ඕමාර් කාමිල්ගේ බිරිඳ මහින්දගෙන් කළ ඉල්ලීම !

  👤  5959 readers have read this article !
2017-12-24

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම පසුගිය අඟහරුවාදා පැවැත්විණි. මෙහිදී ජනාධිපතිවරයා විසින් හමුදා මූලස්ථානය ඉදිකිරීම පිළිබඳව කරුණු පැහැදිලි කරන ලදී. 'ගාලු මුවදෙර ඉදිරිපිට පිහිටි හමුදා මූලස්ථානය සම්පූර්ණයෙන් ඉවත් කරලා පසුගිය රජය ෂැන්ග්‍රිලා හෝටලය ඉදිකරන්න ඉඩම ලබාදුන්නා. මේ නිසා හමුදා මූලස්ථානයේ තිබූ විවිධ අංශවල ශාඛා කොළඹ නගරයේ කුලියට ගත් ගොඩනැඟිලිවල ස්ථාපිත කර තිබෙනවා. එම ගොඩනැඟිලිවල මාසික කුලිය රුපියල් කෝටි 44ක්. වසරකට රුපියල් කෝටි 500ක් වැය වෙනවා. මේ වන විට එම ගොඩනැඟිලි සඳහා රුපියල් කෝටි 2,500ක් වැය කරලා තිබෙනවා. නමුත් ෂැන්ග්‍රිලා හෝටලයට ඉඩම් ලබාදීමෙන් රජයට ලැබුණේ රුපියල් කෝටි 825ක් පමණයි' යැයි ජනාධිපතිවරයා කියා සිටියේය. ජනාධිපතිවරයා සඳහන් කළේ මෙම ගොඩනැඟිල්ල ඉදිකිරීම තුළ කොමිස් මුදල් නිසා මෙවැනි විශාල මුදලක් වැය කර ඇති බවයි.

'දැන් රටේ ආරක්ෂාව ගැන කතා කරනවා. රටේ ආරක්ෂක මූලස්ථානයත් හෝටල් හදන්න දුන්න පසුගිය රජය තමයි ආරක්ෂාව ගැන කතා කරන්නේ' යැයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

විදුලි ජනන ප්‍රතිපත්තිය හා ගල් අඟුරු බලාගාර දෙකක් ඉදිකිරීම පිළිබඳව ඉන් පසු අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු විය. එහිදී අමාත්‍ය සරත් අමුණුගම ප්‍රකාශ කෙළේ මෙම ප්‍රතිපත්තිය මමත් රංජිත් සියඹලාපිටිය ඇමැතිතුමාත් එකතු වෙලා තමයි සකස් කළේ. මෙමඟින් විශාල ලාභයක් ලැබෙනවා. කාබන් ප්‍රතිශතය අඩු නිසා ගල් අඟුරු බලාගාරවලින් ප්‍රශ්නයක් වන්නේ නැහැ' යනුවෙන් අමාත්‍ය සරත් අමුණුගම පැවැසීය.

ස්වාභාවික ද්‍රවකෘත වායු බලාගාර යෝජනා තිබෙද්දී ගල් අඟුරු බලාගාර පිළිබඳ කතා කරන්නේ මන්දැයි මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විමසා සිටියේය. එවිට ජනාධිපතිවරයා කියා සිටියේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව සමඟ මෙම යෝජනාව පිළිබඳව සාකච්ඡා කළ යුතු බවයි. ඒ පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍ය සරත් අමුණුගම මහතා පැවැසුවේ අමාත්‍ය මණ්ඩලය පළමුව මෙය අනුමත කළ යුතු බවයි. නැතිනම් වසර 2020 වනවිට විදුලි අර්බුදයකට රට මුහුණ දෙන බව ඔහු පෙන්වා දුන්නේය.

ස්වාභාවික ද්‍රවකෘත වායු බලාගාර දෙකක් පිළිබඳව යෝජනා ඉදිරිපත් වෙලා තිබෙනවා. එකක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 175ක්ද අනෙක් ව්‍යාපෘතියට රුපියල් මිලියන 300ක්ද වැය වන බව ගණන් බලා ඇතැයි අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවැසීය. එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය ‍ෙදාස්තර රාජිත සේනාරත්න මෙසේ පැවැසීය. 'ජනාධිපතිතුමනි ඔබතුමා ඉන්දීය

අග්‍රාමාත්‍යවරයාට දැනුම් දුන්නා සාම්පූර් ප්‍රදේශයේ ගල් අඟුරු බලාගාරය ඉදිකිරීමේ හැකියාවක් නොමැති බවට. නමුත් දැන් ගල් අඟුරු බලාගර දෙකක් ඉදිකිරීම ගැන කතා කරනවා. එවැනි බලාගාර දෙකක් ඉදිකිරීමට තීරණය කළහොත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට මොනවාද කියන්නේ. එම නිසා මෙම තීන්දුව ගන්න තිබුණේ ඉන්දියාවට තම තීරණය දැනුම් දීමටත් පෙරයි. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් එන ගල්අඟුරු දුවිල්ල නිසා සෞඛ්‍ය ප්‍රශ්න රැසක් ඇති වෙලා තිබෙනවා. විශේෂයෙන්ම අවට ප්‍රදේශවාසීන් චර්ම රෝගවලට ගොදුරු වෙලා තිබෙනවා. සෞඛ්‍ය ප්‍රශ්න ඇති වී තිබෙනවා. එම නිසා මෙම යෝජනාව පිළිබඳව තවදුරටත් කල්පනා කරන්න' එවිට ජනාධිපතිවරයා කියා සිටියේ මෙම යෝජනාව පසුව සාකච්ඡා කළ යුතු බවයි.

අධිකරණ ක්‍ෂේත්‍රයේ සිටින විනිසුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳව ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කරන ලදී. එහිදී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඊට කැමැත්ත පළ කරමින් පැවැසුවේ එය කඩිනමින් කළ යුතු කරුණක් බවයි. එවිට අමාත්‍ය චම්පික රණවක මහතා පෙන්වා දුන්නේ විනිසුරුවරුන්ගේ වැටුප් වැඩි කළහොත් විශේෂයෙන්ම ඉන්ජිනේරුවන් පවා වැඩි වැටුප් ඉල්ලා සිටිය හැකි බවයි. නමුත් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසුවේ වැටුප් වැඩිකිරීමේ යෝජනාව ක්‍රියාත්මක කළ යුතු බවයි. නඩු ගොඩගැහිලා. ඔවුන්ගේ කාර්යක්ෂමභාවය පිළිබඳව ද අපි සොයා බැලිය යුතුයි. අමාත්‍ය චම්පික රණවක ප්‍රකාශ කෙළේය. නියම කාර්යක්ෂම සේවාවක් ලබාගැනීමට නම් වැටුප් වැඩි කළ යුතුයි. පහසුකම් ලබාදිය යුතුයි. එවිට කාර්යක්ෂමතාව බලාගන්න පුළුවන්. එම නිසා වැටුප් වැඩි කිරීම කඩිනමින් කරමු යැයි අමාත්‍ය රාජිත සේනාරත්න යෝජනා කළේය. එවිට ජනාධිපතිවරයා කියා සිටියේ ශේ‍ර්ෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවන්ගේ වැටුප් පිළිබඳ දත්ත ඇති බවත් ඒවා සකස් කරමින් මෙම වැටුප් වැඩිවීම කළ යුතු බවයි. අමාත්‍ය තිලක් මාරපන පැවැසුවේ අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාළ වැටුප් වැඩිකිරීමේ යෝජනාව සාර්ථක ලෙස සකස් කර ඉදිරිපත් කර ඇති බවයි. එය සාධාරණ බවද ඔහු පැවැසීය. යෝජනා කළ පරිදි වැටුප් වැඩි කිරීම ලබාදිය යුතුයි. සියලු දීමනා සහ වැඩි කළ වැටුප් පිළිබඳ පැකේජයක් සකස් කර එය අනුමත කර විනිසුරුවරුන්ට වැටුප් වැඩි කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය. මෙහිදී ජනාධිපතිවරයා පැවැසුවේ විනිසුරුවරුන්ගේ වැටුප් වැඩිකිරීම පිළිබඳ තර්ක ඉදිරිපත් නොකරන ලෙසත් තර්ක ඉදිරිපත් කිරීම අනුමත කළ නොහැකි කරුණක් බවත් පෙන්වා දුන්නේය.
සෙනසුරාදා ජාතික මිලාදුන් නබි උත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වුණේය.

තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය සංවිධාන කර තිබුණේ යාපනයේය. උත්සවය පිළිබඳ ජනාධිපතිවරයාට නිල වශයෙන් දැනුම් දෙන්නේ පසුගිය කැබිනට් රැස්වීමේදීය. එහිදී ජනාධිපතිවරයා හලීම් ඇමැතිවරයාගෙන් ඇසුවේ මුස්ලිම් ජනතාව බහුලව වෙසෙන ප්‍රදේශයක නොපවත්වා නබි නායක සමරු උත්සවය යාපනයේ පවත්වන්නට තීන්දු කළේ ඇයිද යන්නය. ඒ වන විට සැලැසුම් සියල්ල සකස් වී තිබිණි. යාපනයේ ඔස්මානියා විද්‍යාලයේ එම උත්සවය පැවැත්වුණේය. උත්සවයට ජනාධිපතිවරයා සහභාගි වූයේ නැත. ප්‍රධාන ආරාධිතයා වූයේ කතානායකතුමාය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉරිදා හපුතලේ නගරයේ පැවැති ජනහමුවකට සහභාගිවෙමින් පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කෙළේය.

මෙහිදී කතා කරමින් ජනාධිපතිවරයා කීවේ තමාට හැකියාවක් තිබෙනවා නම් ගෙයක් ගාණේ ගිහින් ශ්‍රී ලනිපයට ඡන්දය දෙන්න කියන බවයි.

දේශපාලනඥයන් හිතුවක්කාරයන් බවට පත් කර වංචාවට, දූෂණයට, හොරකමට, නාස්තියට හා රාජ්‍ය දේපළ අවභාවිතයට ඉඩකඩ ලැබුණේ මනාප ඡන්ද ක්‍රමය නිසා බව කී ජනාධිපතිවරයා එම ක්‍රමය වෙනස් කිරීමට මෙම රජය ක්‍රියා කළ බවද පැවැසීය.

දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨයේ 92 වැනි කණ්ඩායමේ විසිරයෑමේ උත්සවයටද ජනාධිපතිතුමා ඉරිදා සහභාගි විය.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රිවරුන් ඇතුළු සාමාජිකයෝ 31 දෙනකු ජනාධිපතිට සහාය දැක්වීමට එක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 4 දෙනකු, පළාත් සභා මන්ත්‍රිවරුන් 7 දෙනකු සහ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් දෙදෙනකු ඒ අතර වූ බවද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

දිමුතු අබේකෝන්, ආර්.පී. ඒ. රණවීර, එස්.කේ. සුබසිංහ සහ අංජාන් උම්මා එලෙස ජනපතිට සහාය දැක්වීමට එකතු වූ හිටපු මන්ත්‍රිවරුන්ය.

ශ්‍රී ලනිප නාම යෝජනා ප්‍රතික්ෂේප වූ දෙහිඅත්තකණ්ඩිය හා පදියතලාව ප්‍රාදේශීය සභා ප්‍රදේශවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුදෙනා සහයෝගය ලබාදෙන්නේ එක්සත් ජාතික පක්ෂය පරාජය කළ හැකි පොදුජන පෙරමුණට බව මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා කියයි.

"එක්සත් ජාතික පක්ෂය ප්‍රාදේශීය සභා ගණනාවක බලය ඇල්ලුවොත් ගෝඨාභය රාජපක්ෂ මහත්තය හිරේ දානවමයි. මම කියනවා දුමින්දට ඔය බබා දේශපාලනය නවත්තන්න කියලා. අපි කියනවා නාමල්ට ළපටි දේශපාලනය නවත්තන්න කියලා" යනුවෙන්ද ඔහු කියා සිටියේය.මීට සමාන කතාවක් බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය ප්‍රකාශ කළේය. ඔහු කීවේ මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන අනුශාසක බැවින් ස්වකීය ඡන්ද ව්‍යාපාරය සඳහා මහින්ද රාජපක්ෂගේ ඡායාරූප යොදාගත හැකි බවය. මේ කතාවට අමාත්‍ය එස්.බී. දිසානායක විසින් ලබාදී තිබුණු පිළිතුර තියුණු එකක් විය. ඔහු ඉසුර දේවප්‍රියගේ කතාව ප්‍රතික්ෂේප කළා පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබෙන්න යන ඡන්ද ටිකත් නැති නොකරන ලෙසට අවවාදයක්ද කර තිබුණේය.

පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද නාම යෝජනා ප්‍රතික්ෂේප වූ
ආයතනවලදී කිසිදු දේශපාලන පක්ෂයකට සහාය නොදැක්වීමට එම පක්ෂය තීරණය කර ඇත. එම පක්ෂ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාමේ බව කියා සිටියේය.

මුල් අදියරයේ නාම යෝජනා කැඳවූ ආයතන 93 සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද නාම යෝජනා පත්‍ර 06ක් ප්‍රතික්ෂේප විය.
ශ්‍රී ලනිපය එක පැත්තකින් මැතිවරණ සටනට පිවිස සිටින අතර

ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වය නියෝජනය කරන එජාපයද සටනට පිවිස සිටී. අගමැතිවරයාද මේ වනවිට මහජන රැලිවලට සහභාගි වෙමින් සිටී. මේ මැතිවරණය එජාපයට වැදගත් වන්නේ මෙහි ප්‍රතිඵලය එම පක්ෂයේ අනාගතයට දැඩි බලපෑමක් කරන නිසාය.

මේ අතර රාජගිරියේ ඉදිකෙරෙන නව ගුවන් පාලමේ අවසන් අදියරේ කටයුතු නිරීක්ෂණය කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා උදේ
ගියේය.

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල, ඇමැති චම්පික රණවක හා ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන් ඒ සඳහා අගමැතිවරයාට ඇරැයුම් කර තිබිණි.
"වැඩේ ඉතා හොඳයි. පරක්කු නොකර අවසන් කරන්න ඕනෑ. දවසක් මමත් මෙතැන හුඟ වේලාවක් හිර වුණා" අගමැතිවරයා කීය.

වැඩ 95%ක් දැන් අවසන්. ඉතා කෙටි කලෙකින් මේක ජනතා අයිතියට පත්
කළ හැකියි. හර්ෂ ද සිල්වා කීවේය.

"රාජගිරියේ ගුවන් පාලම බි්‍රතාන්‍ය යකඩ පාලම් ව්‍යාපෘතිය යටතේ ලබාගත් මීටර් 533ක් දිග මන්තීරු හතරේ එකක්. රු. දස ලක්ෂ 4514ක් මේකට වැය කළා. චම්පික රණවක හා හර්ෂත් මේ වැඩේට හුඟක් මහන්සි වුණා. වාහන තදබදයට ඒක ලොකු විසඳුමක් වේවි" ලක්ෂ්මන් කිරිඇල්ල අගමැතිවරයාට කීවේය.

අගමැතිවරයා අරලියගහ මැඳුරට පැමිණෙන විට මැති ඇමැතිවරු පිරිසක්ද එහි පැමිණ සිටියහ. සහන මල්ල ගැන කතාබහ ආරම්භ වුණේ ඒ අතරේයි.
"මම බලන්නේ මේ බඩු මල්ල හරියට බෙදා හැරීම කෙරෙනවද කියලයි. බඩු මිල අභියෝගය ආවාම මම වගකීම භාරගත්තා. බඩු මිල ප්‍රශ්නය උග්‍රවුණේ නියඟය හා ගංවතුර නිසා මිසක් ආණ්ඩුවේ ප්‍රශ්නයක් නිසා නෙවෙයි. බඩු බෙදාහරින්න සතොස වගේම සුපර් මාර්කට් චේන් එකත් අෑ¼දා ගන්නවා. මේක හරියන්න දින කිහිපයක් යාවි. කොමිටි දාලා විතරක් බඩු මිල අඩුකරන්න බෑ" අගමැතිවරයා කීය.

රුසියාවෙන් පැනවූ තේ තහනම රටම රත් කළ සිදුවීමක් වුණා.

"රුසියාව අපේ තේ හා තව භාණ්ඩ එකපාරටම තහනම් කිරීම ලොකු ප්‍රශ්නයක්. ඒක ඉක්මනින් විස¼දා ගන්න වේවි. අපේ සුළු අපනයන බඩුවලටත් මේක බලපාන්න බැරි නෑ" දයා ගමගේ ඇමැතිවරයා කීය.

"කුරුමිණියා නිසා තේ නැවැත්තුවට අනෙක් ඒවා නැවැත්වීම

අසාධාරණයි. එයාලගෙ ඇස්බැස්ටෝස් අපි නවත්තන්න තීන්දු කිරීම මේකට

බලපෑවද දන්නෙ නෑ. ඒත් රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවලින් ප්‍රශ්නය ඉක්මනින් විස¼දා ගන්න පුළුවන් වේවි කියලා හිතනවා" අගමැතිවරයා කීය. ජනාධිපතිවරයාගේ අදහස වී තිබුණේ ශරීරයට අතිශය අහිතකර ඇස්බැස්ටස් කෙඳි ඇත්තේ සුදු ඇස්බැස්ටෝස්වල බවය. එහෙත් නිල් ඇස්බැස්ටෝස්වල ඒ අහිතකර තත්ත්ව අවම හෙයින් නිල් ඇස්බැස්ටෝස් ආනයනය කිරීමට ඇති ඉඩකඩ පිළිබඳ සලකා බැලිය හැකි යැයි ජනාධිපතිවරයා කීවේය.

මෙරට දී රු. බිලියන කිහිපයක් විශුද්ධිකරණයට යොමුකර පොලිසියට හසුවූ රුසියානු ජාතිකයකු සතිපතා පොලිසියට වාර්තා කළ යුතු පසුබිමක

අතුරුදන්වීම හා මෙරටට රුසියානු නැවක් විකිණීමට පැමිණි පිරිසක් සමඟ ඔහු පලාගිය බවට මතුවූ සැකය ගැන පුවත්පත් දෙකක පසුගියදා ප්‍රවෘත්ති පළවිණි. එම ප්‍රවෘත්තිය ගැන විදේශ අමාත්‍යාංශ ඉහළ නිලධාරියකු එම පුවත්පත්වලට කරුණු දක්වා නිවේදන එවීම හා ඒ ගැන කිසිවක් විදේශ ඇමැතිවරයාද

නොදැන සිටීම ගැන අගමැතිවරයාට දැනුම් දුන්නේ රාජ්‍ය මාධ්‍යක ප්‍රධානියෙකි. එය ඇසූ අගමැතිවරයාට කේන්ති ගියේය.

"මොකක්ද ඒ රුසියානුවා රකින්න විදේශ අමාත්‍යාංශයට ඇති රුදාව"

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අගමැතිවරයාගෙන් ප්‍රශ්න කළේය.

"මේ වගේ වැඩවලට බුරුලක් දෙන්න නරකයි. විදේශ අමාත්‍යාංශ නිලධාරි මාෆියාවට ඉඩදෙන්න නරකයි" කිරිඇල්ල මහතා වැඩිදුරටත් කීය.

"ඒක මතක් කළ එක හොඳයි. විදේශ ඇමැතිටත්, අමාත්‍යාංශ ලේකම්ටත් නිලධාරියාටත් එන්න කියලා පරීක්ෂණයක් කරන්න කියලා හුඟදෙනෙක් මට කිව්වා."අගමැතිවරයා පිළිතුරු දුනි.

"පොහොට්ටුවට නාම යෝජනා හදාගන්නත් බැරි බව ඔප්පු වුණා. ඒ අස්සෙ ගිය මහ මැතිවරණයේදී ලැබුණු ප්‍රතිඵල අනුව ආයතන 200කට වඩා දිනන්න පුළුවන් කියලත් පිටරට ආධාර අරන් ගම දියුණු කරන බවත් බැසිල් මහත්තයා කියනවා." මන්ත්‍රි චමින්ද විජේසිරි කීය.

"පිටරටින් සෘජු ආධාර ලබාගන්න පළාත් පාලන ආයතනවලට තියා පළාත් සභාවලටත් බැහැ." අගමැතිවරයා කීය.

පසුගිය සතියේ මැලේසියානු අගමැතිවරයා ලංකාවේ සංචාරයක නිතර වුණේය. මැලේසියානු ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ඒ.ජේ.එම්. මුසාමිල්ය. අගමැතිවරයා සමඟ ලංකාවේ සංචාරයට ඔහුත් පැමිණ තිබිණි. මැලේසියන් අගමැතිවරයාට කකුළුවන් සහිත ආහාර වේලක් ලබාගැනීමට අවශ්‍ය විය. ඔහුට අවශ්‍ය වූයේ සුපිරි තරු හෝටලයක් නොව, සාමාන්‍ය මට්ටමේ අවහන්හලකට ගොස් එම ආහාරවේල ගැනීමටය. "හොඳ තැනක් තියෙනවා. අපි 'මිනිස්ටි්‍ර ඔෆ් ක්‍රැබ්ස්' යමු. මුසම්මිල් කීවේ කොටුව පැරැණි ලන්දේසි රෝහලේ

නවීකරණයෙන් පසු ඉදිකර තිබූ ලංකාවේ හිටපු ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයන්

දෙදෙනකුට හිමි අවන්හලක නමකි. එහෙත් මැලේසියානු අගමැතිවරයා එක්වරම යම් වික්ෂිප්තභාවකට පත්වුණේය. "ඔයාලගෙ එහෙම මිනිස්ටි්‍රයක් තියෙනවද?" අවන්හල ගැන මුසම්මිල් තවදුරටත් කරුණු පැහැදිලි කළේය. මැලේසියානු අග්‍රාමාත්‍යවරයාත් අමාත්‍යවරු තුන් දෙනකුත් ඇතුළු හත් දෙනෙක් අවන්හල වෙත ගියහ. ආහාර වේලෙන් තෘප්තිමත් වූ මැලේසියානු අගමැතිවරයා මේ අවන්හලේ ශාඛාවක් මැලේසියාවේ ක්වාලාලාම්පූර්වල විවෘත කිරීමට ආරාධනා කළේය.

පසුගිය සති අන්තයේ අගමැතිවරයා නිවිතිගල නගරයටත් අනතුරුව රත්නපුර නව නගරයටත් පැමිණි අතර රු. ලක්ෂ 1600ක වියදමින් ඉදි වූ නිවිතිගල පොදු බස් නැවැතුම්පළ සහ සතිපොළ විවෘත කිරීම සඳහා ඇමතිනී තලතා අතුකෝරළ අගමැතිවරයාට ඇරයුම්කර තිබුණි. අගමැතිවරයා කැටිව තලතා අතුකෝරල ඇමැතිවරිය උත්සව භූමියට පැමිණි අතර, දුනේෂ් ගන්කන්ද, ඒ.ඒ. විජේතුංග, හේෂා විතානගේ යන රත්නපුර දිස්ත්‍රික්කය

නියෝජනය කරන එජාප මැති ඇමැති මන්ත්‍රි පිරිස අගමැතිවරයා ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.

එම වේදිකාවේ සිටි ආරාධිතයන් දෙදෙනකු වෙත උත්සවයට පැමිණ සිටි එක්සත් ජාතික පාක්ෂිකයෝ බලා සිටියේ තරමක කුතුහලයෙන්. ඒ සබරගමු පළාත් සභාවේ ආණ්ඩුකාර නීතිඥ මාර්ෂල් පෙරේරා සහ මහින්ද රාජපක්ෂ යුගයේ සබරගමු පළාතේ ආණ්ඩුකාරවරයකු ලෙස කටයුතු කළ ඩික්සන් දෑල යන මහත්වරු දෙසයි. මාර්ෂල් පෙරේරා, රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරාගේ පියා වන අතර, ඩික්සන් මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග ප්‍රදීප් දෑලගේ පියාණන්ය.

මේ දෙදෙනා අතරින් ඩික්සන් දෑල මහතා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ සමීපතම මිතුරකු මෙන්ම රාජපක්ෂ මහතා සමඟ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ එකම පන්තියේ අකුරු කළ අඹ යාළුවෙක්ය.

සිය කතාව අතරතුර තලතා අතුකෝරල මහත්මිය ඩික්සන් දෑල මහතාගේ නම සඳහන් කළ අතර, ඒ අනුව අගමැතිවරයා වේදිකාවේ අසුන්ගෙන සිටි ඩික්සන් දෑල මහතා දෙස බලමින් ආචාර කළේය. අසුනෙන් නැඟී සිටි දෑල මහතා දෑතම එක්කොට අගමැතිවරයාට සමාචාර දැක්වීය. අදහස් දක්වන අතරතුරේ මාර්ෂල් පෙරේරා මහතා සඳහන් කළේ මෙවන් පොදු කටයුතුවලදී දේශපාලන වාද භේදවලින් තොරව එම අවස්ථාවන්ට සහභාගි වීම තම පිළිවෙත බවය.

මෙවර පොදුජන පෙරමුණේ අවසන් තෝරා ගැනීම වී ඇත්තේ හිටපු නගරාධිපතිවරයකු මෙන්ම නාගරික කොමසාරිස්වරයකු ද වන ඕමාර් කාමිල්ය. ඔහු 1997දී කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස පත්වූ අතර ඉන්පසු 1999 වසරේදී නගරාධිපතිවරයා ලෙස පත් විය. 2006 වසරේ සිට කාමිල් මහතා නාගරික කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ අතර මේ නිසා පොදුජන පෙරමුණ කොළඹට සුදුසුම අපේක්ෂකයා තෝරාගෙන තිබෙන බව දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක් විය.
එහෙත් අවසාන මොහොතේ සියල්ල වෙනස් විය. ඕමාර් කාමිල් සිය

අපේක්ෂකත්වය භාර ගැනීමට සූදානම් නැති බවට ආරංචි ලැබෙන්නේ පෙරේදාය. මේ ස්ථාවරය වෙනස් කර ගැනීමට බොහෝ දෙනා කතා කළත් ඔහු කියා තිබුණේ තමන් මේ තනතුර භාර නොගන්නේ පවුලේ උදවියගේ ඉල්ලීම නිසා බවය. අවසානයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඕමාර් සොයා ඔහුගේ නිවෙසට ගියේය.

හිටපු ජනාධිපතිවරයාව පිළිගෙන කෙටි පිළිසඳරකින් අනතුරුවම ඕමාර්ගේ බිරිය කතාවට ප්‍රවේශ වුණාය.
"ජනාධිපතිතුමනි මේ රටේ හැම දේශපාලන නායකයාටම වඩා අපි ඔබතුමාට ගරු කරනවා. ඒත් ඕමාර් ඡන්දෙ ඉල්ලනවට අපි පවුලක් හැටියට එකඟ නෑ. එයා මෙච්චර කල් දේශපාලනය කළා. අපිට අපේ පෞද්ගලික ජීවිතවලින් සෑහෙන කාලයක් ඒකට ඉන්න නැති වුණා. ඉතිරි කාලය පවුලක් විදියට එකට ගත කරන්න ඕන. ඒකයි සර් එයාව ඡන්දෙට යවන්නෙ නැතිව ඉන්න අපි පවුලක් විදියට කල්පනා කළේ"

මහින්ද කතාව ඇරැඹුවේය. "ඕමාර් කියන්නේ කොළඹ ජනතාවට වැඩ කරන්න හොඳ නායකයෙක්. අපි ඒකයි ඕමාර්ව අපේ අපේක්ෂකයා විදියට යෝජනා කළේ" මේ කතාව අතර ඕමාර්ගේ පුත්‍රයාත් කතාවට මැදිහත් විය.

"සර්, බැරිවෙලාවත් ඡන්දෙන් තාත්තා පැරැදුණොත් මොකද වෙන්නේ"

"එතකොට එයා විපක්ෂ නායක වෙනවා" පිළිතුරු දී මහින්ද සිනාසුණේය.

"ඉතින් ඒක වැඩක් නෑනේ සර්...."

"ඕක මොකද්ද දරුවො.... මේ රටේ විධායක ජනාධිපතිවරයා වෙලා හිටිය මම මේ දැන් කුරුණෑගල මන්ත්‍රි වෙලා ඉන්නේ. එහෙම තමයි දේශපාලනයේ හැටි" හිටපු ජනාධිපතිවරයාගේ කතාවට සියල්ලෝම එක්ව සිනාසුණහ. "ඔයාලා පවුලක් විදියට ගත්තු තීන්දුවක් මේක. ඔයාලාගේ පෞද්ගලිකත්වයට ඇඟිලි ගහන්න මට බැහැ. මේ තීන්දුව පිළිබඳ ඕමාර් එක්ක මගේ කිසිම ගැටලුවක් නෑ. අවසානයේ මහින්ද කීවේය. මහින්ද ඕමාර්ගෙන් සමුගත්තේ තවත් ටික වේලාවක් සුහද පිළිසඳරක යෙදීමෙන් අනතුරුවය.

එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ නගරාධිපති අපේක්‍ෂක ධූරයට රෝසි සේනානායක ඉදිරිපත් වෙයි.

එජාප පාක්ෂිකයන් පවසන්නේ එජාපයේ බලකොටුවක් වන කොළඹ නගර සභාව, එජාප රජයක් යටතේම කෙසේ හෝ දිනාගත යුතු බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ෆේරියල් අෂ්රොෆ් මහත්මිය ඉදිරිපත් කිරීමේ සූදානමක් පැවැතියද මේ වනවිට ඔවුන්ගේ තෝරා ගැනීම වී ඇත්තේ අසාද් සාලිය. ඔහු හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයකුද වන අතර කෙසේ වෙතත් ඔහු තවමත් ඒ සඳහා කැමැත්ත පළ කර නොමැත. එදිරිසිංහ පවුලේ දීපා එදිරිසිංහ මහත්මිය ඉදිරිපත් කිරීම කෙරෙහිද ශ්‍රී ලනිප නායකත්වයේ අවධානය යොමුව ඇති අතර එහෙත් ඒ සඳහා ඇත්තේ ඉතා සීමිත ඉඩකි.

වසර තුනක් පමණ දිග්ගැසෙමින් තිබුණු පුංචි ඡන්දයට දැන් දින නියම වී තිබේ. ලබන වසරේ පෙබරවාරි මස 10 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා භාරගැනීම පසුගිය බ්‍රහස්පතින්දා දහවල් ‍ෙදාළහට අවසන් කෙරිණි. ඒකාබද්ධ විපක්ෂයේ සෑම කෙනෙක්ම පාහේ පසුගිය සති දෙක පුරාම වෙහෙසුණේ නාම යෝජනා භාරදීමේ ක්‍රියාවලිය සාර්ථක කරගැනීමටය.

පොදුජන පෙරමුණ පළමු වටයේ භාරදුන් නාම යෝජනාවලින් හයක්

ප්‍රතික්ෂේප වී තිබීම නිසා පසුගිය සතිය පුරා දැඩි වෙහෙසක් දරමින් දෙවැනි වටයේ නාම යෝජනා සැකසීමට සිදුව තිබිණි. එම ආයතන හයේම නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබුණේ සුළු සුළු දෝෂ හේතුවෙනි. එම නිසා

ප්‍රතික්ෂේප වී තිබුණු නාම යෝජනා සම්බන්ධයෙන් හැකි ඉක්මනින් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහින්ද බැසිල්ට උපදෙස් දුන්නේය.

එසේම දෙවැනි වටයේ නාම යෝජනා නිසි ලෙස සැකසීම සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ නායකයෝ දැඩි අවධානයකින් යුක්තව කටයුතු කළහ. ජාතික නාම යෝජනා මණ්ඩලයේ සාමාජිකත්වය දරන අතරම ගම්පහ දිස්ත්‍රික්කයේ නාම යෝජනා සැකසීමේ ප්‍රධාන වගකීමද ඉසිලුවේ ප්‍රසන්නය. ඔහුගේ දෙවැනි දියණියගේ උපාධි ප්‍රදානෝත්සවයද පසුගිය සතියට යෙදී තිබීම නිසා ප්‍රසන්න මුහුණ දී සිටියේ උභතෝකෝටිකයකටය.

මේ අතරතුර මහින්ද දිනක් ප්‍රසන්නට දුරකතනයෙන් ඇමතුවේය.

"කොහොමද ප්‍රසන්න වැඩකටයුතු? මහින්ද ඇසුවේය.

"කරගෙන යනවා සර්. දැනට නම් ගැටලුවක් නැහැ" ප්‍රසන්න උත්තර දුන්නේය.

"දුවගේ උපාධි ප්‍රදානෝත්සවය තියෙනවා නේද..? ප්‍රසන්න ඒකට යන්නේ නැද්ද..? මහින්ද ඇසුවේය.

"නෑ සර්. නාම යෝජනා හදන්න තියෙන නිසා මට යන්න වෙන්නේ නැහැ" ප්‍රසන්න පැවැසීය.

"එහෙම කරන්න එපා. ඔයා යන එක අපිට පාඩුයි තමයි. හැබැයි දරුවන්ගේ වැඩවලටත් අපි මුල්තැන දෙන්න ඕනේ. ඔයා පුළුවන් තරම් ඉක්මනට ඔය වැඩටික කරලා එක දවසකට හරි ගිහින් දුවගේ වැඩේටත් සහභාගි වෙන්න." මහින්ද උපදෙස් දුන්නේය.

ඒ අනුව ප්‍රසන්න පසුගිය සතියේ විදේශගත වූයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු නාම යෝජනා සැකසීමට දායකත්වය ලබාදීමෙන් අනතුරුවය. විදේශගත වීමට පෙර නාම යෝජනා සැකසීම ගැන සොයා බැලීම ඩුලිප් විජේසේකරට පවරන්නට ප්‍රසන්න කටයුතු කළේය.සියලු දේශපාලන පක්ෂ නාම යෝජනා සකසමින් සිටින අතරතුර

නියෝජ්‍ය ඇමැති නිමල් ලන්සා පසුගිය සතියේ සිය ධුරයෙන් ඉල්ලා අස්විය. ඉල්ලා අස්වීමට පෙර ලන්සා මීගමුව ආසනයේ පළාත් පාලන ආයතනවලට පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන නාම යෝජනා සැකසීමට දායකත්වය ලබාදුන්නේ දුරකතනය මඟින් ප්‍රසන්න සමඟ සම්බන්ධ වෙමිනි. මෙතෙක් කල් අමනාපයෙන් සිටි ලන්සා සහ සරත් කුමාර ගුණරත්න දෙදෙනාම එකතුව මෙවර නාම යෝජනා සැකසීමට දායකත්වය ලබාදුන්හ. ඇමැති ධුරයෙන් ඉවත් වූ අඟහරුවාදා සවස ලන්සා මහින්දට දුරකතන ඇමතුමක් ගෙන කීවේ "සර් මම ඇමැතිකම ගත්තම ආවේ කෝල් 53යි. හැබැයි ඇමැතිකමෙන් අයින් වුණා කිව්ව ගමන් කෝල් දාහකට වඩා ආවා සුබපතලා. මට උත්තර දී ගන්න බැරි තරම් කෝල් එනවා." කියාය.

අඟහරුවාදා සවස විජේරාම පෙදෙසේ පිහිටි මහින්දගේ නිල නිවෙසේ ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. දිනේෂ්,
විමල්, ගම්මන්පිල, රෝහිත, පවිත්‍රා ඇතුළු පිරිසක් එම සාකච්ඡාවට එක්ව සිටියහ. එහිදී මහින්ද පෙන්වා දුන්නේ පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීමේ වැදගත්කමය.

"මේක ජනාධිපතිවරණයක්, මහ මැතිවරණයක් තරමටම තීරණාත්මක මැතිවරණයක්" මහින්ද පෙන්වා දුන්නේය.

ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් කෙරෙන පොදුජන පෙරමුණේ නාම යෝජනා භාරදීම සිදුකෙරුණේ බ්‍රහස්පතින්දාය. කලින් දින වනවිට පොදුජන පෙරමුණේ නායකයන් හට දැනගන්නට ලැබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානීන්ගේ මෙහෙයවීමෙන් පොදුජන පෙරමුණේ නාම යෝජනා ප්‍රතික්ෂේප කරවීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවය. ඒ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින්නැයි සියලු දිස්ත්‍රික් නායකයන්ට දැනුම් දී තිබිණි.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, මහර සහ මිනුන්ගොඩ යන පළාත් පාලන ආයතනවල නාම යෝජනා කෙසේ හෝ පරාජය කරවීමට

කටයුතු කරන ලෙසට නිදහස් පක්ෂයේ ප්‍රබලයකු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ වෙත දැනුම් දී තිබිණි. ඒ අනුව කටයුතු කළ සුදර්ශනී ගම්පහ දිස්ත්‍රික්කයේ නාම යෝජනාවලට විරෝධතා ගොනු කළද ඒවා සියල්ල ප්‍රතික්ෂේප කරගැනීමට පොදුජන පෙරමුණට හැකිවිය.

ගම්පහ දිස්ත්‍රික්කයේ නාම යෝජනා භාරදීමෙන් අනතුරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් පිටතට පැමිණි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ අදහස වූයේ ඒකාබද්ධ විපක්ෂය සමඟ සමඟියට ගත් උත්සාහය අසාර්ථක වූ තැන පටන් පොදුජන පෙරමුණේ ජයග්‍රහණය වැළැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතාමත් පහත් අන්දමේ කුමන්ත්‍රණ පවා කරමින් සිටින බවය.

නාම යෝජනා භාරදීමෙන් පසුව ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවෙසේදී මුණගැසුණහ. එහිදී මහින්ද පෙන්වා දුන්නේ නාම යෝජනා අවසන් බැවින් මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම ආරම්භ කිරීමේ වැදගත්කමය. එසේම ගමට නියෝජිතයකු පත්කරන මැතිවරණයක් නිසා ගමට මූලිකත්වය දෙමින් මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමේ වැදගත්කමද මහින්ද පෙන්වා දුන්නේය.

ජනතා විමුක්ති පෙරමුණ මෙවර මැතිවරණයේදී මීට පෙර තරග නොකරන ලද උතුර නැඟෙනහිර පළාතේ දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතන සඳහා තරග කිරීමට නාම යෝජනා භාර දුන්නේය. මෙම පළාත් දෙකේ දිස්ත්‍රික්ක ස½දහා නායකත්වය දෙන්නේ ජවිපෙ මන්ත්‍රිවරුන් වන සුනිල් හඳුන්නෙත්ති සහ බිමල් රත්නායකය.

මඩකළපුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල

අපේක්‍ෂකයන්ගේ හමුවක් පසුගිය සතියේ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රිවරයාගේ ප්‍රධානත්වයෙන් කාත්තන්කුඩිහිදී පැවැත්විණි.
"අපි මීට කලින් මේ පළාත් පාලන ආයතනවලට තරග කරලා නැහැ. නමුත් මේ මැතිවරණයේදී අපිට මේ පළාත්වල ජනතාවගෙන් ලොකු සහයෝගයක්ලැබෙනවා. ඒ නිසා අපිට මේ මැතිවරණයේදී ලොකු පහසුවක් වෙලා තියෙනවා. ඇත්තටම මුස්ලිම් ජනතාව මේ තරමට ජවිපෙට ළං වුණේ මොකද කියලා මම කල්පනා කරනවා" සුනිල් හඳුන්නෙත්ති කීවේය.

කාත්තන්කුඩි නගර සභාවේ ජවිපෙ කණ්ඩායම් නායකයා වෘත්තියෙන් ඉන්ජිනේරුවෙකි. ඔහු මුජීබ් ඊබ්‍රාහිම්ය.

"මුස්ලිම් ජනතාව වෙනුවෙන් අපේ නායකයෝ පක්ෂ හැදුවා. ඒ අය පක්ෂ හදාගත්තේ ඡන්දෙ

ඉල්ලන්න විතරයි. ඡන්දෙ අරන් ගියාට අපි ගැන කතා කළේ නැහැ. නමුත් ජවිපෙ අපෙන් ඡන්දෙ ඉල්ලගෙන ආවේ නෑ. නමුත් අපේ ප්‍රශ්න ගැන පාර්ලිමේන්තුවේදී, පළාත් සභාවේදී, පාරේ සටනේදී කතා කළා. ඒ නිසා ජනතාව තේරුම් අරගෙන තියෙනවා ජවිපෙ කියන්නේ කවුද කියලා". ඊබ්‍රාහිම් කීවේය.

"මුස්ලිම් කාන්තාවන්ගේ
දේශපාලනය ගැන උනන්දුව ගොඩක් අඩුයි. ඒ අයගේ

සහයෝගය අපිට ලැබෙයිද? හඳුන්නෙත්ති විමසීය.

"ඒ අය අපිටත් කලින් ෆේස්බුක් එකේ වැඩ පටන් අරන්" එසේ කීවේ එරාවුර් කණ්ඩායමේ නායක බුහාරිය.

"ඔබතුමාලා උතුරු නැඟෙනහිර වෙන් කරන සටනේ ලොකු වැඩක් කළා. නැත්නම් අපිට වැඩකර ගන්න යාපනයට යන්න වෙනවා. රටඉදි බදු වැඩි කළාම පාර්ලිමේන්තුවේ කතා කළා. සයින්ද මදුරු ප්‍රාදේශීය සභා ප්‍රශ්නෙදි විජිත මන්ත්‍රිතුමා පාර්ලිමේන්තුවේ කතා කළා. ගිංතොට ප්‍රශ්නෙ ගැන නායකතුමා කතා කළා. හැම වෙලාවෙම ජාතිවාදී නොවී සියලුම ජනතාව ගැන කතා කරන්නෙ ජවිපෙ. ඒ නිසයි අපි කැමැති" බුහාරි වැඩිදුරටත් කීවේය.

ජනතා විමුක්ති පෙරමුණේ පළාත් පාලන අපේක්‍ෂකයන්ගේ ජාතික මහ සමුළුව පසුගිය ඉරිදා දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. එම අවස්ථාවට ආරාධිතයන් ලෙස පූජ්‍ය පක්ෂය, ආරියවංශ රණවීර ඇතුළු කලාකරුවන් පිරිසක් සහ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු

ඇතුළු විද්වත් වෘත්තිකයන් විශාල පිරිසක් සහභාගි වූහ. එහිදී ආරාධිත දේශකයන් ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති, කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍ය පීඨයේ මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, පරිසරවේදී වෛද්‍ය ප්‍රසන්න කුරේ, පළාත් පාලන

අපේක්‍ෂකයන් ඇමතීය. මෙහිදී පක්ෂයේ ජාතික සංවිධායක බිමල් රත්නායක විසින් පළාත් පාලන අපේක්‍ෂකයන් සඳහා වන කරුණු 12කින් යුත් ආචාර ධර්ම පද්ධතියක් ඉදිරිපත් කළේය. ජවිපෙ සියලුම පළාත් පාලන අපේක්‍ෂකයෝ එම වගන්ති කියවා එකඟ බවට ප්‍රතිඥා ලබා දුන්නෝය.

පක්ෂයේ සියලු මහජන නියෝජිතයන් විසින් ප්‍රතිපත්තියක් ලෙස මෙතෙක් අනුගමනය කළ මහජන නියෝජිතයන්ගේ වැටුප් හා දීමනා පෞද්ගලිකව පරිහරණය නොකිරීමේ ප්‍රතිපත්තියට අනුව කටයුතු කරමින් වැටුප් හා දීමනා දිස්ත්‍රික් පදනමින් කරනු ලබන මහජන සේවා සඳහා පොදු අරමුදලකට බැර කිරීම, පළාත් පාලන ආයතන මඟින් සිදුකරනු ලබන සංවර්ධන කාර්යයන්හිදී මහජනතාවට ලබාදිය යුතු සියලු තොරතුරු ලබාදෙමින් විශේෂයෙන් මූල්‍ය පරිහරණයේදී විනිවිද භාවයෙන් යුතුව කටයුතු කිරීම, සංවර්ධනය සඳහා වෙන්කරනු ලබන මහජන ධනය සෑම රුපියලකටම වඩා වැඩි වටිනාකමක් දෙමින් කොන්ත්‍රාත් දේශපාලනය වෙනුවට ස්වේච්ඡා සේවය සඳහාම කැපවීම ඇතුළු කරුණු 12ක් එම ආචාර ධර්ම පද්ධතියට ඇතුළත් වූයේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon