සේනානායක, ජයවර්ධන කොතලාවල පවුල් සහ අටිගලගේ දූවරු

  👤  4659 readers have read this article !
2017-12-03

මෙරට දේශපාලනයේ වසර 70ක් ආපස්සට හැරී බලන කල ජනතාව ලැබූ බව කියන ජයග්‍රහණ කෙළවරක් නැත. 56 විප්ලව, හර්තාල් ආදියද ඒ අතරය. එහෙත් පවතින තිත්ත ඇත්ත නම් හැමදාමත් මෙරට ආණ්ඩු බලය පැවැතියේ ධනය, බලය, දේපොළ හිමි ප්‍රභූ පවුල් කිහිපයක් පදනම් කරගෙන බවය. ජනතාව බොහෝ සාඩම්බරයෙන් කතා කරන පොදුජන විප්ලව අවසන් වූයේ සාම්ප්‍රදායික ප්‍රබල පවුල් කිහිපයෙන් එකකට බලය පවරමිනි. එකී පවුල් අතර පැවැති හුදු විනෝදාත්මක පවුල් පොරයේදී තමන් එක් පාර්ශ්වයක ආධාරකරුවකු වනවා හැරෙන්නට ඉන් මෙපිට තමන්ගේම වූ මාවතක් සොයා ගන්නට ලංකාවේ කම්කරු පන්තිය හා නිර්ධන පන්තිය හැමදාමත් අපොහොසත් වූහ.

ලංකා දේශපාලනයේ මුල් යුගයේ දැවැන්තයන් වූ සේනානායක, ජයවර්ධන, විජයවර්ධන හා කොතලාවල පවුල් බලයට පැමිණියේ එකම න්‍යෂ්ටික පවුලක් කේන්ද්‍ර කොටගෙන බව බොහෝ දෙනා නොදනී. දේශපාලනයේ පවුල් පදනම ගැන කතා කළ යුත්තේ එම කේන්ද්‍රීය පවුල් හඳුනාගැනීමෙනි.

ඇල්ප්‍රඩ්ගේ පුතුන් වූ ඉයුජින්, ජූස්ටස්, ක්වින්ස්ටස්, ටී.ජී. යන අයගෙන් ඉයුජින් ජේ.ආර් ගේ පියාය. කර්නල් ඩී.ජී. ජයවර්ධන ජේ.ආර්ගේ බාප්පාය.
මේ පවුල් කතාන්තරයේ සුවිශේෂී පවුල වන්නේ මුදලිඳු ආටිගල පවුලය. ජෙරමියස් ආටිගල 20 වැනි සියවස මුල ලංකාවේ මිනිරන් රාජා ලෙස ප්‍රකටව සිටියේය. ඔහු 1834දී සල්පිටි කෝරලයේ උපන් අයෙකි. පේරාදෙණිය උද්භිද උද්‍යානයේ සේවකයකු ලෙස ජීවිතය පටන්ගෙන හග්ගල උද්‍යානයේ අංශ ප්‍රධානියකු වී පසුව වතු වගාවට පිවිසි තැනැත්තෙකි. මිනිරන් ඇති ප්‍රදේශවල ඉඩම් මිලදී ගත් ඔහු ලංකාවේ වැඩිම පතල් සංඛ්‍යාවක් හිමි තැනැත්තා වූයේය. කහටගහ ‍ෙදාඩම්ගස්ලන්ද, බෝගල, පතල්වල හිමිකරු වූයේ ඔහුය.

පොල් අක්කර 9000ක් පමණ ඔහු සතුව තිබිණි. ආටිගලට දූවරු තිදෙනෙක් හා එක් පුතකු සිටියේය. ඇලිස්, ඇලන් හා ලීනා දූවරු තිදෙනා වූ අතර පුතා ප්‍රැන්සිස් වුයේය. මේ තරුණියන් තිදෙනා සැලකෙන්නේ ලංකා දේශපාලනයේ ප්‍රධාන පවුල් තුනක් එකට අෑඳූ තැනැත්තියන් ලෙසය. ඇලිස් විවාහ වූයේ ජෝන් කොතලාවල සමඟය. ඔහුට ලැබුණු දායාදය රබර් සහ පොල් අක්කර 2058කි. ජයවර්ධන පවුලේ කර්නල් ටී.ජී. ජයවර්ධන ලීනා සමඟ විවාහ විය. ලීනාටද රබර්, පොල් අක්කර 2861ක් හිමිවිය. ඇලන් විවාහ වූයේ සේනානායක පවුලේ ඇෆ්.ආර්. සේනානායක සමඟය. ඇලන්ට රබර් පොල් අක්කර 2953ක් ලැබිණි.

ජයවර්ධන පරම්පරාවේ මුල් පුරුක හැටියට සැලකෙන්නේ ලන්දේසි පාලන සමයේ ඉන්දියාවේ කොරමාන්ඩල් වෙරළෙන් කොළඹට සංක්‍රමණය වූ චෙට්ටි කුලයට අයත් තැනැත්තකු බවත් ඔහු හංවැල්ලේ ස්ත්‍රියක හා සරණ යෑමෙන් පසු ඇයගේ වාසගම වූ ජයවර්ධන නාමය භාවිත කළ බවත් ඉංගී්‍රසීන් නිකුත් කළ ගැසට් පත්‍රයක සඳහන්ව තිබී ඇත. ඔහුගේ පුත්‍රයා වූ ඒඩ්‍රියන් ජයවර්ධන ලන්දේසි පාලන සමයේ කොළඹ කොටුවේ ප්‍රධාන අණදෙන නිලධාරියා වූ කර්නල් ඩ්‍රිබර්ග් ගේ සේවකයා ලෙස රැකියාව කර ඇත. පසුව ඔහු ලන්දේසි හමුදාවේ වැටුප් ලබන චර පුරුෂයකු ලෙස කටයුතු කර ඇත. ඔහුට ‍ෙදාන් චාල්ස්, ‍ෙදාන් රිචඩ්, ‍ෙදාන් ස්ටීවන් නමින් පුතුන් තිදෙනෙක් සිටියේය. ‍ෙදාන් ස්ටීවන් ඩී.ඇස්. නමින් ප්‍රසිද්ධ වූ අතර ‍ෙදාන් රිචඩ් එෆ්.ආර්. නමින් ප්‍රසිද්ධ විය. පසුව ඉංගී්‍රසීන්ට එකතු වූ ඒඩ්‍රියන් ජයවර්ධන 1803 දී කන්ද උඩරට ආක්‍රමණයට ඉංගී්‍රසීන්ට මඟ පෙන්වූ ප්‍රධාන ඔත්තුකරුවා වූයේය. 1815 දී ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංගී්‍රසීන්ට අල්වාදීමටද ඔහු ක්‍රියා කළේය. ඔහුගේ මුස්ලිම් සම්භවය නිසා ඔහු තම්බි මුදලි නමින් හැඳින්විණි. හලාවත මුදලි තනතුර දැරූ ඒඩ්‍රියන්ට බි්‍රතාන්‍යයන්ට විරුද්ධ වූ සිංහල ප්‍රභූන්ගෙන් පවරාගත් බොහෝ ඉඩකඩම් පවරාදීමට ඉංගී්‍රසී ආණ්ඩුව කටයුතු කර ඇත. ඒඩ්‍රියන්ට ‍ෙදාන් ඒබ්‍රහම් නමින් පුතකු සිටි අතර ඔහු හලාවත කච්චේරියේ තෝලක මුදලිකෙනෙකි. ඔහුගේ දරුවකු වූ ජේම්ස් ඇල්ප්‍රඩ් ජේ.ආර්. ජයවර්ධනගේ සීයාය.

කොතලාවල පරම්පරාවේ මුල් පුරුක කළුතර බණ්ඩාරගම ජේ.ඒ. කොතලාවලය. ඔහු නොතාරිස්වරයෙකි. ජෝන් කොතලාවල ඔහුගේ වැඩිමල් පුත්‍රයාය. බොහෝදෙනකු දන්නා කොළඹ "නෙයිනගෙ සූදුව" ඇල්ලූ පොලිස් පරීක්ෂකවරයා ජෝන් කොතලාවලය. ජෝන්ගේ පුත්‍රයා 1952 අගමැති පුටුවට පැමිණි සර්. ජෝන් කොතලාවලය. ඔවුන්ගේ වාසභූමිය වූයේ රත්මලාන කඳවල වලව්වය. මීරිගම, බෝතලේ, ස්පෙටර් සේනානායක, සේනානායක පරපුරේ මුදුන් මුලය. 1907 වනවිට ඔහු අක්කර 2000ක පමණ ඉඩම්වලට හිමිකම් කියූ වැවිලිකරුවෙකි. කුරුණෑගල සහ මීගමුව දිස්ත්‍රික්කවල ඔහුගේ පොල් ඉඩම් තිබිණි. ඔහු විසින් මිලට ගත් ආණ්ඩුවට අයත් මුඩු ඉඩම්වල මිනිරන් නිධි තිබීම හේතුවෙන් ඔහු මිනිරන් කර්මාන්තයට යොමුවී ඇත. මහව සහ අඹේපුස්ස ප්‍රදේශවල ස්පෙටර් සේනානායකට අයත් මිනිරන් පතල් තිබිණි.

වෙස්ට් රිජ්වේ ආණ්ඩුකාරයා විසින් ස්පෙටර් සේනානායකට මුඩ්ලියර් නාමය ලබාදී ඇති අතර ඔහු ශාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපනය ලබා තිබේ.
මේ පවුල් අතර පවුල් පොරයක් දිගටම පැවතිණි. එය බෙහෙවින් සුරතල් එකකි. ජනතාව රැවටෙන්නේ මේ සුරතල් පවුල් හටනටය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්