30

කොළඹ

කුකුල් කේන්තිකාර සෙබලා මිහින්තලා පුදබිමේදී පෙම්වතියට ගහලා, පෙම්වතිය පොලිසියට ඔක්කොම කියලා

ගොසිප්

සරසවි අධ්‍යාපනයට සුදුසුකම් ලබා සිටින පෙම්වතියට මිහින්තලා පුදබිමේදී බැණ වදිමින් විවිධ පිරිස් බලා සිටියදී පහරදුන් යුදහමුදා සෙබලෙකු මිහින්තලය පොලිසිය නිලධාරින් විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පොලිස් ඇපමත මුදාහැර තිබේ.

මිහින්තලා පූජා භූමියේ පුරාවිද්‍යා කාර්යාලය ආසන්නයේදී සැකකාර යුද හමුදා සෙබළා පෙම්වතියට පහරදී තිබෙන අතර එම සිද්ධිය දුටු පුරාවිද්‍යා සේවකයන් පිරිසක් ඔහු අල්ලාගෙන මිහින්තලය පොලිස්ථානයට බාරදී තිබේ.

යුද හමුදා සෙබළා හා තරුණිය මිහින්තලය විහාරස්ථානය වැදපුදා ගැනීමට යන අවස්ථාවේ කිසියම් සිදුවීමක් මුල්කර ගනිමින් බහින්බස්වී ඇති බවත් කුකුල් කේන්තිකාරයෙකු වන සැකකරු ඒ අවස්ථාවේ පෙම්වතියට පහරදී ඇති බවත් පොලිසිය පවසයි.

පහරකෑමට ලක්වු තරුණියගේ මව පියා නොමැති බවත් සැකකරු සමග කලකසිට පෙම්සබධතාවක් පැවත්වූවත් ඔවුන් දෙදෙනා අතර නිතරම ආරවුල් සිදුවන බවත් පොලිසිය පවසයි. නිරන්තරයෙන් සිය පෙම්වතා තමන් සමග ආරවුල් ඇතිකර ගන්නා බවත් ඔහු තමන්ව මරාදමයි යන සැකයමත වෙන්නොවි සිටිනා බවත් ඇය පොලිසිය හමුවේ පවසා තිබුණාය.

සැකකාර යුද හමුදා සෙබළා මීට වසර දෙකකට පමණ ඉහතදී යුද හමුදා සේවයට එක්වි ඇති බවත් ඔහු අනුරාධපුර සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ සේවය කරන වහගහපුවැව පුලියන්කඩවල කහටගස්දිගිලියේ පදිංචි (20) හැවරදි තරුණයෙකු බව පොලිසිය පවසයි.

ආරවුල සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යුදහමුදා සෙබළාට තරයේ අවවාදකර පොලිස් ඇපමත මුදාහැරි බවත් පහරකෑමට ලක්වූ තරුණියට තුවාල සිදුව නැති බවත් පොලිසිය කියයි.

මිහින්තලය පොලිසියේ ස්ථනාධිපති පී.ජේ.ගුණතිලක මහතාගේ උපදෙස්මත විවිධ පැමිණිලි අංශය සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂන සිදුකරයි.

අනුරාධපුර - මහේෂ් විජේසූරිය


පාස්කු ප්‍රහාරය ගැන සොයන්න විශේෂ පාර්ලිමේන්තු කමිටුවක්

මෝදිට ඇති විශිෂ්ට ජයක්

ඉන්දුනීසියාවත් කැළඹෙයි - ගැටුම් වලින් 6 මරුට, සමාජ මාධ්‍යත් වාරණය කරයි (VIDEO)

Huawei වලින් පස්සේ Hikvision ටත් අමෙරිකාවෙන් සම්බාධක

ඉන්දීය මහමැතිවරණයේ ප්‍රතිපල අද - මෝදී ඉදිරියෙන්

ගම්පහින් - රත්නපුරින් මනුෂ්‍ය ඝාතන 3ක්
ලෝක කුසලානයට ගිය මාලිංග හා ඉසුරු උදාන ඩොලර් 160,000 විකිණේ

අපි කොහොමත් ‘සෙමි ෆයිනල්’ යනවා - එංගලන්ත නායකයා කියයි

2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳ

11:24 AM May 23 2019

ඉන්දීය - පාකිස්තාන තරගයේ ප්‍රවේශපත්‍ර වලට පැය 48ක් යන්න කලින් වෙච්ච දේ මෙන්න

09:35 AM May 23 2019

ඕස්ට්‍රේලියාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගුවන් යානයේදී පිස්සු නටයි,ගුවන් යානාවේ වැසිකිළිය තුළට ගොස් ‍දොර අගුළුදාගෙන

08:38 AM May 23 2019

මෝදිට ඇති විශිෂ්ට ජයක්

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් ප්‍රතිපලය අද (23) නිකුත් කෙරුණා.මේ

12:59 PM May 23 2019

ඉන්දුනීසියාවත් කැළඹෙයි - ගැටුම් වලින් 6 මරුට, සමාජ මාධ්‍යත් වාරණය කරයි (VIDEO)

10:21 AM May 23 2019

ඉන්දීය මහමැතිවරණයේ ප්‍රතිපල අද - මෝදී ඉදිරියෙන්

09:01 AM May 23 2019

ඇමැති රිෂාඩ් බදියුදීන් වැරැද්දක් කර ඇතිනම් ඔහු ගෙදර යැවීමට පමණක් නොව හිරේ යැවීමටත් සූදානම්

ඇමැති රිෂාඩ් බදියුදීන් වැරැද්දක් කර ඇතිනම් ඔහු ගෙදර යැවීමට ප

02:43 PM May 23 2019

රිෂාඩ් බදියුදීන් ඇමතිතුමාට විරුද්ධව ගෙනාපු විශ්වසභංගයට පක්ෂ වුනත් ආණ්ඩුව ඉවරයි විරුද්ධ වුනත් ආණ්ඩුව ඉවරයි

12:04 PM May 23 2019

ත‍්‍රස්ථවාදීන් සොයා දෙන්න මුස්ලිම් ජනතාවට යුතුකමක් හා වගකීමක් තියෙනවා

09:23 AM May 23 2019

පසුගිය කාටුන්

CARTOON ::: 2019-05-22
CARTOON ::: 2019-05-21
CARTOON ::: 2019-05-17

විශ්වාසභංග

2015 අගෝස්තුවේ පිහිටුවාගත් එජාප - ශ්‍රී ලනිප හවුල් ආණ්ඩුවට සිවු වසරක් පිරීමට තව ඇත්තේ මාස දෙක තුනකි. මේ වන විට ශ්‍රී ලනිපය නිල වශයෙන් හවුලෙන් ඉවත් වී සිටියද මේ ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලනිප නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනය. ගෙවුණු කාලය තුළ මේ ආණ්ඩුවේ අගමැතිවරයාට හා කැබිනට් ඇමැතිවරයකුට විශ්වාසභංග ඉදිරිපත් කෙරිණි. මේ වන විට තවත් විශ්වාසභංග දෙකක් කථානායකතුමාට භාරදී ඇත. ඉන් එකක් කැබිනට් ඇමැතිවරයකු වන රිෂාඩ් බදියුදීන්ට එරෙහිවය. අනෙක ආණ්ඩුවට එරෙහිවය.ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් වී ඇත්තේ ප්‍රථම වරටය. ජනතා විමුක්ති පෙරමුණ විසින් එය භාරදී ඇති අතර ඇමැති රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගය ඒකාබද්ධ විපක්ෂය ලෙස හැඳින්වෙන විපක්‍ෂයේ බහුතර මන්ත්‍රි කණ්ඩායම විසින් භාරදී තිබේ.රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙන් ආණ්ඩු පක්‍ෂය වන එජාප මත දෙකකි. ඇතැම් මන්ත්‍රිවරුන් පවසන්නේ ඔවුන් විශ්වාසභංගයට පක්‍ෂ බවය. එහෙත් එජාපයේ ජාතික සංවිධායකවරයා ප්‍රකාශ කර තිබුණේ විශ්වාසභංගයට එරෙහිව කටයුතු කිරීමට ආණ්ඩුව සූදානම් බවයි. කතෝලික ආගමික මැති ඇමැතිවරුන් කිහිපදෙනෙක් විශ්වාසභංගයට පක්‍ෂව කතා කරන්නේ කතෝලික ප්‍රජාවේ විරෝධය එල්ලවේ යැයි සිතා විය යුතුය.ඇමැති රිෂාඩ් පවසා ඇත්තේ ජනාධිපතියි අගමැතියි ඉල්ලා සිටින්නේ නම් ධුරයෙන් ඉල්ලා අස්වන බවය. දේශපාලන සදාචාරයක් තිබේ නම් කියන තුරු නොසිට නම්බු පිටින් ඉල්ලා අස්වූවා නම් ප්‍රශ්නය ඉවරය. අම්ම මුත්තා කිව්වත් ධූරයෙන් ඉල්ලා අස්වන ඇමැතිවරුන් මේ රටේ නැත. බැරිම වුණොත් මිස ඉල්ලා අස්වන්නෙත් නැත. අස්කරන්නෙත් නැත. ඒ මේ රටේ දේශපාලනයේ හැටිය.ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට සහාය නොදෙන බව ශ්‍රී ලනිපයේ භාණ්ඩාගාරික එස්.බී. දිසානායක ප්‍රකාශ කර තිබිණි. ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කර තිබුණේද ඊනියා විශ්වාසභංගය රිෂාඩ් රැකගැනීමට රනිල් සමඟ එකතුවී ගෙන එන්නක් බවය. ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ වෙනම කතාවකි. පාස්කු ඉරිදා ප්‍රහාරයට පොදුවේ ආණ්ඩුව වගකිවයුතු බවත්, රිෂාඩ් බදියුදීන්ද ආණ්ඩුවේ ඇමැතිවරයකු බවය. ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙනාවත්, රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගයට ඡන්දය දීමට එය බාධාවක් කර නොගන්නා බවද ජවිපෙ ප්‍රකාශ කර තිබිණි. මේ විශ්වාසභංගයට ජවිපෙ අස්සන් ලබාගෙන නැතත් ඡන්දය දීමට එය බාධාවක් වන්නේ නැත.ඉකුත්දා පාර්ලිමේන්තුවේ පැවැති විවාදයකදී රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා කියා තිබුණේ ආණ්ඩුව ගෙදර යා යුතු බව විපක්‍ෂය පැවසුවද පාර්ලිමේන්තුවේ 225ම ගෙදර යා යුතුය යන්න පොදු ජනතාවගේ මතය බවය. රාජ්‍ය ඇමැතිවරයා නිවැරැදිය. මේ වන විට පාර්ලිමේන්තුවේ සිටින බොහෝදෙනකු ගැනත් පොදුවේ ආණ්ඩුව ගැනත් පොදු ජනතාව සිටින්නේ බරපතළ කලකිරීමකින්ය.විශ්වාසභංගවලින් පලක් නැත. දැන් කළ යුත්තේ ආණ්ඩුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයකට යෑමය. අවශ්‍ය නම් ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එකවර පැවැත්වීමට වුවද හැකියාව තිබේ. ජනාධිපතිවරණය ඇතුළු සියලු මැතිවරණ තවදුරටත් කල් දැමීමට ආණ්ඩුව සැරසෙන බව විපක්‍ෂය චෝදනා කරයි. ‘ආරක්‍ෂාව‘ පිට දමා මැතිවරණ සිතියම හැකිළීමට යෑම රටට හිතකර නැත. කවරකුට හෝ පාඩම් ඉගෙන ගැනීමට අවශ්‍ය නම් ඉතිහාස පොත පෙරළා බැලිය හැකිය.
වීඩියෝ