වේල්ස් කුමාරයා මහනුවර මඟුල් මඩුුවේදී ගේ‍රගරි ආණ්ඩුකාරයාට නයිට් පදවිය පිරිනමයි

  👤  3669 readers have read this article !
2017-12-03

19 වැනි සියවසේ අග භාගයේ එංගලන්තයේ වික්ටෝරියා රැජනගේ ජේ‍යෂ්ඨ පුත්‍රයා වූයේ ඇල්බට් එඩ්වඩ් කුමරුය. හෙතෙම එංගලන්තයේ වේල්ස්හි ආදිපාදයා වූ බැවින් ඔහු කෙටියෙන් හැඳින්වූයේ වේල්ස් කුමරු ලෙසිනි.

තම මව වූ වික්ටෝරියා රැජන 1901 දී මිය ගිය පසු වේල්ස් කුමරු 7 වැනි එඩ්වඩ් නමින් එංගලන්තයේ රජකමට පත් විය.
ඔහු රජවීමට පෙර 1875 දෙසැම්බර් 01 වැනිදා විශේෂ නෞකාවකින් ලංකාවට ගොඩ බැස්සේය. ඒ දින කිහිපයක් මෙරට සංචාරය කිරීම ස¼දහාය. ඒ වන විට ඔහු 35 වැනි වියෙහි පසු වූයේය.

වේල්ස් කුමරු මෙහි පැමිණෙන විට මෙරට ආණ්ඩුකරු ලෙස කටයුතු කළේ විලියම් හෙන්රි ගේ‍රගරිය. හෙතෙම එදා වේල්ස් කුමරු (අනාගත එංගලන්තයේ රජු) පිළිගැනීම සඳහා හය දෙනකුගෙන් යුත් කමිටුවක් පත් කළේය. ජෝන්, ඩග්ලස්, ඒ.ඇන්. බාර්ට්, සී.එල්. ෆර්ඩිනන්ඩ්, මුතු කුමාරස්වාමි, ජේ. අල්විස් සහ ලිච්මාන් යන හය දෙනාය.
කුමරු පිළිගැනීම සඳහා යන වියදම්වලට මුදල් සම්මාදම් කිරීම සඳහා කොළඹ නඩු ශාලාවේදී රැස්වීමක් 1875 සැප්තැම්බර් 13 වැනිදා පවත්වා ඇති අතර එහිදී "වේල්ස් කුමාර ශාස්ත්‍ර ශාලාව" නමින් "ඉගැන්වීම් පළක්" ඇති කිරීම සුදුසු යැයි නීතිඥ වි.පෙ. රණසිංහ යෝජනා කර ඇත. ‍ෙදාන් අන්ද්‍රියස් ද සිල්වා බටුවන්තුඩාව විසින් එය ස්ථීර කළ බව සඳහන් වේ. ඒ සඳහා කොළඹින් පිට පළාත්වල ද රැස්වීම් පවත්වා සම්මාදම් මුදල් එකතු කර තිබේ.

වේල්ස් කුමාර ශාස්ත්‍ර ශාලාව සඳහා එකතු කරන ලද සම්මාදමේදී අද්වකාත් ජේම්ස් ද අල්විස් රුපියල් දහසයක් ද, පිටකොටුවේ ඩී.ඇම්. ජයසූරිය උන්නැහේ (මැහුම්කාරයා) රුපියලක් ද, පිටකොටුව ‍ෙදාන් හරමානිස් අප්පුහාමි ශත 25ක් ද ලබා දී ඇත. කුමරු පිළිගැනීම සඳහා උඩරටට යැවූ සම්මාදම් පත්‍රයට රුපියල් 13206.25ක් එකතු වී තිබිණි.
කොළඹ නගරයේ පාර දෙපස නිවෙස් ආලෝක කරනු සඳහා කොළඹ ගෑස් වැඩපොළ මඟින් විවිධ උපකරණ පිටරටින් ගෙන්වීමට ද ක්‍රියා කර තිබේ. වේල්ස් කුමරුගේ ගමන් බිමන් සඳහා රුපියල් 10203.96ක් වැය කර අශ්වයන් 6 දෙනකු ගෙන්වා ඇති බව ඒ පිළිබඳව අය වැය ලේඛනයේ සඳහන් විය.

වේල්ස් කුමරු රැගෙන ආ "සැරපිස්" නැව 1875 දෙසැම්බර් 01 වැනිදා (හරියටම මීට අවුරුදු 142කට පෙර) පෙරවරු 11.00ට පමණ කොළඹ වරායේ නැංගුරම් ලෑවේය. එහෙත් කුමරු නැවෙන් බිමට බැස්සේ එදින පස්වරු 4.00 ට පමණය. ඔහු පිළිගන්නට මහ මුදලිතුමාත්, සුසෙව් ද සොයිසා වාසල මුදලිතුමාත්, රිචර්ඩ් මෝගන්, මුතු කුමාරස්වාමි, ජේම්ස් ද අල්විස් ආදී ප්‍රභූහු ද වරායට ගොස් සිටියහ. ඒ අවස්ථාවේ කුමරු වෙනුවෙන් කාලතුවක්කු වෙඩි මුර පත්තු කර තිබේ.

ඉන්පසුව සරසා තිබූ වරායේ අටපට්ටම් ගොඩනැඟිල්ලකට ගිය කුමරු ඇතුළු පිරිසට මේජර් ජනරාල් ස්පීට් විසින් නීතිදායක මන්ත්‍රණ සභාව වෙනුවෙන් ස්තුති පත්‍රයක් කියවා ඇත. කොළඹ නගර සභාව වෙනුවෙන් සී.පී. ලෙයාර්ඩ් ද ස්තූති කතාවක් කර ඇති අතර කුමරු ඊට පිළිතුරු කතාවක් කර තිබේ. අනතුරුව තීරුබදු ගොඩනැඟිල්ලෙන් පිටවූ වේල්ස් කුමරු ඇතුළු පිරිස් කරත්තවල නැඟී බාර්න්ස් පිළිරුව අසලින් සූරියකොටුවට (වර්තමාන මල්වත්ත පාර) විත් රජ ගෙදර ගොස් තිබේ. ඔහු දැක බලා ගැනීම සඳහා දහස් ගණන් ජනතාව එදා මඟ දෙපස එක්රොක් වී සිටි බව පැවැසේ.

පසුදින උදේ 10.00 ට පමණ වේල්ස් කුමරු විශේෂ දුම්රියකින් මහනුවර බලා පිටත් වූයේය. එදින පස්වරුවේ මහනුවර නගර සභාව වෙනුවෙන් පාර්සන්ස් මහතා කුමරු පිළිගෙන ස්තුති කතාවක් කර ඇත. එදින රාත්‍රි රජගෙදර අලි ඇතුන් සහිත පෙරහරක් පැවැති බව සඳහන් වේ.
පසු දින (දෙසැම්බර් 03 වැනිදා) ආණ්ඩුකාර විලියම් හෙන්රි ගේ‍රගරිට නයිට් නාමය පිරිනැමීමේ උළෙලක් මහනුවර මඟුල් මඩුවේදී පැවැත්විණි. විසිතුරු ලෙස සරසා තිබූ මඟුල් මඩුවට පැමිණි ආණ්ඩුකරුට වේල්ස් කුමරු කේ.එම්.ජී. නයිට් නාමය පුද කරනු ලැබුවේ මන්ත්‍රණ සභාවේ ප්‍රධානීන් සිංහලේ ප්‍රධාන නිලමේවරුන් හා ජන සමූහයක් ඉදිරියේය.
වික්ටෝරියා රැජන විසින් වේල්ස් කුමරයාට දෙන ලද බලපත්‍රය ආණ්ඩුවේ ප්‍රධාන ලේකම්වරයා විසින් කියැවූ පසු වේල්ස් කුමරු ආණ්ඩුකරු අමතා උතුම් නයිට් පදවියට (ම්දඪඨඩබ ධට බඩඥ ඤඪඵබඪදඨභඪඵඩඥඤ ධපඤඥප ධට ඵබ. ර්ඪජඩචඥත චදඤ ඵබ. ට්ඥධපඨඥ) ඔහු පත් කිරීමට මහේශිකාව සතුටු බව දැන්්වූයේය.

එවිට ආණ්ඩුකරයා එම පදවිය පිළිගන්නා බව පැවැසුවේය.

ඉන්පසු ආණ්ඩුකරු කුමරු ඉදිරියේ දණ ගැසූ විට වේල්ස් කුමරු තම දිලිසෙන කඩුව ඔහුගේ වම් උරයත් දකුණු උරයත් මත මාරුවෙන් මාරුවට තබා අවසානයේ "සර් විලියම් හෙන්රි ගේ‍රගරි අප්" යනුවෙන් පැවැසුවේය.

ආණ්ඩුකාරයා නැඟී සිටි විට කුමරු ඔහුගේ උරහිසට පටියක් පලඳවා ඒ මත පපුවේ වම් පස නයිට් පදවිය දක්වන පදක්කම පැලඳවූයේය.
එංගලන්ත මහ රැජන විසින් ලබාදෙන නයිට් පදවියක් ලංකාවේදී ප්‍රදානය කළ මුල්ම අවස්ථාව මෙය බව ඉතිහාසගතය.
බන්ධුල ගුණරත්න

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්