28

කොළඹ

කුවේට් තානාපති කාර්යාලය ඇතුළු තවත් වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක්

මුරුතවෙල කැලේකින් ස්නයිෆර් ටෙලස්කොපයක් හමුවේ (PHOTO)

අදත් දිවයින්නේ ප්‍රදේශ කිහිපයකට වැසි

ශ්‍රී පාද වාරය අදින් අවසන්

ඉන්දීය මහමැතිවරණයේ අවසන් අදියර අද

මෙදා පාර පෙන්නන්න බැරිවෙන තොටළඟ තොරණේ වේදනාව - ලක්‍ෂ 26ක් දැනටමත් වියදම්
කාත්තන්කුඩියේ සමූහ ඝාතනයක් - 35ක් මරා වළ දමලා

ස්කොට්ලන්තය එක්ක හැප්පෙන සිංහ කණ්ඩායම මෙන්න - මාලිංග එංගලන්තයට යයි

ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර තරඟ දෙකකින් සමන්විත එක්දින තර

12:16 PM May 18 2019

ක්‍රිස් ගේල් අවසන් වරට රතිඤ්ඤා පුපුරුවන්න සැරසෙයි, ජයග්‍රහණයකින් මෙම තරගාවලිය අවසන් කරනවා

08:36 AM May 17 2019

සිවු වසරකට පසු දෙපිල හමුවන පළමු තරගය හෙට

08:28 AM May 17 2019

පිලිපීනයේ දුම්රිය අනතුරකින් 34 දෙනෙකු තුවාල

පිලිපීනයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 34 දෙනෙකු තුවා

02:03 PM May 19 2019

ඉන්දීය මහමැතිවරණයේ අවසන් අදියර අද

11:07 AM May 19 2019

ඕස්ට්‍රේලියානු මහමැතිවරණය අද

01:57 PM May 18 2019

“තලතා කියන තැනැත්තිය මහා සංඝරත්නයට අපහාස කරපු විදිය අපි දැක්කා.කුණු ගඳ ගහන කටවල් තිබුනාට, කටවල් පරිස්සම් කරගෙන මේ රට තුල ජීවත් වෙනවානම් හොදයි "

“තලතා අතුකෝරාල කියන තැනැත්තිය මහා සංඝරත්නයට අපහාස කරපු විදිය

03:03 PM May 19 2019

අද රණවිරුවන්ව සිහිකරනකොට රණවිරුවන්ගේ වටිනාකම මේ රටේ ජනතාවට නැවත වාරයක් මතක් උනා

06:00 PM May 19 2019

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගය අපෙන් කිසිම සහායක් නෑ

03:38 PM May 18 2019

පසුගිය කාටුන්

CARTOON ::: 2019-05-16
CARTOON ::: 2019-05-15
CARTOON ::: 2019-05-14

ජනහිතවාදී අධිකරණයක්

අන්තවාදීන්ට සහයෝගය දෙන රජයේ නිලධාරීන් පමණක් නොව අධිකරණ විනිශ්චයකාරවරුන්ද සිටින බව පසුගියදා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේය. ඉස්ලාම් අන්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයෙන් ජීවිත සිය ගණනක් වැනසී බිහිසුණු ඛේදවාචකයක් සිදුව තිබෙන අවස්ථාවක සිදුකරන එවැනි ප්‍රකාශයකින් ජනතාව බියට හා කලකිරීමට පත්වන බව අමුතුවෙන් කිවයුතු නොවේ.බොහෝ සමාජ සංස්ථා පරිහානියට පත්ව ඇති රටක, තවමත් ස්වකීය ගෞරවය කෙලෙසා නොගත් ජනතා විශ්වාසය දිනා ඇති ප්‍රබල ආයතනයක් සම්බන්ධයෙන් මත දැක්වීමේදී මෙයට වඩා සුපරීක්ෂාකාරී විය යුතුය යන්න අපේ අදහසය. එමෙන්ම එවැනි බරපතළ හෙළිදරව්වක් කෙරුණුවිට වහා ඒ ඔස්සේ විමර්ශන සිදු කොට නීතිය හමුවට විත්තිකරුවන් පැමිණවීමත්, සත්‍යය නිරාවරණය කිරීමත් රජයේ වගකීමකි. කවර ප්‍රශ්නයකදී නමුත් අංක එක විය යුත්තේ මහජන ආරක්ෂාව හා රටේ ආරක්ෂාවය.අධිකරණය සම්බන්ධයෙන් මහජන ඇස යොමු වූ මෙවැනි පසුබිමක අධිකරණ ක්ෂේත්‍රයේ විශ්වාසය දිනූ කීර්තිමත් පුද්ගලයකු පසුගියදා නව අභියාචනාධිකරණ විනිසුරු ලෙස පත්වීම් ලැබුවේය. ඔහු හිටපු ජේ‍යෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතාය. ඒ මහතාට සුබාශිංසනය පිරිනැමීමටද මෙය අවස්ථාව කර ගන්නෙමු. එතුමාගේ පත්වීම කළු වලාවක නැඟුණු රිදී ඉරක් බඳුය.ඇපැල් උසාවියේ නව සභාපති විනිසුරු පිළිගැනීම සඳහා පැවැති සාම්ප්‍රදායික නිල උත්සවයේදී යසන්ත කෝදාගොඩ මහතා ඉතා වැදගත් ප්‍රකාශ කිහිපයක්ම සිදු කළේය. ඔහු පෙන්වා දුන්නේ අසාධාරණයකට ලක්වූවකු යුක්තිය ඉටු කරවා ගැනීමට ඇපෑලක් ගොනු කළ විට ඔහු හෝ ඇය මියැදෙන තුරුත් නඩු විභාගය දිග්ගැස්සීමේ අභාග්‍යසම්පන්න ක්‍රමය වහාම වෙනස් කළයුතු බවය. මෙවැනි තත්ත්වයක් ඇති වීමට ප්‍රධාන හේතුව ලෙස කෝදාගොඩ මහතා පෙන්වා දුන්නේ ඇපැල් උසාවියේ සභාපති විනිසුරන් මාස දෙකෙන් සුප්‍රීම් උසාවියට පත් වී යෑමෙන් ඇපැල් උසාවියේ පරිපාලනය බිඳ වැටීමය. ඔහු යෝජනා කළේ ඇපැල් උසාවියේ සභාපතිවරයකුට වසර තුනක්වත් ඇපැල් උසාවියේ කටයුතු කිරීමට හැකි වන පරිදි ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුතු බවය. මෙරට අභියාචනාධිකරණය 1978දී ආරම්භ වූ අතර අද වනවිට වසර 40ක් ගෙවා ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය. එම කාලය තුළ පත් වූ සභාපතිවරුන් ගණන 46කි. එයින් 31 දෙනකුම එම තනතුර දරා ඇත්තේ අවුරුදු එකකට අඩු කෙටි කාලයකි. ඇතැම් සභාපතිවරුන්ට මාසයක්වත් සේවය කරන්නට ලැබී නැති බවද ඔහු පෙන්වා දුන්නේය. ඇතැම් නඩු සඳහා පරම්පරා තුනක් ගිහිල්ලත් තීන්දුවක් නොලැබීමට හේතුව හැටියට තමා දකින්නේ සභාපති විනිසුරුවරයා කෙටි කාලයකින් ඉවත් වීම බවද ඔහු අවධාරණය කළේය.අභියාචනාධිකරණයේ දැනට විභාග වන නඩු සංඛ්‍යාව 4,051ක් වන අතර එයින් 40%ක්ම වසර 5කට වඩා පැරැණි නඩුය. එම නඩු ඇපැල් උසාවියට එන්නට පෙර අවම වශයෙන් අවුරුදු 10ක් වත් පහළ උසාවිවල විභාග වෙමින් පැවැති ඒවාය. ජනතාවට අස්වැසිල්ලක් ලබාදෙන්නට නම් අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ සංඛ්‍යාවද 12 සිට 20 දක්වා ඉහළ දැමිය යුතු බවද නව සභාපති විනිසුරු පැවැසීය. මෙරට අධිකරණ ක්ෂේත්‍රයේ අභිවෘද්ධියට මේ අදහස් ඉතා අගනා බව අපේ අදහසද වේ. නීතියේ අධිපත්‍යය පිළිබඳ ජනතාව තුළ පවතින විශ්වාසය රටක ඉදිරි පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක් වන්නේය.
වීඩියෝ