logo

26

කොළඹ

නවතම පුවත්

අම්මා ශ්‍රීපාදය වැඳ පුදාගෙන එනකන් මාස 8 දරුවගේ කුසගින්න නිවන්න කිරි මව්වරුන් 09 දෙනෙක් ඇවිත්

ගොසිප්

පැය 10 කට ආසන්න කාලයක් කුසගින්නේ සිටි මාස 08 ක් වයසැති  දැරියකට ඇගේ මව ශ්‍රීපාදය වැඳ පුදා පැමිණෙන තෙක් මව් කිරි දීම සඳහා වෙනත්  කිරි මව්වරුන් 09 දෙනෙක් ඉදිරිපත්වූ පුවතක් නල්ලතන්නිය පොලීසියෙන් වාර්තා වේ.

මතුගම ප්‍රදේශයේ සිට ශ්‍රීපාද වන්දනාව සඳහා නඩයක් සමග පැමිණ ඇති කාන්තාවක් ඇගේ අටමස් වියැති සිඟිති දියණිය හා පවුලේ සාමාජිකයින් සමග ඊයේ (23) දා රාත්‍රී ශ්‍රීපාද වන්දනාවට නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයෙන් ගමන් කරමින් සිටියදී අතරමගදී දැරියට දැඩි ශීත තත්වයක් ඇතිවූ නිසා මෙම කාන්තාව ඇගේ මව හා නඩයේ පැමිණ සිටි තවත් ඥාති කාන්තාවක් අත තම දියණිය නල්ලතන්නිය බලා එවා ඇත්තේ, තමන් ශ්‍රීපාදය වැඳ පුදා නැවත පැමිණෙන තෙක් ඔවුන් පැමිණි වෑන් රථයේ ආරක්ෂිතව සිටින ලෙස පවසමිනි. 

කුඩා දැරියගේ මව අද (24) දා උදැසණ වන තෙක් නල්ලතන්නියට නොපැමිණීම හේතුවෙන් පැය කීපයක් අධික කුසගින්නේ පසුවූ මව්කිරි පමණක් පානය කරන මෙම දැරිය හැඬීමට පටන්ගත් නිසා දැරියගේ මිත්තණිය හා අනෙක් කාන්තාව නල්ලතන්නිය පොලීසියට සිද්ධිය පවසා ඇත. එහිදී වහා ක්‍රියාත්මක වූ නල්ලතන්නිය පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා පොලීසිය අසල සිට නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ  විකාශනය කරන ශ්‍රීපාද,සමන්ගිර අධිබල ශබ්ද විකාශන සේවාව මගින් මෙම දැරියගේ මවට හැකි ඉක්මණින් නල්ලතන්නිය පොලිස්ථානයට පැමිණෙන ලෙස දන්වමින් කීප වරක් හදිසි පණිවිඩයක් විකාශනය කරනු ලැබීය.

එම පණිවිඩය විකාශනය කිරීමත් සමග මව නොමැතිව පැය ගණනක් කුසදගින්නේ හඬමින් සිටි මෙම දැරියට කිරි දීම සඳහා නල්ලතන්නිය ප්‍රදේශයේ පදිංචි හා ශ්‍රීපාද වන්දනාවේ පැමිණි කිරි මව්වරුන් 09 දෙනෙක් නල්ලතන්නිය පොලීසිය වෙත පැමිණීම විශේෂ සිද්ධිකි. මව් සෙනෙහස උතුරා යන මෙම මව්වරුන් අතර සිටි නල්ලතන්නිය නාග විහාරය අසල ශ්‍රීපාද වන්දනා සමයේදී තාවකාලික වෙළඳසලක් පවත්වාගෙන යන නාවලපිටිය, රොජසන්ගම ප්‍රදේශයේ පදිංචි සුනීතා චන්ද්‍රපාල මහත්මිය දැඩි දරු සෙනෙහසකින් මෙම දැරියට මව් කිරි දීමට ඉදිරිපත් වූ බව නල්ලතන්නිය පොලිස්ථානාධිපති වරයා පැවසීය.

කිරි මවගේ මව් කිරි පානය කරමින් සිටි මෙම දැරිය අසලට අද පෙ.ව. 08.30 ට පමණ දැරියගේ නියම මව පැමිණීමත් සමග දැරිය දැඩි සතුටකින් තම මව්තුරුලට ගොස් ඇත්තේ කිරි දෙමින් සිටි කිරි මවගේ හා අවට සිටි පොලිස් නිලධාරීන් ඇතුලු සැමගේ දෙනෙත් කඳුළින් තෙත් කරමිණි. 

මෙම දැරියගේ මව නල්ලතන්නිය පොලීසියට පවසා ඇත්තේ, වන්දනාකරුවන් අධික වීම නිසි තමන්ට ශ්‍රීපාද උඩ මළුවේදී හැටන් මාර්ගය නිවැරදිව හඳුනා ගානීමට නොහැකි වීමෙන් රත්නපුර මාර්ගයේ ටික දුරක් යාමට සිදු වීමෙන් නැවත හැටන් මාර්ගයට පැමිණීමට ප්‍රමාද වූ බවය.

සැබෑ මනුස්කම් දිනෙන් දින පිරිහෙමින් පවතින වත්මන් සමාජ ක්‍රමයක් තුළ, මෙම දැරිය තම මව නොමැතිව පැය ගණනක් කුසගින්නේ සිටියදී පොලීසියේ දැණුම්දීමත් සමග, දැරියට කිරි මව්වරුන් වීමට ඉදිරිපත් වූ මව්වරුන් සැමට මෙම සටහන උපහාරයක් වේවා. 

හැටන් චන්න අද්දරගේ

හමුදා ට්‍රක් රථයක් යාල්දේවි දුම්රියේ ගැටී 5ක් මරුට- 2කට බරපතලයි (UPDATE)

කිරින්ද වෙරළ තීරයේදි සැඩ රළ පහරකට හසුව මිය ගිය පියා සහ දියණියන් දෙදෙනාගේ අවසන් කටයුතු අද

අනුරපුර යුගයේ ලොකුම දාගැබ ඩෝසර් කර මිරිස් හිටවලා

කැසිනෝ ගේන්න හදන ඇමැතිට කාදිනල්ගෙන් කනේ පාරක්

නිවස ඉදිරිපිට ගාල් කර තිබූ ත්‍රීරෝද රථයට කවුදෝ ගිනි තියලා

මාලිංගගේ කැච් එක අත ඇරපු කුසල් මෙන්ඩිස් මාලිංග ගැන කියපු දේ මෙන්න, උඩ පන්දුව ගිලිහුණාම මම ටිකක් බයවුණා
මහ දවාලේ දෙහිවල වෙළඳසැලකට රිංගා හිමිකරුට පිහියෙන් ඇනලා- CCTV නිසා සියල්ල මාට්ටු

ඇෆ්ගනිස්තානය පැරැදූ බංග්ලාදේශය ප්‍රසාද සටහනේ 5ට එයි

සකිබ් අල් හසන්ගේ තුන් ඉරියව් දස්කම් හේතුවෙන් ඇෆ්ගනිස්තානය ලක

09:50 AM Jun 25 2019

මාලිංගගේ කැච් එක අත ඇරපු කුසල් මෙන්ඩිස් මාලිංග ගැන කියපු දේ මෙන්න, උඩ පන්දුව ගිලිහුණාම මම ටිකක් බයවුණා

08:49 AM Jun 25 2019

අවිශ්ක ප්‍රනාන්දුගේ පිතිහරඹය දැකලා පුදුම වූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයා - ගහපු විදියට මතක් වුනේ අරවින්ද සිල්වාලු (VIDEOS)

02:20 PM Jun 24 2019

ට්‍රම්ප් ඉරානයට නව සම්බාධක පැනවීමේ සූදානමක

තමන් ඉරානයට දැඩි ලෙස නව සම්බාධක පනවන බවට ඇමරිකානු ජනපති ඩොනල

09:04 AM Jun 25 2019

ඉරානයට එරෙහි ඇමරිකාවට බ්‍රිතාන්‍ය සහය හිමි වන ලකුණු

12:48 PM Jun 24 2019

ඉන්දියාවේ දරුණු කාලගුණ තත්වය හේතුවෙන් පුද්ගලයින් 14 ක් ජීවිතක්ෂයට

12:15 PM Jun 24 2019

facebook එකේ යන මඩ කතා වලට සාගලගෙන් පිළිතුරු

මේ දිනවල මම දකිනවා මුහුණු පොතේ සහ මාධ්‍යයේ අපේම ජනතාව කියනවා

10:55 AM Jun 25 2019

ඇමැති අර්ජුනගෙන් අපහාස නඩු තුනක්

09:54 AM Jun 25 2019

මෛත්‍රිගේ 18-19 කතාවට මහින්දගෙන් උත්තරයක්

09:00 AM Jun 25 2019

පසුගිය කාටුන්

CARTOON ::: 2019-06-24
CARTOON ::: 2019-06-21
CARTOON ::: 2019-06-20

අපේ අතීත උරුමය අනතුරේ!

මඩකළපුව දිස්ත්‍රික්කයේ එරාවුර් පත්තු චෙන්කල්ලඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාවඩිවෙම්බි ග්‍රාම නිලධාරි වසමේ පිහිටි අනුරාධපුර යුගයට අයත් බවට සැලකෙන ආරාම සංකීරණයක් සහ ස්තූපයක් විනාශ කරමින් බෝග වගා කිරීමේ සිදුවීමක් ඊයේ දිනපතා ‘මව්බිම’ මුල් පුවතින් වාර්තා කෙරිණි. දිගින් දිගටම වාර්තා වන සිදුවීම්වලට අනුව ලංකාවේ පෞරාණික උරුමය විනාශ කිරීම එන්න එන්නම වැඩි වන බව පෙනේ.ජාතික අවශ්‍යතා මත දැනුවත්ව පුරාණ උරුමය විනාශ කිරීම එකකි. ඒවා නිසි අධ්‍යයනයක් හා ලේඛනගත කිරීම්වලට යටත්ව විධිමත්ව සිදුවේ. එහෙත් නිදන් හාරන්නන් සහ ඉඩම් අල්ලන්නන් විසින් පුරාවස්තු වැනසීම කිසිදු වග විභාගයකින් තොරව සිදුවේ.ලංකාවේ පුරාවිද්‍යා ස්මාරක දළ වශයෙන් ලක්ෂ තුනකට ආසන්නව පවතින අතර පුරාවිද්‍යා අණපනත්වලින් ආවරණය වන පරිදි ඉන් ලේඛන ගතකර ඇති ස්මාරක ප්‍රමාණය ඉතා සීමිතය.බි්‍රතාන්‍ය යටත්විජිත ආණ්ඩුව විසින් 1940දී පුරාවිද්‍යා ආඥා පනත සම්මත කරනු ලැබූ අතර ඊට යටත්ව ප්‍රධාන පුරාවිද්‍යා ස්මාරක විශාල ප්‍රමාණයක් ලේඛනගත කරන ලදී. එලෙස ගැසට් කළ ස්මාරකයන්හි ආරක්ෂාව එමඟින් සැලසුණු නමුත් මෙරට පුරාණ ස්මාරකවලින් බහුතරය පවතින්නේ නීතිමය ආවරණයක් නොමැතිවය.වැලි, ගල්, පස්, මහපොළොව සූරාකමින් මුදල් පසුපස හඹා යන නරුම මිනිසුන් සිටින වර්තමානයේ පුරාණ ස්මාරක සහමුලින්ම වැනසී යමින් පවතී. මෙම විනාශයන් දේශපාලන බලවතුන්ගේ රැකවරණය මත සිදුවන බැවින් රාජ්‍ය ආයතන සහ නිලධාරීන්ද ඊට මැදිහත් නොවන බව පෙනේ. එය අතිශය භයානක තත්ත්වයකි. දැනට බලපවත්නා නීතියට අනුව යම් හඳුනාගත් ස්ථානයක් 1815 මාර්තු 2 දිනට ප්‍රථම ඉදිකරන ලද්දක් නම් එම ස්ථානය හෝ ස්මාරකය සම්බන්ධව පුරාවිද්‍යා ආඥා පනතේ නියමයන්ට අනුකූලව නීතිමය පියවරගත හැකිය. එය යම් හානියක් සිදුවීමෙන් පසුව එළැඹෙන තත්ත්වයකි. එහෙත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඍජු කාර්ය භාරය වන්නේ හඳුනාගත් ස්මාරක සීමා මායිම් සහිතව ගැසට් කොට නීතිගත කිරීමය.එහෙත් පසුගිය දශක තුන හතර මුළුල්ලේම එම කටයුතු සිදුව තිබෙන්නේ ඉතාමත් මන්දගාමීවය. උදාහරණයක් වශයෙන් දක්වතොත් සෑම බිම් අඟලකම ඓතිහාසික යුගයේ නටබුන් විසිරී පැතිරී ඇති පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ගැසට් කර ඇති ස්මාරක ප්‍රමාණය 17කි. 2004න් පසු පොළොන්නරුවේ එකම පුරාවිද්‍යා ස්මාරකයක් හෝ ගැසට් කර නැත. ඉන් ගම්‍ය වන්නේ ජාතියේ අතීත උරුමය අනතුරක මුවවිට පවතින බවයි.අනුරාධපුර ඓතිහාසික රාජධානියේ තත්ත්වයද මෙයට දෙවැනි නැත. සමාධි පිළිමය, කුට්ටම් පොකුණ ඇතුළු ප්‍රධාන ස්මාරක සියල්ල පුරාවිද්‍යා  කොමසාරිස් එච්.සී.පී. බෙල් විසින් ආඥාපනතට ඇතුළු කොට සංරක්ෂණය කොට ඒවායේ ආරක්ෂාව සහතික කරන ලදී. මහාචාර්ය සෙනරත් පරණවිතානයෝ ඉන් ඔබ්බට උරුමයේ ආරක්ෂාව වෙනුවෙන් කරන ලද වැඩකොටස අසීමිතය. අගමැති ඇස්. ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක අනුරාධපුර සංරක්ෂණ මණ්ඩලය ආරම්භ කර අනුරාධපුර පුරාණ නගරය සැලසුම් කළේය. 1961දී අංක 32 දරන අනුරාධපුර සංරක්ෂණ මණ්ඩල පනත ප්‍රකාරව පුරාණ නගරයෙන් ජනාවාස ඉවත් කෙරිණි.එහෙත් වර්තමානයේ සංරක්ෂිත භූමිය පුරා අනවසර ඉදිකිරීම් සිදු කරමින් මිනිසුන් එය ආක්‍රමණය කර හමාරය. අභයගිරි ස්තූපය ඉදිරිපිට අනවසර ඉදිකිරීම් 267කි. වෙස්සගිරියේ 30කි. නුවර වැව ආශ්‍රිතව 275ක් හා තිසා වැව් තාවුල්ලේ 130කි. පොදුවේ සෑම තැනකටම දේශපාලන හෙන්චයියන් රිංගා ‘උරුමය’ වනසති. එවැනි පසුබිමක අපේ රටේ පාලකයන් අතොරක් නැතිව  දේශප්‍රේමය ගැන කතා කිරීම විහිළුවකට වඩා තක්කඩිකමකි. ජාතික උරුමය වනසන්නවුන්ට මෙන්ම ඊට අනුබල දෙන්නන්ටද නීතියෙන් දඬුවම් කළ යුතුය.
වීඩියෝ