ගල උඩ සටනක ඇරඹුම...
මහ නගර සභා 24ක, නගර සභා 41ක, ප්‍රාදේශීය සභා 276ක පුංචි ඡන්දය පෙබරවාරි 10 වැනිදා සෙනසුරාදා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව තීන්දු කරලා අවසන්ය. පුංචි ඡන්දයක්ය කීවාට මෙය පුංචි වන්නේ නැත්තේ එය ඒ තරමටම දේශපාලන විපර්යාස ඇති කිරීමට සමත් සිදුවීම් රැසකින් යුක්ත වීම නිසාය. ඇතැම් සිදුවීම් හිටිගමන් මතු වන්නටත් අළු යට ගිනි මෙන් තිබෙන ඇතැම් සිදුවීම් කොයි ලෙසකින් පුපුරාවිදැයි කියන්නටත් බැරි තරමට අවිනිශ්චිතතාවන්ද ඇත.
පෙළ ගැසෙමින් තිබෙන දේශපාලන නාටක මාලාවේ නිර්මාණකරුවන්ගේ අදහස්වලින්ම මෙසේය.
"අන්තිම මොහොතේදී හරි බෙදී වෙන්වෙලා තරග කරන්නේ නැතිව එක්ව තරග කරන්න දෙපැත්තෙන්ම පුළු පුළුවන් විදියට මෙහෙයුම් ක්‍රියාත්මක වුණා. ඒත් අවසාන මොහොතේදී ඒ මෙහෙයුම් අසාර්ථක වුණා" මේ කපුකම් කළ ප්රබලයකුගේ අදහසය.
තවකකු කීවේ......
"පුටුව ලකුණ යටතේ පොදුජන එක්සත් පෙරමුණ ඉදිරියට දාලා වැඩේ ගොඩදාගන්නයි බැලුවේ. එතකොට ඒ පෙරමුණේ නායකයා මහින්ද මහත්තයා. මහ ලේකම් විදියට හිටපු අගමැති දි. මු. ජයරත්න මහත්තයා පත් කරගෙන වැඩේ දෙන්න තමයි ප්ලෑන් කළේ. එහෙම කළා නම් මහින්ද මහත්තයට කැමැති මිනිස්සුයි අපේ අයයි එක ගොඩකට එකතු වෙනවා. හොඳ ප්‍රතිඵලයක් ගන්න තිබ්බා" කියලාය.
මේ තවත් සමීපතමයකු කී දේය.
"පළාත් පාලන ආයතන 248කට නාම යෝජනා බාර දෙන්න තිබුණේ පසුගිය 18 ඉඳන් 21දා වෙන තුරුයි. ඒ නිසා 21දාට පෙර කොහොම හරි වැඩේ කරගන්නයි අදහස් කළේ. මෛත්‍රි ජනාධිපතිතුමා ඇත්තටම හිතා හිටියෙත් සඳුදාට පෙර හොඳ පිළිතුරක් ගන්නයි. එතුමා හිතා හිටියෙත් "පුටුව" ලකුණ දාලා වැඩේ ෂේප් කරගන්නයි"
"එක්ව සටන් වදිමු" යි යන මෙහෙයුම එසේ අසාර්ථක වූ පසු "වෙන්ව සටන්" වදින මෙහෙයුම දැන් ඉතාමත් තියුණුව ක්‍රියාත්මකය. එයින් මෛත්‍රි පිලත් මහින්ද පිලත් කෙසේ හෝ එක් රැස් කර ගන්නේ "ශ්‍රී ලනිප ඡන්ද" වීම මෙහි ඇති විශේෂත්වයයි.
"ජනතාවට බියෙන් මැතිවරණය කල් දැම්මා. ඒකෙන් එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කරන්න මෛත්‍රි අනියමින් උදවු වුණා. ඒකාබද්ධය වෙනම ලකුණක්,
පක්ෂයක් යටතේ තරග කරලා බලය පෙන්වන්න යන්නේ ඒකයි. ශ්‍රී ලංකා එක බෝඩ් ලෑල්ලක් නොවේ. ඒ ශ්‍රී ලංකාකාරයෝ ඇත්තටම ඉන්නේ ඒකාබද්ධයේ බව පෙන්වන්න මේක හොඳ අවස්ථාවක්. ශ්‍රී ලනිප බලය බලමුළු ගන්වන වැඩේ ඒකරාශි වන්නේ මහින්ද මහත්තයා වටෙයි. ඒ වැඩේ එහෙමම වෙන්න ඕනෑ"
ඒකාබද්ධයේ බලමුළු තර කරන පිරිසේ අදහස එසේය. එහි පළමු වෙඩි මුරය නම් මහින්ද, මෛත්‍රි - රනිල් හා ජවිපෙ අනුරගේ පාර්ශ්වයට තදබල ප්‍රහාරයක් එල්ල කරමින් පිටු 3ක ප්‍රකාශයක් නිකුත් කිරීමය. මහින්දගේ පිලේ මේ දැවැන්ත ප්‍රහාරයේ ඉලක්ක ගත සැලසුම්ද ඇත. එනම් එළැඹෙන මැතිවරණයේදී ලබන ප්‍රතිඵල නොව අත්කරගන්නා වාසිදායක තත්ත්වයත්, "ජනතාවගේ කැමැත්ත" පෙරට ගැනීමත් නිසා ඇතිවන මානසික වටපිටාව එලෙසම තබා ගනිමින් 2020 ජනවාරි 9දා කඩඉමට ඉව ඇල්ලීමයි.
මෙය සාරාංශගත කොට ඔවුන්ගේ අදහස් එකතු කර දක්වන්නේ නම් මෙසේය.
"යූඑන්පී හවුලේ එකඟතාව තියෙන ගිවිසුම් ගත කාලය ඉවර වුණත් එක්කම කඩඉමක් පසු කෙරෙනවා. කොහොම හරි 2019 නොවැම්බර් 9දාත් දෙසැම්බර් 9දාත් අතර කාලයකදී ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. මෛත්‍රිත් එයාගේ හිතවතුනුත් හිතා ඉන්නේ 2020 වෙනකම් වැඩේ ඇදගෙන යන්නයි. ඊට ඉස්සර ජනාධිපතිවරණයක් තියන්න ඕනෑ නෑ කියලයි. ඒ ගොල්ලෝ මොනවා හිතාගෙන උන්නත් ජනාධිපතිවරණය ඊට කලින් තියන්න වෙන තැනට වැඩ හදන එක මහින්ද මහත්තයා වටේ එක්රැස් වෙන ජන බලවේගයෙන් මුවහත් කරාවි. මහින්ද මහත්තයා ඒ ගේම ගහන්න ඉඩ තියාගෙන මෝඩ වැඩ කරාවිද? සමඟි වෙලා මෛත්‍රි බේරාගනීවිද?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රි පිලේ ජනාධිපතිවරයෙක් බිහි කරගන්නවාද?"
මේ තියරිය ශක්තිමක් කරන ක්‍රියාත්මක කරන බලවේග හා ක්‍රියාධරයන් දැන් සක්‍රියය. එහි එක් මුල් පියවරක් වශයෙන් ලන්සා ඇමැති ධුරයෙන් නිල වශයෙන් ඉවත් විය. ඔහු පක්ෂයෙන් ඉවත් නොවී ඉවසිල්ලේ බලා සිටින බවක්ද පෙනෙන්නට ඇත. තව තවත් අස්වන්නට සිටින්නන් ඇත යන්නද හඬ නඟයි.
ඒත් මීට එරෙහිව මෛත්‍රි පිලේ සටනද තීරණාත්මක ප්රවේශයකය. ඔවුන්ගේ මතය නම්.....
"2020දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රජයක් පිහිටුවන්නේ අපි. සමහරු හිතා ඉන්නවා 2025 වන තුරු යහපාලන රජයක් පවතින බව. ඒත් අපේ ගිවිසුම ඉවර වුණාට පස්සේ යූඑන්පියත් එක්ක යන ගමනක් ගැන කතා නෑ. එතැනින් එහාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලවත් ආණ්ඩුවක්ම තමා" කියලාය.
එජාප නායක රනිල්ද මෙම තත්ත්වය හොඳින් අධ්‍යයනය කරමින් සීරුවෙන් සිටින බව පෙනෙන්නේ තමන්ගේ සහචරයන් කැඳවා කී දේ නිසාය.
"මෛත්‍රි ජනාධිපතිතුමාට පහර වදින විදියේ කතා කියන්න අපේ අයට ඉඩ දෙන්න එපා. ගමේ බලය ගන්න එක ගැන විතරක් හිත යොදන්න. ගමට වැඩක් කරගන්න ගමේ බලය යූඑන්පියට තියා ගන්න ඕනේ කියන පණිවුඩය යූඑන්පිකාරයෝ අතරට ගෙනියන සටන තීරණාත්මකයි. මේ ප්‍රතිඵලය හොඳ වුණොත් ඒ පදනම මත හිටගෙන ඊළඟ පියවරට යන්න පුළුවන්" රනිල්ගේ තියරිය ප්‍රබලයන් තම සහචරයන් අතර මුදා හරින්නේ එසේය.
ජවිපෙද වෙනස්ම ආරක සටනකට අවතීර්ණ වෙලාය. ඔවුන් "යහපාලන ආණ්ඩුව ගෙන එන්න දරදිය ඇද්දා වුණත් මේ හත්පොළේ ගාගත් ආණ්ඩුව ගෙනාවේ අපි නොවේ"ය කියන්නාක් මෙන් ගමේ සටන තමන්ගේ පැත්තට හරවා ගන්නට සියුම් උපක්‍රමශීලී උත්සාහයකය. ඔවුන්ගේ ප්‍රබලම ඉලක්කය වී ඇත්තේ කොට්ඨාසය තුළ සිටින "තරුණ ඡන්ද පදනම"ය.
"පළාත් පාලන ආයතන කිහිපයකම බලය ජවිපෙට ගන්න බැරි කමක් නෑ. ඒක ලොකු ජයග්‍රහණයක් විදියට ගන්න බැරි වුණත් ඒ ප්‍රතිඵලය මේ පක්ෂ දෙකටම ජනතාව දෙන හොඳ කනේ පහරක් කරගන්න ඕනෑ"
මේ ඔවුන්ගේ ගම් මට්ටමේ ක්‍රියාධරයන්ගේ අදහසය.
එහෙත් ඡන්ද සටන පටන් ගත් මොහොතේම යහපාලන ආණ්ඩුවේ නායකයා වූ මෛත්‍රිට තමන්ට හිතවත් ජනාධිපති පුටින්ගෙන් ලැබුණේ හොඳ දෙයක් නම් නොවේ.
"මෛත්‍රි ඇස්බැස්ටෝස් තහනම් කළා. එයාගේ යාළුවා කියාගන්න රුසියන් ජනාධිපති පුටින් කනට ගැහුවා වගේ ලංකාවෙන් ගත්ත තේ ටික බ්ලොක් කළා"
මේ මෛත්‍රිට එරෙහි බලවේගයන් ඉස්මතු කරන මතයයි. මෙය බරපතළ ලෙස ගත්තේ නෑය කියා පෙන්වන්න උත්සාහ කළත් මෛත්‍රිට එසැණින් ක්‍රියාත්මක වන්නට සිදු වූණේය. මෛත්‍රි ජනාධිපති පුටින්ගෙන් "තේ තහනම අහෝසි කරන්න" යැයි නොනිල ඉල්ලීමක් කළේ පසුගිය 17දා හපුතලේ පැවැති උත්සවයකදීය. එහෙත් එය රාජ්‍ය තාන්ත්‍රිකව කතිකා කරගත යුතු දෙයක් වන නිසා ඊට පෙර මෛත්‍රිට "ඇස්බස්ටෝස් තහනම" ඉවත් කර ගන්නට තීරණය කළේය.
මේ ගැන වගේ වගක් නැතිවාක් මෙන් රනිල් කට ඇරියේ නැත.
"එයාගේ යාළුවානේ පුටින්. එයාම බේරා ගනිච්චාවේ" කියා කියන්නාක් මෙන් රනිල් මුනිවත රකින්නට පටන් ගත්තේය. ඔහුගේ අරමුණ "තේ තහනම" නොව "මේ ඡන්දෙන් දිනන පාර කපා ගන්නේ කොහොමද?'' කියලාය. තමන් මේ කිසිවක් දන්නේ නැති අයකු මෙන් ඔහු පසුගිය 16දා නිවිතිගලට ගොස් කීවේ "අසීරු කාලයක් වුණත් රජයේ යුතුකම ඉටු කරනවා. සහන බඩු මල්ල තව සති තුනකින් ගමේ කඩෙනුත් ගන්න පහසුකම් සලසනවා" කියලාය.
ගමේ කඩෙන් එහෙම ගන්න බැරි වීම ගැන කියන කතා තිබුණත් ඒ හැම අමතක කර "බඩු මිල වැඩි වීම ඡන්දයට හොඳ නැත" යන්න ඔහු තේරුම්ගත් බවක් පෙනෙන්නට ඇත.
එහෙත් බඩු මිල අහස උසට නැඟ තිබෙන බව දැන දැනම ඊට හේතුවන දේ නොකියා "බඩු මිල වැඩි වුණේ ස්වාභාවික ආපදා නිසාය" කියා දනවන්නට රනිල් අසීරු උත්සාහයකද නිරත වන බව පෙනෙයි.
ජනාධිපති මෛත්‍රි ශ්‍රී ලනිප රජයක් පිහිටුවා ගන්න ඉලක්කයේ සිටිනවා නම් මේ ඡන්දයෙන් තමන්ගේ ගොඩ වැඩිකර ගත යුතුව තිබියදී කතා කරන්නේ.....
"යළි යුද්ධයක් ඇති නොවන්න කටයුතු කිරීමේදී පූජක පක්ෂයට පැවැරී ඇති වගකීම් විශාලයි. ජාති-ආගම් අතර සහජීවනය වර්ධනය කරගන්න නත්තල යොදා ගමු"
(2017-12-16 ත්‍රිකුණාමලයේදී)
"අපේ හමුදා.....විනයෙන් දැනුමෙන් පුහුණුවෙන් පරිණත බවින් වැඩි දියුණුයි"
(2017-12-17 දියතලාවේදී)
"මට පුළුවන්කමක් තිබුණා නම් ගෙයක් ගෙයක් ගාණේ ගිහින් ශ්‍රී ලනිපයට ඡන්දය දෙන්න කියනවා"
(2017-12-17 හපුතලේදී)
මෛත්රිගේ එම කතා අහන ශ්‍රී ලංකාකාරයෝ මොනවා හිතනවාද, මොනවා කියනවා දැයි දන්නේ
ශ්‍රී ලංකාකාරයෝම බවට පැවැසෙන කතාද බොහෝය.
එහෙත් මෛත්‍රි සවන යොමු කරනවා නම් තමන්ගේම ශ්‍රී ලනිපයේ වූ පිරිසකගේ මේ කතාද අසා හොඳින් අවධානයට ගත යුතු යැයි කියන්නට සිදුවේ.
"රටේ ආර්ථික ප්‍රතිරූපය කඩා වැටුණහොත් මොන ආණ්ඩුවක් ආවත් ඒක නිවැරැදි කරන්න බෑ. රුසියාව අපේ තේ ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධියේදී භේද ඉවතලා සියලු දෙනා එක්ව විසඳුම් සොයමු"
බන්දුල ගුණවර්ධන
(2017/12/18 එක්බද්ධ විපක්ෂ මාධ්‍ය හමුවේදී)
"රණවිරුවන් සුරකින බව කියනවා නම් අතුරුදන් වීමේ කාර්යාලය වසා දමන්න. එම කාර්යාලය රණවිරුවන්ට එරෙහිව සාක්ෂි මවන ෆැක්ටේරියක්."
රියර් අද්මිරාල් සරත් වීරසේකර
(2017/12/19දා කොළඹදී)
"අද ශ්‍රී ලනිපයේ ශ්‍රී ලංකාකාරයෝ නෑ. ඉන්නේ සිරිකොතේ වළං හෝදන රිළව් ටිකක්"
ගීතා කුමාරසිංහ
(2017/12/16දා අම්බලන්ගොඩදී)
මේ සියල්ලෝම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා ගොනුවී සිටි හා සිටින ශ්‍රී ලනිප මත දරන්නන් බව නොරහසකි. ඒ නිසාම "අපට වෙච්චි අභාග්‍යය ජනාධිපති දැනගන්න ඕනෑ"යි කියා මොවුන් කෑ මොර දෙන්නේ ඇයිද යන්න මෛත්‍රි වටහා ගත යුතුය.
විනෝදාත්මක
අද මව්බිමෙන්
- නීති විරෝධී සීමාවාසික වෛද්‍ය පත්වීම් දීම අත්හිටුවන ලෙස ඉල්ලා වෛද්‍ය ශිෂ්‍ය මවුපියන්ගෙන් ජනපතිට ලිපියක් 🕔2019-02-20
- 2018 ජනවාරියට වඩා 2019 ජනවාරියේ විදෙස් සංචාරකයන්ගේ පැමිණීමේ ඉහළ යෑමක් 🕔2019-02-20
- බෝගවලට වන හානි වැළැක්වීමට කෘෂිකර්ම තොරතුරු මධ්‍යස්ථානයෙන් නව වැඩපිළිවෙළක් 🕔2019-02-20
- එජාපය ප්රමුඛ කණ්ඩායම පරාජය කිරීමට නම් එජාප විරෝධී බලවේග එකම පෙරමුණකින් තරග කළ යුතුයි 🕔2019-02-20
- රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ අස්සන සමඟ උප්පැන්න සහතිකය භාෂා ත්‍රිත්වයෙන්ම 🕔2019-02-20
- අතීතය නමැති තුවාලය පාරමින් වෛර කර පලක් නෑ 🕔2019-02-20
- අර්ජුන මහේන්ද්‍රන්ට මෙන්ම මධුෂ්ටත් නීතිය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව මැළිකමක් දක්වනවා 🕔2019-02-20
- දමිළ ජනතාවට තවමත් පූර්ණ නිදහස ලැබී නෑ 🕔2019-02-20
- පසුගිය වසර තුළ පොල් රට පැටවීමෙන් බිලියන 95ක ආදායමක් 🕔2019-02-20
- යක්කුරේ කනිටු විදුහලේ ක්‍රීඩා උළෙල වර්ණවත් වෙයි 🕔2019-02-20
- දරුවෝ සුරකිමු 🕔2019-02-20
- උතුරු මුහුදු සීමාවට අනවසරයෙන් ආ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා සහ ධීවරයන් තවදුරටත් මෙරට අත්අඩංගුවේ 🕔2019-02-20
- 2018 වසරේ අලි මරණ 311ක් 🕔2019-02-20
- පලාලි සංවර්ධනය කිරීමෙන් පසු ඉන්දියාව හා පලාලි අතර වූ ගිවිසුම වෙනස් කිරීමට තීරණ 🕔2019-02-20
- රජයේ විධායක නිලධාරීන් 27දා සංකේත වර්ජනයක 🕔2019-02-20
- සිමෙන්ති කොට්ටය රු. 100කින් ඉහළට 🕔2019-02-20
- උ.පෙළ - 2019 අයැදුම්පත් භාර ගන්නා අවසන් දිනයන් ප්‍රකාශයට පත්කෙරේ 🕔2019-02-20
- ලක්ෂ 10ක කප්පමක් ඉල්ලා සතොස නිලධාරියකු පැහැර ගත් හය දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග 🕔2019-02-20
- මවට පිහියෙන් ඇන ඇතැයි සිතූ තරුණ බිරිය සැමියාට පොරොවෙන් කොටලා 🕔2019-02-20
- අවිවාහක තරුණියකට උපන් දරුවා හදාවඩා ගන්නට වෙනත් මවකට දීලා 🕔2019-02-20
- රණවිරු පවුල්වලින් නීති විරෝධීව මුදල් එකතු කළ දෙදෙනකු යළිත් රිමාන්ඩ් 🕔2019-02-20
- පොලිස් ස්ථානාධිපතිට තර්ජනය කළ අයකුට උසාවියේ පෙනී සිටින්නැයි නොතීසි 🕔2019-02-20
- මිරිස් සහිත උණුවතුර දෑසට ගසා අයෙක් ඝාතනය කළ අඹුසැමි යුවළ රිමාන්ඩ් 🕔2019-02-20
- වෑන් රියක් එනතුරු මඟ සිටි හන්ගේරියානු තරුණියක් වෑන් රිය තුළදී අපයෝජනය කරලා 🕔2019-02-20
- පුද්ගලයකුට පහර දුන් යුක්රේන් සංචාරකයා අත්අඩංගුවට 🕔2019-02-20
- තංගල්ලේ රිය අනතුරකින් මවක සහ දියණියක ජීවිතක්ෂයට 🕔2019-02-20
- කැලේ වැවේ දිය නෑමට ගිය තරුණ යුවළක් ගිලී මියගිහින් 🕔2019-02-20
- තියුණු ආයුධයකින් පහර දී තරුණයකු මරා දමලා 🕔2019-02-20
- වැරදි පාරෙන් ඩුබායි යැවූ මගේ දුව ගැන තොරතුරක් නෑ 🕔2019-02-20
- වියපත් පෙම්බර අඹුසැමි යුවළක් පෙම්වතුන්ගේ දිනය දා අවසන් ගමන් යයි 🕔2019-02-20
- බීඩි කොළ නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වීම වහාම නතර කළ යුතුයි 🕔2019-02-20
- මධුෂ්ට රැකවරණය දුන් දේශපාලනඥයන් හෙළි කිරීමට පොලිසිය කටයුතු කළ යුතුයි 🕔2019-02-20
- ප්රගතිශීලි ජනතා සන්ධානය නමින් උතුරට නව දේශපාලන පක්ෂයක් 🕔2019-02-20
- ඇතකුගේ මළ සිරුරක් මීගලෑව කැලෑවක 🕔2019-02-20
- ව්‍යාජ ඩොලර් නෝට්ටු සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට 🕔2019-02-20
- දුර්ලභ ගණයේ හම්බාවකු මැල්සිරිපුරින් හමුවේ 🕔2019-02-20
- කුඹුරු යායකට ඇද තිබූ විදුලි රැහැනක පැටලී වන අලියකු මරුට 🕔2019-02-20
- පුද්ගල හික්මීමක් නැතිව නීති රීතිවලට පමණක් සමාජය හදන්න බෑ 🕔2019-02-20
- කෙරවලපිටිය එල්.එන්.ජී. විදුලි බලාගාරය ඉදිකිරීමේ ටෙන්ඩර් ප්රදානය විශාල ප්‍රශ්නයක් 🕔2019-02-20
- යුද්ධයට එදා සමච්චල් කළ රනිල්ලා අද රණවිරුවන් හා ත්රස්තවාදීන් එකගොඩට දමනවා 🕔2019-02-20
- ජාතික විද්වත් සංවිධානයේ (NIO) මහ සමුළුව 🕔2019-02-20
- චන්දිගෙන් චණ්ඩි ඉනිමක් 🕔2019-02-20
- කුසල් ගැන ලාරාගෙන් වර්ණනාවක් 🕔2019-02-20
- චාමික එයි: අසිත යයි 🕔2019-02-20
- ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කරදුන් ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ට අමාත්‍යාංශයෙන් බරටම තෑගි 🕔2019-02-20
- සති දෙකක කාලසටහන එළිදැක්වෙයි 🕔2019-02-20
- 85 වැනි සාන්තුවරයන්ගේ සටනට මාර්තු 1-2 සරා පිටිය සැරසෙයි 🕔2019-02-20
- වෙළෙඳ සේවා පැසිපන්දු තරගාවලියේ කාන්තා A _ 2 ශූරතාව සෙලාන් බැංකුවට 🕔2019-02-20
- කෝටි 700 දියමන්ති කොල්ලයේ මධුෂ්ගේ සගයා අල්ලයි 🕔2019-02-20
- ලංකාව ළඟින්ම කි.මී. හැටදාහක මළ මුහුදක් 🕔2019-02-20