29

කොළඹ

කසුප් රජ දවස සීගිරිය - VR අත්දැකීම දැන් සීගිරියේදී

පාස්කු ප්‍රහාරය සිදු වී අදට මාසයයි

ඕස්ට්‍රේලියානු F1 ධාවක Niki මියයයි

හිම දියවීම නිසා මුහුදු ජල මට්ටම ඉහළට

දුම්රිය ගේට්ටු මුරකරුවෙකු දුම්රියට පැනලා

ISIS ත්‍රස්තයින්ගේ SMS දුරකථනයේ තබාගත් කෙනෙක් වෙසක් පෝය දවසේ හසුවූ හැටි
තෙල් හිඟයක් නිසා මැන්චෙස්ටර් ගුවන්තොටුපලේ ගුවන් ගමන් නවතී

අද ස්කොට්ලන්තය එක්ක තරඟය කලින් ඒවා වගේ වර්ෂාවෙන් සේදී ගියහොත් වෙන දේ මෙන්න,ශ්‍රී ලංකා කණ්ඩායමට නුපුරුදු ක්‍රීඩා පිටියක්

මේ වන විට ස්කොට්ලන්තයේ කෙටි සංචාරයක නිරත වී සිටින ශ්‍රී ලංකා

08:41 AM May 21 2019

මුදලට ක්‍රිකට් තරග පාවාදුන් ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන් තව ඉන්නවලු, ඉදිරි මාස දෙකේදී එලියට එයිද ?

08:02 AM May 21 2019

ඕස්ට්‍රේලියානු F1 ධාවක Niki මියයයි

07:36 AM May 21 2019

හිම දියවීම නිසා මුහුදු ජල මට්ටම ඉහළට

මෙතෙක් පැවති මට්ටමට වඩා මුහුදු මට්ටමේ ජලය ඉහල ගොස් ඇති බව වි

08:15 AM May 21 2019

ඉන්දීය මහමැතිවරණය අවසානයේ සිදු වූ දේ - අපේක්ෂකයන් 5 දෙනකුගෙන් එක් අයකුට අපරාධ චෝදනා

12:33 PM May 20 2019

තෙල් හිඟයක් නිසා මැන්චෙස්ටර් ගුවන්තොටුපලේ ගුවන් ගමන් නවතී

10:58 AM May 20 2019

මංගලයි තලතයි හදන්නේ රනිල්ගේ සිහිනය සැබෑ කරලා රට ලේ විලක් කරන්නයි

“ඇමෙරිකාවෙන් ඔළු සෝදා ගත් මංගල ඇමැතිත් තලතා ඇමැතිවරියත් රට ල

08:52 AM May 21 2019

රිෂාඩ් ගැන තීරණය කරන්න ඕනේ ආණ්ඩුව

07:30 AM May 21 2019

රජයට එරෙහි විශ්වාසභංගය හෙට කතානායකට

11:24 AM May 20 2019

පසුගිය කාටුන්

CARTOON ::: 2019-05-17
CARTOON ::: 2019-05-16
CARTOON ::: 2019-05-15

දස වසරක්...

2009 මැයි 19දා එනම්, මීට දස වසරකට පෙර ‘බෙදුම්වාදී එල්.ටී.ටී.ඊ. අන්තවාදීන් පරාජය කිරීමට ශ්‍රී  ලංකා රජයේ හමුදාවට හැකි විය. 2006 ජූලි 20 තෙවැනි ඊළාම් යුද්ධය ඇරැඹීමට පෙර එල්.ටී.ටී.ඊ ප්‍රබල නායකයකු වූ පොට්ටු අම්මාන් කියා සිටියේ උතුරට  කඩාවදින සිංහල හමුදාව ලේ විලක ගිලී යනු ඇති බවය. එහෙත් ‘මාවිල්ආරු’ සොරොව්ව එල්.ටී.ටී.ඊ.ය වසා දැමීමෙන් පසු ඊට එරෙහිව රජයේ හමුදා ඇරැඹූ මෙහෙයුම දින දහනවයකදී ජය ගෙන එතැන් සිට තොප්පිගල, මුලතිව්, කිලිනොච්චිය මුදාගනිමින් නන්දිකඩාල් දක්වා ජයග්‍රාහීව පෙරටම ගියේය. වහසි බස් දෙඩූ එල්.ටී.ටී.ඊ. නායකයන් සියලු දෙනාට සිදුවූයේ මරු වැලඳ ගැනීමටය. තෙවසරක් පුරා ඇදීගිය මේ ඊළාම් යුද්ධයෙන් එල්.ටී.ටී.ඊ. ය පරාජය කළ හැකි වුවද වාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ඉන් නොලැබිණි. ඊට විසඳුම යුද බිමේදී හමුවන්නේ ද නැත.20 වසරකට වඩා වැඩි කාලයක් පැවැති යුද්ධයේදී සිදුවූ ජීවිත හා දේපළ හානි විශාලය. අංගවිකල වූ සංඛ්‍යාව, වැන්දඹුවන් වූ සංඛ්‍යාව හා අවතැන්වූවන් රටට ඔරොත්තු නොදෙන්නකි. යුද ගැටුමේදී රටක් ලෙසට සාර්ථක වුවද ගැටුම් කළමනාකරණයේදී උපායමාර්ගික කටයුතුවලදී සැලකිය යුතු සාර්ථකත්වයක් අත්කර ගැනීමට හැකි නොවිණි. ‘පාස්කු ඉරිදා ප්‍රහාරය’ එහි ප්‍රතිඵලයක් යැයි කීම වැරැදි නැත.පෙරේදා බත්තරමුල්ල රණවිරු ස්මාරකය අබියස පැවැති රණවිරු සැමරුම් උත්සවයේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ වසර දහයකට පසු තවත් ත්‍රස්තවාදයකට මුහුණදීමට සිදුවී ඇති බවත් අපේ ත්‍රිවිධ හමුදාවට මේ ත්‍රස්තවාදී අභියෝගයත් ජය ගැනීමට ශක්තිය ඇති බවත්ය. විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර තිබුණේ ඊට වෙනස් අදහසකි. එතුමාට අනුව යහපාලන ආණ්ඩුව බලයට ආපු දා සිට කළේ මුළු ලෝකයම මවිත කරමින් එල්.ටී.ටී.ඊ.ය යුද්ධයෙන් පරාජය කළ ත්‍රිවිධ හමුදාවට පන්න පන්නා පහරදීමය. කෙසේ වුවද යුද්ධය අවසන් වූ ඉකුත් දස වසර තුළ පොදුවේ සමාජය වෙළාගත් මහා බියක් තිබුණේ නැත. එහෙත් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව සමාජය යළි තිගැස්මකට ලක්විය. යළි බිය සැක සමාජය වෙළාගෙන ඇත. විශේෂයෙන් දකුණේ ජනතාව බෝම්බවලට දැක්වූ බිය යළි මතුවී තිබේ. එහෙත් පාලකයන් මෙන්ම පාලිතයන්ද පාඩම් ඉගෙන ගෙන ඇති බවක් පෙනෙන්නට නැත.ජාතිභේදවාදය, බලලෝභය, සැකය හා බිය ඇති සමාජයක් දියුණුව නොව ගමන් කරනු ඇත්තේ පිරිහීම කරාය. ඒ බව අවබෝධ කර නොගන්නේ නම් රටේ අනාගතය අඳුරට මිස ආලෝකය කරා ගමන් නොකරනු ඇත. 
වීඩියෝ