logo

29

කොළඹ

නවතම පුවත්

පාස්කු ප්‍රහාරයේ තේරීම් කාරක සභාව අද තීරණාත්මකයි

ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නැයි බොහෝදෙනකු මගෙන් ඉල්ලනවා

හදිසි ඖෂධ හා එන්නත් ගෙනියන්න ඩ්‍රෝන තාක්ෂනය යොදාගැනේ

ඊජිප්තු හිටපු ජනාධිපති විත්ති කූඩුවේ ඇදවැටී මියයයි

වෙන්නප්පුව නිවසක් තිබී අභිරහස් මෘත ශරීරයක් සොයාගැනේ

ICC යේ බලපෑම් නිසා ශ්‍රී ලංකාව මාධ්‍ය හමුවට සහභාගි වුණේ නෑ - කණ්ඩායම් කළමණාකාරීත්වය එන්න ඇහුවත් එකට අවස්තාව දීලත් නෑ
මාධ්‍ය හමුව මගහැරියාට දෙනවා කිව්ව කිසිම දඬුවමක් ශ්‍රී ලංකාවට නැහැ

ෂකීබ් අල් හසන් ගැන හතුරුසිංහගේ අනාවැකි අමු අමුවේ බොරු වූ හැටි (VIDEO)

Shakib Al Hasan සහ Liton Das එක්ව ගොඩනැගූ වාර්ගත සම්බන්ධතාව

09:19 AM Jun 18 2019

ICC යේ බලපෑම් නිසා ශ්‍රී ලංකාව මාධ්‍ය හමුවට සහභාගි වුණේ නෑ - කණ්ඩායම් කළමණාකාරීත්වය එන්න ඇහුවත් එකට අවස්තාව දීලත් නෑ

06:42 AM Jun 18 2019

මාධ්‍ය හමුව මගහැරියාට දෙනවා කිව්ව කිසිම දඬුවමක් ශ්‍රී ලංකාවට නැහැ

04:35 PM Jun 17 2019

තෙල් නැවට පහරදුන්නේ ඉරානය බවට පවසමින් ඡායාරුප පෙළක් අමෙරිකානු නාවුක හමුදාව මුදාහරී

පසුගියදා ගල්ෆ් කලාපයේ සිදුවූ තෙල් ප්‍රවාහන නෞකාවකට එල්ල කරන

08:54 AM Jun 18 2019

ඊජිප්තු හිටපු ජනාධිපති විත්ති කූඩුවේ ඇදවැටී මියයයි

07:14 AM Jun 18 2019

නයිජීරියාවේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 30ක් මරුට

06:15 PM Jun 17 2019

අපි මින් ඉදිරියට තනිව අරගල කිරීමට සූදානම් ,හකීම් ඉන්දීය මාධ්‍යට කියපු දේ මෙන්න

ඉදිරි මැතිවරණවලදී මෙරට මුස්ලිම් ප්‍රජාව කවර පාර්ශ්වයකට හෝ ඡන

09:12 AM Jun 18 2019

අපේ ආණ්ඩුව වැඩ කරන්නේ ලිච්ඡවි රජ දරුවන් වගෙයි

08:58 AM Jun 18 2019

සහරාන් මැතිවරණයට උදව් කළා නම් ජනාධිපති රටට ඇත්ත කියන්න ඕන බත්තරමුල්ලේ සීලරථන හිමි

01:08 PM Jun 17 2019

පසුගිය කාටුන්

CARTOON ::: 2019-06-17
CARTOON ::: 2019-06-14
CARTOON ::: 2019-06-13

ලිච්ඡවි පාලනය

1978දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදූ අගමැති ජේ.ආර්. ජයවර්ධන ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ලෙස පත්විය. ලංකා සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය එන්.එම්. පෙරේරා පොත් පිංචක් ලියමින් අවධාරණය කළේ මේ විධායක ජනාධිපති ධුරය රටට අනතුරුදායක බවය. කල් නොයවා ජේ.ආර්. ජයවර්ධන එන්.එම්.ගේ අනාවැකිය සනාථ කළේය. 1978 සිට ජනාධිපති හා අගමැති එකම පක්ෂයකින් පත් වුවද 2002දී ජනාධිපති හා අගමැති තනතුරුවලට පක්ෂ දෙකක නායකයන් පත්විය. එවැනි අවස්ථාවක් එළැඹුණහොත් එය ව්‍යවස්ථාදායකය හා විධායකය අතර ගැටුමකට මුලපුරනු ඇතැයි ආචාර්ය එන්.එම්. පෙරේරා කල්තියා කියා තිබිණි. 2015 සිදුවූයේ කිසිවකු නොසිතූවකි. පොදු අපේක්ෂක ලෙස ජනාධිපතිවරණයට තරග කළ මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය භාරගැනීම ජනාධිපති - අගමැති ගැටුමකට මුලපුරනු ලැබීය. අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ ලිච්ඡවි රජදරුවන් මෙන් සමඟියෙන් රැස්වී සමඟියෙන් සාකච්ඡා කර සමඟියෙන් විසිර යන බවය. එහෙත් ජනාධිපති - අගමැති ගැටුම වසරින් වසර වර්ධනය වී ඉකුත් ඔක්තෝබරයේ පුපුරා ගියේය. අගමැති ධුරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්කර මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. අධිකරණය දුන් තීන්දුවක් නිසා අගමැති ධුරය යළි රනිල් වික්‍රමසිංහ මහතාට ලැබුණද ගැටුම සමථයකට පත්වූ බවක් පෙනෙන්නට නැත. විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සම්බන්ධව මතුව ඇති ප්‍රශ්නයෙන් පෙනෙන්නේද ඒ ගැටුම පවතින බවය. එහෙත් අගමැති රනිල් වික්‍රමසිංහ පොළොන්නරුවේදී පොසොන් පෝදා ප්‍රකාශ කර තිබුණේ ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය ලිච්ඡවි රජදරුවන් මෙන් වැඩකටයුතු සිදුකරමින් සිටින බවය. අගමැතිවරයා එලෙස පැවැසුවද “ලිච්ඡවි” මොඩලයක් නම් රටට පෙනෙන්නේ නැත. යහපාලනය, සංහිඳියාව වැනි වටිනා සංකල්ප පවා අද විහිළුවට ලක්වී අවසන්ය. “ලිච්ඡවි” කතාව එවැනි විහිළුවක් බවට පත්වීම නොවැළැක්විය හැකිය. තවදුරටත් ලිච්ඡවි කතා නොකියා ආණ්ඩුව කළ යුත්තේ ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එකවර තබා ජනමතය උරගා බැලීමය. යහපාලනය, සංහිඳියාව, ලිච්ඡවි කතා සියල්ල එවිට මැතිවරණ වේදිකාවේ යළි සංවාදයට සාකච්ඡාවට ලක්කළ හැකිය. වක්කඩේ හකුරු හැංගුවේ කවුද? කටින් බතල සිටුවූයේ කවුද? ආඳා යවාලා වල්පත ගත්තේ කවුද? යන්න ගැන එවිට සබුද්ධික ජනතාව තීරණය කරනු ඇත.
වීඩියෝ