30

කොළඹ

නවතම පුවත්

තිහාරියේ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රාදේශීය මන්ත්‍රිවරයකු ඇතුළු 26ක් අත්අඩංගුවට

අදත් පළාත් කිහිපයකට තද වැසි

ඥානසාර හිමිට වගේ බුද්ධි අංශ නිලධාරීන්ටත් නිදහස දෙන්න

මුර කපොලු අඩු කිරීමත් සමඟ උතුරේ යළිත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පටන් අරන්

ගාල්ලේ පාසලක විද්‍යාගාරයේ පිපිරීමක්

ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් තිදෙනකුට ඉයන් බොතම් අනතුරු අඟවයි
හිරෙන් නිදහස් වූ ඥානසාර හාමුදුරුවෝ පළමු වරට ජනතාව අමතයි (VIDEO)

ලෝක කුසලානෙට ගියපු කෝලි ගැනයි අනිත් ඉන්දියානු ක්‍රීඩකයෝ ගැනයි ටෙන්ඩුල්කාර් කියපු සැර කතාව

ලෝක කුසලාන එක්දින තරගාවලියේදී ඉන්දීය නායක විරාත් කෝලි කෙතරම්

08:51 AM May 24 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ලංකාවේ පළමු පෙරහුරුව අදයි

08:09 AM May 24 2019

ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් තිදෙනකුට ඉයන් බොතම් අනතුරු අඟවයි

08:02 AM May 24 2019

ඇමරිකා එක්සත් ජනපදයට ටොනාඩෝවක්- 3ක් මරුට

ඇමරිකා එක්සත් ජනපදයේ Missouri ප්‍රාන්තයේ හටගත් ටොනාඩෝවකින් ම

12:26 PM May 24 2019

දැරියක කෘෘර ලෙස ඝාතනයට ඉස්ලාමාබාද් නුවර මහජන විරෝධතා

08:41 AM May 24 2019

කොස්ටාරිකාවට අභ්‍යවකාශයෙන් මැටි ගුළියක්

08:20 AM May 24 2019

මනුෂ්‍ය ඝාතනයකට ගන්න පිහිය රත්තරන් ද ? යකඩ ද ? බුද්ධික පතිරණගෙන් පිළිතුරක්

ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ යැයි පැවසෙන් තඹ කර්මාන්ත ශාල

12:00 PM May 24 2019

මෝදිගේ ප්‍රතිපත්ති ගැන තැබූ විශ්වාසය නැවත තහවුරු වුණා

09:02 AM May 24 2019

ඥානසාර හිමිට වගේ බුද්ධි අංශ නිලධාරීන්ටත් නිදහස දෙන්න

08:14 AM May 24 2019

පසුගිය කාටුන්

CARTOON ::: 2019-05-23
CARTOON ::: 2019-05-22
CARTOON ::: 2019-05-21

රජ බස!

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් තරග කළ මහජන එක්සත් පෙරමුණට 1956 මහ මැතිවරණයෙන් බලය හිමි කර ගැනීමට ‘භාෂා ප්‍රශ්නය’ ආශීර්වාදයක් විය. සිංහල භාෂාව පැය විසිහතරෙන් රාජ්‍ය භාෂාව කරන බවට බණ්ඩාරනායක මහතා කළ ප්‍රකාශය මැතිවරණ ව්‍යාපාරය තුළ රැව් දුන්නේය. පැය විසිහතරෙන් කෙසේ වෙතත් බලයට පැමිණ, වසර කිහිපයකින් සිංහල 'රාජ්‍ය භාෂාව' කිරීමට බණ්ඩාරනායක ආණ්ඩුව පියවර ගත්තේය.ඉංග්‍රීසියට ලැබී තිබුණ තැන අහිමි කොට බහුතරයක් කතා කරන භාෂාව වූ සිංහලයට මුල්තැන දීම කළ යුතුව තිබුණකි. කිසිවකු එහි වරදක් දකින්නේ නැත. වරද වූයේ දමිළ භාෂාවට නිසි තැන ලබා නොදීමය. මේ භාෂා ප්‍රශ්නය දමිළ අන්තවාදය පෝෂණයට මහත් දායකත්වයක් ලබා දුන් අතර වාර්ගික ප්‍රශ්නය උග්‍ර කළ සාධකයක් විය. පසුකලෙක දමිළ භාෂාවට නිසි තැන ලබාදීමට පාලකයන් කටයුතු කළද ඒ වන විට පෙරහර ගොස් අවසන්ව තිබිණි.සිංහල භාෂාවට මුල් තැනද දමිළ භාෂාවට නිසි තැන ලැබුණද මේ වන විට රටේ වැඩි තැනක් ලැබී ඇත්තේ ඉංග්‍රීසි භාෂාවටය. පෞද්ගලික අංශයේ බොහෝ විට වැඩ කෙරෙන්නේ ඉංග්‍රීසියෙනි. රාජ්‍ය අංශයේද ඉංග්‍රීසියට විශේෂ තැනක් ලැබී ඇත. සිංහල භාෂාව වැරැදියට පාවිච්චි කළද කිසිවකුට ඒ ගැන ලැජ්ජාවක් තිබෙන බව නොපෙනේ. එහෙත් ඉංග්‍රීසි භාෂාව ගැන ඇති සැලකිල්ල ඉමහත්ය. ජාත්‍යන්තර භාෂාවක් ලෙස ඉංග්‍රීසි අනිවාර්යයෙන් ඉගෙන ගත යුතු සාමාන්‍ය භාෂාවකි. අසල්වැසි ඉන්දියාව සමඟ සසඳන විට ලංකාවේ ඉංග්‍රීසි  අධ්‍යාපනය දුර්වලය. ඒ අංශයෙන් ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්ත විශාල දියුණුවක් ලබා ඇත.කාරණය අනෙකකි.‘භාෂාව‘ සම්බන්ධයෙන් ලංකාව දක්වන අඩු සැලකිල්ල හේතුවෙන් ඒ ඒ බලධාරීන්, ඒ ඒ පුද්ගලයන් තම තමන්ට අවශ්‍ය ආකාරයට ‘භාෂාව‘ යොදා ගනිමින් සිටී. තත්ත්වය කෙතරම් දුරදිග ගොස් ඇත්ද කියතොත් ඇතැම් පළාත්වල 'අරාබි' භාෂාවෙන්ද නාමපුවරු ප්‍රසිද්ධ ස්ථානවල පිහිටුවා ඇත. ඇතැම් තැනක 'සිංහල' ලියා ඇත්තේ වැරැදියටය. රාජ්‍ය භාෂාව දෙවැනි තැනට දමා වෙනත් භාෂාවක් මුල්තැනට දමා ඇති තැන්ද තිබේ. දිවයින පුරා ඇති සියලු වීදි නාම පුවරු සිංහල, දමිළ සහ ඉංග්‍රීසි භාෂාවලින් පමණක් සමන්විත විය යුතු බවට අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ස්වදේශීය කටයුතු ඇමැතිවරයාට උපදෙස් දී ඇත්තේ මේ තත්ත්වය සැලකිල්ලට ගෙන විය යුතුය.ඒ අනුව සිංහල, දමිළ හා ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂාවලින් කිසිදු වීදි නාම පුවරුවක් නම් නොකළ යුතු බවට අගමැතිවරයා උපදෙස් ලබාදී ඇත.වීදි නාම පුවරු පමණක් නොව පාසල්, නිවාස සංකීර්ණ ඇතුළු විවිධ රාජ්‍ය හා පෞද්ගලික ගොඩනැඟිලිවල මෙලෙස ‘භාෂාව‘ අනවශ්‍ය ආකාරයෙන් යොදා තිබීම පිළිබඳවද රජයේ අවධානය යොමු කළ යුතුය.වාද භේද ඇති කර ගනිමින් ‘සිංහල’ රාජ්‍ය භාෂාව කළ රටක රාජ්‍ය භාෂාවට තිබිය යුතු ‘තැන’ අහිමි වීම කනගාටුදායකය. දමිළ භාෂාවද පසෙකට විසි කර අරාබි වැනි භාෂාවට මුල් තැනදීම විකාරයකි. මේ පිළිබඳව පමා වී හෝ අවධානය යොමුවීම සතුටට කරුණකි. කොතැනින් හෝ වැරැදි නිවැරැදි කිරීම ඇරඹිය යුතුය.
වීඩියෝ