28

කොළඹ

මේපාර වර්ල්ඩ් කප් එක දිනන කණ්ඩායම ගැන ඩි විලියර්ස්ගෙන් අනාවැකියක්

නවසීලන්තය ගිනි අවි භාවිතය තහනම් කරයි

ජනපති අපේක්ෂකත්වයට නවීන් - ගෝඨා සටනක

ක්‍රිකට් නීති අලුත් වෙයි -Over එක පරක්කු වුනොත් Batting Team එකට ලකුණු 5ක්

මටත් දැන් ටිකක් වයසයි ඒත් මල්ලිලා එක්ක මැච් එක හොඳට කළා

ජනපතිවරණයේ තුරුම්පුව තියෙන්නේ අපි ගාව
කිරිපිටි ගැන ඇත්ත මෙන්න

මේපාර වර්ල්ඩ් කප් එක දිනන කණ්ඩායම ගැන ඩි විලියර්ස්ගෙන් අනාවැකියක්

තවත් මාස දෙකකින් පමණ එංගලන්තයේදී ආරම්භ වීමට නියමිත ලෝක කුසලා

08:55 AM Mar 21 2019

සනත්ව බේරගන්න

07:33 AM Mar 21 2019

ක්‍රිකට් නීති අලුත් වෙයි -Over එක පරක්කු වුනොත් Batting Team එකට ලකුණු 5ක්

07:25 AM Mar 21 2019

නවසීලන්තය ගිනි අවි භාවිතය තහනම් කරයි

නවසීලන්තය තුල සියලුම අර්ධ ස්වයංක්‍රීය ගිනි අවි තහනම් කිරීමට

08:11 AM Mar 21 2019

"මට සීතල දැනුනා.මම ගලක් උඩට වෙලා හිටියා " - පැය 24ක් අතුරුදන් වූ දරුවා කියයි

04:34 PM Mar 20 2019

බ්‍රසීලයේ න්‍යෂ්ටික බලාගාරයක් ආසන්නයට ත්‍රස්ත ප්‍රහාරයක්

03:25 PM Mar 20 2019

ජනපති අපේක්ෂකත්වයට නවීන් - ගෝඨා සටනක

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායකත් හිටපු ආරක්ෂක ලේකම්

07:54 AM Mar 21 2019

ජනපතිවරණයේ තුරුම්පුව තියෙන්නේ අපි ගාව

07:08 AM Mar 21 2019

වී මිල වැඩි කරලා ගොවියා ශක්තිමත් කරන්න බෑ

07:03 AM Mar 21 2019

පසුගිය කාටුන්

CARTOON ::: 2019-03-20
CARTOON ::: 2019-03-19
CARTOON ::: 2019-03-18

සරසවි සිසු විරෝධතා

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ‘නිශ්මි’ ආසියාවේ විශිෂ්ට ශිෂ්‍ය නායකයකු ලෙස ප්‍රකට අන්තර්ජාතික සඟරාවක් වන ‘ඒෂියා වීක්’ විසින් වරෙක නම් කරන ලදී. ඒ 80 දශකය අගය. 80 දශකය මුල පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ පොලිසියක් පිහිටුවීමට එරෙහිව උද්ඝෝෂණය කළ ශිෂ්‍යයන්ට කළ වෙඩි තැබීමකින් එක් ශිෂ්‍යයකු මියගිය අතර ඝාතනයට විරෝධය පළකළ කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ට වෙඩි තැබූ පොලිසිය තවත් ශිෂ්‍යයකු මරා දැමීය. මෙරට විශ්වවිද්‍යාල ඉතිහාසයේ නිරායුධ සිසුන්ට වෙඩි තැබීමකින් ඒ වන විට මියගොස් සිටියේ එක් ශිෂ්‍යයකු පමණි. ඒ, 70 දශකයේ අග ශ්‍රීල.නි.ප. ආණ්ඩුවේ පොලිසිය කළ සිසු උද්ඝෝෂණයකට කළ වෙඩි තැබීමෙන් වීරසූරිය සිසුවා මරණයට පත්වීමය. 80 දශකයේ මැද වන විට රට පුරා විශ්වවිද්‍යාලවල ගිනි ඇවිළී තිබිණි. රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගන්නා ලෙස ඉල්ලමින් ඇරැඹි සිසු සටන අවසානයේ එ.ජා.ප. ආණ්ඩුව පෙරළා දැමීම දක්වා දුරදිග ගියේය. වෛද්‍ය විද්‍යාලය ජනසතු කෙරිණි. එහෙත් ආණ්ඩුව පෙරළුණේ නැත. විශ්වවිද්‍යාල සිසු සිසුවියන් සිය ගණනකගේ වටිනා ජීවිත අකාලයේ වැනසී ගියේය. තවත් සිය ගණනක් අත්අඩංගුවට පත්වූ අතර ඉන් ඇතැමුන්ගේ අධ්‍යාපනයද කඩාකප්පල් විය. එහෙත් බුරබුරා ඇවිළෙන ගිනිසිළු වැනි තරුණ සිසුන්ගේ ‘සටන’ ලෙයින්, යකඩින් මර්දනය කළ නොහැකිය. ඔවුහු යළි යළිත් සංවිධානය වෙති. ප්‍රශ්නය වන්නේ මේ සිසු සටන් කෙතරම් සබුද්ධිකද යන්නය. අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය ඉකුත් 19 වැනිදා කොළඹදී පැවැත්වූ විරෝධතාව විසුරුවා හැරීමට පොලිසිය අධි පීඩන ජල හා කඳුළුගෑස් ප්‍රහාරයන් එල්ල කළේය. සබරගමු විශ්වවිද්‍යාලයේ බඳවා ගැනීම් කප්පාදුවට එරෙහිව මේ විරෝධතාව සංවිධානය කර තිබිණි. පා ගමනින් පැමිණි සිසුන්ට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටදී ප්‍රහාර එල්ල කළේ පොලිස් බාධක ඉවත් කර තහනම් කලාපයට කඩාවැදීමට ගත් උත්සාහයේදීය. එදා මෙදාතුර හැමදාමත් සිදු වූයේ එකම සිද්ධිය ය. පොලිස් බාධක බිඳ දැමීමට උත්සාහ කරන සිසුන්ට පහරදීමය. පහර කෑ සිසුන් පොලිසියට ‘හූ’ කියා විසිර යෑමය. ඉකුත් සතියේ ඊනියා ප්‍රතිත්‍රස්ත පනතට එරෙහි ‘අන්තරය’ කොළඹදී පැවැත්වූ විරෝධතාවට පොලිසිය මේ ආකාරයෙන්ම පහර දුන්නේය. අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට ගනු ලැබුවේ ප්‍රකෝපකාරී ලෙස හැසිරීමේ චෝදනාව මතය. සිසුන්ට පහර එල්ල කිරීමටත් සිසුන් අත්අඩංගුවට ගැනීමටත් පොලිසිය ඉතා කාර්යක්ෂමය. මේ කාර්යක්ෂම බව බොහෝ තැන්වලදී පොලිසියට නැත. ඉහළින් එන දුරකථන ඇමතුමට ‘නැවෙන’ පොලිස් ලොක්කන් ඕනෑ තරම්ය. කාරණය අනෙකකි.විශ්වවිද්‍යාල සිසුහු සිය ප්‍රශ්න මෙන්ම ජාතික ප්‍රශ්නවලටද සංවේදීව සටන් කරති. ‘ප්‍රතිත්‍රස්ත පනත’ට විරෝධය පළ කරමින් ක්‍රියාකාරී වූ පළමු සංවිධානය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයයි. එහෙත් මේ විරෝධතා අවසන් වන්නේ මාර්ග තදබදය නිසා ජනතාව අපහසුතාවට පත් වීමත්, සිසුන්ට ජල ප්‍රහාර එල්ල වීමෙන් නිසා සටනේ අරමුණ සැඟවී යෑමෙන්ය. ‘මාධ්‍ය”ද මතු කරන්නේ සිසුන් හා පොලිසිය අතර ගැටුම පමණි. ජනතාව සිතන්නේ සිසුන් බොරු වැඩවලට ගොස් පොලිසියෙන් ගුටි කා ගෙදර යන බවය. සිසුන්ගේ ‘ප්‍රශ්න’ ගැන ජනතාව දැනුම්වත් නැත. ඒ ගැන කතා කිරීමට බොහෝ මාධ්‍යයට වුවමනාවක්ද නැත. ඔවුන් කරන්නේ සිසුන්ට පහරදෙන දර්ශන පෙන්වා නරඹන්නන්ට ත්‍රාස රසය ලබාදීමය. ‘ප්‍රතිත්‍රස්ත’ පනතට  එරෙහි විරෝධතාවට සහභාගි වී පහර කෑ සිසු සිසුවියන් ඊට මුහුණදුන්නේ අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් රැක ගැනීම වෙනුවෙන් යැයි මේ රටේ බොහෝ දෙනකුට අවබෝධයක් නැත. එය ජනතාවගේ වරදම නොව සිසු නායකයන්ගේද වරදකි. සටන් මාදිලිය වෙනස් කර මීට වඩා සබුද්ධිකව වැඩ කිරීමට සිසු නායකයන්ට හැකි විය යුතුය. තරුණ ‘ජවය’ පොලිසියේ ජල ප්‍රහාරවලින් දිය කර හැරීමට ඉඩ දීම අපරාධකි.
වීඩියෝ