වනජීවී සංරක්ෂණ පුහුණුවට නිලධාරීන් 10 දෙනෙක් චීනයට යති

  👤  1354 readers have read this article !
By mawbima 2017-04-13

සපුමල් ජයසේන

වනජීවී සංරක්ෂණය පිළිබඳව වැඩිදුර අධ්‍යායනය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් දහ දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ඊයේ (12දා) චීනය බලා පිටත්ව යෑමට නියමිතව තිබිණි. චීනයේ රාජ්‍ය වන අධ්‍යයන ආයතනයේදී වනජීවී සංරක්ෂණය පිළිබඳව සති තුනක විශේෂ පාඨමාලාවක් හැදෑරීම සඳහා පිටත්ව යන මෙම නිලධාරීන්ගේ සියලු වියදම් සහ පාඨමාලා ගාස්තු චීන රජය විසින් දරනු ලබයි. මෙම නිලධාරීන් කණ්ඩායමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරුන් සිවු දෙනකු, පශු වෛද්‍යවරුන් දෙදෙනකු සහ අඩවි ආරක්ෂක නිලධාරීන් සිවු දෙනකු අයත් වන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා චීන රජයෙන් මෙලෙස අධ්‍යයන ශිෂ්‍යත්ව ලැබී ඇත්තේ වසර දෙකකට පසුව බවද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon