logo

33

කොළඹ

නවතම පුවත්

ප්‍රශ්නය ගැන කතා කරන්න මුදල් ඇමති කැමතියි - දුම්රිය වැඩ වර්ජනය කල්යයි

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය නැහැ

කබීර් හා හලීම් නැවතත් තම ඇමතිධුර භාරගනී

ගෝඨාට ජුලි 24 තෙක් විදෙස් ප්‍රතිකාර ලබාගැනීමට කාලය

ට්‍රම්ප් 2020 ජනාධිපතිවරණය සඳහා වැඩ අරඹයි

මුස්ලිම් අන්තවාදය පරාද කරන්න රතන හිමියෝ අලුත් සංගමයක් පිහිටුවයි
වෑන් රථයක් ට්‍රැක්ටරයක ගැටී 5ක් මරුට - 12කට තුවාලයි (PHOTO)

ලංකාවේ ලෝක කුසලාන සිහිනය තීරනය වෙන එංගලන්ත තරඟයට ජේසන් රෝයි නැහැ

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු ජේසන් ර

10:27 AM Jun 19 2019

ගේල්ගේ හා ශර්මාගේ වාර්තා බිඳ දැමු මෝර්ගන් එංගලන්තය ඉහලටම රැගෙන ගිය හැටි (VEDIO)

08:19 AM Jun 19 2019

ඉයන් මෝර්ගන්ගෙන් හයේ වරුසාවක් සමගින් ලෝක වාර්තාවක්

06:24 PM Jun 18 2019

MH17 යානාවේ පරීක්ෂණ වාර්තාව අද

2014 දී යුක්රේනයෙදී අනතුරටපත් MH17 මැලේසියානු නුවන් යානාව පි

10:08 AM Jun 19 2019

ට්‍රම්ප් 2020 ජනාධිපතිවරණය සඳහා වැඩ අරඹයි

08:00 AM Jun 19 2019

නවසිලන්ත ප්‍රහාරය ෆේස්බුක් ශෙයා කලාට අවුරුදු දෙකක බන්ධනාගාර දඬුවමක්

01:28 PM Jun 18 2019

පොහොට්ටුවේ අපේක්ෂකයා ගෝඨාභය බව ස්ථිරයි

ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරමින් ගෝඨ

08:40 AM Jun 19 2019

රටේ දැන් තියෙන්නේ පටාචාරා ආර්ථිකයක්

08:33 AM Jun 19 2019

මුස්ලිම් අන්තවාදය පරාද කරන්න රතන හිමියෝ අලුත් සංගමයක් පිහිටුවයි

07:42 AM Jun 19 2019

පසුගිය කාටුන්

CARTOON ::: 2019-06-18
CARTOON ::: 2019-06-17
CARTOON ::: 2019-06-14

සත්කුමාරගේ ප්‍රශ්නය

සිය ෆේස්බුක් ගිණුමේ පළ කළ කෙටි කතාවක කොටසකින් බුද්ධාගමට අගෞරවයක් කළ බවට චෝදනා ලැබූ ශක්තික සත්කුමාර නම් ලේඛකයා අත්අඩංගුවට ගැනීමෙන් පසු දින 80කට අධික කාලයක් තිස්සේ සිටින්නේ රක්‍ෂිත බන්ධනාගාර ගතවය.මේ වසරේ පෙබරවාරියේ පළවූ මේ කෙටි කතාවට එරෙහිව කුරුණෑගල ශාසනාරක්‍ෂක බලමණ්ඩලය සහ බුදු දහම සුරැකීමේ යොවුන් පෙරමුණ නම් සංවිධානයක් පොල්ගහවෙල පොලිසියට කළ පැමිණිල්ලකට අනුව කටඋත්තරයක් ලබාදීමෙන් පසු මේ ලේඛකයාව ඉකුත් මාර්තුවේදී අත්අඩංගුවට ගෙන තිබේ. අනතුරුව පොලිසිය ලේඛකයාට නඩු පවරා ඇත්තේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත (ICPPR)     යටතේය. 2007දී හඳුන්වා දෙන ලද අංක 56 දරන අදාළ පනතෙන්. එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ සීමිත ප්‍රතිපාදන මෙරටෙහි බලාත්මක කෙරී ඇත. මේ පනත යටතේ විභාගයට ගන්නා නඩුවකදී චූදිතයකුට ඇප නියම කිරීමට මහෙස්ත්‍රාත්වරයකුට බලයක් නැත.මේ වන විට අදාළ නඩුව හය වතාවක් කැඳවනු ලැබුවද ලේඛකයාට ඇප නොලැබුණු අතර සෑම වාරයකම නඩුව කල්දමා ඇත්තේ පොලිසිය විසින් අදාළ විමර්ශන කටයුතු අවසන් කර නැති නිසාය.කාරණය අනෙකකි.මෙරට මෙන්ම පිටරටවලද ආගමික හා සංස්කෘතික කාරණා මතුකරමින් ලේඛකයන්ට හා සාහිත්‍ය කෘතිවලට විවිධ බාධා එල්ල වූ අවස්ථා ඕනෑ තරම්ය. බංග්ලාදේශයේ තස්ලිමා නස්රිත්, ඉන්දියාවේ සල්මන් රුෂ්ඩි අපට සමීප උදාහරණ දෙකකි. මෙරට සාහිත්‍ය කෘති කිහිපයකට ආගමික කාරණා නිසා වාරණ පැනවුණු අවස්ථා කිහිපයක් තිබේ. ටෙනිසන් පෙරේරාගේ ‘දැති රෝදෙන් උපන් බුදුන්’, මංජුල වෙඩිවර්ධනගේ ‘මේරි නම් වූ මරියා’ එවැනි කෘති දෙකකි.වඩාත් ආන්දෝලනයට තුඩුදුන් සාහිත්‍ය කෘතිය වූයේ මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ භවතරණය ය. ‘සිද්ධාර්ථ’ චරිතය පාදක කරගෙන ලියැවුණු “භවතරණය’ නවකතාවක් වුවද ඊට  යක්කඩුවේ ප්‍රඥාරාම හිමි වැනි විද්වත් යතිවරුන්ගෙන් පවා නිර්දය විවේචන එල්ල වූහ. එහෙත් මේ කිසිදු ලේඛකයෙක් අත්අඩංගුවට ගැනීමක් හෝ සිරගත කිරීමක් සිදු වූයේ නැත. සිංහල වේදිකා නාට්‍ය හා චිත්‍රපට කිහිපයකටද ආගමික කාරණා මත වාරණ පැනවූ අවස්ථා තිබේ.මෑතකදී තරුණ ලේඛකයකු විසින් ලියූ ‘බුදුන්ගේ රස්තියාදුව‘ කෘතියට  දැඩි විවේචන එල්ල වූ අතර එහිදී අන්තර්ගතයට වඩා විරෝධය එල්ල වූයේ කෘතියේ ‘නම’ටය. ඇගැයීමට ලක්කළ හැකි, කෘතියක් නොවූ ‘බුදුන්ගේ රස්තියාදුව’ට විරෝධය පළ කළ බොහෝ දෙනා කෘතිය කියවා තබා දැකවත් තිබුණේ නැත. ශක්තික සත්කුමාර  නම් ලේඛකයාගේ මේ ආන්දෝලනාත්මක ‘කෙටිකතාව‘ද කිසිසේත් වටිනා සාහිත්‍ය නිර්මාණයක් නොවේ. එය අනවශ්‍ය ප්‍රශ්නයක් මතු කිරීමකි. භවතරණය, සිද්ධාර්ථ වැනි කෘතිවලට සාපේක්‍ෂව බලන විට මේ කෙටි කතාව නොවටිනා ලියවිල්ලකි. එහෙත් ප්‍රබන්ධයක් හා ධර්ම ග්‍රන්ථයක් අතර වෙනස අවබෝධ කර ගැනීමට අවශ්‍ය ප්‍රඥාව ලෝකයේ බොහෝ බැතිමතුන්ට නොමැතිවීම නිසා සාහිත්‍යකරුවන්ට එදා මෙදා තුර විඳීමට සිදුව ඇති දුක්කරදර අතිමහත්ය. ඩ්‍රෑන් බ්‍රවුන්, නම් බටහිර ලේඛකයා ඔහුගේ ‘ඩ වින්සි කෝඩ්’හි ජේසුතුමාට බරපතළ අපහාසයක් කර තිබිණි. එහෙත් විවේචන මිස අන් කිසිවක් අත්විඳීමට ඩ්‍රෑන් බ්‍රවුන්ට සිදුවූයේ නැත.ශක්තික සත්කුමාර නම් ලේඛකයා බුද්ධාගමට හෝ බුද්ධ චරිතයට යම් අපහාසයක් කර තිබේ නම් චෝදනා ගොනුකර නඩු පවරා චූදිතයාට නිදහසට කරුණු දැක්වීමට අවස්ථාව දිය යුතුය. නොඑසේ නම් එය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උල්ලංඝනය කිරීමකි. එය අනාගතයට වැරැදි පූර්වාදර්ශයක් බව නොකිවමනාය. අදාළ ලේඛකයා වැරැදිකරු වේ නම් අධිකරණය ඔහුට සුදුසු දඬුවමක් පැනවීම යුක්ති යුක්තය. ඊට කිසිවකුට එරෙහි විය නොහැකිය.
වීඩියෝ