logo

26

කොළඹ

නවතම පුවත්

විරෝධතාවයක් නිසා පාර්ලිමේන්තු වටරවුමේ විශාල වාහන තදබධයක්

දුම්රිය වර්ජනයේ අවසන් තීරණය අද - සවස 2 පසු දුම්රිය නැතිවෙන ලකුණු

වසර 14 කට පසු චීන නායකයෙක් උතුරු කොරියාවේ සංචාරයක

නායකත්වයේ ආදර්ශය පෙන්වමින් විලියම්සන් නවසීලන්තය ජයග්‍රහණය කරා රැගෙන ගිය හැටි (VIDEO)

හෙරොයින් තොගයක් සමග ගාල්ලේදී අයෙක් අත්අඩංගුවට

ප්‍රශ්නය ගැන කතා කරන්න මුදල් ඇමති කැමතියි - දුම්රිය වැඩ වර්ජනය කල්යයි
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය නැහැ

ලංකාව අවසන් වටයට එන විදිහ ගැන ස්ටීව් වෝ හෙළි කරයි

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදු

01:22 PM Jun 20 2019

ඉන්දීය සුපිරි ආරම්භක පිතිකරුට ලෝක කුසලාන තරඟාවලියම අහිමි වෙයි (video)

11:50 AM Jun 20 2019

ක්‍රිකට් ආයතනයෙන් සිදුවුණු අසාධාරණයට එරෙහිව අවිශ්ක ගුණවර්ධන අභියාචනාධිකරණයේ පිහිට පතයි

08:41 AM Jun 20 2019

විත්තිකුඩුවේ මිය ගිය ඊජිප්තු ජනපතිගේ මරණය සැක සහිතයි

ඊජිප්තුවේ හිටපු ජනපති මොහොමඩ් මොරිස් පසු ගිය දිනයක උසාවි විත

04:23 PM Jun 20 2019

ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරයෙන් පසු නවසීලන්තයේ ක්‍රියාත්මක කල අවි ආයුධ තහනම ඉවතට

11:29 AM Jun 20 2019

අමෙරිකානු ඔත්තු ඩ්‍රෝන යානාවට පහර දීමේ වගකීම ඉරානය භාරගනී

10:29 AM Jun 20 2019

ජනාධිපති අපේක්ෂකයා වෙන්න සුදුසුකම් මට තිබෙනවා, නැත්තම් රට වෙනුවෙන් එන කෙනෙක්ට සහාය දෙන්න සූදානම් - තිස්ස

පෞද්ගලික න්‍යාය පත්‍රයකින් තොරව රට වෙනුවෙන් ඉදිරිපත් වන අපේක

11:40 AM Jun 20 2019

එජාපය දිය වෙමින් යනවා - තිස්ස අත්තනායක

11:21 AM Jun 20 2019

ජනාධිපතිවරණයට එජාපයෙන් රනිල් එන ලකුණු තියෙනවා

10:29 AM Jun 20 2019

පසුගිය කාටුන්

CARTOON ::: 2019-06-19
CARTOON ::: 2019-06-18
CARTOON ::: 2019-06-17

හැට දවසකට පසු...

අප්‍රේල් 21 පාස්කු ඉරිදා ඛේදවාචකය සිදුවී අදට දෙමසකි. ඉස්ලාම් අන්තවාදීන්ගේ ප්‍රහාරයෙන් හැලුණු ලේ වියැකී ගියද ඉනූ කඳුළු තවමත් වියළී නැත. ප්‍රහාරයෙන් ඇතිවූ භීතිය තවමත් සමාජයේ හොල්මන් කරයි. සිංහල, දමිළ ජාතිකයන් තුළ පමණක් නොව මුස්ලිම් ජාතිකයන් තුළද මින් ඇති කළ කම්පනය තවමත් පහව ගොස් නැත. දෙමසක් ගතවුණද මේ ප්‍රහාරයට සම්බන්ධ චූදිතයන් නීතිය හමුවට ගෙනඒමට ආණ්ඩුව සමත්වී නැත. එහෙත් සැකකරුවෝ විශාල පිරිසක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටිති. චෝදනා එල්ලවූ මුස්ලිම් ජාතික මැති-ඇමැතිවරුන් සිය ධුරවලින් ඉල්ලා අස්වී ඇත. පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවක් පත්කර මේ වනවිට සාක්කි විමසීම සිදුකෙරේ. ජනාධිපතිවරයා පත්කළ විශේෂ කමිටුව සිය වාර්තාව භාරදී තිබේ.පාස්කු ඉරිදා ප්‍රහාරය ජාතික තව්හිද් ජමාත් නම් අන්තවාදී ඉස්ලාමීය සංවිධානයක් විසින් එල්ල කළ බවත් ඊට ජාත්‍යන්තර අන්තවාදී ඉස්ලාමීය  සංවිධානයක් වන ‘අයි-එස්’ලාගේ අනුබලය ලැබුණු බවත් යම් දුරකට සනාථ වී ඇත. අයි-එස් සංවිධානය වගකීම භාරගනිමින් ප්‍රකාශයක්ද කළේය. කනගාටුවට කරුණ වන්නේ බුද්ධි අංශ වාර්තාවලට අනුව වළක්වාගත හැකිව තිබූ මේ ප්‍රහාරය එල්ලවීමට ඉඩහැරීම සම්බන්ධයෙන් කිසිවකු වගකීම භාර නොගැනීමය. වගකිවයුතු සියලුදෙනා කරන්නේ අනෙකාට ඇඟිල්ල දිගු කිරීමය. දෙමසයක් ගතවුවද වගකීම භාර ගැනීමට වගකිවයුත්තෙක් නැත. පාස්කු ප්‍රහාරයටත් වඩා ඛේදවාචකය එයයි.පවතින ආණ්ඩුවේ වගකීම වන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ පමණක් නොව මුස්ලිම් ජනතාව ඉලක්කගත කර එල්ලවූ මිනුවන්ගොඩ හා කුලියාපිටිය ප්‍රහාරවල පිටුපස සිටින්නන් හඳුනාගෙන ඔවුන්ට නීතියෙන් දඬුවම් දීමය. පාස්කු ප්‍රහාරයෙන් පසු මේ සමාජය තුළ ඇතිවූ භීතිය හා කම්පනය දුරුකිරීමේ වගකීම පැවරෙන්නේද ආණ්ඩුවටය. විපක්‍ෂයද ඒ සඳහා දායක විය යුතුය.
වීඩියෝ