logo

28

කොළඹ

නවතම පුවත්

හැමෝම හිකි හිකි ගාන ලංකාවේ ක්‍රමය නියමයි - ICCය ලංකාව නිසා කරන්නේ කැත වැඩක් ද මේක

ගොසිප්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නායකයන් ලෝක නායකයන් වෙන්න පුළුවන්. ඔව් ඔබ හරි ලංකාවේ ක්‍රිකට් ආයතනයේ ඉන්න නායකයින් ගැන ප්‍රශ්න තියෙනවා. ඒ වගේම ඔබේ අතේ තියෙන රූපවාහිනියේ දුරස්ථ පාලකයේ බැට්රිය තාමත් මාරු කළේ නෑ නමුත් ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයින් 4 දෙනෙක් මාරු වුණා. අප දන්නවා එය.

නමුත් මේ කියන්න හදන්නේ කවුරුත් නොදැක්ක නොහිතපු දෙයක් ගැන. ලංකාවේ පවත්වන මැච් එකකට වැස්සම පිට්ටනිය වටේ ඉන්න තරුණයන් 100ක් විතර ඇවිත් ඉටි රෙදි සහ රබර් වලින් මුළු පිට්ටනියම වහනවා. ඒක කරන්නේ විනාඩි 10කටත් අඩු කාලයකදී. නමුත් එංගලන්තයේ මැෂින්, උපකරණ තාක්ෂණය තියෙනවා තමයි හැබැයි එයාලට ලොකු වෙලාවක් යනවා මේ වැඩේට. ඒ වගේම වැස්සට පස්සේ ලොකු කාලයක් යනවා නැවත ක්‍රීඩා කරන්න පිටිය සකස් කරන්න. ඒ වුනාට ලංකාවේ තරුණයන් එකතු වෙලා පැයක් තුළ වැස්ස ඉවර වුණ සැණින් ක්‍රීඩා කරන්න පිටිය සකස් කරලා දෙනවා. අපි මුලින් කිව්වා වගේ ඒ කාලේ ඉඳල ලංකාවේ ක්‍රිකට් ආයතනය විසින් කරපු දෙයක් මේක. ඒ වගේම අපේ පිට්ටනි වටේටම හොඳ කාණු පද්ධතියක් තියෙනවා ජලය නිසි ලෙස ගලාගෙන යන්න. එකයි අපි කිව්වේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නායකයන් ලෝක නායකයන් වෙන්න පුළුවන් කියලා.

අපේ රටේ මේ මැච් එක විකාශනය කරන්න ගත්ත ආයතනය වලට මොකද වෙන්නේ මෙහෙම වැස්සක් නිසා මැච් එකක් නැවැත්තුවම. ඒ වගේම එදා බංග්ලාදේශ, ශ්‍රී ලංකා  මැච් එක බලන්න ආපු බංග්ලාදේශයේ ප්‍රේක්ෂකයන් ඊට පෙර රාත්‍රියේ සිට එක එක තැන් වල ඉඳලා සල්ලි වියදම් කරගෙන ඇවිත් තියෙන්නේ. ඉතින් ICC එකෙන් මේ කරන්නේ ප්‍රේක්ෂකයන්ව වගේම ශ්‍රී ලංකා ක්‍රිකට්වලටත් ලොකු අසාධාරණයක්.

ඇයි ICC එකට බැරි වෙනත් දවසක තරඟ වෙන ක්‍රීඩාංගනයයක හරි පවත්වන්න ඔව් ඇත්ත මේ කාලේ එංගලන්තේ වහින්නේ නෑ. මේක බලාපොරොත්තු නොවුණු දෙයක්. නමුත් ICC එකේ අය එහෙම වුණොත් කියලා කල්පනා කරලා සැලසුම් කලයුතුයි. ඒ වගේම එංගලන්තය තමන්ගේ සත්කාරකත්වය ගැන මීට වඩා සිතා බැලිය යුතුයි. හැමෝම එන්නේ ලෝක කුසලානයට තරඟ කරන්න එයට අවස්ථාව ලබාදීම ICC ය සතු විශාලම වගකීමක්.

අපේ ක්‍රිකට් පිට්ටනි වහිද්දි වහන ක්‍රමයට ලෝකෙම හිනා වුණාට ඒ තරම් සාර්ථක ක්‍රමයක් වෙන කිසිම රටක නෑ. ඉන්දියාවේ කල්කටා පිට්ටන්නියේ නිලධාරීන් විතරයි අපේ ක්‍රමය අනුගමනය කරන්නේ.

තාක්ෂනය එක්ක එංගලන්තය එක්ක අපිට තර්ක කරන්න බැහැ. නමුත් ඔබ දන්නවද පසුගිය සිව් වසර තුළ ශ්‍රී ලංකාව විසින් අන්තර්ජාතික තරඟ 73 ක් පවත්වනු ලැබුවා. එකෙන් තරඟ දෙකක රිසාල්ට් එකක් තිබ්බේ නැහැ . හැබැයි 2014 සිට දිවයින තුළ ටෙස්ට් තරඟ drawn වුණේ නැහැ. අපි මේක කියන්නේ අපේ ක්‍රමය හොඳයි එංගලන්තය මීට වඩා හිතන්න ඕනේ කියලා.

හදිසි ඖෂධ හා එන්නත් ගෙනියන්න ද්‍රෝන තාක්ෂනය යොදාගැනේ

ඊජිප්තු හිටපු ජනාධිපති විත්ති කූඩුවේ ඇදවැටී මියයයි

වෙන්නප්පුව නිවසක් තිබී අභිරහස් මෘත ශරීරයක් සොයාගැනේ

ICC යේ බලපෑම් නිසා ශ්‍රී ලංකාව මාධ්‍ය හමුවට සහභාගි වුණේ නෑ - කණ්ඩායම් කළමණාකාරීත්වය එන්න ඇහුවත් එකට අවස්තාව දීලත් නෑ

මාධ්‍ය හමුව මගහැරියාට දෙනවා කිව්ව කිසිම දඬුවමක් ශ්‍රී ලංකාවට නැහැ

සැප්තැම්බර් 9 වනදා පළාත් පාලන මැතිවරණයට අදාළ පෙත්සම විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණයක්
ගෝඨාගේ ප්‍රතිශෝධන අයදුම්පත විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නෑ - නීතිපති දන්වයි

ICC යේ බලපෑම් නිසා ශ්‍රී ලංකාව මාධ්‍ය හමුවට සහභාගි වුණේ නෑ - කණ්ඩායම් කළමණාකාරීත්වය එන්න ඇහුවත් එකට අවස්තාව දීලත් නෑ

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාව සමඟ පැවැති තරගයේ

06:42 AM Jun 18 2019

මාධ්‍ය හමුව මගහැරියාට දෙනවා කිව්ව කිසිම දඬුවමක් ශ්‍රී ලංකාවට නැහැ

04:35 PM Jun 17 2019

ලංකාව ඕස්ට්‍රේලියාවට පරාදයි - මාලිංග නැවතත් ලංකාවට

01:01 PM Jun 17 2019

ඊජිප්තු හිටපු ජනාධිපති විත්ති කූඩුවේ ඇදවැටී මියයයි

ඊජිප්තු හිටපු ජනාධිපති මොහොමඩ් මොර්සි එරට අධිකරණය තුලදී අදවට

07:14 AM Jun 18 2019

නයිජීරියාවේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 30ක් මරුට

06:15 PM Jun 17 2019

පාප් වහන්සේ තෙල් ලොක්කන්ට අනතුරු අඟවයි

04:53 PM Jun 17 2019

සහරාන් මැතිවරණයට උදව් කළා නම් ජනාධිපති රටට ඇත්ත කියන්න ඕන බත්තරමුල්ලේ සීලරථන හිමි

සහරාන් නැමති රට මළගෙයක් කල මරාගෙන මැරෙන බෝම්බකරුවා වත්මන් ජන

01:08 PM Jun 17 2019

චීනෙන් සිගරට් ගෙනාවොත් එක මොහොතක් මේ ආණ්ඩුවේ ඉන්නේ නෑ

08:55 AM Jun 17 2019

මින් ඉදිරියට අපි කාටවත් ඡන්දය දෙන්නේ නෑ.- අපි තනියම අරගලයක් කරනවා

08:43 AM Jun 17 2019

පසුගිය කාටුන්

CARTOON ::: 2019-06-17
CARTOON ::: 2019-06-14
CARTOON ::: 2019-06-13

ලිච්ඡවි පාලනය

1978දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදූ අගමැති ජේ.ආර්. ජයවර්ධන ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ලෙස පත්විය. ලංකා සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය එන්.එම්. පෙරේරා පොත් පිංචක් ලියමින් අවධාරණය කළේ මේ විධායක ජනාධිපති ධුරය රටට අනතුරුදායක බවය. කල් නොයවා ජේ.ආර්. ජයවර්ධන එන්.එම්.ගේ අනාවැකිය සනාථ කළේය. 1978 සිට ජනාධිපති හා අගමැති එකම පක්ෂයකින් පත් වුවද 2002දී ජනාධිපති හා අගමැති තනතුරුවලට පක්ෂ දෙකක නායකයන් පත්විය. එවැනි අවස්ථාවක් එළැඹුණහොත් එය ව්‍යවස්ථාදායකය හා විධායකය අතර ගැටුමකට මුලපුරනු ඇතැයි ආචාර්ය එන්.එම්. පෙරේරා කල්තියා කියා තිබිණි. 2015 සිදුවූයේ කිසිවකු නොසිතූවකි. පොදු අපේක්ෂක ලෙස ජනාධිපතිවරණයට තරග කළ මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය භාරගැනීම ජනාධිපති - අගමැති ගැටුමකට මුලපුරනු ලැබීය. අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ ලිච්ඡවි රජදරුවන් මෙන් සමඟියෙන් රැස්වී සමඟියෙන් සාකච්ඡා කර සමඟියෙන් විසිර යන බවය. එහෙත් ජනාධිපති - අගමැති ගැටුම වසරින් වසර වර්ධනය වී ඉකුත් ඔක්තෝබරයේ පුපුරා ගියේය. අගමැති ධුරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්කර මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. අධිකරණය දුන් තීන්දුවක් නිසා අගමැති ධුරය යළි රනිල් වික්‍රමසිංහ මහතාට ලැබුණද ගැටුම සමථයකට පත්වූ බවක් පෙනෙන්නට නැත. විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සම්බන්ධව මතුව ඇති ප්‍රශ්නයෙන් පෙනෙන්නේද ඒ ගැටුම පවතින බවය. එහෙත් අගමැති රනිල් වික්‍රමසිංහ පොළොන්නරුවේදී පොසොන් පෝදා ප්‍රකාශ කර තිබුණේ ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය ලිච්ඡවි රජදරුවන් මෙන් වැඩකටයුතු සිදුකරමින් සිටින බවය. අගමැතිවරයා එලෙස පැවැසුවද “ලිච්ඡවි” මොඩලයක් නම් රටට පෙනෙන්නේ නැත. යහපාලනය, සංහිඳියාව වැනි වටිනා සංකල්ප පවා අද විහිළුවට ලක්වී අවසන්ය. “ලිච්ඡවි” කතාව එවැනි විහිළුවක් බවට පත්වීම නොවැළැක්විය හැකිය. තවදුරටත් ලිච්ඡවි කතා නොකියා ආණ්ඩුව කළ යුත්තේ ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එකවර තබා ජනමතය උරගා බැලීමය. යහපාලනය, සංහිඳියාව, ලිච්ඡවි කතා සියල්ල එවිට මැතිවරණ වේදිකාවේ යළි සංවාදයට සාකච්ඡාවට ලක්කළ හැකිය. වක්කඩේ හකුරු හැංගුවේ කවුද? කටින් බතල සිටුවූයේ කවුද? ආඳා යවාලා වල්පත ගත්තේ කවුද? යන්න ගැන එවිට සබුද්ධික ජනතාව තීරණය කරනු ඇත.
වීඩියෝ