චාල්ස් කුමාරයා ඩ්‍රැකියුලාගේ නෑයෙක්

  👤  5151 readers have read this article !
2017-12-10

ලෝක සංචාරක වෙළෙඳපළ ජනප්‍රිය කරවීම සඳහා මෑතකදී එංගලන්තයේ ලන්ඩන් නුවර උත්සවයක් පැවැත්විණි. එහිදී රුමේනියාවේ ජාතික සංචාරක කාර්යාලය ඉදිරිපත් කළ ප්‍රකාශනයක දක්වා තිබුණේ බි්‍රතාන්‍යයේ රාජකීය පවුලත්, රුමේනියාවේ ප්‍රකට ඩ්‍රැකියුලා සිටුවරයාගේ පවුලත් අතර ඥාති සම්බන්ධයක් පවත්නා බවයි.

රුමේනියාව මීට සියවස් කිහිපයකට පෙර හඳුන්වා ඇත්තේ ට්‍රාන්සිල්වේනියා නමිනි. අදත් රුමේනියාවේ එනමින් නගරයක් ඇත. ඩ්‍රැකියුලාගේ මාලිගය ඇත්තේ එහිය. එසේ තිබියදී බි්‍රතාන්‍යයේ චාල්ස් කුමරු චන්ද්‍රිකා රූපවාහිනි නාළිකාවකට "ට්‍රාන්සිල්වේනියාව මගේ රුධිරයයි" යනුවෙන් පැවැසූ බව ඊඥතඥඨපචනඩ පුවත්පත වාර්තා කර තිබිණි.
ඒබ්‍රහම් ස්ටෝකර් ලියූ "ඩ්‍රැකියුලා" නව කතාව එළි දැක්වුණේ 1897 වසරේදීය. ඊට අනුව ඩ්‍රැකියුලා යනු ලේ උරා බොමින් ජීවත් වූ වංශවතෙකි. සියවස් කිහිපයකට කලින් ට්‍රාන්සිල්වේනියාවේ (වත්මන් රුමේනියාවේ) වනගත කඳුකරයේ මාලිගයක ජීවත් වූ ඔහු මිනිස් රුධිරය උරා බීමට මිනිසුන් සාහසික ලෙස උපයෝගි කරගත් බව කියැවෙයි.

රුමේනියානු පුරාවෘත්තවලට අනුව ඩේ්‍රගන් යනු ක්‍රිස්තියානි නයිට්වරුන්ගේ නිකායකි. 15 වැනි සියවසේදී නැඟෙනහිර යුරෝපයේ ආගමික පුනරුදයක් ඇතිවීමට එරෙහිව ඩේ්‍රගන්වරු සටන් වැද ඇත. රුමේනියානුවන් සටන් වැද ඇත්තේ හංගේරියාව හා තුර්කිය සමඟය. ඊට නායකත්වය දී ඇත්තේ ව්ලැඩ් ටෙපස් නම් කුමාරයෙකි. ඒ හේතුවෙන් ව්ලැඩ් කුමරු දේශපාලනික හා ආගමික වශයෙන් ජනතා පැසසුමට ලක්ව තිබේ.
ඔහු සතුරන්ට කිසිදු අනුකම්පාවක් නොදැක්වූවෙකි. අල්ලා ගත් සතුරන් ඔහු සාහසික ලෙස ඝාතනය කළේ පපුවට උල් ආයුධයකින් ඇන සිදුරු කිරීමෙනි. ඉන් නොනැවතුණු ඔහු සතුරන්ගේ රුධිරය පානය කිරීමට කැමැත්තක් දැක්වූ බව සඳහන් වේ.

ඒනිසා ව්ලැඩ් කුමරු බොහෝදෙනා හැඳින්වූයේ "ව්ලැඩ් ඩ්‍රැකියුලේ" නමිනි. එහි සරල තේරුම "ඩේ්‍රගන්වරුන්ගේ පුත්‍රයා" යන්නයි.
රුමේනියානු ඉතිහාසයට අනුව යුද්ධවලින් ජයගත් ඔහු පසු කලෙක තම පියා හා සහෝදරයා ඝාතනය කළ හංගේරියානුවන් හා තමාට සතුරු රට වැසියන්ගෙන් පළිගැනීමට ක්‍රියාකළ බව පැවැසේ.

ඔහු ඒ සතුරන්ගෙන් පළිගත් ක්‍රමය වූයේ තම මාලිගයට ගෙන්වා ගත් සතුරාගේ හදවතට උලකින් ඇන ඉන් වෑස්සෙන රුධිරය පානය කිරීමය. ඒ නිසා එකල සිට ඔහු හඳුන්වා ඇත්තේ ච්පචජභතච ඊඩඥ ධ්ථනචතඥප (ඩ්‍රැකියුලා නමැති උල තබන්නා) නමිනි.
සතුරන් වේදනාවෙන් මියයන අයුරු බලමින් ව්ලැඩ් කුමරු සතුටු වූ බව කියැවේ. ඉතිහාසඥයන් පවසන්නේ ඔහු පරපීඩා කාමුකත්වයෙන් (ඉචඤඪඵථ) පෙළුණු අයකු බවය. මෙලෙස උලකින් ඇන මරා දැමූ මිනිසුන් ගණනාවකගේ ඇටකටු රුමේනියාවේ පැරැණි සොහොන් බිම්වලින් පුරාවිද්‍යාඥයන් විසින් සොයාගෙන ඇත. එබැවින් එම සිදුවීම් සත්‍යකැයි රුමේනියානුවන් අතර අදත් දැඩි විශ්වාසයක් පවතී.

ඔහුගේ සාහසික ජීවන චර්යාව නිසා සතුරු හමුදාවක් විසින් ලේ බොන ව්ලැඩ් මරා දමන්නට ඇතැයි පිළිගැනේ. එහෙත් රුමේනියානු පුරාවෘත්තයක සඳහන් වන්නේ එසේ මරා දැමීමට පෙර ඔහු සියදිවි නසාගත් බවයි.

රුමේනියාවේ මධ්‍යම කඳුකරයේ ට්‍රාන්සිල්වේනියා කඳුකරයේ පිහිටි ඩ්‍රැකියුලාගේ යැයි පැවසෙන පැරැණි මාලිගා ගොඩනැඟිල්ල පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස අදත් ආරක්ෂා කෙරේ. එය නැරැඹීමට වසරකට බි්‍රතාන්‍ය ජාතිකයන් පමණක් ලක්ෂය ඉක්මවූ සංචාරකයන් පිරිසක් රුමේනියාවට යන බව එරට සංචාරක දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
ඩ්‍රැකියුලා නමින් හැඳින්වූ ඪඪඪ වැනි ව්ලැඩ් (උල තබන්නා) බි්‍රතාන්‍ය රජ පවුලට ඇති ඥාති සබඳකම බි්‍රතාන්‍යයේ ඊඥතඥඨපචනඩ පුවත්පත දක්වා ඇත්තේ මෙලෙසය.
බි්‍රතාන්‍යයේ චාල්ස් කුමරු (1948)

ඔහුගේ මව දෙවැනි එලිසබෙත් රැජන (1926)
ඇගේ පියා 6 වැනි ජෝර්ජ් රජු (1895 - 1952)
ඔහුගේ මව මේරි කුමරිය (ම වැනි ජෝර්ජ් රජුගේ මෙහෙසිය) (1867 - 1953)
ඇගේ පියා ෆ්‍රාන්සිස් (ටෙක් හි ආදිපාදයා) (1837 - 1900)
ඔහුගේ මව ක්ලෝඩින් (ආදිපාදවරිය) (1812 - 1841)
ඇගේ මව ඇග්නස් (වංශාධිපතිනි) (1788 - 1856)
ඇගේ පියා ගේ‍රගොර් (වංශාධිපති) (1816 මියගියා)
ඔහුගේ මව ඇග්නස් (උපත 1727)
ඇගේ මව කැතරින්
ඇගේ මව ක්‍රිස්ටිනා රාස් ඩි ගැල්ගෝ
ඇගේ පියා පීටර් රාස් ඩි ගැල්ගෝ
ඔහුගේ පියා ඇඩම් රාස් ඩි ගැල්ගෝ
ඔහුගේ මව සැම්පිරා (මියගියේ 1602)
ඇගේ මව ස්ටැන්කා කුමරිය (වොලඩියා) (1518 - 1601)
ඇගේ පියා මිර්සෙ (වොලඩියා හි කුමරු) (1479 - 1560)
ඔහුගේ පියා ඪම රාඩු (වොලඩියා හි කුමරු) (1495 - 1508)
ඔහුගේ පියා ඪම වැනි බ්ලැඩ් (පූජක) (1431 - 1495)
ඥාති සොයුරු ව්ලැඩ් (උල තබන්නා හෙවත් ඪඪඪ වැනි ව්ලැඩ්) (මියගියේ 1507)

බන්ධුල ගුණරත්න

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon