"ක (ජචඨඥ ධට ච්ඥචබඩ) නැඟී උන් සමඟ අඟල් දෙක තුනක් තරම් සමීපව විනාඩි කිහිපයක් ගත කළ හැකියි. එම කූඩුව තුළ සිටින අයට උන්ගේ ක්‍රියාකාරකම් හොඳින් දැක ගත හැකි වන සේ එළියේ සිටින පුද්ගලයකු විසින් උන්ට ආහාර කැවීමද මෙම අවස්ථාවේ සිදු කරනු ලබනවා. මෙම කූඩුවක වරකට පුද්ගලයන් දෙදෙනකුට සිටීමට හැකියාව තිබෙනවා.
කේ‍රාකොසෝරස් කෝව් තටාකවල "චොපර්", "ඇක්සර්","විලියම්", සහ "කේට්" ආදී නම්වලින් හැඳින්වෙන ජනප්‍රිය කිඹුලන් සිටින අතර අවශ්‍ය කෙනකුට තමන් කැමැති කිඹුලන් සිටින තටාකයකට බැසිය හැකිය. ඉන් අනතුරුව කිඹුල් පැටියකු අතේ තියාගෙන ඡායාරූපයක් ගන්නත් මෙහි එන අයට හැකියාව තිබෙනවා.

මේ හැරුණු විට කේ‍රාකොසෝරස් කෝව් කියන්නේ ඕස්ට්‍රේලියානු උරගයන් වැඩිපුරම රඳවා සිටින තැනයි. මීට අමතරව බැරමුන්ඩි, ආචර් ෆිෂ් වැනි දුර්ලභ මසුන් ද සිටින මින් මැඳුරක් කැස්බෑ

සංරක්‍ෂණාගාරයක් ද මෙහි තිබෙනවා. ලොව ප්‍රකට "කේ‍රාකඩයිල් ඩන්ඩි" චිත්‍රපටයේ "බර්ටි" නම් කිඹුලා සිටින්නේද මේ කිඹුලන් උද්‍යානයේය.
ගැමුණු රත්නායක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්