28

කොළඹ

කුරුල්ලන්ගේ පරාදීසයේ දිවියන් නිසා සංචාරකයින්ට වෙන තහනම

කුමන වනොන්ද්‍යානයේ දිවි ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙකු මියයෑමෙන්

04:22 PM Apr 19 2019

පාර මාරුවෙද්දී වාහනයේ ගැටුණු පදිකයා මරුට

03:33 PM Apr 19 2019

ගලබොඩ දිය ඇල්ලේ අතුරුදහන් වූ පාසල් සිසුවා සොයා ගැනේ

01:56 PM Apr 19 2019

2.00 න් පස්සේ ගිගුරුම් සහිත වැසි

01:46 PM Apr 19 2019

සැමියාගේ පහරින් බිරිඳ රෝහලේ

12:17 PM Apr 19 2019

කුමන වනභූමියේදී දිවියෙකුගේ පහරකින් සේවකයෙකු මියගිහින්

11:20 AM Apr 19 2019

මහින්ද - ශිරන්ති නුවරඑළියේ කෝවිලකින් ආශීර්වාද ගනී (PHOTO)

11:09 AM Apr 19 2019

මහියංගන අනතුරින් මියගිය 10 දෙනා සියල්ල හඬවමින් අවසන් ගමනේ

09:58 AM Apr 19 2019
ගොසිප්

ජනප්‍රිය කොලිවුඩ් තරු එකතු වුන ඉන්දීය ලෝක් සභා මහ මැතිවරණ

ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ප්‍රීති සින්තට බලහත්කාරකමක් කරන්න හදලා
නොකා නොබී අරක්කු බීපු දෙදරු මවකට සිද්ධ වුන අපරාධයක්
ලෝක කුසලානයට ශ්‍රී ලංකාවේ ප්‍රබල ක්‍රීඩකයින් පහක් යන්නේ නෑ...

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තව සුළු වෙලාවකින් නම් කිරීමට නියමිතයි. මේ අපට ලැබුණු ආරං

01:32 PM Apr 18 2019
කුඩ ඉහළාගෙන තිසා වැවේ දිය නාන්න ගිහින් ...

රජරට පතිතවන දැඩි හිරු රශ්මිය නිසා ප්‍රදේශයේ ජනතාව බොහෝ අසීරුවට පත්වෙමින් සිටිනවා. මෙසේ හිරු රශ්මිය ද

04:23 PM Apr 17 2019
අවුරුදු 102ක් වූ සැමියාට සිංහල අවුරුද්දට බිරිඳ කරපු අපූරු ව...

සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් වූ හිසතෙල් ගෑමේ චාරිත්‍රයට සමගාමීව වයස අවුරුදු 102 වූ තම ආදරණීය සැමියා

11:56 AM Apr 17 2019
දිමුත් නායකයා වෙන්න හේතුව !...

ලංකාවේ ක්‍රිකට් ලෝකේ වෙන රහස් කතා නිතරම වගේ අපි ඔයාලට කියනවා. හැබැයි මේවා නිල නොවන කතා. හරියට කේලමක්

11:14 AM Apr 17 2019
අලි පැටවු එක්ක හිස තෙල් ගෑමේ නැකත පින්නවලදී ජයට සමරුන හැටි ...

සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍රයට සමගාමීව රඔුක්කන පින්නවල අලි ඇතුන්ගේ හිස තෙල් ගෑම විදුලිබල හ

09:05 AM Apr 17 2019
කොටට ඇඳගෙන යනකොට අසහනකාරයන්ගෙන් බේරෙන්න අමන්දා බෑග් එකේ දාගෙ...

නිලුක්ෂි අමන්දා එහෙමත් නැත්නම් ඔබට හුරු පුරුදු ඇමෙන්ඩා තමයි අද අපේ My Bag සෙග්මන්ට් එකට එකතු වුණේ. ල

04:03 PM Apr 16 2019
කුමාර සංගක්කාර අල පුඩිමක රස බලන්න ගිහින්...

නුවරඑලිය අර්තාපල් වගාව ලෝව වටා ප්‍රචලිත කිරිමේ අරමුණින් සහ දේශිය අල ගොවියා රැක ගැනිම සදහා නුවරඑලිය ග

12:10 PM Apr 16 2019
කුකුල් කේන්තිකාර සෙබලා මිහින්තලා පුදබිමේදී පෙම්වතියට ගහලා, ප...

සරසවි අධ්‍යාපනයට සුදුසුකම් ලබා සිටින පෙම්වතියට මිහින්තලා පුදබිමේදී බැණ වදිමින් විවිධ පිරිස් බලා සිටි

12:59 PM Apr 15 2019
අලුත් අවුරුද්ද සමරන අලුත බැදපු තරු...

මේ පාර අවුරුද්දට නෑදෑයෝ වැඩියි  අකිල ධනුද්දරඅපි හැම පාරම අපේ ගෙදර තමයි චාරිත්‍ර ඉටු කළේ. ඒත් මේ

04:31 PM Apr 13 2019
නපුරු දරුවන් විසින් වැඩිහිටි නිවාසයක සිරකරපු දෙමව්පියන්ට පොල...

දරුවන් නොසලකා අසරණ වූ වැඩිහිටි නිවාසයක කල් ගෙවන වයෝවෘද්ධ මවු වරුන් හා පියවරුන්ව සතුටු කිරීම වෙනුවෙන්

02:05 PM Apr 13 2019
ලෝක කුසලානය ශ්‍රී ලංකාව කණ්ඩායම දින්නොත් කෝටි 35ක තෑග්ගක්...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේන් ලැබුණු නිල නොවන ආරංචියක් ගැන තමා මේ කියන්න යන්නේ. හැබැයි මේක බොරුවක් වෙ

09:53 AM Apr 13 2019
මාතර සිට බෙලිඅත්ත දක්වා දිවෙන දුම්රිය ගමනට එක්වූ මහින්ද පස්ස...

පසුගියදා ජනතා අයිතියට ලබාදුන් මාතර සිට බෙලිඅත්ත දක්වා වූ දුම්රියේ සංචාරයට හිටපු ජනාධිපති මහින්ද රාජප

11:32 AM Apr 11 2019
ඔයට වැටුණු අඳුන් දිවියට ගමේ මිනිස්සු ටිකක් එකතු වෙලා කරපු දේ...

පසුගිය දවසක තම ජිවිතය පවා පරදුවට තබමින් විපතට පත් අදුන් දිවියෙකුගේ දිවි ගැල වූ පුවතක් අරණායක අට්ටාපි

10:39 AM Apr 11 2019
ලෝක කුසලානයට යන 11ක් හෙළිවෙයි, තවත් හතරක් 18 නිල වශයෙන් එළිය...

අපි කියන්න යන දේ නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තාම නිවේදනයක් කළේ නෑ. නමුත් ඉතා විශ්වාසවන්ත ආර

10:25 AM Apr 11 2019
පියුමි හංසමාලි වෙනුවෙන් කට අරින්න ගිහින් ඇමති කෙනෙක් නාගනී ...

පියුමි හංසමාලි කියන්නේ අපේ රටේ ඉන්න gossip මවන කාන්තාවක්.ඊයේ පෙරේදා පියුමිගේ වීඩියෝ එකක් ලීක් වුනා.&

09:08 AM Apr 11 2019
ක්‍රිකට් ලෝකය කණපිට හැරෙන තීරණයක් එක්ක මාලිංග නායකයා වෙන ලකු...

ලෝක කුසලානයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම ගැන තීරණයක් ගැනීමට පහසු වෙන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

01:26 PM Apr 10 2019
ළිඳේ වැටුණු මාස දෙකක අලි පැටියාට අන්තිමේදී වෙච්ච දෙයක්...

පහුගිය දවසක ගල්කිරියාගම අනාරක්ෂිත වගා ලිඳකට වැටී හිටිය කුඩා අලි පැටියෙක් බේරගන්න ගම්වාසීන් හා ගල්කිර

03:17 PM Apr 09 2019
පිටරට ඉඳලා ආපු සසන්තිගේ බෑග් එකෙන් මොණරු පනී...

සසන්ති ජයසේකර කියන්නේ අපේ රටේ හිටපු ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක්. සසන්ති තමන්ගේ පවුලේ අයත් එක්ක වි

02:02 PM Apr 09 2019

සකර්බර්ග්ගේ වාර්තා බිඳපු අවුරුදු 21 ලස්සන කෙල්ල කයිලි

ගොසිප්

කාර්ඩේෂියන් සහ ජෙනර් පවුලේ ළාබාලතම සාමාජිකාව වන කයිලි ජෙනර් සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් මවන්නියක් ලෙස ලොව පුරා සුප්‍රසිද්ධියට පත්ව සිටින ඉතාමත් සුරූපී තාරකාවක්. සමාජ මාධ්‍ය ඔස්සේ ලොවට බලපෑම් කළ හැකි පුද්ගලයන් අතර ඉදිරියෙන් සිටින කයිලි මෙවර ලොව පුරා කතාබහට ලක්වන්නේ සමාජ මාධ්‍ය ආශි්‍රත පුවතකින් නම් නොවෙයි. ලොව හෙල්ලූ සුප්‍රසිද්ධ ධනවතකුගේ වාර්තා බිඳ දැමීමට තරම් ඇය දක්ෂ කාන්තාවක් වීම හේතුවෙනුයි.  

ළාබාලතම අවධියේදී ස්වෝත්සාහයෙන් බිලියනපතියකු බවට පත් වූ පුද්ගලයා ලෙස වසර 11ක් පුරාවට වාර්තා පිට වාර්තා තැබීමට ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්ට හැකියාව ලැබුණා. නමුත් නවතම ෆෝබ්ස් සඟරා වාර්තා අනුව මාර්ක් පසුකරමින් 2019 වර්ෂයේ ජීවිතයේ ළාබාලතම අවධියේදී ජීවිතය දිනූ ධනවතිය බවට පත්වීමට කයිලිට හැකියාව ලැබෙනවා. 

මාර්ක් මෙම වාර්තාවට උරුමකම් කියනු ලැබුවේ වයස අවුරුදු 23දී වුවත් කයිලි අවුරුදු 21ක් තරම් කුඩා වයසින් මෙම තත්ත්වයට පැමිණීම තවත් එක් සුවිශේෂීත්වයක් ලෙස පෙන්වාදිය හැකිය. 

කයිලි ජෙනර් සුප්‍රසිද්ධ ඇමෙරිකානු තරුවක් වන ක්‍රිස් ජෙනර්ගේ දියණියයි. කෙන්ඩල් ජෙනර් ඇයගේ සහෝදරිය වන අතර කිම් කාර්ඩේෂියන් ඇයගේ මවගේ ප්‍රථම විවාහයේ දියණියයි. මෙම සහෝදරියන් දෙදෙනා ඇතුළුව කයිලිට තවත් සහෝදර සහෝදරියන් කිහිපදෙනකුම සිටිනවා. මෙම පවුලේ මාසික ශුද්ධ ආදායම ඉතා ඉහළ අගයක පැවතියද කයිලි සෑම විටම ඇයගේ ස්වෝත්සාහයෙන් නැඟී සිටීම අරමුණු කරගත් බව ඇය වටා සිටින්නන්ගේ මතයයි. බොහෝ ධනවත් පවුලක දරුවකු අඩු වයසින් ධනවතියක වීම තුළ අරුමයක් නොවන බවද ඇතැමුන් පෙන්වා දෙනවා. නමුත් ෆෝබ්ස් සඟරාව පෙන්වා දෙන්නේ ඇය විසින් උපයාගත් ධනය ආශි්‍රතව පමණක් මෙම ගණනය කිරීම සිදුකළ බවයි. 

දස හැවිරිදි වියේදී කයිලි  “Keep up with kardashian” නමැති රූපවාහිනි වැඩසටහන ඉදිරිපත් කිරීමෙන් කලා ලොවට පිවිසෙනවා. මෙහි එක් වැඩසටහනක් සඳහා කයිලිට විශාල මුදලක් ගෙවනු ලැබුවා. වසර කිහිපයක් මෙම වැඩසටහන ඉදිරිපත් කළ කයිලි එමඟින් ඉතා විශාල ධනයක උරුමකාරියක් බවට පත්වූවා. ඉන්පසු එම මුදල් ඇයගේම ඇඟලුම් වෙළෙඳසලක් ආරම්භ කිරීම සඳහා ආයෝජනය කළ කයිලි සුප්‍රසිද්ධ වෙළෙඳ සන්නාම ප්‍රචාරණයෙන් හා ටෙලි නාට්‍ය හා චිත්‍රපට රංගනයෙන්ද විශාල මුදලක් උපයාගනු ලැබුවා. 

2015 වසරේදී කයිලි විසින් “Kylie Cosmetics” නමින් රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් වෙළෙඳපළට හඳුන්වා දෙනවා. මෙහි ප්‍රධානම රූපලාවණ්‍ය නිෂ්පාදනය වන්නේ දෙතොල් ආලේපන බවයි පැවසෙන්නේ. 

“Kylie lip kit”  අන්තර්ජාලය ඔස්සේ හඳුන්වාදී පැය 24ක් තුළ ඒවායේ තොග අවසන් වන්නේ එහි ඇති ගුණාත්මක ප්‍රමිතිය මතයි. කෙසේ නමුත් අද වනවිට කයිලිගේ වත්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 900ක් පමණ වෙනවා. 

“මම කිසි දෙයක් බලාපොරොත්තුවෙන් අනාගතය සැලසුම් කළේ නැහැ. ඒත් මේ ලැබුණු දේ පිළිබඳව විශේෂ සතුටක් මට දැනෙනවා. ඇත්තටම මේක මට ලොකු අවස්ථාවක්” යනුවෙන් කයිලි ෆෝබ්ස් සඟරාවට ඇයගේ අදහස් දක්වා තිබෙනවා. සැබැවින්ම අඩු වයසින් කැපවීමෙන් ලොව දිනූ ඇය කාන්තා අපට ආඩම්බරයක් සේම ආදර්ශයක් බව අවසානයේදී සටහන් කළ යුතුයි. 

සෙව්වන්දි හෙට්ටිආරච්චි