ආහාරයට නුසුදුසු කෑම විකිණ­ූ­ 2716කට නඩු

  👤  1324 readers have read this article !
By mawbima 2017-04-13

හර්ෂනී අර්සකුලරත්න

සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත අප්‍රේල් 01දා සිට අප්‍රේල් 08දා තෙක් රට පුරා සිදුකළ පරිභෝජනයට නුසුදුසු ආහාර වැටලීම්වලදී එවැනි ස්ථාන 31,412ක් හඳුනාගෙන ඇති අතර, ඉන් 2,716කට එරෙහිව මේ වන විට නඩු පවරා ඇති බව ඒ පිළිබඳව කළ විමසීමකදී ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවැසීය.
එසේ දීපව්‍යාප්තව පරීක්‍ෂා කළ ආයතන සංඛ්‍යාව 19,730ක් බවත් එම වැටලීම්වලදී පරිභෝජනයට නුසුදුසු ආහාර සැකසූ ස්ථාන වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවත් ඒ මහතා පැවැසීය.

බස්නාහිර පළාතට පසුව එවැනි වැඩිම ස්ථාන ප්‍රමාණයක් වයඹින්ද දකුණු පළාතින්ද, වාර්තා වූ බව ඔහු පැවැසුවේය.
උත්සව සමය වෙනුවෙන්ම පිළියෙල කරන ආහාර වෙතට මේ වැටලීමේදී අවධානය වැඩි වශයෙන් යොමු කර ඇති අතර රසකැවිලි වර්ග, පොල් තෙල්, පිටි ආදී ආහාරයට නුසුදුසු තත්ත්වයේ බොහෝ ආහාර ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon