වීරවරියක ලෙස සම්මාන ලද අලින්ට රහස් කියන්නිය සංඩියෝන් ලෙක් චායිලර්ට්

  👤  4339 readers have read this article !
2017-12-17

උතුරු තායිලන්තයේ ස්වභාව සෞන්දර්යයෙන් අනූන කඳුකර ප්‍රදේශයක ලොව මෘදුම සත්ත්ව විශේෂය වන අලි ඇතුන්ගේ පාරාදීසයක් පිහිටා ඇත. එය ආරම්භ කොට පවත්වා ගෙන යන්නේ "අලින්ට රහස් කියන්නිය" යන ආකර්ෂණීය නමින් ලොව පුරා සම්මානයට පාත්‍ර වන සංඩියෝන් ලෙක් චයිලර්ට්ය.

"සමහර අලින් මෙහි ගෙන එන විට මානසික පීඩාව නිසා ගල් වෙලා වගේ ඉන්නෙ. පළමුවෙන් කළ යුත්තේ ඔවුන්ව සුව කිරීමයි. සුව කිරීමේ බෙහෙත ආදරයයි.
ස්වාභාවික පරිසරය තුළ තබා ඔවුන් පුනරුත්ථාපනය කළ යුතුයි. මෙය ඔවුන්ට ආරක්ෂා සහිත නිදහස් පරිසරයක් ඇති තැනත් බවද ඒත්තු ගැන්විය යුතුයි. ඒ සඳහා එයාලගේ විශ්වාසය දිනා ගැනීම අත්‍යවශ්‍යයි. අලියා කියන්නෙ කණ්ඩායම් වශයෙන් ජීවත් වීමට කැමැති, සංවේදී, හැඟීම්බර සත්වයෙක්. ඒ වගේම ඉතා බුද්ධිමත්. සැබෑ ආදරය කරුණාව තේරුම් ගන්නවා" යැයි මෙම 'ස්වාභාවික හස්ති උයනේ' නිර්මාතෘ චායිලර්ට් පැවැසීය.

1961 වර්ෂයේ තායිලන්තයේ, චියැංමායි නුවරට උතුරින් පිහිටි කුඩා ගම්මානයක ඇය උපත ලැබුවාය. ඇගේ සීයා එම පෙදෙසේ පාරම්පරික වෛද්‍යවරයෙකි. මිනිසුන් තුවාල වූ සතුන් පවා ඔහු වෙත ගෙන එන ලදී. ඔහු එම සතුන් සුව කිරීමේ කටයුතුවලට කුඩා චායිලර්ට්වද සහභාගි කර ගත්තේය. මේ නිසා ඇයට කුඩා කල සිටම සතුන් සංරක්ෂණය කිරීම පිළිබඳ අත්දැකීම් ලැබිණි. ඕනෑම සත්ත්වයෙක් පණ රැක ගැනීම සඳහා සටනක් කරන බවත්, එයට උදවු දුනහොත් ජීවිත ගලවා ගත හැකි බවත් ඇය අවබෝධ කර ගත්තාය. තුවාල ලද අලියකුගෙන් බලෙන් වැඩ ගන්නා අවස්ථාවක ඇසුණු වේදනාත්මක කෙඳිරිය ඇගේ සිත සසල කරන ලද අතර, මෙම අභය භූමිය නිර්මාණය වන්නේ ඒ ඔස්සේය.
1996 මෙම ස්ථානය ආරම්භ කළ දා සිට ඇය විසින් බේරා ගන්නා අලි සංඛ්‍යාව දෙසීය ඉක්මවයි. තායිලන්ත කැලෑවල දැනට අලි ඇතුන් සිටින්නේ 3000කට අඩුවෙනි. හීලෑ කරන ලද අලින් 4000ක් පමණ සිටිති.

මෙහි ගෙන එනු ලබන අලිඇතුන් දැඩි කායික හා මානසික වද වේදනාවන්ට ලක්ව බිම් බෝම්බ ආදී මිනිස් ක්‍රියාකාරකම් නිසා සිරුරේ විශාල තුවාල ඇති, අත පය බිඳුණු, හකු පාඩා පුපුරා ගොස්, දැඩි මන්ද පෝෂණයට ලක්ව සිටී. හිතා මතා ඇස්වලට තබන ලද වෙඩි පහරවල් නිසා බොහෝ අලින් අන්ධභාවයට පත්ව ඇත. සර්කස් කණ්ඩායම්වල තදබල ආලෝකයට නිරාවරණය වීම නිසාද අන්ධ වුණු සතුන් ද හමු වේ.
2007දී සර්කස් කණ්ඩායමක් විසින් ඉතා කුඩා කලම මවගෙන් වෙන් කොට, වද හිංසනයට පමුණුවමින් විවිධ දේ පුහුණු කරන්නට උත්සාහ කරන ලද 'ටා සායි' නම් අලි පැටවෙක් ඇය විසින් බේරා ගන්නා ලදී. "දම්වැල් නිසා පා සතරම හෑරී ගැඹුරට තුවාල වී තිබුණා. එයා ඉතාම කෝපයෙන් සිටියේ. මීටර් විස්සක් අෑතින් සිටියත් අපට ගල් ගැසුවා. කිට්ටු වෙන්න දුන්නෙම නෑ. එයාව ගොඩගන්න ලොකු උත්සාහයක් දරන්න වුණා." එම සංවේදී අත්දැකීම සිහි කරමින් චායිලර්ට් පැවසීය.
ඇගේ මෙම භූමිය සංචාරකයන් සඳහා විවෘත වුවද එවන් අනෙක් ස්ථානවල කෙරෙන අලි සෙල්ලම්, අලි පිට නැඟී යෑම් ඊම්, අලින් ලවා චිත්‍ර ඇඳීම් මෙහි නැත. ඒ වෙනුවට අලින්ට ආහාර දීම, නෑවීම හෝ ඔවුන් සමඟ පසෙකින් ඇවිදීම කළ හැකිය.

"අලියා සතෙක් යැයි මට නම් සිතෙන්නේ නෑ. මට නම් අලියා යනු තවත් පුද්ගලයෙක්. මම ඔවුන්ට කතා කරන්නේ, සලකන්නේ, මගේ පවුලේ කෙනකුට වගෙයි. අපට එකිනෙකා තේරුම් ගන්නට පුළුවන්" වඳ වීමේ තර්ජනයට මුහුණ දී ඇති, දැනට ගොඩබිම වෙසෙන විශාලම සත්ත්වයා ගැන ඔවුන් සමඟ සන්නිවේදනයේ අසාමාන්‍ය කුසලතාවක් ඇති චායිලර්ට් දරන අදහස්ය. ඇගේ කුඩා සිරුර වටා තම දිග හොඬවැල පටලවා ගනිමින් සුරතල් වන අලියකු නිතරම සිටී. ඇය විසින් පවත්වා ගෙන යන "හස්තීන් රැක ගනිමු පදනම"ට ආධාර කිරීමට ජනතාවට අවස්ථාව ලබා දී ඇත. ඒ මුදල් වැය වෙන්නේ ආහාර, බෙහෙත් හේත් ආදියටය. අලි ඇතුන් කැලෑව තුළත් පිටතත් ආරක්ෂා කළ යුතුයි යන ආකල්පය ජනතාව තුළ ඇති කිරීමට වෙහෙස නොබලා කැප වූ කණ්ඩායමක් සමඟ අෑ ගෙන යන්නේ ලේසි පහසු සටනක් නොවේ. ඇගේ උත්සාහය ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වී ඇති අතර ව්චබඪධදචත ට්ඥධඨපචනඩඪජ, ච්ඪඵජධමඥපර, ඒදඪථචත ර්ථීතචදඥබ චදඤ බඩඥ ඕඕඛ් ආදී මාධ්‍ය සකස් කරන ලද වාර්තා වැඩසටහන් තුළින් ලොව පුරා දැනුවත් කිරීම් සිදුවේ. 2001 දී ෆෝර්ඩ් පදනමේ 'ඩ්ඥපධ ධට බඩඥ ර්ථීතචදඥබ' ලෙස නම් කරන ලදී. ඇය ගෝලීය සංරක්ෂණය කිරීමේ කාන්තා වීරයන් හයදෙනාගෙන් කෙනකු ලෙස 2010දී ගෞරවයට පාත්‍ර විය. ලෙක් රාජබාත් චියෑං මායි විශ්ව විද්‍යාලයෙන් ගෞරව උපාධියක්ද පිරි නැවිණි.

දුක්ඛිත තත්ත්වයකින් පැමිණි අලියකු යථා තත්ත්වයට පත් වී, මඩෙහි පෙරළෙමින්, පිහිනමින් සතුටු වන විට ඇගේ දෑසට නැඟෙන්නේ සතුටු කඳුළකි.

වෛද්‍ය ලංකා සිරිවර්ධන

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon