ගැහෙන හදවත ගොළුකර දෙතොලින් ‘බේ්‍රකිං නිවුස්’ කියැවූ තිර-සර නිවේදිකාව

  👤  1858 readers have read this article !
By mawbima 2017-04-16

ඉන්දියාවේ ධ්ඕඛ් 24 රූපවාහිනි නාළිකාවේ සෙනසුරාදා පෙ.ව. 10.00 කණිසමට ප්‍රේක්ෂකයා හමුවට එන සජීවී උදෑසන ප්‍රවෘත්ති විකාශය ඒ වන විට ඇරැඹී තිබිණි. එදා එම සජීවී ප්‍රවෘත්ති විකාශය ඉදිරිපත් කරනු ලැබුවේ ධ්ඕඛ් 24 සේවාව ඇරැඹි දා සිට එහි සේවය කරන ප්‍රවීණ රූපවාහිනි නිවේදිකාවකි. ඇය නමින් සුප්රීට් කවුර් (ඉභනපඥඥබ ම්චභප)ය.

සුප්රීට් කවුර් ඇයට ඒ මොහොතේ ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක් ඉදිරිපත් කරමින් සිටියාය.
'මේ අද උදේ මහසමුන්ඩ් (ර්චඩච ඉචථභදඤ) ප්‍රදේශයෙන් ලැබුණු වැදගත් ප්‍රවෘත්තියක්' සුප්රිට් ප්‍රවෘත්තිය ප්‍රේක්ෂකයා වෙත ලබා දීම ඇරැඹුවේ ඇයගේ ළගන්නා හ¾ඩිනි.
අනෙකුත් රූපවාහිනි නිවේදිකාවන් මෙන්ම සිත්බැඳගන්නා රූ සපුවකින් හා ළගන්නා පෞරුෂයකින් යුත් සුප්රීට් කවුර් ඒ මොහොතේ දම් පැහැති බ්ලවුසයකින් සැරසී ප්‍රවෘත්ති මැදිරිය තුළ අසුන්ගෙන සිටියාය.

'හඳුනානොගත් රථයක් කාරයක් සමඟ ගැටීමෙන් එහි ගමන් ගත් තිදෙනකු එම ස්ථානයේම මියගොස් තිබෙන අතර දෙදෙනකු බරපතළ තුවාල ලබා ඇත' ප්‍රවෘත්ති විකාශනය සඳහා අසුන් ගත් මොහොතේ පටන් ලැබෙන පුවත් ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරන සුප්රීට් කවුර්ට එම පුවතේ කිසිදු විශේෂත්වයක් නොමැත. එක හා සමාන උදේ‍යාගයකින් තම හැඟීම් පිටතට නොපෙන්වමින් විවිධාකාරයේ පුවත් ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කිරීම රූපවාහිනි නිවේදක නිවේදිකාවන්ගේ කාර්යභාරයයි. සුප්රීට් කවුර් ප්‍රවීණ නිවේදිකාව හෙයින් තිදෙනකු මියගියද තිස් දෙනකු මිය ගියද ප්‍රවෘත්තිය නිවේදනය කිරීම මිසක තම හැඟීම් ප්‍රකාශ කිරීමට ප්‍රවෘත්ති මැදිරිය ස්ථානයක් නොවන බව මැනවින් දැන සිටින්නියක් වූවාය.

ඇයගේ මෙම වෘත්තීය දැනුම හා ප්‍රවීණත්වය ඊළඟ මොහොතේදී වඩා වැදගත් වනු ඇතැයි ඒ විශේෂිත ප්‍රවෘත්තිය ආරම්භයේදී ඇය දැන නොසිටියාය. ඇය දිගටම ප්‍රවෘත්තියේ ඉතිරි කොටස් ද මැනවින් කියවාගෙන ගියාය.

'මෙම අනතුර සිදුවී ඇත්තේ පාදාව් (ර්ථීචඤචම) හි ලාහ්රොඩ් (ඹ්චදඩපධඤ) අසලදී ව්ඩ්-353 දරන කාරයේ ට්‍රක් රථයක් ගැටීමෙනි.' ඒ සමඟම රූපවාහිනි තිරයේ පසෙකින් ප්‍රාදේශීය මාධ්‍යවේදියා විසින් සපයන අනතුරේ රූප රාමු වැටෙන්නට පටන් ගත් අතර කාරයේ අංකය තම සැමියාගේ කාරයේ අංකය බවට සුප්රීට්ගේ මනසට ඒත්තු යමින් තිබිණි. තමාට පෙනෙන රූපවාහිනි තිරයේ අනතුරේ ස්වභාවය පෙන්වන රූප රාමු අතරේ ඇය ඇස් යැව්වාය. ඔය කියන ප්‍රදේශය හරහා එදා දිනයේ තමාගේ ආදරණීය සැමියා ඔහුගේ කාරයෙන් ගමන් කරන බව දැන සිටි ඇයගේ සිත ඔහු එම අනතුරට භාජන වී ඇති බව කියන්නට විය. එහෙත් ඇය සිටින්නේ සජීවී ප්‍රවෘත්ති විකාශයකය. සිය දහස් ගණනක් නෙතු තමන් වෙත යොමු වී තිබෙන මොහොතකය. වෘත්තීයමය තත්ත්වයත් ප්‍රවීණත්වයත් සුප්රීට් කවුර් නම් ගැහැනියගේ සියුමැලි හදවතට පෙරටුව සිටගනිද්දී ප්‍රවෘත්තියේ අවසන් කොටස ඇයගේ දෙතොල් අතරින් එළියට ඇදුණේ කිසිදු වෙනසක් නොමැතිවමය 'තුවාල ලැබූවන් පිතාරා (ර්ථීඪබඩචපච) හි ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථානය වෙත ඇතුළත් කර තිබේ'

සන්සුන්වම එම ප්‍රවෘත්තිය නිම කළ ඇය අනෙකුත් ප්‍රවෘත්තිද නිවේදනය කර රාජකාරිය හමාර කළාය.
ප්‍රවෘත්ති විකාශය නිමාවෙමින් කැමරා ඇසින් මිදුණු වහාම රූපවාහිනි කණ්ඩායම වෙත ගිය ඇය එතෙක් සඟවාගෙන සිටි කඳුළු වගුරුවමින් හඬා වැටුණාය. තමා ඉදිරිපත් කළ ඒ ඛේදනීය පුවත ගෙන ආ ප්‍රාදේශීය මාධ්‍යවේදියා දුරකතනයෙන් ඇමැතූ ඇය තම ආදරණීය සැමියාද එම අනතුරෙන් මළවුන් අතරට ගිය පුවත තහවුරු කරගත්තාය. ඒ පුවත සිය නෑයන්ටද දැනුම් දුන්නාය.

සුප්රීට් කවුර් සජීවී ප්‍රවෘත්ති විකාශයට අසුන් ගෙන සිටියදීම ඇයගේ සහෘද රූපවාහිනි කණ්ඩායමට හා නෑදෑයන්ගෙන් සමහර දෙනකුට මෙම ශෝචනීය පුවත දැනගැනීමට ලැබී තිබිණි. ඔවුන්ගෙන් කිසිවකුට ඇයට මෙම පණිවුඩය දීමට නොහැකි වී ඇත්තේද ඇය සජීවී ප්‍රවෘත්ති විකාශය ඉදිරිපත් කරමින් සිටි බැවිනි. ප්‍රවෘත්තියේදී අනතුරින් මිය ගියවුන්ගේ නම් නොකියවුණද කාරයේ අංකය සහ සැමියා ගමන් මඟ දත් සුප්රීට් සිය සැමියා අනතුරට භාජන වී ඇති බව දැනගත්තාය. එහෙත් සජීවී ප්‍රවෘත්ති විකාශයට හානි නොකිරීමේ භාරදූර වගකීමට ඇය ඉතා ශක්තිමත්ව මුහුණ දුන්නාය.

තම සැමියා මුහුණ දුන් මාරක රිය අනතුර මෙසේ තමා විසින්ම වාර්තා කිරීමේ ඉතා ඛේදනීය හා දෛවෝපගත සිදුවීමට මුහුණ දුන් දැනටත් 28 හැවිරිදි සුරූපී සුප්රීට් කවුර් විවාහ දිවියට පා තබා තිබුණේ ඊට මාස දහ අටකට පමණ පෙරය. ධ්ඕඛ් 24 නම් පැය 24 පුරා චැටිස්ගාර් හා මධ්‍ය ප්‍රදේශ් යන ප්‍රාන්ත දෙකට ප්‍රවෘත්ති හා වැඩසටහන් විකාශය කරන රූපවාහිනි නාළිකාව ආරම්භ කිරීමේදීම ඊට එක් වූ සුප්රීට් ඒ වන විට එහි නව වසරක් සේවය කළ තැනැත්තියක වූවාය. ආදරණීය සැමියාගේ මරණය පිළිබඳ පුවත නිවේදනය කිරීමෙන් අනතුරුවද විනාඩි දහයක් තිස්සේ වෙනසක් නොපෙන්වා සජීවී ප්‍රවෘත්ති විකාශය පවත්වාගෙන යෑමෙන් සුප්රීට් කවුර් විදහා පෑ ධෛර්ය හා ශක්තියට අද බොහෝ දෙනාගේ ගෞරවය හා ආචාරය හිමිවෙමින් පවතී.

විශාල අහිමිවීමක් විඳ දරාගනිමින් කවුර් තම රාජකාරිය නිමා කිරීමට කටයුතු කිරීම හැම දෙනාගේම අගය කිරීමට පාත්‍ර වන්නක්' යැයි ධ්ඕඛ් 24 සේවයේ ප්‍රධාන සංස්කාරක රවි කාන්ත් (අචමඪ ම්චදබ) ඇයව අගය කර තිබේ. 'එය ඇයගේ වෘත්තීයමය පරිණත භාවය හා රාජකාරිය පිළිබඳව ඇති වැටහීම ගැන වටිනා කතාවක් පවසනවා' යනුවෙන්ද ඔහු පවසා ඇත.

චැටිස්ගාර් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය ආචාර්ය රාමොන් සිං ආදරණීය සැමියාගේ අකල් මරණය සම්බන්ධයෙන් සුප්රීට් කවුර්ට ශෝකය පළකරන අතරම ඇය දැක්වූ ධෛර්යවන්ත භාවය හා වෘත්තීයමය නිපුණත්වය පිළිබඳව ආචාරය පුද කරමින් ට්විටර් සටහනක්ද තබා තිබේ.
වෘත්තීයමය නිපුණතාව හා වගකීම දැරීමට ස්ත්‍රීත්වය බාධාවක් දැයි කතාබහක් ඇතිවන තැනකට කදිම නිදසුනක් ඉකුත් අටවැනි සෙනසුරාදා ධ්ඕඛ් 24 හි උදෑසන ප්‍රවෘත්ති ඉදිරිපත් කරමින් ලෝකයා හමුවේ තැබීමට සුප්රීට් කවුර්ට හැකි වී තිබේ.

රු කාරියවසම්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon