28

කොළඹ

කාර්තික්ට හොඳම නළුවා සම්මානයක්

ගොසිප්

ජනප්‍රිය බොලිවුඩ් නළු කාර්තික් ආර්යන්ට ඔන්න හා හා පුරා කියලා හොඳම නළුවා සම්මානයක් ලැබිල තියනවා. මේක හම්බවෙලා තියෙන්නේ ගිය අවුරුද්දේ මුල හරියේ එළිදැක්වුණු කාර්තික් රඟපාපු Sonu Ke Titu Ki Sweety කියන හින්දි චිත්‍රපටයේ සෝනු කියන චරිතය වෙනුවෙන්.

zee cine awards 2019 සම්මාන රාත්‍රියේ කාර්තික් මේ විදිහට සම්මාන ලබලා තියෙන්නේ හොඳම විනෝදාත්මක රංගනය එහෙම නැත්නම් Comic Role එක වෙනුවෙන්. මේ වෙනුවෙන් උදව් කල හැමෝටම ස්තුතිවන්ත වෙන ගමන් තමන්ගේ සතුට ප්‍රේක්ෂකයන් එක්ක බෙදාගන්නත් කාර්තික් අමතක කරලා තිබුනේ නෑ. ඒ වෙනුවෙන් කාර්තික් ලස්සන ෆේස්බුක් පණිවිඩයකුත් පලකරලා තිබුනා. 

මෙතෙක් වූ සියලු ප්‍රහාරවල වගකීම ISIS භාරගනී

අද රෑ 9 සිට යළි ඇඳිරි නීතිය

බෝම්බ ලොරියක් කොළඹට

අද ජාතික ශෝක දිනයකි

"ප්‍රහාරවල වගකීම මුජබර් රහුමාන් බාරගත යුතුයි"- විජයදාස රාජපක්ෂ
ප්‍රහාර වලින් මියගිය ගණන 321 දක්වා ඉහලට(UPDATE)

නායක දෝනි හයේ පහර 200ක්

මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍ර

08:04 AM Apr 23 2019

කුරිරු ප්‍රහාර වලින් මියගිය ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ක්‍රිකට් තරු හඬා වැටේ (PHOTO)

04:42 PM Apr 21 2019

වර්ල්ඩ් කප් එක දිනන්න කලින් නායකත්වයට සටනක්

11:23 AM Apr 20 2019

ට්‍රම්ප්ගේ සහය ලංකාවට

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අග්‍රාමාත්‍ය රනිල් වික්‍

08:37 AM Apr 23 2019

ලංකාවේ සිදුවූ ප්‍රහාර නිසා අමෙරිකාවේ දේවස්ථානවල ආරක්ෂාවද තර කෙරේ

04:48 PM Apr 22 2019

අයිෆල් කුලුනත් ලංකාව වෙනුවෙන් නිහඬ වනවිට ඊශ්‍රායලය සිංහ කොඩියේ පාටින් ප්‍රහාරය ගැන ශෝක වෙයි(PHOTO)

09:46 AM Apr 22 2019

ජනපති විදෙස් තානාපතිවරු හමු වෙති

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ශ්‍රී ලංකාවේ සිට

04:20 PM Apr 23 2019

ප්‍රහාර ගැන දන්නවනම් මම ගිහිල්ලා බේර ගන්නවා - මහින්ද පාර්ලිමේන්තුවේදී කියයි

02:46 PM Apr 23 2019

තවුහිත් ජමාත් යුරෝපය සහ ක්‍රිස්තියානි ව්‍යාපාරය සතුරන්යැයි සිතා පාස්කු ඉරිදාම ප්‍රහාරය එල්ල කරලා

08:23 AM Apr 23 2019

පසුගිය කාටුන්

CARTOON ::: 2019-04-22
CARTOON ::: 2019-04-21
CARTOON ::: 2019-04-19

ජාතික ආරක්‍ෂාව කුරුවල් කළ ඉහඳ පණුවෝ

බලය ඇතිවිට මොළය නැතිවීමත් මොළය තිබෙන විට බලය නැතිවීමත් මේ රටේ ජරාජීර්ණ දේශපාලන ගොහොරුවේ නිත්‍ය සම්ප්‍රදායකි. දේශපාලන බලකාමයෙන් මත්වුණු කල ජාතික ප්‍රමුඛතා මෙන්ම ජාතික ආරක්ෂාවද නොතකා අඳුරේ අතපත ගෑම එහි ස්වභාවයකි. අහිංසක රට වැසියන්ගේ ජීවිත 291ක් පරලොව යවමින් 500කට අධික පිරිසක් ආබාධිතයන් බවට පත් කළ පාස්කු ඉරිදාවේ මහා ඛේදවාචකය මෙරටේ ආරක්ෂක යාන්ත්‍රණය මුළුමනින්ම පුස්සක් බව සමස්ත ලෝකය හමුවේම ප්‍රදර්ශනය කර තිබේ. මෙරටේ සහ ඉන්දියානු බුද්ධි අංශ මඟින් සිදු කරනලද කිසිදු අනතුරු සංඥාවක් තඹයකටදු මායිම් නොකර නිදැල්ලේ පාවෙන්නට හැරීමෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් විපතට පත් කළ පවුල්වල දහස් ගණනක් දෙනා හැඬූ කඳුළින් පසුවෙති. තවුහීත් ජමාත් සංවිධානය මෙහෙයවන සහ්රාන් හෂ්මි සහ ඔහුගේ සගයන් ශ්‍රී  ලංකාවේ දේවස්ථාන හා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ඉලක්ක කරගෙන දැවැන්ත ප්‍රහාරයකට අරඅඳින බව ඉන්දියානු බුද්ධි අංශ මෙරට ඔතෑනි ආරක්ෂක බලධරයන්ට කල් ඇතිවම දැනුම් දී තිබිණි. මෙරටේ ජාතික බුද්ධි සේවාවද ඒ බව වාර්තා කළේ මේ අතරය. මේ සියලු වාර්තා අණක් ගුණක් හා අහිංසක ජන ජීවිත පිළිබඳව හිතේ බිඳකුදු තෙතමනයක් නැති ජාති භ්‍රෂ්ටයන්ගේ හමස් පෙට්ටිවලට වැටෙද්දී එහි වන්දිය ගෙවූයේ විපතට පත් අහිංසක ජනතාවය.මේ බුද්ධි අංශ වාර්තාවන් පිළිබඳව අඩුම තරමින් අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමන් ඇතුළු කතෝලික ආගමික නායකයන් දැනුම්වත් කර තිබුණේ නම් මේසා බරපතළ විනාශයක් සිදුවන්නේ නැත. එසේ වූයේ නම් කරුණු දෙකක් විය හැකිව තිබිණි. පළමුවෙන්ම ජනතාවට අවදානමක් නොවන තැනට කටයුතු කරමින් ප්‍රධාන දේවස්ථානවල හා මර්මස්ථානවල ආරක්ෂාව මුළුමනින්ම තර කිරීමය. දෙවැන්න ජනතාව දැනුම්වත් කරමින් ඔවුන්ගේද සහාය ලබාගෙන ජාතික ආරක්ෂක යාන්ත්‍රණය සවිමත් කිරීමය. එහෙත් ඒ කිසිවක් සිදුවූයේ නැත. ඊට වගකිවයුතු සියලු දෙනා මේ වන විට කසාය බිව් ගොළුවන් සේ හැසිරෙති. තමන්ගේ පවුලක කිසිවකු මේ විපතට ලක් නොවූ නිසා උන් වගේ වගක් නැතිව තවමත් කල් මරති. මේ අතර මාධ්‍යයට වසන් කළ තවත් සිදුවීමක් ඉකුත් දිනෙක කාත්තන්කුඩිහිදී සිදුව තිබිණි. එහිදී පුපුරා ගිය බයිසිකල් බෝම්බය පිළිබඳ පුවත රහසක් ලෙස  රකින්නට වගකිවයුතු අංශ කටයුතු කර තිබිණි. ජාතික ආරක්ෂාවට තර්ජන එල්ල වන සෑම මොහොතකම ඒවා රහස් බවට පත්කර කාලයේ වැලි තලාවෙන් වැසෙන්නට ඉඩ හැර අතපය බැඳගෙන බකංනිලා සිටීම තරම් අමනෝඥ ප්‍රතිපදාවක් තවත් නම් තිබිය හැකිද? මේවා හෙළිදරව් වීම තම තමන්ගේ බල න්‍යාය පත්‍රවල පැවැත්මට අහිතකර විය හැකි බව දේශපාලන බල උන්මාදයෙන් පෙළෙන ඉහඳ පණුවෝ කල්පනා කරති. වැඩි යමක් වුවමනා නැත. එදා මාවනැල්ලේ බුදු පිළිම කැඩූ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ අඩාළ වූයේ පරීක්ෂණ පැවැත්වූ නිලධාරීන්ගේ උකටලීකම නිසාමද? ඒ පිළිබඳව නිසියාකාරව පරීක්ෂණ සිදුකළේ නම් බුදු පිළිම කඩා බිඳ දැමූ අන්තවාදී ව්‍යාපෘතියට එරෙහිව ක්‍රියා කළ තරුණයකුට ගිනි බිඳීම සිදු නොවන්නට ඉඩ තිබිණි. නමුත් ඒ පිළිබඳවත් හරි හැටි පරීක්ෂණ ක්‍රියාත්මක වන බවත් තවමත් පෙනෙන්නට නැත. මාවනැල්ල සිද්ධීන් යටපත් කිරීම කෙතරම්දුර ඔඩුදුව ගියා දැයි කිවහොත් වනාතවිල්ලුවේ පුපුරන ද්‍රව්‍ය හමුවීම දක්වාම අන්තවාදීන්ගේ යටිබිම්ගත වැඩපිළිවෙළ ක්‍රියාත්මක විය. නමුත් ඒ පිළිබඳව කළ පරීක්‍ෂණ අඩාළ වූයේ කවර නම් හේතුවක් නිසාද ? මීට දස වසරකට පෙර උතුරේ, නැඟෙනහිර හා දකුණේ අල්පෙනෙත්තක් බිම වැටුණද ආරක්‍ෂක බුද්ධි අංශවල උකුසු ඇස්වලින් බේරී එවැන්නක් සිදුවීමට ඉඩක් තිබුණේ නැත. පොලිසියේ හා ආරක්‍ෂක හමුදාවන්ගේ ඒකාබද්ධ බුද්ධි යාන්ත්‍රණය ආරක්‍ෂක ජාලයක්ව ක්‍රියාත්මක වෙමින් මේ රටත් ජනතාවත් රැක ගත් බව සටහන් කරනුයේ ඔවුනට කරන ගෞරවයක් ලෙසිනි.  එහෙත් ඒ යාන්ත්‍රණය අෑලියාවට ගියේ කොටි හිතවාදී ඩයස්පෝරාවේ එන්.ජී.ඕ. හා මානව හිමිකම් බත්බැලයන්ගේ නූල් සූත්තරවලින් නැටවෙන දේශපාලන සම්ප්‍රදායක් මේ රට තුළ මුල් බැසගත් නිසාය.  එහි ප්‍රතිඵලයක් ලෙස ආරක්‍ෂක බුද්ධි අංශවලට එළව එළවා පහර දෙන තත්ත්වයක් රට තුළට ඇතිකරනු ලැබිණි. සමස්ත නැඟෙනහිර පළාතම ආවරණය කළ ගිරිතලේ ආරක්‍ෂක බුද්ධි මූලස්ථානයේ නියමුවන් වූ කර්නල් ෂම්මි කුමාරරත්න හා ලුතිනන් කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන ඇතුළු රණවිරුවන් ගණනාවක්ම වැලිකඩ කල්දේරම් බත ගිල දමන්නට යවා ඒ බුද්ධි යාන්ත්‍රණයම අඩපණ කළේ කාගේ වුවමනාවකටද? මාවනැල්ලෙන් ඇරැඹී වනාතවිල්ලුව හරහා නැඟෙනහිර දක්වා ව්‍යාප්තව තිබෙන අන්තවාදී කල්ලියේ ක්‍රියාකාරකම් පසුගිය වකවානුවේ නිදහසේ දිගහැරුණේ නැඟෙනහිර ආවරණය කළ බුද්ධි බළකායේ කොන්ද කඩා දැමූ නිසා බව අමුතුවෙන් කිවයුතු නැත.  කොටි ත්‍රස්තවාදය බලවත්ව පැවැති වකවානුවේ පවා සෑම ජන කොටසකගේම ගෞරවාදරයට පත් කොච්චිකඩේ දේවස්ථානයට අනතුරක් සිදු වූයේ නැත. නමුත් කොටි ත්‍රස්තවාදය මුලිනුපුටා දමා දශකයක් ගෙවෙන තැනදී මුළු රටම යටිබිම්ගත අන්තවාදීන්ගේ තිප්පොළක් බවට යළි පත්ව තිබෙන බව ඇස්පනාපිටම තහවුරු වී තිබේ.  අසීමිත දේශපාලන බලකාමය වසර කිහිපයක පටන්්ම රටේ ජාතික ආරක්‍ෂාවට ඉහඳ තබන්නට හේතු වූ බව මේ සියලු කාරණා එකිනෙක ගෙන විශ්ලේෂණය කරන කල්හි මනාව පැහැදිලි වෙයි. මුස්ලිම් ජනතා ඡන්දය තමන් වෙත නම්මවා ගන්නට මේ ආණ්ඩුවේම නායකයෝ දෙපලකට බෙදී හොර ගල් අහුලති. එමඟින් රට වනසන න්‍යාය පත්‍ර අතැතිව කුරුමාණම් අල්ලන අන්තවාදී බලවේගයන්ට නිදහසේ වැඩෙන්නට හැකි තෝතැන්නක් නිර්මාණය කර තිබේ. මාවනැල්ලෙන් ඇරඹී වනාතවිල්ලුවේ සිට කාන්තාන්කුඩිය මඩකළපුව හරහා මේ විනාශකාරී බලවේගය කොළඹටම ව්‍යාප්ත වනතුරු බලකාමී දේශපාලන ගොබ්බ රැල බකංනිලා සිටියහ. මේ සියලු විනාශයන්ට මුල එතැනය. තවදුරටත් මෙහෙම ගියොත් මේ රටටත් ජනතාවටත් ඇත්තේ දෙයියන්ගේම පිහිට පමණි.
වීඩියෝ