මිරිස් කොටන්න ගිය දැරියට ඥාතියකු කැත වැඩක් කරන්න හදලා

  👤  1563 readers have read this article !
By mawbima 2017-04-13

අනුරාධපුර _ මහේෂ් විජේසූරිය

නිවෙසට අවශ්‍ය මිරිස් කෙටීමට මිරිස් මෝලට ගිය බල වයස්කාර දැරියක වැව් බැම්මක් මතට ගෙන ගොස් අතවර කිරීමට උත්සාහ කළ විසි හැවිරිදි ඥාති තරුණයකු අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මඟින් ඊයේ (12දා) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.
අනුරාධපුර පාලඩිකුලම ප්‍රදේශයේ පදිංචි 11 හැවිරිදි පාසල් දැරියක් මව සමඟ පැමිණ සිදු කළ පැමිණිල්ලක් මත සැකකාර විසි හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගෙන තිබිණි. දැරිය නිවෙසේ තිබූ වියළි මිරිස් කිලෝ කිහිපයක් කොටා ගැනීම සඳහා මාමා යැයි කියන තරුණයා සමඟ යතුරුපැදියෙන් පාලඩිකුලම ප්‍රදේශයේ පිහිටි මෝලට ගොස් තිබෙන බව පොලිසිය පැවැසුවේය.

ඇය යතුරුපැදියේ නැඟී මෝලට යමින් සිටියදී සැකකරු යතුරුපැදිය වැව් බැම්මක් දෙසට හරවා ඇති බවත් දැරිය මෝලට යන්නේ මෙම මාර්ගයෙන්දැයි විමසූ අවස්ථාවේ සැකකාර මාමා ගඩොල් කපන ස්ථානයකට යන බව පවසමින් යතුරුපැදිය පදවාගෙන ගොස් තිබෙන බව පොලිසිය පැවැසුවේය. සැකකරු යතුරුපැදිය නවතා ඇයට අතවර කිරීමට උත්සාහ කරද්දීම ඔහුගෙන් මිදී පලාගොස් තිබෙන බව පොලිසියට පැවැසුවේය.
අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්මිකා ද සිල්වා මහත්මියගේ උපදෙස් මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon