ඉතාලියෙන් ආ කන්ටේනරයක හොර මත්පැන්

  👤  1458 readers have read this article !
By mawbima 2017-04-13

පහන් විජේසේකර

නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද විදේශීය මත්පැන් තොගයක් මුදල් අමාත්‍යාංශයේ මත්ද්‍රව්‍ය වැටලීමේ විශේෂ ඒකකය මඟින් පෙරේදා (11දා) ඔරුගොඩවත්ත රේගු බහාලුම් අංගණයේ තිබී සොයා ගෙන තිබේ.
ඉතාලියේ සිට මෙරටට ආනයනය කළ බහාලුමක් තුළ සූක්‍ෂ්ම ලෙස සඟවා තිබූ එම මත්පැන් තොගය ආනයනකරුවන් ඉදිරියේදී විවෘත කර සොයා ගත් බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

එහිදී ආනයන ලැයිස්තුවේ සඳහන්ව නොතිබූ ආනයනකරුවන් හත්දෙනකුගේ නම් සඳහන් කර තිබූ විදේශීය මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් එම විශේෂ වැටලීම් ඒකකය භාරයට ගෙන තිබේ.

එම වැටලීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය බළකායද එක්ව සිටියහ.
එම වැටලීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ මුදල් අමාත්‍යාංශ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ප්‍රධානී වින්ග් කමාන්ඩර් රවි ජයසිංහ මහතා සඳහන් කළේ මෙම මත්පැන් තොගයේ වටිනාකම රුපියල් මිලියන දෙකක් පමණ වන බවත්, උත්සව සමයේදී මෙවැනි සිදුවීම් බහුල බැවින් අඛණ්ඩව වැටලීම් සිදුකිරීමට සූදානමින් සිටින බවත්ය.
මෙම නීති විරෝධී ජාවාරම කොපමණ කාලයක සිට සිදුවී තිබෙනවාද යන්නත්, එමඟින් රජයට කොපමණ මුදලක් අහිමිව තිබෙනවාද යන්නත් පිළිබඳ පරීක්‍ෂණ පවත්වමින් සොයා බලන බවද ඔහු
වැඩිදුරටත් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon