28

කොළඹ

Avengers Endgame ප්‍රචාරක පටයට නොසිතූ ප්‍රතිචාර

ගොසිප්

ලෝකය පුරා ප්‍රේක්ෂකයන් ඇඟිලි ගනිමින් එනකන් බලාගෙන ඉන්න චිත්‍රපටයක් තමයි Avengers Endgame කියන්නේ. පහුගිය දවස්වල තිරගත වුන Captain Marvel චිත්‍රපටය ගැන කතා කරද්දීත් අපි මේ ගැන සඳහන් කළා ඔයාලට මතක ඇති. මොකද මේ චිත්‍රපට දෙකේ එකකට එකක් පොඩි සම්බන්ධයක් තියන නිසා. කොහොම වුනත් එළඹෙන අප්‍රේල් 25 තිරගත වීමට නියමිත මේ  Avengers චිත්‍රපටයට අදාළ පූර්ව ප්‍රචරකපට කිහිපයක්ම පහුගිය දවසක අන්තර්ජාලයට මුදාහැරලා තිබුනා.   

පූර්ව ප්‍රචාරක පට නැරඹීමෙන් චිත්‍රපටයේ කතාව ගැනත් පොඩි අවබෝධයක් ලබාගන්න පුළුවන් කියල තමයි බලපු ගොඩක් දෙනා කියන්නේ. කොහොම වුනත් මේ ප්‍රචාරක පට අන්තර්ජාලයට එක් කරලා එක දවසක් යද්දී නොහිතපු තරමේ පිරිසක් ඒක නරඹලා තියනවා. You Tube යන ඕනෑම කෙනෙක්ට මේක trending video එකක් විදිහට දැන් මේක බලන්න පුළුවන්.

කොහොම වුනත් එළිදැක්වීමට නියමිත මේ  Avengers Endgame ආකර්ශනීය කතා තේමාවක් රැගත් අපූරු එකක් වන බව නම් නොඅනුමානයි.

<iframe width="727" height="409" src="https://www.youtube.com/embed/TcMBFSGVi1c" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>  

ගම්පහින් - රත්නපුරින් මනුෂ්‍ය ඝාතන 3ක්

ලෝක කුසලානයට ගිය මාලිංග හා ඉසුරු උදාන ඩොලර් 160,000 විකිණේ

ඥාණසාර හිමියන්ට අද නිදහස

ජූලි 1 සිට රාජ්‍ය සේවකයන්ගේ 2500ක මාසික දීමනාව ස්ථිරයි

වැල්ලම්පිටිය OIC ට ගාල්ලට මාරුවක්

සෞඛ්‍ය අමාත්‍යාංශයත් විකුණා නිදන්ගන්න ගිය 7ක් STF දැලේ (PHOTO)
දුම්රිය ප්‍රමාදයක්

ඕස්ට්‍රේලියාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගුවන් යානයේදී පිස්සු නටයි,ගුවන් යානාවේ වැසිකිළිය තුළට ගොස් ‍දොර අගුළුදාගෙන

ඕස්ට්‍රේලියාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම එළැඹෙන ලෝක කු

08:38 AM May 23 2019

මෙවර ලෝක ශූරයන් වන කණ්ඩායම ගැන ගිල්ක්‍රිස්ට්ගෙන් ප්‍රකාශයක්, දකුණු අප්‍රිකාව හමු වුවහොත් ඔවුන්ට එය සිහිනයක්ම පමණක් වේවි

08:26 AM May 23 2019

ලෝක කුසලානයට ගිය මාලිංග හා ඉසුරු උදාන ඩොලර් 160,000 විකිණේ

07:36 AM May 23 2019

ගබ්සා තහනමට එරෙහිව අමෙරිකානුවෝ වීදිබසී

ප්‍රාන්ත කිහිපයක ගබ්සාව තහනම් කිරීමට එරෙහිව අමෙරිකානු ජනතාව

10:01 AM May 22 2019

Huawei තහනමත් සමග Nike , Adidas ඇතුළු සමාගම් 173 අමෙරිකාවට එරෙහිව නැගිටී

08:10 AM May 22 2019

ඔස්ට්‍රියානු වයිස් චාන්සලර් ඉල්ලා අස්වෙයි - ජනතාව මැතිවරණයක් ඉල්ලයි

01:14 PM May 21 2019

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරනු ඇතැයි මගේ බලාපොරොත්තුවයි - අසාද් සාලි

බන්ධනාගාරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත

08:44 AM May 23 2019

විශ්වාසභංගයේදී අපි ඉන්නේ රිෂාඩ් සමගයි - අමාත්‍ය නවීන් දිසානායක

08:51 AM May 22 2019

මේ වෙලාවේ කිසිසේත්ම ප්‍රතිත්‍රස්ත පනතක් ඕනේ නෑ

06:50 AM May 22 2019

පසුගිය කාටුන්

CARTOON ::: 2019-05-21
CARTOON ::: 2019-05-17
CARTOON ::: 2019-05-16

විශ්වාසභංග

2015 අගෝස්තුවේ පිහිටුවාගත් එජාප - ශ්‍රී ලනිප හවුල් ආණ්ඩුවට සිවු වසරක් පිරීමට තව ඇත්තේ මාස දෙක තුනකි. මේ වන විට ශ්‍රී ලනිපය නිල වශයෙන් හවුලෙන් ඉවත් වී සිටියද මේ ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලනිප නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනය. ගෙවුණු කාලය තුළ මේ ආණ්ඩුවේ අගමැතිවරයාට හා කැබිනට් ඇමැතිවරයකුට විශ්වාසභංග ඉදිරිපත් කෙරිණි. මේ වන විට තවත් විශ්වාසභංග දෙකක් කථානායකතුමාට භාරදී ඇත. ඉන් එකක් කැබිනට් ඇමැතිවරයකු වන රිෂාඩ් බදියුදීන්ට එරෙහිවය. අනෙක ආණ්ඩුවට එරෙහිවය.ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් වී ඇත්තේ ප්‍රථම වරටය. ජනතා විමුක්ති පෙරමුණ විසින් එය භාරදී ඇති අතර ඇමැති රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගය ඒකාබද්ධ විපක්ෂය ලෙස හැඳින්වෙන විපක්‍ෂයේ බහුතර මන්ත්‍රි කණ්ඩායම විසින් භාරදී තිබේ.රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙන් ආණ්ඩු පක්‍ෂය වන එජාප මත දෙකකි. ඇතැම් මන්ත්‍රිවරුන් පවසන්නේ ඔවුන් විශ්වාසභංගයට පක්‍ෂ බවය. එහෙත් එජාපයේ ජාතික සංවිධායකවරයා ප්‍රකාශ කර තිබුණේ විශ්වාසභංගයට එරෙහිව කටයුතු කිරීමට ආණ්ඩුව සූදානම් බවයි. කතෝලික ආගමික මැති ඇමැතිවරුන් කිහිපදෙනෙක් විශ්වාසභංගයට පක්‍ෂව කතා කරන්නේ කතෝලික ප්‍රජාවේ විරෝධය එල්ලවේ යැයි සිතා විය යුතුය.ඇමැති රිෂාඩ් පවසා ඇත්තේ ජනාධිපතියි අගමැතියි ඉල්ලා සිටින්නේ නම් ධුරයෙන් ඉල්ලා අස්වන බවය. දේශපාලන සදාචාරයක් තිබේ නම් කියන තුරු නොසිට නම්බු පිටින් ඉල්ලා අස්වූවා නම් ප්‍රශ්නය ඉවරය. අම්ම මුත්තා කිව්වත් ධූරයෙන් ඉල්ලා අස්වන ඇමැතිවරුන් මේ රටේ නැත. බැරිම වුණොත් මිස ඉල්ලා අස්වන්නෙත් නැත. අස්කරන්නෙත් නැත. ඒ මේ රටේ දේශපාලනයේ හැටිය.ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට සහාය නොදෙන බව ශ්‍රී ලනිපයේ භාණ්ඩාගාරික එස්.බී. දිසානායක ප්‍රකාශ කර තිබිණි. ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කර තිබුණේද ඊනියා විශ්වාසභංගය රිෂාඩ් රැකගැනීමට රනිල් සමඟ එකතුවී ගෙන එන්නක් බවය. ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ වෙනම කතාවකි. පාස්කු ඉරිදා ප්‍රහාරයට පොදුවේ ආණ්ඩුව වගකිවයුතු බවත්, රිෂාඩ් බදියුදීන්ද ආණ්ඩුවේ ඇමැතිවරයකු බවය. ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙනාවත්, රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගයට ඡන්දය දීමට එය බාධාවක් කර නොගන්නා බවද ජවිපෙ ප්‍රකාශ කර තිබිණි. මේ විශ්වාසභංගයට ජවිපෙ අස්සන් ලබාගෙන නැතත් ඡන්දය දීමට එය බාධාවක් වන්නේ නැත.ඉකුත්දා පාර්ලිමේන්තුවේ පැවැති විවාදයකදී රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා කියා තිබුණේ ආණ්ඩුව ගෙදර යා යුතු බව විපක්‍ෂය පැවසුවද පාර්ලිමේන්තුවේ 225ම ගෙදර යා යුතුය යන්න පොදු ජනතාවගේ මතය බවය. රාජ්‍ය ඇමැතිවරයා නිවැරැදිය. මේ වන විට පාර්ලිමේන්තුවේ සිටින බොහෝදෙනකු ගැනත් පොදුවේ ආණ්ඩුව ගැනත් පොදු ජනතාව සිටින්නේ බරපතළ කලකිරීමකින්ය.විශ්වාසභංගවලින් පලක් නැත. දැන් කළ යුත්තේ ආණ්ඩුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයකට යෑමය. අවශ්‍ය නම් ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එකවර පැවැත්වීමට වුවද හැකියාව තිබේ. ජනාධිපතිවරණය ඇතුළු සියලු මැතිවරණ තවදුරටත් කල් දැමීමට ආණ්ඩුව සැරසෙන බව විපක්‍ෂය චෝදනා කරයි. ‘ආරක්‍ෂාව‘ පිට දමා මැතිවරණ සිතියම හැකිළීමට යෑම රටට හිතකර නැත. කවරකුට හෝ පාඩම් ඉගෙන ගැනීමට අවශ්‍ය නම් ඉතිහාස පොත පෙරළා බැලිය හැකිය.
වීඩියෝ