මේ රස්නය 15දායින් ඉවරයි

  👤  1440 readers have read this article !
By mawbima 2017-04-13

පණ්ඩුක සමරසේකර

ශ්‍රී ලංකාවට සෘජුවම පවතින හිරු රැස් මෙම 15 වැනිදායින් පසුව ක්‍රමයෙන් බැහැරව යන බැවින් තද උණුසුම් තත්ත්වය අඩුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

තද උණුසුම් තත්ත්වය හේතුවෙන් ජලාශවලින් වාෂ්පීකරණය වන ජල වාෂ්ප වායුගෝලයේ තැන්පත්ව තිබීමත් ඒවා ඉවත්ව යෑමට හමන සුළඟේ වේගය ප්‍රමාණවත් නොවීම හේතුවෙනුත් අධික දහදිය දැමීම සිදුවන බව කාර්ය නියුතු කාලගුණ විද්‍යාඥ අතුල කරුණාරත්න මහතා ප්‍රකාශ කෙළේය.
අද (13දා) සහ හෙට (14දා) පස්වරු 2.00න් පසුව දිවයිනේ බොහෝ පළාත්වලට ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් වර්ෂාව පතිත වන විට සුළඟේ වේගය පැයට සැතපුම් 60 දක්වා වර්ධනය විය හැකි බවත් පැවැසූ කරුණාරත්න මහතා මැයි මාසය වන විට සුපුරුදු පරිදි මෝසම් වැසි වර්ධනය වන බවද ප්‍රකාශ කෙළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon