කැප්පෙටිපොල ඇතුළු වීරයන් 19දෙනා රාජ ද්‍රෝහීන් කරපු 1818 ගැසට් පත්‍රය ජනපති අවලංගු කරයි

  👤  3285 readers have read this article !
By mawbima 2016-12-09

කැප්පෙටිපොල මහ නිලමේ ඇතුළු 1818 උඩරට කැරැල්ලේ නායකයන් නිදහස් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් සටන් වැදුණු වීරවරයන් ලෙස ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිල වශයෙන් ඊයේ (08දා) ප්‍රකාශයට පත් කර ඇත. මේ අනුව 1818 ජනවාරි 18 වැනිදා එවකට ලංකාවේ බි්‍රතාන්‍ය ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් විසින් උඩරට කැරැල්ලේ නායකයන් ජාතිද්‍රෝහීන් ලෙස නම් කරන ලදුව වසර 198ක් බලපැවැත්වූ ප්‍රකාශය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2016 දෙසැම්බර් මස 08 වැනි දාතමින් කොළඹදී අස්සන් තබන ලද විශේෂ ප්‍රකාශයෙන් ප්‍රත්‍යාදිෂ්ට කර අවලංගු කරන ලදී.

බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් මේ ආකාරයට ද්‍රෝහීන් ලෙස නම් කර දඬුවම් දෙන ලද්දේ කැප්පෙටිපොල මහ නිලමේ, ගොඩගෙදර රටේ අධිකාරම, කැටකාල මොහොට්ටාලේ, කතරගම මහබෙත්මේ රටේ රාල, පලාගොල්ලේ මොහොට්ටාලේ, කොහුකුඹුරේ රටේ රාල, කොහුකුඹුරේ වලව්වේ මොහොට්ටාල, බූටෑවේ රටේරාල, බතිනිගහවෙල රටේරාල, බදුල්ලේ ගම්මානේ රටේ රාල, බුළුපිටියේ මොහොට්ටාල සහ පල්ලෙ මල්හෙ යායේ ගමතිරාලේ යන රණ ශූරයන්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon