නිල්, රෝස යනුවෙන් පිරිමි ගැහැනු දරුවන් බෙදීමෙන්ම සමානාත්මතාව බිඳ වැටෙනවා

  👤  4562 readers have read this article !
2017-12-10

"මුළු පරම්පරාවකම ශෝකාලාපයන්ට සවන් දීමට අප දැන් සූදානම්. මේ රටේ පුරවැසියන් වෙනුවෙන් ඔවුන්ට හිමි ස්ථානය මෙම ආයතනයෙන් ලබාදීමට මා බලාපොරොත්තු වෙනවා. දේශපාලනය යනු සේවයයි. ජනතාව වෙනුවෙන් අවංකව කැප වීමයි. මගේ සටන දුප්පතුන් වෙනුවෙන් නොව දුප්පත්කමට එරෙහිවයි".
ඉතාලියේ වාමාංශික පක්ෂ එකමුතුවෙන් 2013 පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත් වී ඉතාලි පාර්ලිමේන්තුවේ පහළ නිවෙස (තධඹඥප ඩධභඵඥ) හි නායිකාව (ර්ථීපඥඵඪඤඥදබ ධට බඩඥ ඛ්ඩචථඡඥප ධට ච්ඥනභබඪඥඵ) ලෙස වැඩ භාර ගනිමින් ලෝරා බෝල්ඩ්‍රිනී එසේ පැවැසුවාය.

නීතිඥයකුගේ සහ චිත්‍ර ගුරුවරියකගේ වැඩිමහල් දියණිය ලෙස 1961 අප්‍රේල් 28 ඉතාලියේ උපත ලබන ලෝරා බෝල්ඩ්‍රිනී 1985දී රෝමයේ ලා සැපියෙන්සා විශ්වවිද්‍යාලයෙන් නීති උපාධිය ලබා ගත්තාය. ගුවන්විදුලි සහ රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදකවරියක් ලෙස වසර හතරක් සේවය කරමින් ඒ තුළින් ප්‍රගතිශීලි දායකත්වයක් සැපයූවාය. 1989 දී ඉතාලි රාජ්‍ය මාධ්‍ය අංශයේ ප්‍රධානියා ලෙසද ඇය කටයුතු කර ඇත. ඇගේ ජීවිතයේ මුල් කාලයේ වඩාත් ක්‍රියාත්මක වී ඇත්තේ මාධ්‍යයත් සමඟය. ප්‍රධාන පෙළේ විවිධ පුවත්පත් සඟරාවල සංස්කාරිකාවකද වූ ඇය ඇෆ්ගනිස්තානය, රුවන්ඩාව, පාකිස්තානය, ඉරාකය ආදී බොහෝ රටවල යුද 'ගැටුම් ඇති ප්‍රදේශවල සංචාරය කර යුද වාර්තාකරණයෙහි යෙදී ඒවා සමථයකට පත් කිරීමට මාධ්‍ය මඟින් උපරිම සේවාවක් ඉටු කළ පළපුරුදු මාධ්‍යවේදිනියකි. එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර ව්‍යාපෘතියේත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයන් සම්බන්ධ උව්ඩ්ඛ්අහි සභාපතිනිය ලෙසත් මධ්‍යධරණී රටවලට වැල නොකැඩී එන සරණාගතයන් හා සංක්‍රමණිකයන් සම්බන්ධව නොමැකෙන සේවයක් ඇය ඉටු කොට ඇත. 2010දී ඇය පළ කළ අඪලලධතඪ ඊභබබඪඪදඤඪඥබපධ පොතෙන්ද ඇය සාකච්ඡා කරන්නේ ඉතාලියට විවිධ රටවලින් පැමිණෙන සරණාගතයන් පිළිබඳ ගැටලුවයි. එයින් ලැබුණ ආදායම ඇය යෙදෙව්වේ ඉතාලියට පැමිණෙන අනාථ ඇෆ්ගන් පිරිමි ළමයින්ගේ සුබ සාධනයටය. 2016දී පමණක් සරණාගතයන් ලක්ෂ දෙකකට වඩා ඉතාලියට පැමිණ ඇත.

ලෝරා බෝල්ඩ්‍රිනී, කාන්තා ප්‍රචණ්ඩත්වයට එරෙහි ජාත්‍යන්තර දිනයේ ෆේස්බුක් නිර්මාතෘ සහ විධායක මාර්ක් සකර්බර්ග් වෙත විවෘත ලිපියක් යොමු කළාය. එයින් පෙන්නා දුන්නේ 'වෛරී කථනය හා ව්‍යාජ ප්‍රවෘත්ති' පාලනය කිරීමට ඔහු අසමත් වී ඇති බවයි. ඇය එහි වැඩිදුරටත් මෙසේ සඳහන් කර ඇත. "ජනතාව සැමවිටම නිවැරැදි ප්‍රවෘත්ති ලබා ගත යුතුයි. ව්‍යාජ ප්‍රවෘත්ති ජනතාවට හානිකර පමණක් නොව ඉතා භයානකය. තාක්ෂණය හරහා එහි පැතිරීම ඉතා වේගවත්ය. මුදල් ගැරීමේ හෝ දේශපාලනික වුවමනාවන් මත, ජාතිවාදී, ආගම්වාදී මතවාදයන් පැතිරවීමට සේම තොරතුරු විකෘති කිරීම මා තරයේ හෙළා දකිනවා. වෛරී උද්ඝෝෂණවලට ජනතාව පෙලඹෙන්නේ මේ නොමඟ යෑම නිසා. සමාජ වෙබ් අඩවිවලින් ඒවා ඉවත් කිරීම සහ නියාමනය කිරීම වෙනුවෙන් ජර්මන් හා ප්‍රංශ රජයන්ට ඇති කර ඇති දැඩි බලපෑම හා සස¼දා බලනවිට ඉතාලියට දක්වා ඇත්තේ සුළු සහයෝගයකි. ඔබ මේ ප්‍රශ්නයේදී සිට ගන්නේ කා සමඟද? "දිගින් දිගටම ඇය එල්ල කළ පීඩනය නිසා ඇගේ ලිපියට යහපත් ප්‍රතිචාර දැක් වූ ෆේස්බුක් මහජන ප්‍රතිපත්ති උප සභාපති රිචඩ් ඇලන් පැවැසුවේ මෙවන් ප්‍රශ්නවලදී දේශපාලනයත් සිවිල් සමාජයත් අදාළ අනෙක් ආයතනත් එක්ව කටයුතු කළ යුතු බවයි. ඇය විසින් තම රට තුළ බොරු ප්‍රචාරවලට එරෙහිව ගෙන යන ව්‍යාපාරය නිසා ඇයට ලිංගික දූෂණ තර්ජන පවා ඇති වී තිබේ.

"ඉතාලියේ වෙළෙඳ දැන්වීම්වල කෝපි කෝප්පයේ සිට මෝටර් රථයක් විකුණා ගැනීම දක්වා කාන්තා නිරුවත පාවිච්චි කිරීම කාන්තාවන්ට අගෞරවයක් ලෙස මා දකිනවා. සංස්කෘතික වශයෙනුත් ආකල්පමය වශයෙනුත් සමාජය වෙනස් විය යුතුය. කාන්තාවන් සහ පිරිමින් එකිනෙකා හා සහයෝගයෙන් වැඩ කිරීම පාසල් පද්ධතියට අනුගත කොට කුඩා කල සිටම ළමයින්ට එය පුරුදු කළ යුතුයි. ගැහැනු ළමයින්ට රෝසත් පිරිමි ළමයින්ට නිල් පැහැයත් ලෙස තවදුරටත් බෙදීම් තිබිය යුතු නැහැ. එයින් නිදහස් සමාජයක් ඇති වන්නේ නැහැ".

ඇය ලබා ඇති විවිධ සම්මාන අතරට ධ්බචතඪචද ධට බඩඥ රඥචප 2009 (ඉතාලියේ හොඳම පුරවැසියා) සම්මානයද එක් විය.
වෛද්‍ය ලංකා සිරිවර්ධන

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon