27

කොළඹ

මව්බිම Digital අවුරුදු කුමරිය හා කුමරා 2019

කුමන වනභූමියේදී දිවියෙකුගේ පහරකින් සේවකයෙකු මියගිහින්

මාලිංග කියන්නේ විශිෂ්ට ක්‍රීඩකයෙක්, ඒ වගේම එයා ඉල්ලන හැම දෙයක්ම අපි දුන්නා

ඉන්දීය මහ මැතිවරණයේ දෙවන අදියර අවසන්

ලංකාවේ තරිඳුයි-දුලානියි හදපු රාවණා-I අහසට නඟී

මැයි සිට පෞද්ගලික අංශයේ අවම වැටුප 2,500කින් ඉහළට
එජාපයෙන් ජනාධිපතිවරණයට එන්නේ රටේම ආදරයට ගෞරවයට පාත්‍ර වූ අයෙක්

ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක් හදිසියේ මරුට

ස්කොට්ලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක Con d

04:31 PM Apr 19 2019

මාලිංගගේ හයියයි මහේලගේ සැලැස්මයි නිසා මුම්බායි ජය ගනී

10:03 AM Apr 19 2019

මාලිංග කියන්නේ විශිෂ්ට ක්‍රීඩකයෙක්, ඒ වගේම එයා ඉල්ලන හැම දෙයක්ම අපි දුන්නා

08:32 AM Apr 19 2019

පැරීසියේ හදවත ගිනිගනිද්දී තවත් ප්‍රසිද්ධ පල්ලියක් කඩා වැටී 13ක් මරුට

අදට යෙදී තිබෙන පාස්කු දිනයට සමගාමීව පැවති පාස්කු උත්සවය ආරම්

04:39 PM Apr 19 2019

ගින්නෙන් විනාශ වූ පැරිසියේ හදවත Notre-Dame දෙව්මැදුර ගිනිගෙන ඇත්තේ විදුලි කාන්දුවක් නිසාලු

12:27 PM Apr 19 2019

ඉන්දීය මහ මැතිවරණයේ දෙවන අදියර අවසන්

07:34 AM Apr 19 2019

ශ්‍රී ලංකා මහජන පක්ෂය ගෝඨාට එකතු වෙයි

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉදිරි දේශපාලන කටයුතු සඳහා සහාය ලබාදීමට

09:34 AM Apr 19 2019

එජාපයෙන් ජනාධිපතිවරණයට එන්නේ රටේම ආදරයට ගෞරවයට පාත්‍ර වූ අයෙක්

08:53 AM Apr 19 2019

19 සම්මත කරගත්තේ ජනාධිපතිවත් රවට්ටලා

09:06 AM Apr 17 2019

පසුගිය කාටුන්

CARTOON ::: 2019-04-18
CARTOON ::: 2019-04-17
CARTOON ::: 2019-04-12

ළමා අපයෝජන

දකුණු පළාත් සභාවේ මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කළ යකැදුරකු දැරියක අපයෝජනය කළ සිද්ධියක් වාර්තා වූයේ ඉකුත් මාර්තුවේය. අත්අඩංගුවට ගත් යකැදුරාට අධිකරණයෙන් ඇප ලබාදීම ආන්දෝලනයට තුඩු දුන්නේය. ළමා අපයෝජනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා සැකකරුවකුට අධිකරණයෙන් සාමාන්‍යයෙන් ඇප ලබාදෙන්නේ නැත. ළමා අපයෝජනය ‘බරපතළ’ වරදක් ලෙස සැලකීම ඊට හේතුවය.ළමා අපයෝජන හා දූෂණ සිද්ධින් පිළිබඳ නඩු ඇසීම සඳහා විශේෂ අධිකරණ පිහිටුවන බව වරින්වර පොරොන්දු වුවද මේ වනතුරු  ඒ සඳහා කිසිදු විශේෂ අධිකරණයක් පිහිටුවීමට පාලකයන්ට හැකි වී නැත. ‘සේයා’ දැරිය අපයෝජනය කර ඝාතනය කළ අවස්ථාවේ චූදිතයන්ට මරණ දඬුවම ලබාදෙන ලෙස ඇතැම්හු රජයට බල කළහ. මරණ දඬුවම දීම කෙසේ වෙතත් අඩුම ගණනේ ළමා අපයෝජන නඩු කඩිනම් කිරීම පවා තවමත් සිදුවී නැත. ළමා අපයෝජනයක් සම්බන්ධයෙන් පැවැරූ නඩුවක තීන්දුවක් මෑතකදී ලබාදී තිබුණේ නඩුව පවරා අවුරුදු 14කට පසුවය. තීන්දුව ලැබෙන විට අපයෝජනයට ලක් වූ දැරිය යුවතියකි.දැන්වත් බලධාරීන් ළමා අපයෝජන හා ස්ත්‍රී දූෂණ සම්බන්ධ අධිකරණ ක්‍රියාමාර්ග කඩිනම් කිරීම පිළිබඳව අවධානය යොමු කළ යුතුය. ළමා අපයෝජන පැමිණිලි 2017 වසරේ 12,093ක් ලැබී ඇත. මේ ලැබී ඇති පැමිණිලිය. පැමිණිලි නොකළ ‘සිද්ධි’ කොතරම් තිබේද?මින් පැහැදිලි වන ප්‍රධාන කාරණය ළමා අපයෝජනවල අඩුවක් වී නැති බවය.පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ 2017 වාර්ෂික කාර්ය සාධන වාර්තාවට අනුව වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 1,187කි. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 1,084ක් ලැබී ඇත. පැමිණිලි 997ක් ගාල්ල දිස්ත්‍රික්කයෙන් ලැබී තිබේ. මොනරාගල දිස්ත්‍රික්කයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 37කි. සෙසු දිස්ත්‍රික්කවලින් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව සියය ඉක්මවා ඇත. මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලින් කිසිදු පැමිණිල්ලක් ලැබී නැත. මෙහිදී අවධාරණය කළ යුත්තේ පැමිණිලි නොලැබීම හෝ පැමිණිලි අඩුවීම ඒ ඒ දිස්ත්‍රික්කවල යථා තත්ත්වය නොවන බවයි. කොළඹ දිස්ත්‍රික්කයේ පැමිණිලි වැඩි වී ඇත්තේ වඩා දැනුවත් පිරිසක් සිටීම නිසාය.මේ පැමිණිලි අතර බාලවයස් විවාහ, ගැබ් ගැනීම්, දරුවන් පාසල් නොයැවීම, කායික දණ්ඩන, මානසික අපයෝජන, ලිංගික අපයෝජන, නොසලකා හැරීම, ළමා මෙහෙකාර සේවයට අදාළ පැමිණිලි තිබේ. ඉන් ළමා ලිංගික අපයෝජන පැමිණිලි පමණක් 398කි. පැමිණිලි 35ක් ලැබී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි නාමිකව, නිර්නාමිකව, ලිඛිතව හා දුරකථනය ඔස්සේ ලබාදිය හැකිය. සියලු පැමිණිලි ‘ස්වරූපය’ අනුව ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ළමා ප්‍රවර්ධන නිලධාරීන්ට, පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය ඇතුළු අදාළ ආයතනවලට යොමු කෙරේ. වඩා වැදගත් වන්නේ මේ පැමිණිලි විමර්ශනය කර නීතිමය පියවර ගැනීමය. අදාළ ආයතනවල ක්‍රියාකාරීත්වය සොයාබැලීම ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ වගකීමය. ඒ ඒ ආයතන සිය රාජකාරිය නිසියාකාරව ඉටු කරන්නේ නම් පැමිණිලිවලට සාධාරණය ඉටු වනු ඇත. එය ළමා පරපුර සුරක්ෂිත කිරීමට මහෝපකාරී වේ.
වීඩියෝ