33

කොළඹ

වීසා නොමැති ඊජිප්තු ජාතිකයෙක් අත්අඩංගුවේ

වීසා නොමැතිව මෙරට රැදී සිටි ඊජිප්තු ජාතිකයෙකුව අද මාදම්පේ පැ

03:58 PM Apr 24 2019

ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිට ඉල්ලා අස්වන ලෙසට ජනපති දැනුම්දෙයි

03:51 PM Apr 24 2019

කුරුරු ප්‍රහාරවලට පොලිස්පති සහ ආරක්ෂක ලේඛම් අත්අඩංගුවට ගත යුතුයි-විජයදාස

02:37 PM Apr 24 2019

පිටකොටුවේදී තවත් සැකකටයුතු යතුරු පැදියක් පුපුරවයි (Photos)

02:17 PM Apr 24 2019

කිංග්ස්බරි හෝටලය යලි වැඩ අරඹයි

01:11 PM Apr 24 2019

කටානේ තවත් සැකකටයුතු පාර්සලයක්

12:32 PM Apr 24 2019

තිස්ස අත්තනායක නිදහස්

11:36 AM Apr 24 2019

බස්රථ වීඩියෝ කල මුස්ලිම් තරුණයා පොලිසියට මාට්ටු - ජංගම දුරකතනයේ බෝම්බ ප්‍රහාර වල ඡායාරූපත් තිබිලා

11:36 AM Apr 24 2019
ගොසිප්

හමුදා බුද්ධි අංශේ කියලා ගෙයක් පරික්ෂා කරන්න ගිය සේවයෙන් පලා ආපු යුද හමුදා සෙබළට වෙච්ච දේ

රත්නපුරේ රෝහලක් හදන්න ඇවිත් බෝම්බයට බිලිවූ බිරිඳට සමුදුන් විදේශිකයා
කලබල අස්සේ බිරිඳගේ අනියම් සම්බන්ධය හොයන්න සැමියෙක් පොලිසියට කෝල් එකක් දීලා කරපු වැඩක්
බෝම්බ කියලා හිතලා අනුරාධපුරේ පළතුරු පෙට්ටියක් පුපුරවා හැර නි...

අනුරාධපුර පුජා නගරයේ නන්දන මාවතේ පිහිටි ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ පැරණි පරිශ්‍රය සහ ජේතවන කෞ

01:03 PM Apr 23 2019
අනිල් කුම්බ්ලි සහ කොලිවුඩ් නිලි රාදිකා බෝම්බ පිපිරීමෙන් අනූ ...

ඉන්දීය හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක අනිල් කුම්බ්ලි පසුගියදා සිදුවූ බෝම්බ පිපිරීමෙන් අනූ නවයෙන් බේරී

11:29 AM Apr 23 2019
Trailers බලලා Films ගැන තීරණ ගන්නවට හොඳ වැඩේ...

පසුගිය දවස්වල ෆේස් බුක් එකේ සෑහෙන්න ඍඪපචත වුණු වීඩියෝවක් තිබුණා. පන්තියක කෙල්ලක් කොල්ලට කිස් එකකින්

09:14 AM Apr 23 2019
අම්මා සමග අවසානයට ගත් සෙල්ෆියත් සමග බෝම්බයෙන් දිවි අහිමිවූ ආ...

ෂැන්ග්‍රිලා හෝටලයට ඊයේ එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ප්‍රවීන සුපවේදිනී ශාන්තා මායාදුන

12:12 PM Apr 22 2019
තාත්තත් කිව්වා පල්ලි යන්න එපා කියලා - හරීන් ප්‍රසිද්ධියේ කිය...

ඒ අනුව ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් විසින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් දියත්

10:35 AM Apr 22 2019
විද්‍යා බාලන් සිත් වේදනාවට ප්‍රතිකාරය සොයාගෙන...

විද්‍යා බාලන් ඉන්දියාවේ වර්තමාන නිළියන් අතර ඉතා  ජනප්‍රිය සහ දක්ෂ, සාර්ථක නිළියක් බව රහසක් නොවෙ

05:00 AM Apr 21 2019
සචින්ත බිරියට දුන්න වටිනාම තෑග්ග...

සචින්ත දේවනාරායන කියන්නේ ඩ්‍රීම් ස්ටාර් තරගය නිසා බොහෝ දෙනෙක් හඳුනාගත්ත ගායකයෙක්. ඔහු දැන් පිය භූමික

07:45 PM Apr 20 2019
සම්ප්‍රදායෙන් පිටපැන්න අපූරු අලුත් අවුරුදු උත්සවය...

මේ සිංහල අලුත් අවුරුදු කාලේ විදේශිය සංචාරකයින් වෙනුවෙන් සංවිධානය කරපු සිංහල අලුත් අවුරුදු උත්සවයක් ප

11:32 AM Apr 20 2019
ජනප්‍රිය කොලිවුඩ් තරු එකතු වුන ඉන්දීය ලෝක් සභා මහ මැතිවරණ...

ලොව විශාලතම ජන්ද විමසීම වන ඉන්දීය ලෝක් සභා මහ මැතිවරණයේ දෙවන අදියර ඊයේ පැවැත්වුනා. මෙවර ඡන්ද කොට්ඨාස

04:18 PM Apr 19 2019
ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ප්‍රීති සින්තට බලහත්කාරකමක් ක...

IPL තරඟවලින් පස්සේ වෙච්ච සිදුවීම් දෙකක් මේ වෙනකොට හැම තැනකම කතා වෙනවා. එයින් එකක් තමා මේ ලඟකදී

11:12 AM Apr 19 2019
නොකා නොබී අරක්කු බීපු දෙදරු මවකට සිද්ධ වුන අපරාධයක්...

බකමුණ ඔරුබැදි සියඹලාව ගම්මානයේ නිවසක නිරාහාරව සිට අධික ලෙස මත්පැන් පානය කළ 56 හැවිරිදි දෙදෙරු මවක් ප

05:27 PM Apr 18 2019
ලෝක කුසලානයට ශ්‍රී ලංකාවේ ප්‍රබල ක්‍රීඩකයින් පහක් යන්නේ නෑ...

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තව සුළු වෙලාවකින් නම් කිරීමට නියමිතයි. මේ අපට ලැබුණු ආරං

01:32 PM Apr 18 2019
කුඩ ඉහළාගෙන තිසා වැවේ දිය නාන්න ගිහින් ...

රජරට පතිතවන දැඩි හිරු රශ්මිය නිසා ප්‍රදේශයේ ජනතාව බොහෝ අසීරුවට පත්වෙමින් සිටිනවා. මෙසේ හිරු රශ්මිය ද

04:23 PM Apr 17 2019
අවුරුදු 102ක් වූ සැමියාට සිංහල අවුරුද්දට බිරිඳ කරපු අපූරු ව...

සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් වූ හිසතෙල් ගෑමේ චාරිත්‍රයට සමගාමීව වයස අවුරුදු 102 වූ තම ආදරණීය සැමියා

11:56 AM Apr 17 2019
දිමුත් නායකයා වෙන්න හේතුව !...

ලංකාවේ ක්‍රිකට් ලෝකේ වෙන රහස් කතා නිතරම වගේ අපි ඔයාලට කියනවා. හැබැයි මේවා නිල නොවන කතා. හරියට කේලමක්

11:14 AM Apr 17 2019
අලි පැටවු එක්ක හිස තෙල් ගෑමේ නැකත පින්නවලදී ජයට සමරුන හැටි ...

සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍රයට සමගාමීව රඔුක්කන පින්නවල අලි ඇතුන්ගේ හිස තෙල් ගෑම විදුලිබල හ

09:05 AM Apr 17 2019
කොටට ඇඳගෙන යනකොට අසහනකාරයන්ගෙන් බේරෙන්න අමන්දා බෑග් එකේ දාගෙ...

නිලුක්ෂි අමන්දා එහෙමත් නැත්නම් ඔබට හුරු පුරුදු ඇමෙන්ඩා තමයි අද අපේ My Bag සෙග්මන්ට් එකට එකතු වුණේ. ල

04:03 PM Apr 16 2019
කුමාර සංගක්කාර අල පුඩිමක රස බලන්න ගිහින්...

නුවරඑලිය අර්තාපල් වගාව ලෝව වටා ප්‍රචලිත කිරිමේ අරමුණින් සහ දේශිය අල ගොවියා රැක ගැනිම සදහා නුවරඑලිය ග

12:10 PM Apr 16 2019

ලෝකෙම හෙල්ලෙන 20යි 20 ක්‍රිකට් සැණකෙළිය IPL සිද්ධිය මෙන්න

ගොසිප්

පන්දුවාර විස්සක් එකම ක්‍රීඩාපිටියක කරකැවෙමින් විසිගුණයක ඔල්වරසන් නදින් විසිවරක් චක්කරේ උඩු යටිකුරු කරන විසි එක්වැනි සියවසේ පිජාමා ක්‍රිකට් තරගාවලිය මෙදා සැරෙත් එකයි දෙකයි තුනයි කියලා මැදින් මාසේ ආරම්භ වෙලා පුරපසළොස්වක පොහොය පායනවාත් එක්කම ඔන්න පටන් ගන්නයි හදන්නේ. ඉන්දීය ප්‍රිමියර් ලීග් එහෙමත් නැත්නම් අපි සුද්ද සිංහලෙන් දන්න IPL තරගාවලිය මෙවර ආරම්භ වෙන්නේ මේ මාසේ 23 වැනිදායි.

කොහොම වුණත් 12 වැනි ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට මේ වනවිට සියල්ල සූදානම් කියලායි IPL තරගාවලි සංවිධායක ආරංචි මාර්ග නම් දන්වන්නේ. මේ මාසේ 23 වැනිදායින් පටන් ගන්න මේ IPL  වසන්තය අවසන් වෙන්නේ කොහා ටියුන්වෙලා බෙරිහන් දීලා වෙසක් සඳ මෝදු වෙනවාත් එක්කමයි. 

මෙවරද කණ්ඩායම් 08ක් තරග වදින IPL  තරගාවලියේ පළමු තරග 17ට අදාළ කාලසටහන මේ වනවිට නිකුත් කරත් ඉවර වෙන්නේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් උණුසුම ටිකෙන් ටික ලෝකෙට දනවමින්. මෙවර තරගාවලිය ආරම්භ කරමින් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හා රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝ කණ්ඩායම් FACE TO FACE තරග වැදීමට නියමිත බව තමයි කාලසටහන දිහා ඇස් ගෙඩි දෙක නළලේ තියන් බැලුවත් අපට පේන්න තියෙන්නේ. මේකේ විශේෂත්වය කියන්නේ IPL වසන්තයේ අධික මුදලකට වෙන්දේසි වත්තේ වෙන්දේසි වුණු ලෙෆ්ටිනන් කර්නල් මහේන්ද්‍ර සිං දෝනි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් නායකත්වය ලබාදෙන අතරේ ඒ ඒ බනිස්වලට හරියන්න ඒ ඒ කෙසෙල් කියනවා වගේ සුපිරි ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලි රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝ කණ්ඩායමට නායකත්වය ලබාදීමයි. කර්නල් මහත්තයා වයසයි. දැන් ටයි ටයි රිටයි වෙන්න කාලේ හරිනෙ නේද කියලා බොහෝ දෙනා කිව්වත් 37 හැවිරිදි මහේන්ද්‍ර සිං දෝනි කියන්නේ තුන් වතාවක්ම ධ්ර්ථීඹ් ශූරතාව සිය නායකත්වය යටතේ කණ්ඩායමට හිමිකරදුන් ක්‍රීඩකයෙක් කියන එකත් එහෙම කියන කොල්ලො කුරුට්ටෝ හැමෝම හොඳින් මතක තියාගන්න ඕනේ. දෝනි මේ තරගාවලිය පිළිබඳ වෙන්දේසියත් එක්ක තියන මාධ්‍ය හමුවේදී මෙන්න මෙහෙම දෙයකුත් කියනවා. “හැමෝම කියනවා දැන් 37ක් ක්‍රීඩාවෙන් සමුගන්න කාලේ හරි කියලා. නමුත් මං හිතන්නේ මගේ දක්ෂතාවට තවමත් වයස අවුරුදු 25ක් 26ක් විතර ඇති. ඒ හින්දම වෙන්න ඇති මං CAPTAIN කරපු චෙන්නායි සුපර් කිංග්ස් ගිය වතාවෙත් තුන්වැනි පාරට IPL කප් එක වින් කරන්නේ...” 

පසුගිය වසරේ පැවැති ඉන්දීය ප්‍රියමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තමන් සතු කරගන්නේ මේ ධ්ර්ථීඹ් ඉතිහාසය තුළ තරගාවලි අවස්ථා දෙකකදී තහනමකට ලක්වෙමින් වගේම තරගාවලි 9කට පමණක් මුහුණ දෙමින් වීමත් විශේෂත්වයක්.... දෝනි තම කණ්ඩායම නැවත වරක් නිමාවට පත්වූ 11 වැනි ධ්ර්ථීඹ් තරගාවලියේදී ජයග්‍රහණය කරා ගෙන එන්නේ තරගාවලි තරග කරන්නා වූ අවස්ථා 9කදී  PLAY  ඔෆ් රවුන්ඩ් එකට SELECTවෙන අතරෙම හොඳින් තරග කර අවස්ථා 7කදී අවසන් මහා තරගය දක්වා පැමිණීමෙන් අනතුරුව වීමත් කාගෙත් කතා බහට ලක්වුණා. ගිය අවුරුද්දේ දෝනිගේTEAM  HISTORY  එක එහෙම වෙද්දී සමස්ත තරගාවලිය අවසන් වෙන්නේ වොන්ඩර් ෆුල් MOMENTS ගොඩක් ඉතුරු කරමින්. 

පසුගිය වසරේ වගේම මේ වසරේදීත් මිල අධිකවම ක්‍රීඩකයන් බිහිකරන්නත් තරගාවලිය පුරාවට වැඩිම ලකුණු ලාභියාට හිමි orange  හැට් එක ලබා දෙන්නත් නැඟී එන යොවුන් ක්‍රීඩකයා සොයා ගන්නටත් වසරේ හොඳම ප්‍රහාරාත්මක ක්‍රීඩකයා සොයා ගන්නටත්, තරගාවලියේ වේගවත්ම ශතකය, අර්ධ ශතකය වගේම ONE BY ONE  විකට්ස් එකතු කරන හොඳම බෝලර්ස්ට දෙන පර්යල් හැට් එකත් දිනා ගන්නත් වසරේ විශිෂ්ටතම උඩපන්දු රකින්නා වෙන්නත් මේ ධ්ර්ථීඹ් වසන්තයේ ක්‍රීඩකයන් සැදී පැහැදී සිටින්නේ නිකම්ම නොවෙයි. මොකද මේ හැම සීන් එකක් එක්කම ඒ හැම කෙනෙක්ගෙම වේල පත්කඩේ ධන ලක්ෂ්මී හට්ටි මුට්ටි පිරෙන්න සල්ලි මල්ල personal එකවුන්ට් එකට විසි කරන හන්දා. 

IPL වසන්තයේ අල්ල පනල්ලේ 96 වර්ල්ඩ් කප් විනර්ස්ලා වෙච්ච අපේ රෑනේ උන්ගේ නම ඉතුරු කරන්න ඉස්සර නම් දුසිමක් දෙකක් විතර IPL ගැහුවත් දැන් ආසාවට දැලක් දාලාවත් අල්ලන්න එකෙක් නැහැ කියන වචනේ අහන්නේ නැති වෙන්න ජාමෙ බේර ගන්න පුළුවන් වෙන්නේ මෙතෙක් ධ්ර්ථීඹ් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුළු ලාභියා වෙච්ච අපේ සෙල්ලම් සේන අයියා ලසිත් මාලිංග මෙවරත් ප්‍රබල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් තරග කිරීමයි. ඒ වගේම මේ පාර වාසනාවට මාලි සීන් එකට එන්ටර් වෙන්නේ බෝට්ටුවෙන් නොවීමත් සතුටට කාරණාවක්. 

ලෝකෙටම මාර්වලස් වුණු මේ පිජාමා ක්‍රිකට් තරගාවලිය ඇතුළත මෙවරත් ඉන්දීය ක්‍රීඩකයන් 50 දෙනකු කරළියට ගොඩ බහිද්දී විදේශීය ක්‍රීඩකයන් 70 දෙනකුගෙන් තරගාවලිය වර්ණවත් වෙනවා. 

මෙවරත් චෙන්නායි සුපර් කිංග්ස් ලෙෆ්ටිනන් කර්නල් මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වය ලබා දෙද්දී සුපිරි ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලි රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝ කණ්ඩායම ගයිඩ් කරනවා. ඒ වගේම රාජස්ථාන් රෝයල් කණ්ඩායම වෙනුවෙන් මුළු ලෝකයේම අවධානය දිනා ගනිමින් පන්දුව පලුදු කිරීමේ චෝදනාවට ලක්වූ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීවන් ස්මිත් නායකත්වය ලබාදෙනවා. මේ අතර තරගාවලියේ නවක ක්‍රීඩකයන් රැසකගෙන් සන්නද්ධ දිල්ලි කැපිටල් කණ්ඩායම වෙනුවෙන් අවිෂ් ඛාන් නායකත්වය ලබාදෙනවා. ඒ වගේම මායන්ක් අග්රවාල් කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායමට නායකත්වය ලබා දෙද්දී මෙවර කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ මෙහෙයවීමේ වගකීම දිනේෂ් කාර්තික්ට හිමිව තිබෙනවා. ඒ විතරක් නෙවෙයි තුන් සිංහලයේම ජාමේක බේරෙන්න අපේ සෙල්ලම් සේන අයියා නතචර කරන ප්‍රබල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඉන්දීය ක්‍රීඩක රෝහිත් ශර්මා යටතේ මෙහෙයවන අතර සන්රයිසස් හයිද්රාභාත් කණ්ඩායමේ නායකත්වයේ වගකීම ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඩේවිඩ් වෝනර් සතුවනවා. 

බන්දේසි පිටින් සල්ලි වෙන්දේසි වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සර්ව සාධාරණව සංවරව ක්‍රීඩා කරනවායි කියන්නේ සඟ දාලා ඩෙඝ දාලා නටන ක්ලබ් එකක් ඇතුළේ පිරිත් කියනවා වගේ වැඩක්. පැත්තකින් ධ්ර්ථීඹ් මේ විදියට අඋව් වෙද්දී තවත් පැත්තකින් ධ්ඛ්ඛ්  වර්ල්ඩ් කප් එක ළඟ ළඟම අත වනනවා. මේ හැම දෙයක් එක්කම මැච් ෆික්ස් කරලා ක්‍රීඩාව ඇතුළෙ ඉඡ්ඔ කරන එක නතර කරලා ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය පවත්වා ගන්නත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග සංවිධායකයන් අමතක කරන්නේ  නැහැ. ඒ හින්දාම මෙවරත් තරගාවලියේ විනය ගරුකම හැසිරීම වෙනුවෙන් ලබාදෙන ෆ්යෙර් ප්ලේ සම්මානය AVELABEL පිට තියන්නත් IPL තරග සංවිධායකයන් සූදානම්. 

ෆුල් මාර්වලස් පිජාමා ක්‍රිකට් කානිවල් එකක් බලාපොරොත්තුවෙන් පුල පුලා ඇඟිලි සූප්පු කරමින් බලන් ඉන්න ක්‍රිකට් ෆෑන්ස්ලාට IPL සීසන් එක ගැන පුංචි HOPES ටිකකින් කිතිකවන ගමන් අදට යං ක්‍රිකට් මේනියාවෙන් සමුගන්නවා. ආයෙමත් NEXT WEEK සෙට් වෙමු. 

භානුක සචින්තක කරුණාරත්න